ඔයාගේ උත්තරේ ප්‍රත්‍යක්ෂයක් , අත්විදපු සත්‍යයක්, අත්විදපු අයට සත්‍ය වෙන දෙවල් වගේ දේවල් තියෙන්නේ බෑ එහෙනම්.
ඔව් යම් දුරකට නිවරැදියි. ඔය සෑම සත්‍යක්ම අහෝසි වෙනවා. ඒකතමා ඩිලාන් බුදුහාමුදුරුවො නිවීම මේ ශාසනයේ කෙලවර කරලා පෙන්වන්නේ. සතිපට්ඨාන සූත්‍රය දන්නවා ඇතිනේ. එකේ තමා බෞද්ධයාගේ මැනුවල් එක නිවීම ලඟාකර ගන්න. එකේ හැමතැනම එක සුවිශේෂී පාඨයක් සඳහන් වෙනවා.
"mindfulness is established that the XYZ exists, to the extent necessary for knowledge and mindfulness. They meditate independent, not grasping at anything in the world"
ඉහත පාඨයෙන් බුදුහාමුදුරුවො අපිට කියන්නෙ XYZ "ඇත" (ඒ කියන්නෙ සත්‍යය කියලා ගන්න) කියලා ගන්න හුදෙක් සිහියෙන් ඉන්න පමණක්. ප්‍රධාන වචනය "හුදෙක්". හැමදේම සත්‍යක් වෙන්නෙ යම් කාරණයක් ඉටුකර ගැනීමට, වපසරියකට පමණයි. හුදු නිරීක්ෂණයට පමණක්. ඒ ඇරෙන්න ඒකට කේවල සත්තාවයක් ආරෝපණය කරන්න අවශ්‍ය නැහැ. මේ ඥානය තියෙන්නෙ මතු ඥානය පිණිස, මතු ඥානය තියෙන්නෙ ඉන් මතු ඥානය පිණිස. ඉතින් එහෙම සාපේක්ෂ සත්‍යන් එකින් එක පහුකරන් පහුකරන් ගිහින් තවදුරටත් පහුකරන්න (අත්හරින්න) සත්‍යයක් නැති වීමම තමා නිවීම.
ඉතින් බෞද්ධ අපිට ඔයා හිතන ජාතියේ සත්‍යක් (කේවල සත්‍ය) නොතිබීම ගැටලුවක් නෙමෙයි.
Edited
Last edited:

