ඒවා පුද්ගලයෙකුට අදාළ නැති ගල් පරුවත, ඉර හඳ තරු වගේ දේවල් වෙන්න ඇති නේද? ඇයි ඉතින් ඒ අත්දැකීම් ලබන, ඉන්න, කරන, කන, බොන, අහන, කියවන පුද්ගලයෙක් නෑනේ![]()
නැහැ කියලා කියන්නේ නැහැ ඇත්තටම. සත්ව, පුද්ගල, ආත්ම ලෙස ගන්න සුදුසු දෙයක් නැහැ කියලයි කියන්නේ. ත්‍රිපිටකය පුරාම ඔය විදිහට තමා කියන්නේ. එහෙම කියන්න හේතුව ඔය "සත්ව, පුද්ගල, ආත්ම" කියන සංකල්පය යෙදුන ගමන් එතන වැරදි නිසා.
උදාහරණයකට ගත්තොත් ජීවිතේට ගංජා ගහලා නැති කෙනෙක් ගෙන් අහනවා,
උඹ තාමත් ගංජා ගහනවද, නැත්නම් දැන් ගංජා ගාහන එක නතර කරලා?
කියලා. ඔතනදි ඕකට කොහොම ඔව් කීවත් කොහොම නෑ කීවත් ගංජා වලට අහුවෙලා. ආන්න ඒ වගේ තමා ඔය ආත්ම කතන්දරය. එකයි බුදුහාමුදුරුවො නිතරම කියන්නෙ මෙතන "මමය මගේය මගේ ආත්මයය කියා ගන්න සුදුසු දෙයක්" නැතය කියලා.
Last edited:

