සිරිපාදේ help - First time

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සල්ලි අවුලක් නැත්තන් කඩවලින් කාපන් බන් ඒක තමා ලේසිම. අනික සීතලේ උන්ගෙ කෑම රහ ඇතුව හෝ නැතුව කන එකත් වෙනම ආතල් එකක්. ගනන් හැබැයි ටිකක්. කෑමත් බෑග් වල දාන් නගිනව කියන්නෙ පවක්.
    ඔය ජාරාවල් කෑවම බඩ යනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ඔය ජාරාවල් කෑවම බඩ යනවා
    මටනන් එහෙම කඩේකින් කාලා බඩ යනව කියල එකක් ජීවිතේටම වෙලා නෑ බන්. එක එකාට වෙනස් ඇති.
    අපේ එකෙක් ඉන්නව ඌට කෑම එක රස්නෙට තිබ්බෙ නැතත් බඩ යනව.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    හැටන් පාරෙන් යන්න. දවල් 1ට විතර නගින්න පටන් ගනින්. එතකොට හවස් වෙද්දි සීතගගුලෙන් නාලා හෙමින් සීරුවේ නගින්න පටන් ගන්න පුලුවන්. රෑට නගිද්දි සීත ගගුලෙන් නාන එක කරන්න අමාරු වැඩක්. දවල් 1ට නගින්න පටන් ගත්තත් නාලා එහෙම ඉතුරු ටික නගින්න 5ට විතර පටන් ගත්තත් මුදුනටම යන්න රෑ 10-11 වෙයි. සෙනග අඩු නම් විශ්‍රාම ශාලාවේ නිදාගෙන ඉදලා පාන්දර ඉරසේවයත් බලාගෙන බහින්න පුළුවන්. සෙනග වැඩි නම් පොලිසියෙන් එලවනවා. එතකොට රැ 12ට බහින්න පටන් ගත්තත් උදේ 5-6 වෙද්දි බහින්න පුලුවන්. නගින්න වෙලා යනවා. නගින ගමන් දෙපැත්තේ තියන කඩව්ලින් රොටියක් කාලා ප්ලේන්ටියක් ගහලා ආතල් එකේ නැගපන්. JBLදාගෙන, සිංදු දාගෙන විකාර නටන්නනම් ලෑස්ති වෙන්න එපා.
    රැ නගින එක එච්චර සාර්ථක මදි. ඒ වෙලාවට සෙනග වැඩියි. එක පඩීයක පැයක් විතර ඉන්න තරම් ට්‍රැෆික් එකක් තියන දවසුත් තියනවා. සමහරු අමාරු නිසා ආපහු බහිනවා. ඒ නිසා සෙනග අඩුවෙන් යන දවසක් බලලා යන්න. නිවාඩු දවස්වල නම් යන්න එපා. පොර කාගෙන සිරීපාදේ නැගලා වැඩක් නෑ. යන ගමන ශ්‍රද්ධාවෙන් ගිහින් එන්න. ගෙදරින් යද්දි මොකුත් විශේෂයෙන් ගෙනියන්න ඕනි නෑ. ජර්සිත් අඩූවට එහෙන් ගන්න පුළුවන්. කෑම බීමත් එහෙන් කාපන්. හැබැයි ඉතින් උඩට යන්න යන්න කෑමවල ගණන් වැඩීයි. ඒවත් ඔලුවේ තියාගෙන යන්න
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,879
    113
    මන් සිරිපාදේ නගිනවා පලවෙනි වතාවට. මොනාද මන් දැන ගෙන ඉන්න ඕන දේවල්? මොනාද අරන් යන්න ඕන? Cash කොච්චරක් ඕනෙද?
    උඩ කඩ වලින් කන එක හැකි තාක් අඩු කරන්න...
    මම නම් ගෙදරින් හොද ලෙමන් හරි දොඩම් බීම එකක් එක්ක කීම් කැකර් අරන් ගියා (උඹට සීනි නම් කරන්න එපා )

    මහන්සි ගතිය දැනෙන කොට ..අර දොඩම් බීම ටිකයි...කීම් කැකර් 01 හෝ 02 කන්න
    මහන්සිය විඩාව පට්ට විදියට අඩු වෙනවා..(උඩදි අපේ සීනි ලෙවල් එක බහින නිසා...)

    පොලිතින් අනම් මනම් දාන්න එපා
    ප්ලීස්....පින් වැඩියි එතකොට

    උඩ කෑම පට්ට ගනන් (ඒක සාධාරණයි..ඒ මිනිස්ස්ු න්ගේ මහන්සියනේ)
    මම නම් බිවා කෝපි හතරක් පහක්
    කිසිම කෑමක් කෑවේ නෑ (කඩල , මැගී ..කොත්තුමී වගේ දේවල්)

    සපත්තුවක් දාන් කරුණා කරනවනම් හොදයි...
    ජර්සි, අමතක කරන්න එපා..ටික ටික සීතලයි...


    ලෝන් වීකෙන්ඩ් අවම කරගන්න ..
    සෙනග වැඩියි
    කට වරද්දගන්න එපා

    බුදු සරණයි..!! මචං...
     
    • Like
    Reactions: Nee Ruu