සිරිපාදේ help - First time

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මන් සිරිපාදේ නගිනවා පලවෙනි වතාවට. මොනාද මන් දැන ගෙන ඉන්න ඕන දේවල්? මොනාද අරන් යන්න ඕන? Cash කොච්චරක් ඕනෙද?
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කුනු එහෙ මෙහෙ විසි කරන්න එපා
    සෙරෙප්පු දාගෙන යන්න එපා
    ජම්පර් එකක් ඇදගෙන යන්න
    ටොයිලට් නෑ මැදදි. කෙල්ලෙක් නම් සොරි තමා..
    Public holiday අල්ලලා යන්න එපා. (හැබැයි සෙනග ඉන්නකොට වෙනම ආතල් එකක් තියනවා)
    කෑම ගනන්.
    ‍යන්නම ආසනම් යන්න. එච්චරයි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    කුනු එහෙ මෙහෙ විසි කරන්න එපා
    ඔව් පවුල් පිටින් හැඳි ගෙවිලා යනවා. ගොඩක් උන් ඕක දන්නේ නෑ. අනික් ඒව ඒ වෙලේ පල දුන්නාට කුණු ටික ටික දිරාල යනවා වගේ ටික ටික පල දෙන්නේ ඔහොම කරාම. ආයේ අයින් කරන්නත් බෑ. මොකෝ දාපු ටොපි කොළ සිලි කවර ආයේ එකතු කරන්න කියලද
     
    • Like
    Reactions: guestbro

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Train එකේ යනවා නම් වියදම් ඉතුරුයි.
    Bike/ van / car එකක යනවා නම්
    කොළඹ හැටන් පාරේ යනවා නම් කළුගල police checkpoint එක ලගින් හැරිලා laxapana පාරේ යන්න .

    ගංජා එහෙම අරන් යනවනම් පරිස්සමින් police එවුන් චෙක් කරනවා අහම්බෙන්.
    අඩු කුලේ face cut එකක් තියෙනවා නම් ඒත් check කරනවා
     
    • Like
    Reactions: guestbro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    තව දෙන්නෙක් විතර යනවා. Route එක ගැන දන්නේ නැ
    පාර බලන්න. හැටන් නන් අවුලක් නෑ අනික් පාරවල් වල යනවා නන් සීතට එහෙම ටිකක් වැඩිපුර අරන් යන්න.

    කොඩු නන් හොදම පාර රත්නපුර පාර. ටිකක් දුරයි ඒ උනාට මහන්සි අඩුයි. ලස්සනයි. වනසන්නේ නැතුව එන්න.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තනියෙම නම් යන්න ඉන්නේ තව දෙතුන් දෙනෙක් සෙට් කරගණින් ගමනට. You wont regreat it

    කෑමට දේවල් ගනින් ගේදරින්ම එහෙන් කන්න ඉන්න එපා. එහේ කඩවලින් කන්න නම් එපා දෙයියන්ගෙ නාමෙට

    බෞද්ධ නම් සිත ගගුලෙන් නැවත අමතරව දෙහි බැයක් කහ කුඩු ටිකක් අරන් පලයන්

    බැන්ඩේජ් ලුණු ටිකක් ෆස්ට් aid ගනින්. පෙන් කිලර්ස් too.

    කුණු ඔක්කොම ආයේ අරන් වරෙන් නියම සිංහලයෙක් නොවී.

    රෑ නැගපන් උදේ බැහැපන්. සතියේ මැදක පලයන්.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව් පවුල් පිටින් හැඳි ගෙවිලා යනවා. ගොඩක් උන් ඕක දන්නේ නෑ. අනික් ඒව ඒ වෙලේ පල දුන්නාට කුණු ටික ටික දිරාල යනවා වගේ ටික ටික පල දෙන්නේ ඔහොම කරාම. ආයේ අයින් කරන්නත් බෑ. මොකෝ දාපු ටොපි කොළ සිලි කවර ආයේ එකතු කරන්න කියලද
    අපෝ අර නූල් එල්ලන වැඩේ නම් කරන්න එපා අප්පිරියයි..
    අනිත් එක ලංකාවේ එක ගගක්වත් සිරීපාදෙන් නෙමෙයි උල්පත පටන් ගන්නේ. මෝඩ කතා වලට අහුවෙන්න එපා..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    පාර බලන්න. හැටන් නන් අවුලක් නෑ අනික් පාරවල් වල යනවා නන් සීතට එහෙම ටිකක් වැඩිපුර අරන් යන්න.

    කොඩු නන් හොදම පාර රත්නපුර පාර. ටිකක් දුරයි ඒ උනාට මහන්සි අඩුයි. ලස්සනයි. වනසන්නේ නැතුව එන්න.

    සීතලක් නෑ mcn මේ ටිකෙ. හුලග නම් තියේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    කුරැවිට පාරෙන් පලයන් මාර ලස්සනයි පඩි අඩු නිස නගින්න ලේසි හැබැයි දුරයි. තනියම යන්න එපා පලවෙනි පාර නිසා තව දෙතුන් දෙනෙක් එක්ක යන්න. සතියෙ දවසක යන්න වීකෙන්ඩ් සෑහෙන සෙනග පෝලින් වල ඉන්න වෙනවා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    නාන්නම ඕනෙද? මට හෙම්බිරිස්සාව හැදෙනවානේ.

    බොරු බං. නැගපන් වැදපන් කිසිම කෙනෙකුට කරදරයක් නැතුව බැහැපන් එච්චරයි.
    බොරු විකාර නොකර. අදුකුලේ මෝඩ මිහරක් හදා ගත්ත දේවල් ඔය.
    තමන්ගේ හිත දන්නවනම් තමන් කාටවත් කරදරක් නැතුව ශ්‍රද්ධාවෙන් වැන්ද කියල එච්චරයි.

    අඟහරුවාදා බදාදා සෙනඟ අඩුයි
     
    • Like
    Reactions: diazkolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    සල්ලි අවුලක් නැත්තන් කඩවලින් කාපන් බන් ඒක තමා ලේසිම. අනික සීතලේ උන්ගෙ කෑම රහ ඇතුව හෝ නැතුව කන එකත් වෙනම ආතල් එකක්. ගනන් හැබැයි ටිකක්. කෑමත් බෑග් වල දාන් නගිනව කියන්නෙ පවක්.

    උබ හෙනටම endurance අවුල් ඩයල් එකක්නන් පුලුවන්නන් සතියක් විතර තියල දවස් දෙකක්වත් හොඳට මහන්සි වෙන්න දුවල වරෙන්. මහන්සි නැතුව නැගගන්න ලේසි වෙනව.
    Comfortable සපත්තු දෙකක් දාගෙන යන්න. ජර්සියක් තියෙනවනන් ගෙනියන්න නැත්තන් එහෙන් ගන්න. ජර්සි නැතුවනන් යන්න එපා සීතලයි උඩදි.
    ------ Post added on Mar 2, 2024 at 11:24 PM
     
    Last edited: