සිරිලක මීලඟ ජනපති ගරු රනිල් වික්‍රමසිංහ

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
සිරිලක මීලඟ ජනපති ගරු රනිල් වික්‍රමසිංහ

සිව් දශකයක මහත්මා දේශපාලකයා හෙවත් පරිසමාප්ත පරිණත ජනනායකයා:)

fpss_1_1.jpg

සිව්හෙලයේ මීලඟ ජනපති ඇත් රජුනි.බදුල්ලෙන් ඇරඹි කුංචනාදයේ දෝංකාරයෙන් මුලු සිරිලක් තලයම ගිගුම් දෙමින් සද්දන්ත කුලයේ නායකත්වය ඔබ ගරු රනිල් වික්‍රමසින්ංහ ශ්‍රීමතාණෙනි ,නැවතත් මේ ධරණී තලය මත ගොඩනගන්නට ඔබතුමාට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා.!!:)

hon_ranil_wickramasinghe.jpg

ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍ය ධුරය දරා සදාචාරාත්මක වෘත්තීය දේශපාලනයේ තමන්ට හිමි සුදුසුම තැන නියෝජනය කරන වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත දේශපාලන දිවිය වයස දශක 4කට අධිකය.
පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි.
අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව යටත් විජිතවාදින්ගෙන් මුදවා ගත් එක්සත් ජාතික පක්ෂයේ උගත්, බුද්ධිමත් සහ පරාර්ථකාමී දේශපාලන න්‍යායාන් අකුරට පිළිපදිමින් රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි තීරණ ගන්නට උපන් හපනෙකු වූ වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර දේශපාලඥයෙකු වශයෙන් ප්‍රචලිත වන්නේ ද ඔහුට විදේශයන්ගේ ඇති නිසැක පිළිගැනීම හරහාය.
1977 දී පාර්ලිමේන්තුවට පත්වන ලාබාලතම මන්ත්‍රීවරයෙකු වශයෙන් කැළණිය - බියගම අසුනෙන් ජයගත් ඔහු ලාබාලතම කැබිනට් ඇමතිවරයා වශයෙන් වගකීම් භාර ගැනීමට මුල පුරන්නේ රටට අවැසි මහත්මා දේශපාලඥයෙකුගේ දෛවෝපගත නිමිත්තක් පෙන්නුම් කරමිනි.

ශ්‍රී ලංකාවේ පහළ වූ නැණවත්ම දේශපාලන තීරකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ පැසසුමට ලක් වන වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන, කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයට උසස්වීමක් ලබන්නේ එවකට ඔහු තුළින් විද්‍යමාන වූ කාලීන සැලසුම් නව ක්‍රමවේද සහ දුරදක්නා නුවණින්යුක්තව ක්‍රියාත්මක කළ පිරිපුන් ව්‍යාපෘතින්හී ප්‍රථිපල ගැන දිවැසින් දුටුවාක් මෙනි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිතුමන්ගෙන් පසු ආර්. ප්‍රේමදාස රජයේ ඉහළම ඇමති තනතුරු හොබවමින් මහත්මා දේශපාලනයේ උපරිමය පිළිබිඹු කරමින් තමාට ඉහලින්ඇති නායකත්වයට ගරු කිරීම සහ ඔහු රැක ගැනීම ජීවන ධර්මතාවක් සේ සැලකූ වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට එරෙහිව තම පක්ෂය තුළින්ම පැණ නැගුණු දෝෂාභියෝග අවස්ථාවේදී එතුමන් රැක ගැනීම සදහා කළ කැප කිරීම කාගේත් ගෞරවාදරයට ලක්වූ බැව් නොරහසකි.
එහෙත් අසීමිත පැසසුම්, නම්බු නාම පිලිබද නොසැලකූ ඔහුට අභිමන් මෙන්ම අවමන් ද එකසේ විද දරා ගත හැකි වී ඇත්තේ ඍජුව සහ අව්‍යාජව කරන දේ හරියාකාරව ඉෂ්ට කොට නිමා කිරීම පරම අදිටන සේ නිරතුරුවම සලකන නිසාවෙනි.
ඉවසීම ඉතා සුවිශේෂිතම ගුණයක් මෙන්ම එය තීක්ෂණ අවියක් සේ තබාගෙන කටයුතු කරන වික්‍රමසිංහයන්ගේ පැහැදිලි වාග් විලාශය ද සෙස්සන්ගේ කතා බහට ලක් වන තවත් වැදගත් කරුණකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම එකසේ හැසිර විය හැකිබව පවත්වන දෙසුමක අපූර්වත්වයෙන් සහ දැනුවත් බව හරහා ඔහු ලෝකයට කියා පාන්නේ පරමාදර්ශී දේශපාලන නායකත්වයක යහපැවැත්මයි.

දේශයක් වැනසූ යුද්ධයක් නිසාම අද්විතීය නායකයින් සියල්ලක්ම පාහේ අහිමිව ගිය එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙෂ්ඨත්වයේ සුදුසුකම් මත නායකත්වයට එළඹ පළි ගැනීමේ අදහස පසෙකලා ලේ ගැලීම්, සංග්‍රාමගාමී පිළිවෙත් මග හැර සාකච්ඡාවෙන් සහ අවිහිංසාවෙන් සතුරා මැඩ පැවැත්වීමේ අභිලාෂය ඉෂ්ට කර ගත්තේ මේ රටෙහි 17 වැනි අගමැති පදවිය භාර ගැනීමෙන් අනතුරුවයි.
අනාගතය උදෙසා තරුණ ජීවිත රැසක් රැක ගැනීමට සාධක තැනූ එම සාම ගිවිසුමේ යටි අරුථ ලෙස බැලු විට ශූර දේශපාලකයෙකුගේ තියුණු නුවණ පිළිබද කාලීන කාරනා රැසක්ම අවබෝධ කර ගත හැකි වෙයි.
එනම් සතුරු බලවේගය තුළින්ම එකිනෙකාට එරෙහි කැරැල්ලක අනතුර උතුරෙන්ම මතුවිමට සැලැස්වමයි. සතුරු ත්‍රස්තවාදය පිල් ඛෙදීම්වලට ලක්කර එකිනෙකා තුලින් අනන්‍යෝන්‍ය අවබෝධය බිද දැමීමේ ප්‍රතිඵලය සදාකාලික යුද්ධය නිම කිරීමට වක්‍රව බලපෑ ප්‍රධාන කරුණක් බව කවුරුත්යටිහිතෙන් අමතක නොකරන්නේ එහෙයිනි. එමෙන්ම ඉන් ඔහු ගරු බුහුමන් පැසසුම් අපේක්ෂා නොකළ අතර අවශ්‍ය වුයේ කෙසේ හෝ රටේ සාමයේ ස්ථිරත්වය ස්ථාපිත කිරීමය, එය එඅයුරින්මසිදු වු බැවී අපි අත්දැකීමෙන්ම දනිමු.
එහෙත් රටට ඔහුගේ නායකත්වය ඇවැසිවු යුගයක ජනපති සටනකදී අකෘතඳ ලෙස පරාජයට ලක්කළ මුත් අද එහි අදෘශ්‍යමාන ඵලවිපාක ජනතාවට විදවන්නට වී ඇති මුත් ඊට එරෙහිව මුවින් නොබැන සිටින්නට ජනතාවට සිදුවන බැව් ඔහු පැවසුවේ "සිදුවූ වැරැද්දේ බරපතලකම වැටහෙන්නේ මතු දවසේදීයි" යන අනතුර ඇඟවිමෙනි. අද කාලය දෙස බලා ඔහු ඒ කළ ප්‍රකාශයන්හි තත්ත්වය අපට අද හේතු අහේතු ලෙස ගෙන සසදා බැලිය හැක.

එසේම නැවතත් විපක්ෂ නායකත්වය දෙසට තල්ලූ වී ගියත් රටේ ප්‍රධාන පුරවැසියන් සිව්දෙනා අතර සිටිමින් එහි වගකීම සෙස්සන්ට කියා දෙමින් කාලය විසින් නිවැරදි දේ සහ යහපත් උත්සාහයන් කිරුළු පළදින තෙක් ඔහු ඉවසා බලා සිටින්නේ හොද දේ කවදා හෝ ඉස්මතු වන බව අවධාරණයෙන් දන්නා හෙයිනි.
ජන්ම බෞද්ධයෙකු ලෙස දහම් සිද්ධාන්න ගැන අපමන විශ්වාසය තබමින් තම පක්ෂයේ වුවද දුෂණ, වංචා, ගසා කෑම්, අවඤාසහගත ලෙස කතා කිරීම් වැනි දේට ඉඩක් නොතබන ඔහු කරණම් දේශපාලනයේ යෙදෙන්නන්ට ඉතා නීරස දසුනක් වන්නේ නිතැතිනි.
ලෝකයේ ආර්ථීක අර්බුද හමුවේ ලෝකයාට මුසා දෙසා ඉන් මානසික අල්ලස් දී ජනතාව බා ගැනීමේ න්‍යාය සහමුලින්ම බැහැර කරන වික්‍රමසිංහයන් පක්ෂ නායකත්වයේ හිදීමට අවැසි උපරිම ගුණාංග සපුරා ඇත්තේ ප්‍රායෝගිකව ජනතාව විසින් ඉදිරියෙන් තැබු නායකයෙකු විලසිනි.
පක්ෂ විපක්ෂ දේශපාලනයේදී වෘත්තීය වාද විවාදවලදී එකිනෙකාට එරෙහිව වුවද ඉන් පිටත ඔහු විනයානුකූල සිවිල් නායකයෙකු ලෙස හැසිරෙන අයුරු කාගේත් අවධානයට පාත්‍ර විය යුතු කරුණකි.
දේශපාලනයේදී සතුරන් වන්නේ වැඩ නොකොට වැඩිපුර දොඩවන්නන් බව ඉඳුරා විශ්වාස කරන වික්‍රමසිංහයන් ජනතා මිතුරන් වන්නේ ජනතාවට වංක නොවී හෘද සාක්ෂියට එකගව උපරිමයෙන්ම ඉහළින්ම කටයුත කරන තැනැත්තා බව ද අවධාරණය කරයි. ඔහුගේ පිරිපුන් ජීවන ඉතිහාසය එය අපට මනාව පසක් කරවයි. ඔහු ඉතිහාසයක් ඇති පළපුරුදු ජනනායකයෙකු වන්නේ එනිසා බැව් අප නිසැකවම පිළිගන්නේ ඔහු නිලතල බලතණ්හාව හෝ තාන්නමාන්න උදෙසා සිය ආත්මය කිසිදා පාවානොදෙන්නෙක බව රටේ ඡන්දදායකයින් ඒකාන්තයෙන්ම දන්නා හෙයිනි.​
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.
    :lol:
     
    • Like
    Reactions: C100

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපෙක්ශකයා රනිල් නම් මෙ පාරත් මහින්ද මාමි තමයි
    "බදුල්ලෙන් ඇරඹි කුංචනාදයේ දෝංකාරයෙන් " ලබ්බ තමයි , බදුල්ලෙ මිනිස්සු චන්දෙ දුන්නෙ යු එන් පි එකට නෙවෙයි හරින් කියන මනුස්සයට විතරයි ,

    එ හරින් කියන තනි මනුස්සයට මිනිස්සුන්ගෙ තියන කැමැත්ත පක්ශෙට නම් නෙවෙයි

    ඔය තරම් ජනතා ප්‍රසාදයක් තියන මිනිස්සු මුලු යු එන් පි යටම ඉන්නෙ 3 දෙනයි හරින් / සජිත් / රන්ජන්

    රුවන් /හර්ශ වගෙ අයට වෙනසක් කරන්න පුලුවන් එත් හරින් ලට වගෙ ලොකු දෙයක් කරන්න බැ

    හරින්ගෙ වින් එක දිහ බලල එක යු එන් පි එකෙ ජනතා ප්‍රසාදය කියල වැරදියට තෙරුම් ගන්ඩ එපා , මන් මෙ කියන දෙ සාමන්ය දැනිමක් තියන පොඩි එකෙක්ට උනත් තෙරෙනවා
     
    • Like
    Reactions: C100

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    I think Ranil can win. Below is comment from w3lanka website

    AnonymousOctober 4, 2014 at 4:02 PM
    ඔය කවුරු මොන කතා කිව්වත් එජාපය කැමති නොවන පොදු අපේක්ෂයෙක් දිනන්නේ නෑ. මගේ අදහස නං ජවිපෙ සාධකය අමතක කර ද්‍රවිඩ සන්ධානය සහ මුස්ලිම් ජනයාගේ ජන්ද දිනා ගැනීමට හැකි රනිල් වික්‍රමසිංහ තමයි මේ මොහොතේ ඉන්න හොදම පොදු අපේක්ෂකයා. එජාපයට සිංහල බෞද්ධ ජන්ද ලැබෙන්නේ නෑ කියන ඒකත් ඌව ජන්දෙදි බොරු උනානේ.

    ඉතිං 69% වන සිංහල ජන්ද සහ 31% වන අබෞද්ධ ජන්ද පදනම අනුව ඉදිරි ජනාධිපතිවරණය දිනා ගත හැක්කේ රනිල් වැනි ආගම්වාදී නොවන,ජාතිවාදී නොවන අයෙක්ටයි. ද්‍රවිඩ සහ මුස්ලිම්වරුන් තරහකරගෙන ඇති මහින්දට වඩා කිතුනු ජන්ද දිනා ගැනීමේ හැකියාවක් ඇත්තෙත් රනිල්ටයි.

    ඒ අනුව බලනකොට රටේ ජනගහනය 100 ක් කියා සැලකුවහොත් මහින්දට ජනාධිපතිවරනයේදී 50%ක් ගන්න නම් සිංහල ජනයා 69 දෙනා අතුරින් ජන්ද 50 ක් ගන්න ඕනි. ඒත් අබෞද්ධ ජන්ද දිනා ඇති රනිල්ට ඉහත කි සිංහල ජන්ද 69 අතුරින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ ජන්ද 19 ක් පමණයි.

    දැන් මහින්ද පාප්තුමා ගෙන්වාගෙන උත්සහ දරන්නේ කිතුනු ජන්ද ටිකක්වත් තමුන්ගේ මල්ලට දමාගෙන වැටී සිටින අසීරු අවස්ථාවෙන් ගොඩට එන්න.
     
    සජිත්ට ජනතා ප්‍රසාදයක් තියෙනවා කියල කියන්නේ කොහොමද? පහුගිය මැතිවරණ කියක හරින් වගේ ප්‍රතිපල පෙන්නලා දීල තියෙනවද? එක අනුමානයක් පමණයි. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    I think Ranil can win. Below is comment from w3lanka website

    AnonymousOctober 4, 2014 at 4:02 PM
    ඔය කවුරු මොන කතා කිව්වත් එජාපය කැමති නොවන පොදු අපේක්ෂයෙක් දිනන්නේ නෑ. මගේ අදහස නං ජවිපෙ සාධකය අමතක කර ද්‍රවිඩ සන්ධානය සහ මුස්ලිම් ජනයාගේ ජන්ද දිනා ගැනීමට හැකි රනිල් වික්‍රමසිංහ තමයි මේ මොහොතේ ඉන්න හොදම පොදු අපේක්ෂකයා. එජාපයට සිංහල බෞද්ධ ජන්ද ලැබෙන්නේ නෑ කියන ඒකත් ඌව ජන්දෙදි බොරු උනානේ.

    ඉතිං 69% වන සිංහල ජන්ද සහ 31% වන අබෞද්ධ ජන්ද පදනම අනුව ඉදිරි ජනාධිපතිවරණය දිනා ගත හැක්කේ රනිල් වැනි ආගම්වාදී නොවන,ජාතිවාදී නොවන අයෙක්ටයි. ද්‍රවිඩ සහ මුස්ලිම්වරුන් තරහකරගෙන ඇති මහින්දට වඩා කිතුනු ජන්ද දිනා ගැනීමේ හැකියාවක් ඇත්තෙත් රනිල්ටයි.

    ඒ අනුව බලනකොට රටේ ජනගහනය 100 ක් කියා සැලකුවහොත් මහින්දට ජනාධිපතිවරනයේදී 50%ක් ගන්න නම් සිංහල ජනයා 69 දෙනා අතුරින් ජන්ද 50 ක් ගන්න ඕනි. ඒත් අබෞද්ධ ජන්ද දිනා ඇති රනිල්ට ඉහත කි සිංහල ජන්ද 69 අතුරින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ ජන්ද 19 ක් පමණයි.

    දැන් මහින්ද පාප්තුමා ගෙන්වාගෙන උත්සහ දරන්නේ කිතුනු ජන්ද ටිකක්වත් තමුන්ගේ මල්ලට දමාගෙන වැටී සිටින අසීරු අවස්ථාවෙන් ගොඩට එන්න.

    ee kiyanne Ranilta sinhala miniha wadak naa kiyana ekane.... sinhala chanda 19 nan mokakda ne...... :P:P:P:P
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.