###සිරිසේන සහ අඩි 6 කැරපොත්තා###

Apr 9, 2011
1
6
0
###සිරිසේන සහ අඩි 6 කැරපොත්තා###

අද ඔයගොල්ලොන්ට කියන්න යන ලොවෙත් නැති කතාව තමා සිරිසේන නගේ කතාව. ඔය සිරිසෙනයත් රත්නේ වගේම තමා කරටිකැඩෙන්න බොනවා .. හැමදාම බොතලයක් හරි බගයක් හරි ගහනවා මයි. ඔන්න දවසක් මිනිහා බොතලේම වගේ ගහලා ,තව අඩියක් විතර ඉතුරුවෙලා තියෙද්දි මිනිහගේ ඉස්සරහට ලොකු අඩි 6 ක විතර කැරපොත්තෙක් ඇවිල්ලා මිනිහාගෙ කනට ගැහුවාලු. ගහපු ගමන් කැරපොත්තා අතුරුදහන් වෙනවා ලු
ඊලග දවසේ මිනිහා බාගයක් ගහද්දි ,අයෙත් අර අඩි 6 කැරපොත්තා ආවලු , ඇවිල්ලා බඩට ගැහුවාලු
, මිනිහාට මෙක මර ප්‍රශ්නයක් ලු ,දැන් ඊලග දවසේ කෝප්පයක් විතරක් ගැහුවාලු, එතකොටත් ඊයේ සිද්ධියම ලු. මිනිහා ගේ එහාගෙදර ඉන්නේ මානසික වෛද්‍යවරයෙක්, ඉතින් මෙකට විසදුමක් ගන්න කියලා මිනිහා වෛද්‍යවරයගේ ගෙදරට ගියාලු, ගිය ගමන් ම ඉතින් විස්තරේ කියන්නත් බෑ නේ, ඉතින් ආගිය තොරතුරු කතා කරාලු.. ඔය අතරේ සිරිසෙන වෛද්‍යවරයට කිව්වා ලු," මට මාර ප්‍රශ්නයක් තියනවා "කියලා අඩි 6 කරපොත්තා ගැන කිව්ව ලු,

එතකොට වෛද්‍යවරයා කිව්වා ලු.. ඔව් ඔව් මේ පැත්තේ ලොකු සතෙක් කැරකෙනවා තමයි, මමත් දැකලා තියනවා ,එක නේමේ සිරිසෙන මොකක් ද ඔයාට තියනවා කිව්ව ප්‍රශ්නේ කියන්න බලන්න කිව්වා ලු

ලොවෙහික් හික් ත් නෑ
 
  • Like
Reactions: prabo22