සිරි_ගෞතම_සම්බුද්ධරාජ_මාළිගයේ_සුගන්ධ_කුට
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගයේ සුගන්ධ කුටිය වන්දනා කිරීම..
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ වැඩහිඳින මාළිගය නමින් හැඳින්වෙන උඩුමහලෙහි සුගත ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලාත් නිකෙළෙස් මහරහත් මුනිවරුන්ගේ ධාතූන් වහන්සේලාත් සුවඳවත් ඝර්භයෙහි දරා වැඩසිටින ස්වර්ණ වර්ණ කරඬු වහන්සේ සුපිහිටි මුලූමණින්ම සුවඳ සඳුන් දැවයෙන් නිර්මිත මනරම් කැටයමින් ශෝභමාන වූ සුගන්ධ කුටිය පිහිටා තිබේ. ජීවමාන බුදු සමිඳුන් සිහිකොට එම අසිරිමත් සුගන්ධ කුටියේ සියලූ වත් පිළිවෙත් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකරනු ලබන අතර සාමාන්‍ය ජනතාවට එම මනරම් සුගන්ධ කුටිය දැකබලා වන්දනා කිරිමේ අවස්ථාව උදාවන්නේ වසර පහකට වරක් පමණි. අනෙකුත් දින වලදී පැමිණෙන සැදැහැවතුන්හට සැදැහැ සිත් උපදවන මනෝරම්‍ය වූ ප්‍රතිමා වහන්සේලා වැඩසිටින පහළ මාලය පමණක් වන්දනා කිරීමට අවස්ථාව හිමි වේ.
මිහිමත දෙව් විමනක් බඳු සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ වැඩහිඳින මාළිගයේ සුගන්ධ කුටියෙහි වඩාහිඳුවන ලද ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ගෞතම මුනි රජුන්ගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද ගෞතම මුනිරජුන් පිරිවැරූ සැරියුත්, මුගලන්, ආනන්ද ආදී නිකෙළෙස් මුනිවරුන්ගේ උතුම් ධාතූන් වහන්සේලාද තැන්පත් කරනලද පූජනීය වූ කරඬු වහන්සේ සහිත සුගන්ධ කුටිය නෙත් පුරා දැකබලා සිත්පුරා වන්දනා කරන්නට අවකාශ සළසාදෙමින් අසිරිමත් සුගන්ධකුටිය 2013/07/15 දින සිට 2013/07/22 දින ට යෙදුන ඇසළ පුන් පොහෝදින දක්වා සතියක කාලයක් පුරාවට සෑම දිනකම උදෑසන 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාළය තුළ සැදැහැවතුනට සිත්සේ වන්දනා කරගැනීමට අවස්තාව විවර විය. ලක්ෂ සංක්යාත සැදැහැති දෙව් මිනිසුන් හට බොහෝ පුණ්‍යධර්මයන් රැස්කර දෙමින් පින්බර ඇසළ පුන් පොහෝ දින රාත්‍රියෙහි පිරිත් සජ්ඣායනාවෙන් හා පසුදින සංඝගත දක්ෂිනාවෙන් අසිරිමත් සුගන්ධ කුටි වන්දනාව නිමා විය...
ඒ අසිරිමත් වු සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගයේ සුගන්ධ කුටිය වන්දනකිරීමේ සොදුරු දසුන් බොහෝ දෙනාගේ හිත සුව පිනිසය..
පින් කැමැත්තෝ සතුටින් අනුමෝදන් වෙත්වා....!
සාදු ! සාදු !! සාදු!!!
නමෝබුද්ධාය !