සිරුරක් නැති මනස

AnuradhaRa

Well-known member
  • සිරුරක් නැති මනස

    අපි මැරුණම අපේ මනස ශරීරයෙන් වෙන් වෙනව කියල හිතමු.
    එතකොට මේ මනස කියන එකට වෙනස් විදියකටද දැනෙන්නෙ ? (කලිං ශරීරය තුළ හිටියට වඩා)
    ශරීරයේ ඉද්දි වගේ දකින්ඩ ඇහැක් නෑ. අහන්ඩ කනක් නෑ. හිතන්ඩ තව එක එක දේවල් මතක් කරගන්ඩ මොළය නෑ..
    එහෙම හිතනකොට ශරීරයෙන් අයින් වෙච්ච මනස නැත්තං ආත්මය හරියට නිකං, ආයෙ ශරීරයක් ලැබෙනකං එහෙමම සීතල වෙලා ගල්ගැහුන වගේ දෙයක් :P
    හිතන්ඩ බෑ. විඳින්ඩ බෑ. මතක් කරගන්ඩ බෑ..

    ශරීරයේ වැදගත් කම පෙන්නන්ඩ මෙහෙම පුලුවං. ඇයි අපි මැරිල ඉපදුනාට පස්සෙ අපේ මතකය අහිමි වෙන්නෙ ? මනස ඔය කියන තරං වැඩ කාරයෙක් නං, මතකය ඊළඟ භවයට වුණත් අරං එන්ඩ පුලුවන්නෙ.. ශරීරය අත අරිනවත් එක්ක කලිං භවයෙ මතකයත් අතහැරෙනව :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි සමහර ලමයි එහෙම පෙර භවය ගැන කියන්නෙ..කලින් භවයෙ කල පව් පින් සහ මැරෙන මොහොතෙ මනසට එන අවසන් සිතුවිල්ල අනුව තමා ඊලඟ තැන තීරණය වෙන්නෙ(මම දන්න විදියට),අපිට මතක නැති උනාට බන භාවනා කරන අයට පෙර මතකය අවදිකරගන්න පුලුවන් ඇති බුදුහාමුදුරුවො 550ක අතීතය ගැන කිව්ව වගේ :)
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි සමහර ලමයි එහෙම පෙර භවය ගැන කියන්නෙ..කලින් භවයෙ කල පව් පින් සහ මැරෙන මොහොතෙ මනසට එන අවසන් සිතුවිල්ල අනුව තමා ඊලඟ තැන තීරණය වෙන්නෙ(මම දන්න විදියට),අපිට මතක නැති උනාට බන භාවනා කරන අයට පෙර මතකය අවදිකරගන්න පුලුවන් ඇති බුදුහාමුදුරුවො 550ක අතීතය ගැන කිව්ව වගේ :)

    ඒකත් ඇත්ත. මාත් අහල තියෙනව
    තැන්කියු මචං කමෙන්ට් එකට :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oka loku marthrukawak ban.
    manasa,athmaya kiyana de sareerayen wen wenne e dewal aran thamai.e awayawa witharai body eke ithuru wenne.e mathakayan ,danuma ekka thamai wenath sareerayakata athul wenne.hitha diyunu karapu aya,nathnam paw wala anuwa thamai e dewal wenath athmayakadi newatha mathak wenne.punarbawaya gena ahala tiyenawane.eka boruwak newei.
     
    AnuradhaRa

    Well-known member
  • oka loku marthrukawak ban.

    :) හරි මචං. පහු ගිය භවයන් වල අත්දැකීම් මතකයන්, ආයෙ ක්‍රියාකාරී වෙන්ඩ ශරීරයක් ඕන නේද ?
    මනසට විතරක් බෑ නේ.. මනසෙ තොරතුරු ටික විතරයි තියෙන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Well..., What if our bodies are in our minds? U know we perceive everything simply taking signals through our sensors and transforming in to electrical impulses by our brains. I don't even believe that we exist in reality. I think our lives are just a dream only guided through out sensors.

    https://www.youtube.com/watch?v=a2jGczO-nGM

    ඔක්කොම මායාවක් :rolleyes:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    ශරීරයේ වැදගත් කම පෙන්නන්ඩ මෙහෙම පුලුවං. ඇයි අපි මැරිල ඉපදුනාට පස්සෙ අපේ මතකය අහිමි වෙන්නෙ ? මනස ඔය කියන තරං වැඩ කාරයෙක් නං, මතකය ඊළඟ භවයට වුණත් අරං එන්ඩ පුලුවන්නෙ.. ශරීරය අත අරිනවත් එක්ක කලිං භවයෙ මතකයත් අතහැරෙනව :(

    ඊලග භවයට ගියත් මතකයන් තියෙනවා බන්.. අපිට ඒවා මතක් වෙන්නේ නැති එක අපේ දුර්වල කමක්. මනස වැඩ කාරයෙක්.. මනසෙන් වැඩ ගන්න මනස දියුණු කරලා තියෙන්න ඕනි...!
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    This is one of those questions that has no specific answer..

    If you have faith in any specific religion, your questions are answered.

    Death is beautiful though.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mage yaluwekge thaththata thama mathakai bn a uncle kalin aathme hitapu gedara n a pawula aya gena
    a uncle kalin aathmeth lankawe thamai indala thiyenne
    thamath a uncle a pawulata udaw karanawa
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    නැවත උපත පිළිබඳ විග්‍රහය

    පුනරුත්පත්තිය

    පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්‌විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක්‌ අපේක්‍ෂා කෙරෙන බැවිනි.

    උපනිෂද් චින්තනය සසරක්‌ දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි.

    පුනර්භව

    නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්‌ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්‍රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත Æණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

    මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය

    1. මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්‍ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක්‌ වෙත්ද එහි ඇස්‌ ඇති පුරුෂයෙක්‌ මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස්‌ ඇස ඉක්‌ම පැවැත්තා වූ දිවැසින් දකිමි".

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
    කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය

    source
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mage yaluwekge thaththata thama mathakai bn a uncle kalin aathme hitapu gedara n a pawula aya gena
    a uncle kalin aathmeth lankawe thamai indala thiyenne
    thamath a uncle a pawulata udaw karanawa

    Amthka unanm hdai kiyla hithila athi dn uta, paul 2ka wiydmne, kalin athme wifta thaama aninawada eya?:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔච්චර හිතන්න ඕනෙ නෑ ඇක්සිඩන්ට් වලින් මොලේට හානි වුනාම මතකය නැති වෙන්නෙ. මනස කියන්නෙ ශක්තියක් විතරයි. ඒකේ මතකයක් වත් ඇහීම් දැනීම් වත් නෑ. ඒක මේ භවයෙදි එකතු කරලා පොලවෙ වලලපු නිධානයක් වගේ. මැරිලා ඉපදෙන එකාට ඒ නිධානෙ හම්බවෙනවා ඔටෝ. ඕකයි සංසාරෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    machan api marunata passe thawa athmayak labanna hoya hoya yanne na. api maruna gamanma thawa thanaka upatha labanawa. e athara kalayak na.
     
    AnuradhaRa

    Well-known member
  • පැටියා;18491087 said:

    :yes: