193 ලංකාවෙ එක......
ඔහොම කනට ගහන්න හොදනෑ..
1.1වසරෙ ඉඳන් අම්මලා නහින ලංකාවේ විභාගෙ උඹ අම්ම නැතිව කරල 1 වෙනවා..
2.tuition යන්නම ඕන නොගියොත් බෑ විභාගෙ උඹ tuition නොගිහින් 1 වෙනවා
3.අම්මලගෙ විභාගෙ ඕන නම් තාත්තලටත් ගේමක් නැතිව කරවන්න පුලුවන් කියල උඹ පෙන්නනවා.
4.ඉස්කෝල ගුරුවරු උගන්වන්නෙ නෑ කියන රටක ඉස්කොලෙන් ඉගෙන ගෙන 1 වෙනවා...
5.ඉස්කෝලෙ එද්දී ආපහු යද්දී මරණය අතැතිව අලි ඉන්න ගමක යනවා එනවා.
6.හදවතේ සිදුරු දෙකක් තියන් ජීවිතේ දිනන සටනට උඹ හුස්ම හොඳට අල්ලනවා..
7.ඉගෙන ගන්නවනම් පාසැල පාසැලේ නම නොවැදගත් කියල උඹ පෙන්නනවා..
8.තාත්තට හේන වැඩට උදව් කරන ගමන් මේ විභාගෙ 1 වෙනවා..(රිසල්ට් එද්දිත් හේනෙ මොනරු එලවනවා)
9.මේක ලියල ඉවරකරන්න අමාරු කතාවක්...
10.උඹ ලංකාවෙ ඉන්න එක එක ස්ථර වල ඉන්න සමහර ලොකු පොඩි උන්ට කන පුරෝල ගහපු පොඩි එකෙක්... වීරයෙක් වෙයන් ජීවිතේ පුරාම....හරිනම් රටක් එකතු වෙලා සම්මාන දෙන්න ඕන පුතේ උබට.