සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තේ විරාමය අවසන් වීම නිසා පිරිස විසිර ගියහ.
    සතියකට පමණ පසුව එලඹි මදාරා ඉද්දමල්ගොඩ මෙනවියගේ උපන්දිනය නිමිත්තෙන් ආයතනයේ කළමනාකාර අදිකාරි තනතුර ඇයට පිරිනමන ලදී.බටහිර පන්නයට මොනවට ගැලපෙන පෙනුමක් තිබූ මදාරා දුටු විටම කවීශ ට හැඟුනේ මහා ආඩම්බරකාර එකියක් කියාය.කහ පාට ඔෆිස් බ්ලවුසය ඇඟේ හැඩ දාර මතුවී පෙනන දනහිසට අඟල් දෙක තුනකට උඩින් කෙලවර වන කලු සායකට යටකර තිබේ.සැබෑ සමේ පාට නොපෙනෙන තරම් මෙකප් තට්ටු කීපයක් මුහුණ වසාගෙන ඇත.පැහුණු වී කරලක් බඳු ඉද්දමල්ගොඩ මහතාගේ නිහතමානී මහත්මාගුණ ඇගේනම් දක්නට නැත.
    "කාලය ආවාම අපි සොබාදහමේ නීතිය ට ගරු කරන්න ඕනෙ ළමයි.දැං ඉතින් අපිට වයසයි..බණක් භාවනාව ක් කරගන තැම්පත් වෙන්න ඕන කාලෙ..ඒ නිසා මට නිදහසේ ඉන්නත් දුව ව මේ ව්‍යාපාර කටයුතු වලට හවුල් කරගන්නත් ඕන නිසා තමයි මේ තීරණය ගත්තෙ..ඉතිං මට දීපු සහයෝගය හයිය මගෙ දරුවටත් ඔයොගොල්ල ලබා දෙයි කියල විශ්වාස කරනව.මම එදා ඉඳල කියනව වගෙ මේ ආයතනය මෙතනට ගෙනාවෙ මම නෙවෙ මගෙ සේවක කණ්ඩායම ඔය ගොල්ලො..ඉතිං ඉදිරියටත් ඔබේ ආයතනයේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවෙන්න කියල මම ඉල්ලා සිටිනව.."
    ඉද්දමල්ගොඩ මහතාගේ සංවේදී කතාව කවුරුත් සාවදානව අසා සිටියහ.
    "Im so happy to have this opportunity so that I can utilize my knowledge and experience to improve our company ..."
    මදාරා ගේ කතාව නම් කී දෙනෙක් අසා සිටියා දැයි සැක සහිතය.සුහද තේ පැන් සංග්‍රහය අතරතුර ඉද්දමල්ගොඩ මහතා මදාරා ව සේවක මණ්ඩලය ට හඳුන්වා දුන්නේය.සමාගමේ විධායක ශ්‍රේණි නිළධාරීන් සමග පමණක් මදාරා කතා කල අතර අනෙක් අය හට සිනාවකින් වත සංග්‍රහ කරන්නට උත්සුක වූයේ නැත.
    "හලෝ කවීශ පුතා ...මට වගෙම මගෙ කෙල්ලටත් උදව් කරන්න ඕන හරිද ." ඉද්දමල්ගොඩ මහතා කීවේ මදාරා ට කවීශ ව හඳුන්වා දෙමිනි.
    "ඩාලිං හි ඉස් වන් ඔෆ් ද බෙස්ට් එම්ප්ලොයි අයි එවර් හැඩ්"ඔහු තව වර්ණනාව ක්ද කියවාගෙන ගියේය.
    මදාරා කට කොනකට නගා ගත මද සිනාවෙන් කවීශ දෙස බැලුවේ උපහාසයට මෙනි.කල හැක්කක් නොමැති නිසා කවීශ ඉවසා සිටියේ හිතේ කෝපය දරාගෙනය .අපිට ඉන්ග්ලන්ඩ් ඩිග්‍රි නැති නිසා වෙන්න ඇති රැස් ඔච්චර බලමුකො නංගි හැප්පිලා.උගුරෙන් මෙපිටට නොආ වදන් කවීශ ගිල ගත්තේය.
    වෙහෙසකර දවසක කෙලවර මදාරා සිටියේ හෙම්බත්වය.පිටරට තිබූ නිදහස දැන් නොමැත.ස්නානය කොට කෙටි ගවුමකින් සැරසුන මදාරා ඇඳට පතිත වූයේ වෙහෙස නිසාමය.බොහෝ දෙනෙක් උපන් දිනයට සහ නව තනතුර ට සුභ පැතුම් එක්කර තිබේ.මේ තරම් අඩු වයසින් ව්‍යාපාර කටයුතු තමාට පැවරේවි යැයි ඈ සිතුවේ නැත.දවස පුරා සටහන් කරගත් ඡායාරූප නැරැඹීමට සිතුනේ නිකමට මෙනි.තමා සහ තම පියා සමග කතාකරමින් සිටින තේජස් තරුණයාගේ නම මතක් කරගැනීමට ඈ වෙර දැරුවාය.ඔහුගේ දෑස් වල තිබුණේ විනිවිඳින බැල්මකි.මහ මොලකරුවකු සේ ඩැඩී සමග කතා කල හැටි මතකය.මදාරා ගේ සිතට එක්වරම පිවිසියේ ඉරිසියාවකි.ඇය ඡායාරූපය  දෙසට ඇඟිල්ල උරුක් කොට විල් සී කියා හිතින් කීවේය.
    ***
    ඉරේෂා අක්කාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකිරීමේ දැඩි උවමනාවෙන් කවීශ කීප තැනකටම කතා කලත් කෙටි කලක් සඳහා නවාතැන් දීමට කිසිවෙක් කැමති වූයේ නැත.ස්මහර තැනෙක ඉරේෂා අක්කාට නැවතීමට සුදුසු නැතැයි කවිශ සිතුවේය.කවීශ දුරකථන ඇමතුම ගත්තේ කීපවරක්ම සිතා බැලීමෙන් අනතුරුව ය.
    "හෙලෝ පොඩි මාමෙ ."
    "අප්පද බොල ලෙනගලයා"අම්මාගේ බාලම සහෝදරයා වූ පොඩි මාමා පවුලේ විහිලු කාරයාය.කවීශ ට අවුරුදු හත අටකට වැඩිමහලු වූ පොඩිමමා මාමා කෙනෙකුට වඩා සහෝදරයකු ලෙස කවීශ ට ළ්ඟය.
    "අනේ ඇත්තට පුතෙකුට කතා කරන හැටි..මේ උදව්වක් ඉල්ලගන්න කතා කරේ"
    "ඔව් ඉතිං එහෙම එකකට මතක් උනොත් තමා අපිව..කියපං බලන්න උදව්ව"
    "අනේ ඉතිං මගෙ සුදු පොඩි මාමා බොක්කනෙ ...මේ ගෙදරින් කාමරයක් දෙන්න බැරිද දවස් කීපෙකට"
    "ආ මොකෝ උඹ කෙල්ලෙක්වත් පන්නං එන්නද කල්පනාව..දවසකට දෙදාස් පන්සීයයි ..ඒසී නම් තුන්දාහක් වත් ඕන"
    "විහිලු නෙවේ ඕයි පුලුවන් ද.."
    "බැරි වෙන එකක් නෑ ඔය එලියෙ කාමරේ තියෙන්නෙ ,කාටද අප්පේ ඔය මහන්සි වෙලා උදව් කරන්න හදන්නෙ මට උඹව තඹේකට විස්වාස නෑ පුතේ"
    "අපේ අක්ක කෙනෙකුට හලෝ එයාගෙ ඔපරේෂන් එකක් ඒක කරගන්න කල් ගෙදර අයට පොඩ්ඩක් ඉන්න ඕන"
    "පවුලකටම ඉන්න නම් ඒක මදි වෙයි බං"
    "නෑ නෑ අම්මටයි නංගිටයි ඉන්න ඕන"
    "ආ එහෙනම් ෂේප් හොස්පිටල් එකට නම් විනාඩි දහයයි"
    "මේ සල්ලි ගන්න එපා හරිද මගෙ හොඳම යාලුවෙක් "
    "ආ එහෙනම් බෝතලයක් වත් ගෙනත් දියන් ..අපේ අක්ක දන්නවද මේ පලහිලව්ව "
    "මොන පලහිලව්වක්වත්  නෑ ඒ මිනිස්සු දුප්පත් ඒකයි කීවෙ"
    "අනේ මගෙ පුතේ මම තොට වඩා වයසයි හරිය..මාව ගස් යවන් නැතුව ඕන එකක්"
    "මම කෝල් කරන්නම් එහෙනම් හරියටම විස්තරේ කියන්න"
    "බෝතලේ අමතක නොකර ඈ"
    පොඩි මාමා උදව්වක් ඉල්ලුවෝතින් බැහැයි නොකියන බැව් දැන සිටියත් මේ කාරනාව කෙලෙසින් භාර ගනීවිදැයි සැකයක් තිබුණේ ය.ගැටලුව මෙලෙසින් විසදීම පහසුවක් වුනේය .කවීශ සිතා සිටියේ වෙන තැනෙක නවාතැන් ලබා දුන්නත් ඒ වියදම් දැරීමටය.දැන් පණිවුඩය ලබා දීමට ඈ ඇමතිය යුතුය.
    "හෙලෝ අක්කා කතා කරන්න පුලුවන් ද?"
    "කියන්න මල්ලියෝ ..."
    "අර වැඩේ නම් හරි  හැබැයි ටිකක් ලොකු ගානක් ඉල්ලනව"
    "අනේ එහෙනම් බෑ මල්ලි ඔයාට බොරු කියන්නෙ මොකටද රිම් එකෙන් යන්නෙ ලොකු ගානක් වියදම් කරන්න බෑ"
    ඒ විහිලුව නොකර සිටියානම් හොඳ ය.දැන් ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද විය නොහේ.
    "නෑ නෑ ලොකු ගානක් නෑ අක්කො සොරි මේ ලෙඩ අස්සෙ ඔයාට විහිලු කරනවට..හොස්පිටල් එකට මිනිත්තු දහයෙ දුර.මම  හොඳටම දන්න තැනක්.අක්කලට ගෙදර වගේ ඉන්න පුලුවන් "
    "කීයක් වෙයිද මල්ලියෝ "
    "දැං සල්ලි ඉල්ලුවෙ කවුද ඔයාගෙන් ...මට ඔයාල එන දවස කියන්න "
    "අම්මෝ තියෙන සැර ...නපුරා බනිනව ත් එක්ක"
    "අපොයි ඔය බනිනව නම් අක්කට බැන්නොත් චූත් යාවි..එහෙනම් මගෙ සුදු අක්කි බබා වගේ කියන්නකො කවදටද රූම් එක ඕන කියල"
    ඒ ආමන්ත්‍රණයට හිත සලිත වී ගියේ නොසිතූ ලෙසය.මගෙනුත් නොඅසාම මා අයිති කරගෙන ඇති හැටි.
    "තව සති දෙකකින් තමා දින දීල තියෙන්නෙ මල්ලි 15වෙනිද ඇඩ්මිට් වෙන්න ඕන.එහෙම උනොත දාහතර එහෙට එන්නම්"
    "හරි මම යන දවසට විස්තරේ  කියන්නම් කොහොමද යන්නෙ කියල.තව මොනා හරි තිබුනොත් කියන්න හොඳ ද කෑම ඒ ගෙදරින් ගන්න පුලුවන් "
    ***
    අලුත් ආයතන ප්‍රධානියා පිළිබඳව තැන තැන බොහො කසු කුසු අතරේ කාලය ගෙවී යන්නට විය.කවීශ ට මදාරා ගෙන් කැඳවීමක් ලැබුනේ ය.
    "මිස්ට කවීශ බණ්ඩාර ..ටේක් අ සිට්"
    "තෑන්ක්ස්.."
    "කොහොමද ඔයාගෙ සෙක්ෂන් එකේ වැඩ මොනවත් ප්‍රශ්න තියෙනවද..අලුත් ප්‍රොජෙක්ට්ස් වල ප්‍රොග්‍රෙශන් එක එහෙම"මහා පුරුදු කාරියක සේ කවීශ දෙස නොබලාම ඈ කතා කලාය.
    "දැනට නම් එහෙම ප්‍රශ්නයක් නෑ මැඩම්.."
    "අර ආයුර්වේඩික් ෆෙයානස් ක්‍රීම් එකක් ගැන ඔයා ද ප්‍රපෝසල් එක ගෙනාවෙ "
    "ඔව් මැඩම් තවම ඩිරෙක්ටර් බෝඩ් ඇප්පෘවල් ලැබුණේ  නෑ ඒකට නම්"
    "ඔව් ඒක තමයි ,ඔයා හිතනවද ඒක සාර්ථක වෙයි කියල"
    "අනිවාර්‍යෙන්ම මැඩම් කොහොමත් අද මාකට් වෙන්නෙ ආයුර්වේද කියන නම අපි  ඒ නමත් එක්ක හොඳ ම ප්‍රඩක්ට් එකක් එක්ක කස්ටමර් ස්ල අතරට ගියොත් ඒක අසාර්ථක වෙන්න හේතුවක් නම් මට පේන්නෙ නෑ" කවීශ ඇගේ දෑස් එක එල්ලේ බලමින් කතා කලේය.මදාරා ට ඒ බැල්ම දරා ගත නොහැකි තරම්ය .මහ පන්ඩිතයෙක් මදාරා ට උවමනා වූයේ කවීශ අපහසුතාවයට පත් කිරීමට උවත් එය සාර්ථක වූ බවක් නැත.
    "කවීශට බිස්නස් ක්නොලේජ් එකක් තියෙනවද"
    මදාරා එන්නේ මොකාටදැයි හඳුනා ගැනීමට අපහසු නැත.
    "ඉෆ් දෙයාස් එනි ඩෞට් යූ කැන් චෙක් මයි සීවී "
    මදාරා ට අසූ හාරදාහට කේන්ති ගියේ කනට ගැහුවාක් බඳු ඒ පිළිතුරෙනි.එහෙත් ඔහුගේ දෑස් දෙස කෙලින් බලා බැණ වැදීමට තරම් හිතට හයියක් නැත.
    "යූ කැන් ගෝ"
    කවීශ ගරු සරුවක් නැතිවම නැගිට ආවේ කෝපයෙනි.
    කවීශ ට රිදවීමේ පළමු මෙහෙයුම අසාර්ථක වීම නිසා මදාරා ගේ කේන්ති ය දෙගුන වී ගියේය .කෙසේ හෝ ඔහුගෙන් පලිගත යුතුය .සේවකයන් සිටිය යුත්තේ ඒ අදාල මට්ටමේය.මේ තරම් ආඩම්බර වීමට ඔහු මහ කෙරුම්කාරයෙක් ද.මදාරා පුපුරු ගහන් සිතින් කම්පියුටර් තිරයේ කවීශ නම සෙවුමක් යොදා සොයා ගත්තේය .
    උසස් පෙල -ABB
    උපාධිය -Bsc(hon),Chemistry sp,1st Class ,gold medalist
    අමතර-Dip in IT,CIMA Adv dip in MA
    මදාරා ගේ කකුල් සීතල වී ගියේ අධ්‍යාපන සුදුසුකම් තීරුව දැකීමෙනි.ඔහුට අභියෝග කිරීමට ගොස් තමා පත්වූ ලැජ්ජාවක තරම තේරුම් යන්නේ දැන්‍ ය.තමාට උසස් පෙළට තිබුණේ C සාමාර්ථ තුනකි.ලක්ෂ ගානක වියදමින් එංගලන්ත ව්‍යාපාර උපාධිය ලබා ගත්තේ මහත් වෙහෙස වීමෙනි.කවීශ ඉදිරියේ තමා පුංචි වැලි කැටක් තරම්ය .ඒ ත් ඔහු කෙසේ හෝ පැරදවිය යුතුය.
    උසස් පෙළ පළමු අවස්ථාවෙන්ම විශ්වවිද්‍යාලයට ගියේ රසායන විද්‍යාව කෙරේ තිබූ ආසාව නිසාවෙනි.බොහෝ දෙනා තව වරක් උත්සාහ කොට වෛද්‍ය විද්‍යාලය ට නොයන්නෙ මන්දැයි අසන විට නිහඬව සිටියේ තමාගේ සිහිනය වෙනකක් වූ බැවිනි.අප්පච්චි පමණක් උඹ ට ආස දේ කරපන් එක එකා කියන ඒව නාහ කීවා අද මෙන් මතකය.විශ්වවිද්‍යාලයට යාමට පෙර නිවසේ පසුවූ සමයේ ඇරඹූ CIMA පාඨමාලාව සම්පූර්ණ කලේ විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේදී ය.
    මගෙ සුදුසුකම් හොයන්න ආව ...කෙලවරට ස්ත්‍රී ලිංග ගෞරවාර්ත යකි.
     
    Last edited:

    කවීශ ට රිදවීමේ පළමු මෙහෙයුම අසාර්ථක වීම නිසා මදාරා ගේ කේන්ති ය දෙගුන වී ගියේය .කෙසේ හෝ ඔහුගෙන් පලිගත යුතුය .සේවකයන් සිටිය යුත්තේ ඒ අදාල මට්ටමේය.මේ තරම් ආඩම්බර වීමට ඔහු මහ පොරක්ද.මදාරා පුපුරු ගහන් සිතින් කම්පියුටර් තිරයේ කවීශ නම සෙවුමක් යොදා සොයා ගත්තේය .
    උසස් පෙල -ABB
    උපාධිය -Bsc(hon),Chemistry sp,1st Class ,gold medalist
    අමතර-Dip in IT,CIMA Adv dip in MA
    මදාරා ගේ කකුල් සීතල වී ගියේ අධ්‍යාපන සුදුසුකම් තීරුව දැකීමෙනි.ඔහුට අභියෝග කිරීමට ගොස් තමා පත්වූ ලැජ්ජාවක තරම තේරුම් යන්නේ දැන්‍ ය.තමාට උසස් පෙළට තිබුණේ C සාමාර්ථ තුනකි.ලක්ෂ ගානක වියදමින් එංගලන්ත ව්‍යාපාර උපාධිය ලබා ගත්තේ මහත් වෙහෙස වීමෙනි.කවීශ ඉදිරියේ තමා පුංචි වැලි කැටක් තරම්ය .ඒ ත් ඔහු කෙසේ හෝ පැරදවිය යුතුය.
    උසස් පෙළ පළමු අවස්ථාවෙන්ම විශ්වවිද්‍යාලයට ගියේ රසායන විද්‍යාව කෙරේ තිබූ ආසාව නිසාවෙනි.බොහෝ දෙනා තව වරක් උත්සාහ කොට වෛද්‍ය විද්‍යාලය ට නොයන්නෙ මන්දැයි අසන විට නිහඬව සිටියේ තමාගේ සිහිනය වෙනකක් වූ බැවිනි.අප්පච්චි පමණක් උඹ ට ආස දේ කරපන් එක එකා කියන ඒව නාහ කීවා අද මෙන් මතකය.විශ්වවිද්‍යාලයට යාමට පෙර නිවසේ පසුවූ සමයේ ඇරඹූ CIMA පාඨමාලාව සම්පූර්ණ කලේ විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේදී ය.
    මගෙ සුදුසුකම් හොයන්න ආව ...කෙලවරට ස්ත්‍රී ලිංග ගෞරවාර්ත යකි.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දැන් කීප දිනක සිටම බන්දු තමා මගහරින්නට වෙර දරනවාදැයි ඉරේෂා ට නිකමට සිතුනි.වෙනදා මෙන් ලෙංගතුකමින් කතා බස් කරන බවක්ද දක්නට නැත.ඇතැම් විට ඔහුට ගෙදරින් එන බලපෑම් නිසා හිතේ කරදරෙන් ඉන්නවා වෙන්නට ඇති.පවුලේ වගකීම ගැන ඔහු සිතා බැලිය යුතුය.ඒ වගකීම ඉටු කරන්නට බැරි මා හා සම්බන්ධ වීම ඔහුට ගැටලුවකි .මේ ගැන සෘජු ව විමසා සිටීමට තරම් හිතට හයියක් නොමැත .මේ කරුණ නිසා ඔබට මා එපා නම් මට හිත හදා ගන්නට පුළුවන් .මම අඩුපාඩු ඇති ගැහැණියක් .
    නෙත් එවැනි තෙමෙන්නට ගියේ නිමේශයකි .තව දුරටත් සිතින් දුක් විඳිනවට වඩා බන්දු ගෙන් කෙලින්ම මේ ගැන විමසා සිටියා නම් දෙකෙන් එකක් විසඳේවි .
    "ඔබට මා එපා ද "...ඔව් යන වදන ඇසීමට තිබූ බිය නිසා ඇය අතට ගත් දුරකථනය පසෙකින් තැබුවා ය .
    "hello බන්දු "
    "ඔව් කියන්න "
    "මට ඔයාව හම්බ වෙන්න ඕන "
    "ඒ මොකටද හදිස්සියේම මම මේ වැඩක ඉන්නේ පස්සේ ගන්නවා ද "
    "නෑ මට දැන් කතා කරන්න ඕනේ ප්ලීස් ෆෝන් එක තියන්න එපා "
    "හරි හරි මොකක්ද කියන්න "
    "මොකක්ද ඔයා ඔය කරන වැඩේ තේරුම.ඇයි මාව මග අරින්න හදන්නේ ..ඔයාට මාව එපා ද "හැඬුම් ආවෙ නිරායාසයෙනි.
    "මේ බොරුවට අඬන්න තියා ගන්න එපා කවුද දැන් මග අරින්නෙ "
    "බොරුවක් නෙමේ නේ බන්දු ඔයා ඉස්සර තරම් වත් මට කතා කරන්නේ නැහැ මට දරුවෙක් ලබන්න බැරි වෙයි කියපු එක ඔයාට ප්‍රශ්ණයක් ද "දෙකොපුල් තෙමාගෙන කඳුළු පල්ලම් බසිනු දැනේ .
    බන්දු කිසිත් නොකියා නිහඬව ම සිටී යේ දීමට පිළිතුරක් නැති ව ය.
    "ගෙදරින් මාව එපා කියනවා ද .. ඕන උත්තරයක් බාර ගන්න මම සූදානම් "එහෙම කීවත් මා තුරු කිසිම සූදානමක් නැත .
    "ඔහු ගෙදරින් ප්‍රශ්නයක් තියෙනවා තමයි "
    "ඒගොල්ලො මොකද කියන්නේ "
    "මට වඳ ගෑනියෙක් බැඳ ගන්න එපාලු "
    හදවතට වැදුණු පිහිපාරක් බඳු ඒ ඒ වචන වලට ඉරේෂාට හීල්ලුනාය.වචන ගලපාගත නොහැකි ව කඳුළු විතරක්ම වැගිරුනි.
    "ඔයා මොකද කිව්වේ ඒගොල්ලන්ට මොකක්ද ඔයාගේ තීරණේ"
    ඉරේශා අමාරුවෙන් වචන ගැළපුවා ය .
    "මට අම්මලාගේ වචනෙට පිටින් යන්න බෑ අපි මේක නවත්තමු "
    මුලු ලොව ම තමා ඉදිරියේ කඩා වැටුණාක් මෙන් ඉරේෂාට දැනුණි.හිස පුපුරා යන්නට තරම් වේදනා බර ය .ඔබට පුදන්නට පේවී පරිස්සම් කරගත් ජීවිතය ඔබට එපා නම් ...කෑ ගසා හඬන්නට උවමනා වුවත් ගෙදර කාටවත් ඇසේවි යැයි බියෙන් ඇය කෝට්ටේ මුහුණ හොවාගෙන ඉකි ගැසුවාය .අහම්බෙන් කාමරේට පැමිණි අම්මා ඉකිගසමින් හඩන ඉරේෂා දැක බියට පත් වූයේ ඇගේ අසනීප තත්ත්වය වැඩි වී ඇතැයි සිතුන නිසාය .
    "ලොකු අනේ මගේ දරුවෝ මුකුත් අමාරුවක්ද "
    ඈ ඉරේශා ළඟින් වාඩි වී ඇගේ හිස අත ගාන්නට වූවාය.ඉරේෂා වචන ගලපා ගන්නට බැරි තරම් වේගෙන් ඉකි ගැසුවාය .
    "අම්මේ බන්දුල ට මේ වඳ ගෑනි එපාලු "
    අම්මාගේ උකුලේ හිස හොවා ගත් ඈ අමාරුවෙන් කීවාය .
    "ඔය පරබල්ලා කොහොමද දන්නේ ඒක ඕකුන්ගේ ජාතකයේ ඉඳලම විසකුරුයි ජරා සත්තු "අම්මා ආවේගයෙන් කියවාගෙන ගියා ය.තම දරුවකුට වැරදි කියන විට ඉවසා සිටින්නේ මොන අම්මාද .
    සිතින් හදා ගත් අනාගත බලාපොරොත්තු සිත මතම බිඳී විසිරී යනු ඉරේෂා බලා සිටියාය .
    "ඕකට වැඩිය දහස් ගුනයකින් හොද කොල්ලෙක් ට මම උඹව බන්දන්නෙ කෝ ඉතිං අඩන්නැතුව ඉන්න "
    බොහෝ වේලාවක් වේලාවක් යන තුරු ඇය අසළින්ම හිඳ ගෙන අම්මා ඉරේශා ව අස්වැසීමට වෙර දැරුවාය .
    ***
    නිවස ට යාමෙන් පසුත් මදාරා ගේ සිතට නිදහසක් නොවූයේ දහවල් වූ සිදුවීම වරින් වර සිහිවීම නිසා ය .තමාට සිදු සිදු වූ ලැජ්ජාවට නම් පලියක් ගත යුතුමය .ඇය තම අතිජාත මිතුරිය ඇමතුවේ ඒ සඳහා උපදෙසක් ගැනීමට ය .
    "hello ටානි හවසට මේ පැත්තේ එනවද "
    "වට්ස් අප් හනී..."
    "කම් විල් යූ අයි නීඩ් යුවර් හෙල්ප්"
    මදාරා ගේ ඉල්ලීම පරිදි ටානියා ඇගේ නිවසට ලගා වන තුරු මදාරා නොඉවසිල්ලෙන් බලා සිටියා ය .
    එතෙර සිටි කාලයේ පටන් ටානියා මදාරා ගේ හොඳම යෙහෙළිය වූවාය .හොඳ වැඩ මෙන්ම නරක වැඩ ද හරි හරියට කළේ දෙදෙනා එක්ව ය .
    "මචං tani අපේ ඔෆිස් එකේ ඉන්නවා මහ arrogant එකෙක් මූට මොනා හරි කරන්න ඕනේ "
    "වයි ඩූ යූ කෙයා ලෙට් හිම් බී "
    "යූ ඩෝන්ට් ගෙට් ඉට් අයි හේට් හිම්"
    "අහා හේට් ද ලව්ද"
    "ආ යූ ක්‍රේසි ..අයි විල් නෙවර් එවර් ලව් හිම් ඉඩියට්"
    කරපු මදාරා ගේ ගේ හිතේ ඇඳුනේ ඒ නෙත් බැල්ම ය .
    "ඒත් මූණ නම් පෙම් පාටයි "
    ටානි කීවේ ඇගේ කොපුල අල්ලා සොලවමිනි.
    "this is the one "
    මදාරා කවීශගේ ඡායාරූපය ටානියාට දැක්වූවාය .
    "වාව් හී ඊස් අ handsome guy ..ආ යූ හිටින්ග් ඔන් හිම් ගුඩ් චොයිස් මැන්ඩි"
    මදාරා ද ටානියාට හොරෙන් ඒ මුහුණ දෙස බැලුවේය .මොනවට හැඩ තබා කපා ඇති රැවුලත් ඉහලට පිරූ කොණ්ඩයත් මුහුණට ආලෝකයක් ගෙන විත් තිබේ .දෑස් වල ඇත්තේ උතුරා යන පෞරුෂයකි .ඒ දෑස් මග හැරිය නොහැකි තරම් තියුණු ය .
    "මට මිනිහට රිද්දනයි ඕන ටානි"
    "අනේ මන්ද එහෙනම් හිතල බලමු"
    දින දෙක තුනක් ම ටානියාගේ උපදෙස් පරිදි කවීෂ රිදවීමට උත්සාහ කලත් මදාරා ගේ උත්සාහය වියැකී ගියේ ය .ඒ සෑම විටම ඒ දෑස් සහ කතාව ඉදිරියේ තම අසරණ වූ හැටි පුදුම සහගතය .ඉතිරෙන පිරිමි කමට තමා නතු වී ඇතැයි මදාරා විටෙක සිතුවාය .බනින්නට සිතා ගෙන්වාගෙන කවිශ දින කීපයක් ම ආපසු හරවා යැව්වේ මන්දැයි නොදැනේ .කාර්යාලයට ගිය පසු ඔහු එක්වරක් හෝ දකින්නට නොහැකි වුවහොත් හිතට නැගෙන්නේ වේදනාවකි .පෙම්වතුන් කිහිප දෙනකුම ඇසුරු කර ඇතත් මෙතරම් හැඟීමක් ඒ කා කෙරේ වත් ඇති වී නැත.
    නිස්කාරණේ තමා කාර්යාලයෙන් කැඳවීම ගැන කවීෂ පසුවූයේ මහත් තරහිනි .
    "අන්න බොසී උඹට කථාකරනවා . . මොකක්ද බං ඒ connection එක "
    රවී කියාගෙන ගියේ ඔලොක්කුවට ය.
    "ඒ එක ඒකිගෙන් තමයි අහන්න ඕනේ "
    කියමින් කවීෂ අසුනෙන් නැගිට්ටේ කේන්තියෙනි.
    4 කණිසම පසු වෙමින් පැවතුන නිසා සේවකයන් බොහෝ දෙනෙක් කාර්යාලයෙන් පිටව ගොස්නි.නිදහසේ ගෙදර යන්න වත් නැති හැටි කවීෂ සිතින් බනිමින් ප්‍රධාන කාර්යාලය තුළට පිය මැන්නේ ය .
    "කවීෂ congratulations ඔයාගේ proposel එක ඇපෘව් වෙලා තියෙනවා documents ටික දෙන්නයි එන්න කිව්වේ "
    එය නම් සතුටට කාරණයකි .කවීෂ අතට අත දී සුභපැතුම් පිළිගත්තේය .
    "thank you මෑම්"
    ඩොකියුමෙන්ට්ස් ටික බලන්න පොඩ්ඩක් කියමින් තම මේසයේ ලාච්චු ව විවර කිරීමට වෙර දැරුවත් එය හිරවී ඇති සෙයකි.
    "අනේ කවීශ කුඩ් යූ ට්‍රයි"
    බැහැයි කීමට නොහැකි නිසාත් ලිපි ලේඛන ලබා ගැනීමේ නොතිත් ආශාව නිසා ද කවීෂ මේසයේ අනික් පසට ආවේය .
    කෙටි ගවුම නිසා නිරාවරනය වූ දෙපා පටලවා ඈ වාඩිවී සිටි අයුර නිසා කවීශ අපහසුතාවයට පත්වූයේ ය.ඒ තේරුම් ගත් මදාරා අසුනින් නැගිට පසුපසට වූවාය.
    කවීශ පහත්වී ලාච්චු ව විවර කිරීමට වෙරදැරුවේය.අඟල් ගනණක දුරින් සිටින ඔහුගේ විලවුන් සුවද ඈ ආසාවෙන් විඳ ගත්තාය.එළැඹි ඊලඟ මොහොතේ ඈ පහත් වී කවීශ ගේ කොපුල සිප ගත්තාය .බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් කලබල වූ කවීශ වහා ඉවතට පැන්නේය..
    "පිස්සුද හලෝ..ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ගෑනු ලමයෙක් නේද තමුසෙගේ දෙමාපියො හොඳ නරක කියල දීල නැද්ද "
    මදාරා ලැජ්ජාවටත් අපහසුතාවයට පත්ව නිහඬව සිටියාය .
    "ඉඩියට්"
    කවීෂ වේගයෙන් දොර වසාගෙන එතනින් නික්ම ආවේ ය
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හයවන පරිච්ඡේදය

    ජීවිතය යනු අහඹු සිදුවීම් ජාලයක එකතුවකි.බොහෝවිට සිදුවන්නෙ නොසිතූ නොපැතූ දේවල්‍ ය.කවීශ ගේ සිත ඉබාගාතේ යමින් තිබේ.සවස සිදුවූයේ කිසිසේත් අනුමත කල නොහැකි දෙයකි.තම රැකියාව සොයා ගත්තේ වෙහෙස මහන්සියෙනි.ඉතා ආසාවෙන් තමා උගත් දේ ප්‍රයෝජනයට ගනිමින් ගමනක් යන්නට පටන් ගත්තා පමණි .මේ සිදුවීම නිසා ඒ සියල්ල නතර වීමට ඉඩ ඇත.ඒ සිද්දිය CCTV කැමරාවේ සටහන්ව ඇතුවාට සැක නැත.ඉද්දමල්ගොඩ මහතා මෙය දැන ගතහොත් තමා කෙරේ වරදවා සිතනු ඇත.පට්ට...මදාරාට හිතින් බැන වැදුනා මිසක් කල හැකි දෙයක් නැත.වාහනය දෙවරක්ම ඉදිරියෙන් යන රතයේ ගැටෙන්නට ගොස් වලක්වා ගත්තේ අනූ නමයෙනි.කාට හෝ මෙය පවසා හිත නිදහස් කර ගත යුතු වුවත් සුදුස්සෙකු හිතට එන්නෙ නැත.නිවසට ගිය සැනින් නා ගත් කවීශ ඇඳට වැටුනේ නිදාගන්නට නොවේ.
    "මොකද පොඩී ඇදට වෙලා "
    "ඇඟට හරි නෑ වගේ"
    අම්මා ට හොරෙන් ලෙඩ වෙන්නටවත් බැරිය.
    "ඇඟට ද හිතට ද කෙල්ල වත් මොකුත් කිව්වද"
    "මොකුත් කියන්න කෙල්ලෙක් ඉන්න එපැයි වදේ..ලෙඩක් උනාම බෙත් ටිකක් දෙනව නෙවේ විකාර කියවනව"
    "හා කො එහෙනම් මම බේත් එකක් තම්බන්නම් කො"
    කියාගෙන අම්මා කාමරයෙන් පිට වුනාය.කරදඩු උස් මහත් වෙනකල් තුරුලේ තියාගෙන ලොකු මහත් කල අම්මාට බොරු කීමේ තේරුමක් නැත.ඇයට ඉවෙන් මෙන් ලෙඩක් ඇත් නම් තේරුම් ගත හැකිය.ඒත් මේ දුක අම්මට කියන්නේ කොහොමද .
    "හෙලෝ පසියා"
    "අඩෝ කවියා...මොකෝ වෙන්නෙ ජොබ හොඳයි ද"
    "අව්ලක් නෑ ඉතිං උඹට කොහොමද ?"
    "අපෝ නාකි හුචක්කු ටිකක් එක්ක වැඩ බං උදේ යනව හවස එනව දැන්ම එපාස් වෙලා ඉන්නෙ"
    "මේ ඒක නෙවේ බං පොඩි සීන් එකක් උනානෙ ..උපදෙසක් දීපංකො"
    "කියහංකො බලන්න"
    කවීශ සවස වූ සිදුවීම පසිදු ට කියාගෙන ගියේය.
    "අඩේ අපිට වෙන් නෑනෙ බං ඔහොම ඒව මම නම් අනිත් පැත්ත හැරිල ඒකිටත් උම්ම එකක් දෙනව"
    "විහිලු නෙවේ උලමො උඹට තේරෙන්නෙ නැද්ද ඒකෙ රිස්ක් එක"
    "උඹ ඕක සිරා ගන්න යන්න එපා මොකුත් නොවුනා වගෙ වැඩට පලයං..ඒකී කීයටවත් ඕක අදින්නෙ නෑ .වෙන මොකෙක් හරි දැකල ගොසිප් පාරක් ගියොත් මිසක්"
    කවීශ දුරකථන ය තැබුවේ පසිදු ගේ සැලසුමට වැඩ කරන්නට තීරණය කිරීමෙන් පසුවය.කවුරුත් දැක්ක ද දන්නෙ නෑ.එන දේකට මූණ දෙනව.
    ***
    ඉරේෂා දවස තිස්සේ ම කාමරය තුළ ට වී සිටියාය .වරින් වර ඉකි ගසන හඬ අම්මා අසා සිටියේ හද පිරි වේදනාවෙනි .පිරිමි නිසා ගැහැණු කී දෙනෙක් නම් හඬා වැටෙනවා ඇත්ද.අප්පච්චි තවම්ත් මේ ගැන දන්නෙ නැත නිවාඩු පාඩුවේ නොබී ඉන්නා වෙලාවක මේ කරුණු කතා කිරීමට අම්මා සිතුවාය.මත් වතුර බීගන ඔවුන් හා රන්ඩුවට ගියොත් එය ලොක්කීට හොඳ නැත.ජීවිතේ තිබූ ප්‍රශ්න වැලට තවත් එකක් එකතු වුනේය .
    හිසේ කැක්කුම දරා ගැනීමට නොහැකි තරම්ය .ඔලුව පැලී තමා මිය යාවි යැයි ඉරේෂා ට සිතිනි.අම්මා ඇවිත් නාරායන තෙල් ටිකක් දැමූ පසුය මද සහනයක් දැනුනේ .
    "ගෙදර කවුද ..?"පිරිමි කටහඬක් නිවසේ ඉදිරිපසින් ඇසේ.අම්මා බලාවි යැයි සිතා ඈ නිහඬව ම උන්නාය.
    "ඉරේෂ ලාගෙ ගෙදර ද මේ"
    ඒ හඬේ ඇත්තේ පුරුදු ගතියකි.ඉරේෂා අපහසුවෙන් ඇඳෙන් නැගිට ආවේ අමුත්තා කවුදැයි බැලීමටය.සාලයට පිවිසීමට පෙරාතුව ගවුම සකසා දෑස පිසදා ගත්තද ඒ ඇස්වල දුක සැඟවීමට බැරි තරම්ය .සාලයට විවර වන දොරින් නිවසේ ප්‍රධාන දොරටුව දැකගත හැකිය.මිදුලට වී ඉවත බලා සිටියත් ඒ රුව හඳුනාගැනීම අපහසු වූයේ නැත.අවසානයේ ඔහු පැමිණ ඇත.හැඬුම් ආවේ සතුටට ය.
    ඒ දෑත් අතරේ තුරුල්වුණු ඈ ලයේ හිස හොවා හඬන්නට වූවාය .
    "හරි හරි දැං නාඬ ඉන්න හොඳ කෙල්ල වගේ"
    ඒ රලු පිරිමි අතැඟිලි කෙහෙරැල් අතරේ යන විට සුවයක් දැනේ.මේ කඳුලු නවතාලන්නෙ කෙසේද.
    "මේ තරමට මට ආදරෙයි ද"
    "කෝ මගෙ සුදු අක්කි බබා වගෙ නාඬ ඉන්න හැමදේම හරියයි"
    කොපුලේ කඳුලු පිසදැමූ කවීශ ඇගේ නලළත ආදරෙන් සිපගත්තේය.
    දවස පුරාම හඬාවැටෙමින් උන් ලොක්කි කෙරේ කේන්තියක් ආවත් අම්මා නිහඬව උන්නාය.එපා කියා ගිය එකෙකු ගැන ලතවෙන්නේ කුමටද.හිසේ තෙල් ගල්වා හිස පිරිමදිමින් සිටියදීම ඈ නින්දට වැටුනත් යලිත් ඉකි ගසනු ඇසී අම්මා කාමරයට ආවේ හිතේ තරහිනි.දැන් ඌ ගැන හඬා වැටුනා ඇතිය.නින්දේ ඉඳන්ම ඉකි ගසන ඉරේෂා දුටු අම්මාට දුක සිතුනේ ය.
    "ලොක්කියේ කෝ නැගිටින්න මගෙ දරුවො"
    ඒ සොඳුරු සිහිනයෙන් ඈ ඇහැරුනාය.
    ***
    මුලින් තිබුණේ වෛරයක් ඉරිසියාවක් උවත් එය කාලයත් සමඟ ආදරයක් බවට පත්ව තිබුණේ අනවසරයෙනි .කේන්තිගෙන කාමරයෙන් පිටව ගිය හැම මොහොතක්ම ආදරණීයව මතක ඇත.වීදුරු කාමරයෙන් එපිට ඔහුගේ පුටුව වෙත යන තෙක්ම ඔහු දෙස බලා සිටි හැටි මතකය.හිතා මතාම ලාච්චුවේ යතුර මාරු කලේ ඔහුව ළඟට ගෙන්වා ගැනීමටය.කොපුල සිපගත්තේ එවෙලේ ආ ක්ෂණික ආවේගයකින් මිස සිතා මතා බුද්ධියෙන් විමසා බලා නොවේ.ඔහුගේ ආදරය දිනා ගනු වෙනුවට එය ළ්ඟාකරගත නොහැකි ඈතකට තල්ලු කර දැමුවේ තමා විසින්මය.ඔහුගේ වදන් තවමත් දෙසවනේ පුපුරු ගසමින් ඇත
    "ලැජ්ජාවක් නැද්ද ගෑණු ළමයෙක් නේද"
    මත්පැන් බෝතලයෙන් වත් කරගත් මත්පැන් වීදුරුව ඈ පසෙක තැබුවාය.කවීශ ගෙන් සමාව ඉල්ලීමට උවමනා වුවත් එය කෙසේ කරන්නේ දැයි සිතා ගන්නට නොහැකි ය.දෑස් තෙත්වූයේ නිරායාසයෙනි .අම්මා ළඟ සිටියානම් කියා සිතුන නිසා තව තවත් හැඬුම් ආවේය බිත්තියට පිටදී ටයිල් පොලවේ වාඩි ගෙන ඈ හඬන්නට වූවාය.
    ඇඳේ ඒ මේ අත පෙරලෙමින් සිටියත් කවීශ ට නිදිමතක් තිබුණේ නැත .ඉරේෂා අක්කාට මෙය පැවසීම ඇගේ හිත බිඳීමට හේතු විය හැකිය.මම වරදක් කරල නෑ.උදෑසන යැවූ කෙටි පණිවුඩය ට වත් ප්‍රතිචාරයක් නොමැත .වෙලාව රාත්‍රී එකොලහට කිට්ටුය දැන් ඈට ඇමතුමක් ගැනීම සුදුසු නැත.දුරකථන ය චාජ් වීමට දමා තිබූ තැනින් ගලවා ගත්තේ එලාම් තැබීමටය.බොස් යන නමින් මග හැරුණු ඇමතුම් හයක් සටහන්ව තිබෙණු දුටුවේ එවිටය.එවෙලේම ඇගෙන් ලැබුණු ඇමතුම කවීශ විසන්ධි කර දැමීය.ඒ පාර මොකාටද එන්න හදන්නෙ.
    "ප්ලීස් එක පාරක් ආන්සර් කරන්න කවීශ ප්ලීස්"එවූ කෙටි පණිවුඩය තිරයේ සටහන ඇත.
    "හෙලෝ කවීශ "
    "ඔව් කතා කරනව"
    "අනේ කවීශ මට සමාවෙන්න ප්ලීස් අයෑම් රියලි වෙරි සොරි "
    මදාරා හඬා වැටෙනු කවීශ ට ඇසුනි.ඔහු කිසිත් නොකියා සවන් දීගෙන උන්නේය.
    "මට සමාව දෙනව නේද මොනාහරි කියන්න කවීශ ඇට් ලීස්ට් මට බණින්න මට හිත හදා ගන්න බැරුවයි ඉන්නෙ"
    "ලොකු මිනිස්සු හැමදාම ඔහොම තමයි වැරැද්දක් කරල සොරි කියනව අහිංසක පොඩි මිනිස්සු විඳවනව ඔය සිද්දිය කවුරු හරි දැකල නම් මට තවත් ඔතන ජොබ් එක කරන්න පුලුවන්ද..අපි දුප්පත් අහිංසක මිනිස්සු අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා මැඩම්"
    ඇසට හ්ඬන්නට ඇරයුම් ඕනෑ නැත.
    "නෑ ඔයාට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ මම.අනේ කවීශ මම එහෙම ජරා කෙල්ලෙක් නෙවෙයි.ප්ලීස් මට සමාව දෙනව කියන්න "
    "මගෙන් න්වේ හදපු වදපු අම්මා ගෙන් තාත්තා ගෙන් සමාව ගන්න"
    "මගෙ අම්ම මා ගාව නෑ කවීශ එයා හිටියන්ම් මට මෙහෙම වෙන්නේ නෑ මට හිතාගන්න බෑ මොනාකරන්නද කියල මට පිස්සු වගේ කවීශ .මම ඔයාගෙ නංගි කියල හිතල සමාව දෙන්ව කියල එක පාරක් කියන්න "
    "මිනිස්සු අතින් ත්මා වැරැදි වෙන්නෙ ඒව නිවරදි කරගන්න ඕනෙත් මිනිස්සුමයි.සමාව දෙන්නම්.ගෑණු ළමයෙකුගෙ තියෙන වටිනාකම් රැකගන්න ගෑණු කම රැකගන්න ඒ ඇති.මම තියන්නම් මැඩම්"
    "තැන්ක්ස් කවීශ ගුඩ් නයිට් සොරි අගේන්"