සීතල යුද්ධයේ සෝවියට් දැවැන්තයෙක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සීතල යුද්ධයේ සෝවියට් දැවැන්තයෙක්

    muWXr5h.jpg

    සීතල යුද්ධයේ මුල් සමයේදී එක්සත් ජනපදය,සෝවියට් දේශයට අභියෝගයක් වනු පිණිස "Pentomic Division" නම් වැඩසටහනක් දියත් කරන ලදි.එහි අරමුණ වූයේ සියලු අදියරයන්හි විනාශකාරී න්‍යෂ්ඨික අවි සෝවියට් දේශයට එරෙහිව භාවිතා කිරීමයි.එනම් ගුවන් යානාවල සිට දියත් කල හැකි න්‍යෂ්ඨික අවි,දැවැන්ත කාලතුවක්කු සහ පොලා නොපනින න්‍යෂ්ඨික අවිය.ඇමෙරිකානුවන් සතුවු එක් අවි පද්ධතියක් වූයේ M65 නම් ටොන් 85ක් බර ජංගම න්‍යෂ්ඨික කාලතුවක්කු අවියයි.එය "ඇටොමික් ඇනී-Atomic Annie " යන නමින්ද හඳුන්වන ලදි.මෙය 1953 වසරේදී යුරෝපයේ(ජර්මනිය) සහ දකුණු කොරියාවේ ස්ථානගත කර තිබේ.

    M65 අවියේ බැරලය මි.මී.280කි.බර ටොන් 83කි.දිග මීටර් 26කි.​

    QPmpn1w.jpg




    මෙම අවිය ක්‍රියාත්මක කරවීමට 5-7 අතර පිරිසක් අවශ්‍ය වේ.

    2TOo9H7.jpg




    එහි උණ්ඩයකට ගමන් කල හැකි ඵලදායි දුර කි.මී.30 බව සඳහන් වේ.

    z40gHlr.jpg


    M65 අවි 20ක් නිපදවූ බව කියවේ.දැනට ඉතිරිව තිබෙන්නේ ඉන් හතක් පමණි.අවිය අත්හදා බැලූ අවස්ථාවක් රූපයේ දැක්වේ​

    ouNmYDZ.jpg



    M65 අවිය 1953 මැයි 25 දා නෙවාඩා හි අත්හදා බැලීම



    ඇමෙරිකානුවන්ට දෙවැනි වීමට අකැමැති සෝවියට් දේශය වහාම M65 අවියට නොදෙවෙනි අවියක් තැනීමට වැඩසටහනක් ඇරඹීය.අතිශය රහසිගතව ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය යටතේ න්‍යෂ්ඨික උණ්ඩ දියත් කල හැකි මි.මී.406ක self propelled howitzer අවියක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබිණි.එහි කාලතුවක්කු අවිය නිපදවීමේ වැඩසටහන SM-54 නමින්ද ,ඊට අවශ්‍ය රථය 'Objekt 271' නමින්ද හඳුන්වන ලදි.

    DZTLwHh.jpg

    2A3 Kondensator 2P අවිය

    1955 වසරේදී මෙම අවියේ වැඩකටයුතු අවසන් විය.එහි ගෙන යා හැකි වූයේ එක් උණ්ඩයක් හෝ දෙකක් පමණි.අවිය නැවත පිරවීමට මිනිත්තු 5ක් ගත වූ බව සඳහන් වේ.ඉන් කෙටි කාලයකට පසුව චැසියේ නිෂ්පාදන කටයුතුද අවසන් විය.දැඩි ලෙස සවි ගැන්වූ සස්පෙන්ෂන් පද්ධතියක් සහ රෝද අටකින් සමන්විත වූ එය වෙඩි තැබීමකදී ඇතිවන දැවැන්ත පොලා පැනීම අවශෝෂණය කල හැකි ලෙස නිමවා තිබිණි.මෙම අවි පද්ධතියේ සියලු කටයුතු 1956 වර්ෂය අවසානයේදී නිමාවට පත්විය.

    p2CkyNe.jpg
    2A3 Kondensator 2P අවිය​

    මෙම නවතම දැවැන්ත 2A3 Kondensator 2P අවිය පළමුවරට ලෝකයා දුටුවේ 1957 විජයග්‍රාහී පෙළපාලියේදීය.එය බටහිරයන් විශ්මයට පත් කල අවියක් වුවද ඔවුන්ට ඒ සම්බන්ධව සොයාගත හැකිවූයේ අවම තොරතුරු ප්‍රමාණයකි.සීතල යුද සමයේ බුද්ධි තොරතුරු මූලාශ්‍රවකට අනුව බටහිර රටවල් ඇස්තමේන්තු කලේ එම අවියේ බැරලය මි.මී.310 වන බවයි.ඔවුන් එය SU-310 නමින් හඳුන්වන ලද්දේ ඒ නිසාය.

    jjmGSUf.jpg
    2A3 Kondensator 2P අවිය​

    කොතරම් දැවැන්තයෙක් වුවද Kondensator අවියේ සේවා කාලය ඉතා කෙටි එකකි.නිකිතා කෘෂ්චෙව්ගේ හමුදා ප්‍රතිසංස්කරණය වලින් පසුව Kondensator අවිය සේවයෙන් ඉවත් කරන ලදි.ස්ටාලීන් යුගයේ භාවිතා කල දැවැන්ත යුද ටැංකි සහ අති-දැවැන්ත කාලතුවක්කු වෙනුවට සෝවියට් දේශය මිසයිල පද්ධතිවලට නැඹුරු වීම ඊට හේතු විය.1960 මැද භාගයේදී Kondensator අවි හතර විශ්‍රාම ගැන්විය.එක් අවියක් මොස්කව්හි මධ්‍යම සන්නද්ධ බලකා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.ඉතිරි අවි තුනේ ඉරණම ගැන තොරතුරු නොමැත.

    JtD8Wyb.jpg
    2A3 Kondensator 2p​

    1950 දශකයේදී ඇමෙරිකානු M-65(atomic cannon) අවියට පිලිතුරක් සේ නිර්මාණය කල 2A3 Kondensator 2p අවියේ භාවිතයන් වූයේ නගර වලට පහරදීම,හමුදා කඳවුරු වැනසීම සහ සන්නිවේද මධ්‍යස්ථාන ඉලක්ක කිරීම ආදියයි.සෝවියට් අවිය සතුව වාසි කිහිපයක් තිබිණි.එකක් නම් වෙඩි තැබීමේ වේගයයි.මිනිත්තු පහකට වරක් ඊට උණ්ඩයක් නිකුත් කල හැකිවිය.අනෙක් වාසිය වන්නේ එය ප්‍රවාහනය කිරීම පහසුවීමයි.

    laq2yXy.jpg

    අවිය ක්‍රියාත්මක කල විට ඇතිවන පොලා පැනීම එහි චැසියට දරාගත නොහැකි තරම් ප්‍රබලය.සමහර අවස්ථාවලදී චැසිය කැඩීගිය බවද කියවේ.ඊට යොදන උණ්ඩ පරිහරණය කිරීමද ඉතා අසීරු විය.අවිය විශාල බරකින් යුක්ත නිසා ප්‍රවාහනය කිරීමේදී ගැටලු ඇතිවිය.FROG-1 වැනි රොකට් පද්ධතිවලට වඩා අවියේ ප්‍රහාරක පරාසය(කි.මී.25)අඩුය.තවද FROG මිසයිල පද්ධති මිලෙන්ද අඩුය.ප්‍රබලම අවාසිය වූයේ Kondensator අවි සුළු ප්‍රමාණයක් පමණක් නිපදවා තිබීමයි.


    2A3 Kondensator 2p අවියේ බර:ටොන් 64කි.දිග අඩි 18කි.චැසිය සඳහා T-10 යුද ටැංකියක් යොදාගෙන තිබිණි.​

    WHk0xqH.jpg




    අවියේ බැරලය මි.මී.406ක් විය

    qdFaHWT.jpg




    භාවිතා කල උණ්ඩ කි.ග්‍රෑ. 470-570 බරකින් යුක්තය

    Fe7xuUF.jpg



    අවිය සහිත රථයට පැයට කි.මී. 30 උපරිම වේගයකින් ගමන් කල හැකි විය.

    fzS4KJg.jpg


    jrNpthV.jpg


    2A3 Kondensator 2P අවියේ ස්වරූපයට සමාන තවත් අවියක් සෝවියට් දේශය විසින් නිපදවන ලදි.එය 2B1 Oka නමින් හඳුන්වන ලදි.එහි තිබෙන වෙනස කාලතුවක්කුවේ බැරලය මි.මී.420 විශාල වීම සහ බැරලයේ දිග මීටර් 20 වීමයි.මෙම අවියෙන් කි.ග්‍රෑ. 750 බර උණ්ඩයක් කි.මී. 45ක් දුරකට යැවීමට පුළුවනි.2B1 Oka අවිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන පොලා පැනීම දරාගැනීමට මෙම රථයද අසමත් වීම නිසා එහි කොටස්වලට හානි සිදුවූ බව සඳහන්ය.1960 දශකය වෙන තෙක් මෙහි සංවර්ධන කටයුතු සිදුවූ අතර පසුව පැමිණි උපායමාර්ගික බැලස්ටික් මිසයිල නිසා අතහැර දමන ලදි.

    Gh5HRwm.jpg
    2B1 Oka​

    a4VsWyJ.jpg
    ඉහල:2B1 Oka පහළ:2A3 Kondensator 2P​

    vZajIxp.jpg
    ඉහල:2A3 Kondensator 2P පහළ:2B1 Oka​



    Source:jalopnik.com

    -HarshaLulzSec-
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    :shocked::shocked: මි.මී.406ක එකකින් කනවා කියන්නේ ආයේ ගන්න දෙයක් නැතුව ඇති
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    :shocked::shocked: මි.මී.406ක එකකින් කනවා කියන්නේ ආයේ ගන්න දෙයක් නැතුව ඇති
    ඕකෙන් දෙතුන් පාරක් ගහද්දී කෑලි හැලෙන්න ඇති කියලා තියෙන විදියට නම්.

    Thanks

    Thanks
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේවට කියන්නේ SPG .මම ඇමරිකන් එකෙනුයි රශීයන් එකෙනුයි වෙඩි තියල තියෙනවා.:rolleyes:හැබැයි විඩියෝ ගේම් එකක.:P
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Thanks

    B U M P
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    ela...
    +++

    මේවට කියන්නේ SPG .මම ඇමරිකන් එකෙනුයි රශීයන් එකෙනුයි වෙඩි තියල තියෙනවා.:rolleyes:හැබැයි විඩියෝ ගේම් එකක.:P
    :D:D

    Thanks

    Thanks

    Thanks

    patta machan,,,tfs

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    :sorry::sorry:
    උබ ආයුධ ගැන හෙන උනන්දුයි නේ?:cool::cool:
    ඔව්.ටිකක් විතර ;)