සුන්දර ගීයක ඇරබුම,..

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
ada arunallath karala gedara awe end exam ekata boganna thiyana nisa.. me nuula dakka para kiyawala welawa gya therun na...:):):):):)
pattama pata..:):):):)
exam ekata බුදු සරණයි! mage...:(:(:(:(
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ස්තූතියි සහෝල .. ඔබතුමන්ල මීට කලකට ඉහත දැමූ කතා තවමත් රසවිදිමින් අගය කිරීම ගැන..
පින් ඔබ සියළුදෙනාටම අපිව දිරිමත් කරනවට.... :)
 

Nohim Ys

Well-known member
  • ස්තූතියි සහෝල .. ඔබතුමන්ල මීට කලකට ඉහත දැමූ කතා තවමත් රසවිදිමින් අගය කිරීම ගැන..
    පින් ඔබ සියළුදෙනාටම අපිව දිරිමත් කරනවට.... :)

    සහෝගේ කතා වල රසට කාලයෙන් බලපෑමක් කරන්න පුලුවන්ද.. ඒ වචන වල මිහිරි බව කවදාවත්ම නැති වෙන්නේ නෑ...:yes::):)
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මන් දන්නෙත් නෑහෑ මෙ සින්දුවෙ තෙරුම මෙ වාගෙ දෙයක් කියල.. ක්ලාස් යන කාලෙ මි සින්දුව තමයි වෑඩිපුර ඔයා යාලු වෙන්න යද්දි දෙන්නෙ..
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ම්ම් එ ගෑන් අහන්නත් දුකයි.. එ උනාට මාර විදියට හිතට වදින සින්දුවක්.. ඔයා ලස්සනට විචාරය කරලා තියෙනවා
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ආයෙ උන් නම් සිරා ටෑලන්ට් තියෙන පොරවල් ලා. .අපි නම් ගිහින් රෙද්දක් පොරවාගෙන නිදා ගන්නවා.
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔබනම් නියම වෑඩක් කරන්නෙ.. ස්තුතුයි.. දිගටම කරන් පලයන්..
     

    Nohim Ys

    Well-known member
  • හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...
    Couple-at-Night-in-Freemans-Alley2-e1304988402631.jpg

    මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන.. ඒත් මා එතරම් කැමැත්තක් නෑ මේ ගීතයට තහනම් කියන වචනය යෙදෙනවට... ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා මා මේ විචාරය මට දැනෙන හැගෙන පරිදි විචාරය කරනවා.. අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මා මෙම ගීතය දකින්නේ... ගීතයට දශමයක හෝ අසාධාරණයක් සිදුවනවානම් සමාවඉල්ලනවා ඔබ සියළුදෙනාගෙන්ම....

    "සුදු නංගි"

    "හ්හ්ම්ම්"

    "අපිට හැමදාම මෙහෙමම ඉන්න තියෙනවානම්"

    "එපා අයියෙ මේ ලස්සන වෙලාවේ නොකෙරෙන දේවල් ගැන කියන්න.
    මට තව ටික වෙලාවක් ඔයාගේ පපුවේ උනුසුමට ඔලුව තියාගෙන ඉන්න ඉඩ දෙන්න මේ විදිහටම"

    "තව ටික වෙලාවක්. . .?"

    "ඔව් තව ටික වෙලාවක්. . . !"

    "ඊට පස්සේ ඔයා යනවා. . . ?"

    "යන්න වෙනවා රත්තරං. . . "

    "යන්නම යනවා . . .?"

    "මම වෙන මොනා කරන්නද අයියේ . . ?
    දෙයියනේ මට ඒ දේ නොකර මැරෙන්න තියෙනවානම් . . . !"

    "ඔයා මැරෙන්න එපා සුදු නංගී . . . ජීවත් වෙන්න. . .
    මැරෙන්න ඕන කියන කොටස මට දෙන්න මම කරන්නම්"

    "අනේ . . ඔයාගේ අම්මගේ හිතට ගින්දරක් දෙන්න එපා අයියේ . . . පව් !"

    "ඔයා යන්නම ගියාට පස්සේ මම කොහොමත් කඳට විතරක් පන තියෙන ආත්මය මැරුනු කෙනෙක්
    ඒ ආත්මයට ආයේ කවදාවත් පන එන්නේ නෑ "

    "මේ ආත්මයේ මට ඔයාව මගේ ම කරගන්න බැරි උනත් මතු හැම ආත්මෙකම ඔයා මගේ ම වෙනවා නේද රත්තරං . . . "

    "ඔව් අයියේ සංසාරේ හැමදාම "

    "යන්න කලින් එක පාරක් . . එකම එක පාරක් අර ඉස්සර හිනා වුනා වගේ
    මගේ ඇස් දෙකට එබිලා හිනා වෙන්න සුදු නංගි . . . එකම එක පාරක්"

    "අනේ දෙයියනේ . . . ඔය අත් දෙකෙන්ම මගේ බෙල්ල හිර කරලා මරන්න අයියේ . . .
    මට ඔයාව දාලා යන්න දෙන්න එපා රත්තරං . . . ! ! "



    ආදරවනිතයින් ආදරවන්තියන් එකිනෙකාට පෙමින් වෙලී සිටියත්... ඔවුන්ට ඔවුන්ගේම වෙලා ජීවිතය දිනාගන්න පුළුවන් වෙනවාද..? කීයෙන් කීදෙනාද ආදරේ ජයගන්නෙ... කීදෙනෙක් හැගීම් යටපත් කරගෙන නොයෙක් නොයෙක් හේතු නිසා තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තබනවද..? එහෙම නැතිනම් නැවතීමේ ලකුණ තබන්න සිදුවෙනවද..? එළෙස නැවතීම තැබූ පමණින්ම ඒ ආදර අතීතය අමතක කරනු හැකිද..? අපිට අපිව කුමන හෝ මොහොතකට සිහියට නැගෙනවා නේද..? අන්න ඒ වගේ මොහොතක සිය ආදරවන්තිය සිහිවීමෙන් හද පත්ලෙන්ම ආදරවන්තයෙකුට එන හැගුම් සමුදායක් දෙසට අපි යොමුවෙමු...

    මම දන්නව ඔයා මට කොච්චරනම් ආදරේද කියල... වෙන කෙනෙකුගෙ අත අරගෙන.. ඔයා මට සමුදීල ගියා.. නමුත් සත්තකට ඔයා මට ආදරෙයි නේද..? ඔයා ඔයාගෙ හැගුම් යටපත් කරගෙන බුද්ධියට ඉඩදුන්න.. ඔයා අසරණයි.. හැගුම් කියනව ඔයාට මාව තෝරගන්න කියල.. බුද්ධිය බලකරනව දෙමාපියන්ට පිටුපාන්න එපා කියල.. එතෙන්දි ඔයා බුද්ධියට ඉඩ දුන්න... මම දන්නව ඔයා එහෙම කලේ මට ආදරේ නැතිව නොවෙයි කියල.. ඔයා ආසරණයි.. ඒත් මම ආවෙ ඔයාගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න.. මම දන්නෙ නෑ මේ ඉල්ලීම වැරදිද කියලා.. ඒත් හිතින් අපි අපිට තවමත් ආදරෙයි නේද..? ඔයත් එහෙමනම් මගේ මේ ඉල්ලීම ගැන සිත යොමන්න...

    එකම එක දවසකට, එකම එක මොහොතකට ඔය බුද්ධිය යටපත් කරන්න.. මා වෙනුවෙන් හැගුම් වලට මදකට ඉඩක් දෙන්න.. පුංචිම පුංචි ඉඩක් දෙන්න මට ඔයාගෙ ලගට එන්න.. කාත් කවුරුවත් නැති... පාළු තැනක අපි රහසෙන් අර පරණ පුරුදු විදියට ආදරේ කර කර ඇවිද යමුද..? පුංචිම පුංචි ඉඩක් මට දෙන්න.. වියතක් තරමට ඒ හොදටම ඇති....

    අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.//
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    ඔයා හා පැටියෙක් වගේ.. මම දන්නව ඔයා ගොඩාක් බයයි.. ඒත් ඒ බය අමතක කරල එනවනේද..? එන්න ඔයාගෙ හෙවනැල්ලටවත් නොදැනෙන විදියට රහසෙන් එන්න... ඇවිත් කාටවත් නොඇහෙන තරම් හෙමීට මගේ ලගට වෙලා ඉදගෙන කතාකරන්න... ඉස්සරවගේ ගිරවියෙක් වගේ කියවගෙන කියවගෙන යන්න.. හිතේ තියෙන හැම දේම කියන්න... හිරකරගෙන ඉන්න දුක වේදනාව කියන්න.. මමත් කියන්නම්... ඔයා එනවද.. හැමෝටම හොරෙන්.. මං වෙනුවෙන්...

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අදුරේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//


    ඔයත් මමත් ආයෙ ඒ වගේ මුණ ගැහුනොත් අඩන්න නම් එපා.. ඔයා අඩනව මට බලාන ඉන්න බෑ... ඔයාට වඩා මම සිය දහස්වාරයක් අඩනවා දැනටත්.. ඉතින් මෙච්චර සුභ මොහොතක අපි අඩන්නෙ ඇයි.. අපි හිනාවෙමු.. අපේ දුක වේදනාව අපි හිනාවෙන් හංගාගෙන අපි සතුටින් ඉමු.. අයෙ ඔයාව මට කවමදාවත් ලැබෙන්නෙ නෑනේ.. මේ භවයේ අපි අපේ වෙන්නෙ නෑනේ.. මේ භවයේ මොනම හරි පවක් නිසා අපි වෙන්වුනා.. අපේ ආදරය අපිට අහිමි උනා.. ඔයා දුක්වන්න එපා.. අපි දෙන්නම එකතුවෙලා ප්‍රාර්ථනා කරමු මතු භවයේ අපේම වෙන්න කියලා.... එහෙම ප්‍රාර්ථනා කරල අපි වෙන්වෙලා යමු සදහටම....

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//


    මෙහි සංගීතය පුදුමාකාරයි.. ශෘංගාරාත්මක නාදමාලාවක් හා ඒ සදහා දායකවන සංගීත භාණ්ඩ මෙන්ම රාත්‍රියේ නැගෙන හුදෙකලාව හා සම්ස්ථයක් වශයෙන් ශෝකීය භාවය ගීතය පුරාවටම සංගීතය මගින් මතුකර දක්වනවා.. බේස් ගිටාරයේ මන්ද්‍ර ස්වර, තබ්ලාවේ ලය, බටනලා වාදනය හා වයිලීනයේ නාදමාලව මේ ගීතය ඇතුලෙන් තවත් ගීතයක් අපවෙත ගෙනහැර දක්වනවා... ඒ ගෙනහැර දක්වන කතාන්තරය මේ වගේ කියලයි මට හිතෙන්නෙ...

    ආදරවන්තයාට කොපමණ දුකක් තිබුණත් ඇය හා අත්පටලා ඇවිදින මොහොත කියන්නේ ඉතාම සුන්දර වූ අවස්ථාවක්... ශෝකී ගීතයක් උවත් අත්පටලා යමු ආයේ කියන කොටසේදී සංගීතයේ වෙනස ගැන ඔබේ අවධානය යොමුකරන්න... සංගීතය මගින් ඒ මොහොත ආදරවන්තයාට සුන්දර මොහොතක් නිසාවෙන්ම එහි රිද්මය වෙනස් කරමින් ශ්‍රාවකයාට ඒ වෙනස දැක්වීමට දරන උත්සාහය කොතරම් නම් සාර්ථකද..? ඒ සංගීත රිද්මය වෙනස් කිරීමෙන් ආදරවන්තයාට ඇය හා ඇවිදින මොහොතේ ඇතිවන හදෙහි සංතෝශයත්, අනෙක් කොටස් වලින් ආදරවන්තයාගේ වේදනාව අහිංසක භාවය හා ආසරණ අනුකම්පාසහගත බව අප වෙත ගෙනහැර දක්වනවා නොවෙද..? මේ ගීතය , පද මාලාව හා සංගීතය කරට කර නැගී සිටින අවස්ථාවකට කදිම උදාහරණයක්...

    අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌.//
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අදුරේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

    පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


    මෙහි සදහන් දෙබස් කොටස පමණක් මා උපුටා ගත්තේ මෙතනින්... ගීතය පිළිබදව සොයන විට නෙත ගැටිණිhttp://manusathuyana.blogspot.com/2009/12/blog-post.html

    එකම එක දවසකට, එකම එක මොහොතකට ඔය බුද්ධිය යටපත් කරන්න.. මා වෙනුවෙන් හැගුම් වලට මදකට ඉඩක් දෙන්න.. පුංචිම පුංචි ඉඩක් දෙන්න මට ඔයාගෙ ලගට එන්න.. කාත් කවුරුවත් නැති... පාළු තැනක අපි රහසෙන් අර පරණ පුරුදු විදියට ආදරේ කර කර ඇවිද යමුද..? පුංචිම පුංචි ඉඩක් මට දෙන්න.. වියතක් තරමට ඒ හොදටම ඇති....
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Nohim Ys

    Well-known member
  • දුකක්, විරහවක්, හිත කීරී ගැහෙන හැඟීමක් එක්ක විමල් ජයශාන්ත මහත්මය රචනා කල සනත් නන්දසිරි මහත්ම‍යගේ මේ ගීතයට ඇත්තටම මා නම් අකමැතියි... මා කැමති උනත්, මේ ගීතය මට මතක් කලේ අපේ මේ ත්රෙඩ් එකේම යාළුවෙක්... හෙට දින ‍හෝ මතු උපදින ආත්මයක මෙවන් සිද්ධීන් ඇසීමටවත් ඉඩ ‍‍නොලැබේවායි කියල මම මුළින්ම ප්‍රාර්ථනය කරනවා...

    අපි අපේ ආදරය පූජාකරන්න, අපේ හිත ගිය ස්ත්‍රියකගෙ ආදරය ගන්න, නොගන්න උත්සාහයක් නෑ.... ඒ අපේ හිත් කියනව ඇය අපිට කැමති වෙයි මොනම වෙලාවක හරි කියල..... කැමති උනොත් ඇයව සතුටු කරන්න, ඇයත් එක්ක ඉන්න, නොගන්න උත්සාහයක් නෑ.... මොකද හිත හැම මොහොතකම ඇයව ඉල්ලනව. ඇයව සතුටුකරන්න කියල හැම තිස්සෙම කියනව....... ඇය තරහ උනොත් ඇයව යාළු කරගන්නත් නොගන්න උත්සාහයක් නෑ..... මොකද හිත කියනව ඇයි යාළුවෙයි කොයියම් මොහොතක හෝ යාළුවෙයි කියල....... ඒත් ඇය සදහටම අපිව දාල මේලෝකෙන් සමුගෙන ගියොත්......... හිත නෙමෙයි මහා බ්‍රහ්මය ඇවිදින් මොනදේ කීවත් වැඩක් නෑ.... වැඩක් නෑ..... වැඩක් නෑ මයි..... ඇය එන්නෙ නෑනේ.... හිත රවට්ටගන්නත් බෑනේ..... එවිටදි දැනෙන දුක කොහොම දරාගන්නද....? මේ ගීතය අන්න ඒ දුක ගැන කියන දුක්බර කතාවක්.........

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමන
    සොදුරිය මට‍ නොකියාම ගියා...


    මේක සත්‍ය සිදුවීමක් කියලයි පොත්පත් වල සදහන් වෙන්නෙ... සිදුවීමට මුහුණදීල තියෙන්නෙ මේ පද රචකයමයි... මේක ඔහුගෙ එකම පද රචනය ලෙසත් සමහර පොත්පත් වල සටහන් වෙනව...ආදරවන්තියගේ නිසල දේහය දිහා බලාගෙන තමා ආදරවන්තය මේ කතාව කියන්නෙ.....

    ඔය නෙත් දෙකට මම දන්න කාලෙ ඉදලාම උරුම වෙලා තිබුනෙ කදුළු විතරයි... ඔයා කොච්චරනම් මගේ ලග ඉදගෙන දුක කිය කියා අඩන්න ඇද්ද.... මගේ පපුට ඔලුව තියානෙ හිතේ හැටියට අඩන්න, දුක කියන්න එන්නෙ නැද්ද ඔයා අද..... මේ උරහිස, මේ පපුව තවමත් බලාගෙන ඉන්නෙ ඔයාගෙ දුකට කදුලට වාරුවක් වෙන්න. ඒත් කෝ කෙල්ලෙ ඔයා මගේ දිහා බලන්නෙවත් නෑනේ...... ඒ කදුලු පිරි දෙනෙත් නොඇරෙන්නම ඔයා වසාගෙන.... ලස්සන සිනහ පිරුණු දෙතොල් දෙක වසාගෙන.... වෙනදා රෝස මල් ‍වගේ පිපුණ ඔය දෙකොපුල් අනේ අද පරවෙලා.....මාව ආදරෙන් බදා ගත්තු ඔය දෑත් පොඩි අද එකට බැඳගෙන ළයට තද කරගත්තට මේ ආදරේ වාන් දමනව මිසක් අඩු වෙන්නෙ නම් නෑ කවදාවත්ම.... ඒත් ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම යන්න ගියා....

    දෑස් කවුළු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමයි ඒ සුවදින්...


    කොච්චර ඇස්දෙක තද කරගත්තත් ඇහිපිය කඩාගෙන දෝරෙ ගලන කඳුළු මං කොහොම නවත්ත ගන්නද ‍සොදුරියෙ...කවුරු කොහොම කිව්වත් ඒක කරන්න මට බෑ... කවුරු හිටියත් කමක් නෑ.... මට හිතෙනව ඔය නලල තව එක පාරක් සිබ ගන්න... මම වෙන මොනව කරන්නද දෙවියනේ... ඉතින් මට කියලා ගියා නම් "අඬන්නෙපා...මට දුකයි කියලා...වස්තුවේ" කියලා මං කොහොම හරි නාඬා ඉන්නවනෙ වස්තුවේ...ඔය සුවඳ මට දැනෙන කොට වාවගන්න මට කොහෙත්ම බෑ...එතකොට මම අඬන‍වා නෙවෙයි මැණික මට ඇඬෙනවා...අනේ කඳුළක් වැටුණට ඔය චූටි දෙතොලට තරහ වෙන්න නම් එපා... ඔයාගෙ මේ අහිංසක සිරුරට ඇයි මේ සුවද පැන් වත්කරන්නෙ... ඒ කියන්නෙ ඔයා දැන් අවසන් ගමන් යන්න ලගයි... අනේ මගේ පුංචි අහිංසක දගකාරි අවසන් ගමන් යන්න ලග හින්ද තමා මේ සුවද පැන් ඉහින්නෙ... අපිට මොනවටද සුවද පැන්... ඔයාට මොනවටද සුවද පැන්... මටත් , මගේ හිතටත් ජාති ජතිත් ඔයවා අමරණීය වූ සුවදක්.... මම ඒ සුවද මත්තෙම ඉන්නවා... අනේ මට බෑ ඒ සුවදින් ඈත් වෙන්න....

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ...
    ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
    ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්නම්
    මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...


    මෙච්චර ඉක්මනට මට තනිවෙන්න වෙයි කියලා මං හිතුවෙ නෑ...මමං හැමදාම හිතුවේ මේ ගමන අපි දෙන්නම එකට යන්න..ඒත් ඇයි ධෛවය ඔයාව ඉක්මන් කලේ...නැත්නම් මට ඉස්සෙල්ල යන්න දෙන්න තිබුණනෙ...දෙහිතක ආදරය තනි හිතකට දරන්න වුනාම හරි අමාරුයි කෙල්ලෙ....ඒත් අපේ ආදරේ මහමෙරක් වගේ මං බලාගන්නම්..මගේ මැණික මං ළඟට එනකල්....ඔයා නැති මේ ලෝකෙ දැන් මට කියලා කව්ද රත්තරං ඉන්නෙ..අපිට අපි වුන්න ඒ ආදරේ මතක එක්ක මං මේ පාළු ජීවිතය ගෙවා දමන්නම්...ආයෙමත් දවසක අපි මේ වගේම ආදරෙන් ඉමු...මං බලාන ඉන්නවා මගේ පුංවි කෙල්ලේ...හීනෙන් හරි ඇවිත් යන්න එන්න.... මම ඔයාවෙනුවෙන් මේ ආත්මෙ ගෙවනව... ඒ ඊලග ආත්මෙ ඔයාව ලබා ගන්න ඕනි නිසා මම දන්නව ඔයත් එහෙම තමා... අපි දෙන්නගෙ හදවත් එක වගේ නිසා අපේ පැතුම් එකවගේ නිසා අපි ඊලග බවයේ අපේම වෙන්න පෙරුම් පුරාගෙනම ඉපදෙමු.
    වංකගිරියෙ කදු මුදුනේ සැගවුණු....... - කෙල්ලේ නුඹ කොහෙදැයි කියපන්...............
    හැබහින් බැරිනම් හීනෙන් ඇවිදින්.... - ඈත ඉදන් මට අත වනපන්..............

    හැගීම්බර වැඩියි.... සමහරවිට මේ විචාරය එතරම් සාර්ථක නොවෙන්න පුළුවන්... එහෙම උනොත් සමාවෙන්න...අපිත් හැගීම් දැනීම් තියෙන මිනිස්සුනේ...............

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමනක
    සොදුරිය මට‍ නොකියාම ගියා...

    දෑස් කවුළු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් සිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමයි ඒ සුවදින්...

    එදා මෙදා තුර...//

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ...
    ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
    ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්නම්
    මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

    එදා මෙදා තුර...//



    පිරිමි කෙනෙකු ගේ ඇස් වලට කදුලු ගේන්න තරම් ශක්තිය තියන සිංදුවක් !!
    මම හුගක්ම ආස කරන වචන ටිකක් තමයි !!
     

    Matara Malli

    Member
    Nov 9, 2012
    4
    0
    0
    අයියලා..,මට කපුගේගෙ දොබ මල් කෑලෑවේ සින්දුවයි, සීතල සද එලියේ සින්දුවයි තියන page nums කියනවද?
     

    Matara Malli

    Member
    Nov 9, 2012
    4
    0
    0
    අයියලා..,මට කපුගේගෙ දොබ මල් කෑලෑවේ සින්දුවයි, සීතල සද එලියේ සින්දුවයි තියන page nums කියනවද?


    නියයි‍ මචන් ,රස්සාව කරන ගමන් මේ පැත්තේ එන නිසා දිගටම ඉන්න අමාරුයි,නමුත් එක පිටුවක් නෑරම කියවනවා,ඒක නිසා මේ වැඩේ නම නවත්තන්න එපා...

    ඔබ භාෂා විශාරදයෙක් උනත් ඔබට පුළුවනිද කුරුල්ලෙකුගෙ ගීතයේ තේරුම කියල දේනන....? ඔබ කොයිතරම් හොද අසන්නෙක් උනත් ඔබට පුළුවන්ද ඈත කදු මුදුනක් පහු කරල එන සුලගෙ රහස අහ ගන්න.....? මේ වගේ කොයිතරම් දේවල් තියෙනවද පුංචි උනත් කවදාවත්ම හිතාගන්න බැරි....? කොයිතරම් ගීත ඇහුවත් අපි හැබෑවටම ඒ ගීත අහල තියෙනවද.....? විනාඩි තුනක් හතක් ධාවනය උනාට සමහර ගීතවල තියෙනව සියවස් ගානක් හිතන්න දේවල්....... අපි මෙහෙම හිතමුකෝ...... ඔබ මාව අදුනන්නෙ නෑ..... ඒත් මම උමතුවුන ගීතයකටම ඔබත් වසග වෙලා...... ඒත් අපි දැකලවත් නෑ...... ඉතින් අපි අපි අදුනන්නෙ නැති උනත්, අනුන් ලියපු, අනුන් හදපු, අනුන් කියපු ගීතයකින් අපි අපි සදාකාලික මිත්‍රයො වෙන්න පුළුවන්..... මම හොද උදාහරණයක් ඔබට කියන්නම්....

    “1983 වසරෙ ධර්මසිරි ගමගේ අපේ ප්‍රවීණ කළාකරුව මට කියනව කොග්ගල පහන්වැට උළෙල සංවිධානය කරන්න මට උදව් කරන්න කියල. ගමගේ මහත්තය මට කියනව උත්සවය සංවිධානය කරන්න තියෙන්නෙ මාටින් වික්‍රසිංහයන්ගෙ මහගෙදරවූ කොග්ගල. මට ඔහු කියනව එහෙට ගිහින් එන්න කියල. ගමගේ මහත්තය ආපහු මට කියනව බන්ධු තනියම යන්න එපා. ගාල්ලෙ ටවුමෙ ඉන්නව ගාමිණී සමරරත්න කියල කෙනෙක්. එයාගෙ වෑන්එකේ එයත් එක්ක යන්න කියල. මම ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ බැංකුවෙ ගාමිණි ඉන්නෙ ගාල්ලෙ ටවුමෙ එයාටම අයිති තීන්ත සාප්පුවෙ. අපි දෙන්න එක්ක යනව ගාමිණීට අයිති 28 ශ්‍රී හයිඒස් වෑන් එකේ කොග්ගල. ගාල්ලෙ හිටියට අපි හදුනන්නෙ නෑ.... ඉස්කෝලත් දෙකක.... හැම අතින්ම අපි දෙන්න දෙන්නෙක්. අපි එකිනෙකා අදුනගන්නෙ ගාල්ලෙ ටවුමෙදි නෙමෙයි. මාගාල්ලෙ බුදුපිළිමෙ පහුවෙද්දි ගාමිණී දානව කැසට් එකක්. දෙයියනෙ මම කැමතිම සින්දු ඒකෙ තියෙන්නෙ.

    “වික්ටර් රත්නායකට ආසයිද....?” ගාමිණි මගෙන් අහනව
    “නැතුව.... මට ඕන සින්දුවක් පාඩම්.... මම සා ප්‍රසංගය 28 පාරක් බලල තියෙනව....” මම කියන්නෙ ආඩම්බරයෙන්
    “එච්චර නැතිඋනත් මමත් සෑහෙන් සා බලනව” ගාමිණී කියනව

    අපි මාගාල්ලෙ ඉදන් ගීත ගැන කතා කර කර යනව දිගට හරහට. කොග්ගල රේල් පාරෙ අනාරක්ෂිත හරස් මාර්ගය ලගදි තමයි අපේ කතාව නතර වෙන්නෙ. මොකද ගීතයක් හින්ද මොන පරිත්‍යාග කලත් මැරෙන්න බෑනේ.. රේල් පාර පැන්න විතරයි ආයෙත් සින්දු. එකම ගමක, නගරයක, ඉසව්වක හිටියට අපි දෙන්න හදුනගෙන හිටියෙ නෑ.... අදුන ගත්තත් අවුරුදු 30කට කිටුටුවෙන්න ඇසුරක් ඇති උනේ අපි වරුගනන් ගීත වින්ද හින්ද....”

    ........බන්ධුල නානායක්කාර වසම්........


    ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් මට හිතෙනව. සමහර ගීත අහනකොට මොනතරම් සුන්දර දෙයක් ලියවිල තිබුනත් ඇස්වලට කදුලු එනව..... ඇල්ඩියස් හෂ්ලි කියන මහා දාර්ෂණිකය නම් කියන්නෙ, ඒ ගලන්නෙ Tears of tenderness නැත්නම් මුදු මොලොක්භාවයේ කදුලුයි කියල..... සමහර ගීත අහද්දි රෝම කූප අංශක 90 ට හිටිනව. මේ මේ කියල අපි අනිත් අයට පෙන්නනව. මේක මහ විකෘතියක්ද කියලත් මට වෙලාවකට හිතෙනව. එහෙමනම් ඉතින් නඋෂාර්ඩ්ගෙ ඉදල රහුමාන්ගෙ වෙනකල්ම විකෘති වෙන්න ඕන. මේක ප්‍රකෘතියක් මට ආපහු හිතෙනව. හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........
    හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........:no::no::no::no::no::no::no:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    සිංදු ගැන සෑහෙන්න දැනුමක් තියෙන අය ඉන්න මේ ත්‍රෙඩ් එකෙන් මම හිතන්නෙ කලින් ත්‍රෙඩ් එකක කෙනෙක් අහපු දේකට හරි පිළිතුරක් ගන්න පුලුවන් වේවි (http://www.elakiri.com/forum/showthread.php?p=13854046)

    ගුණදාස කපුගේ මහත්මයාගෙ 'නින්ද නැති රැයේ' සිංදුවෙ තේරුම කියන්න පුලුවන්ද? :)

    දැනටමත් කියලද දන්නෙත් නෑ :sorry: පිටු 300ක් හොයන්න බැරි හින්දා ඇහුවෙ
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    Nohim Ys

    Well-known member
  • සිංදු ගැන සෑහෙන්න දැනුමක් තියෙන අය ඉන්න මේ ත්‍රෙඩ් එකෙන් මම හිතන්නෙ කලින් ත්‍රෙඩ් එකක කෙනෙක් අහපු දේකට හරි පිළිතුරක් ගන්න පුලුවන් වේවි (http://www.elakiri.com/forum/showthread.php?p=13854046)

    ගුණදාස කපුගේ මහත්මයාගෙ 'නින්ද නැති රැයේ' සිංදුවෙ තේරුම කියන්න පුලුවන්ද? :)

    දැනටමත් කියලද දන්නෙත් නෑ :sorry: පිටු 300ක් හොයන්න බැරි හින්දා ඇහුවෙ

    Oka thibuna wage mathakayak thiyenawa.. Hariyatama sure na.....:dull::dull: