සිංදු ගැන සෑහෙන්න දැනුමක් තියෙන අය ඉන්න මේ ත්‍රෙඩ් එකෙන් මම හිතන්නෙ කලින් ත්‍රෙඩ් එකක කෙනෙක් අහපු දේකට හරි පිළිතුරක් ගන්න පුලුවන් වේවි (http://www.elakiri.com/forum/showthread.php?p=13854046)
ගුණදාස කපුගේ මහත්මයාගෙ 'නින්ද නැති රැයේ' සිංදුවෙ තේරුම කියන්න පුලුවන්ද?
දැනටමත් කියලද දන්නෙත් නෑපිටු 300ක් හොයන්න බැරි හින්දා ඇහුවෙ

http://silumina.lk/2010/05/16/_art.asp?fn=av10051610ඔය ත්‍රේඩ් එකේ එන සිංදුව දැකලා ඒක ගැන හොයද්දි තමයි මේ ලස්සන ත්‍රෙඩ් එක දැක්කේ
මේකෙත් තියෙනවා එක පොස්ට් එකක් ඔය සිංදුව ගැන දාලා ඒත් හරි තේරැමක් හොයාගන්න බැරි වුනා මම මුල ඉදන් දැන් මේක කියවනවා දැන් ඉන්නේ 239 වෙනි පිටුවේ මේ ලබපු අත්දැකීම්ටික මට වචනයකින්වත් කියා ගන්න බැහැ
ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි වැදගත් ත්‍රේඩ් වැඩකට නැති ජරාවල් බම්ප් වෙන නිසා යට යනවා ඒකයි දුක
ඇගළුම් කම්හල් වල සේවය කරන සමාජය සැළකිල්ලක් නොදක්වන පිරිසක් ගැන ගේය පද රචකයකු දකින විදිය අපි විචාරය කරමු එහෙනම් යාළුවනේ.....
පුංචිම පුංචි පඩියකට වහලුන්ටත් එහා ගිය රස්සාවක් කරමින් තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලය දියකරල හරිනව.... ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕනි තමා.... ඒත් නිදහසේ හුස්මක් ගන්නවත් ඉඩක් නැති රස්සාවක් කරන්නෙ හැගීම්, දැනීම්, ආසාවල් නැති නිසා නොවෙයි..... ජීවත් වෙන්න, තමන්ගෙ අය ජීවත් කරවන්න ඕන නිසා.... උඹලට හරියට අදින්න ඇදුමක් නැතිව, උඹල අනුන්ගෙ ඇදුම් මහනව.... එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී, යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ.
බලන්න රචකයා මේ කාන්තාව දිහා බලන අපූර්වත්වය....
රෑ වැඩ අවසන් කරල එන ඔබ කොච්චර නම් හෙම්බත් වෙලාද... කාන්තවකගෙ මුහුණ කොතරම් නම් එළියක් තියෙන දෙයක්ද.... ඒත් ඔයාගෙ මුහුණ හරියට පරවෙලා ගිය, මැලවෙලා ගිය මලක් වගේ...... රෑ තිස්සෙ වැඩකරල කරල මහන්සි වෙලා ඔබ එනව එළිය වැටෙන පාන්දර.... හිමිදිරියෙ අපි අවදිවෙනව... මහන්සිවෙලා එන ඔයා උදේ නිදන්න යනව... මේකනම් ඔබ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති...........
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
රෑ තිස්සෙ ඔය ඇගිලි වෙහෙසෙන එකේ සීමාවක් නෑ නේද... විදුලි එලිය යට ඉදගෙන දුක් විදින්නෙ කොතරම් නම් බලාපොරොත්තු තියාගෙනද....? ඔබ දන්නවද ඔබේ ඔය ජීවිතයේ හොදම කාලය දියවෙලා යන්නෙ.... මම දන්නව ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්ණ හමුවෙ මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා විලාප තියල අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසා තමයි ඔබ අඬන්නේ නැතුව මේ දුක විදගෙන ඉන්නේ..........
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ
ඔබ නිහිඩව විදින දුක, ඔබ යටපත් කරගෙන ඉන්න වේදනාව, ඔබ ඔසවාගෙන ඉන්න ජීවන බර නැතිකරගන්න තමයි මේ ගාමන්ට්වල දුක් විදින්නෙ.... දුක් විද විද අනුන්ට ඇදුම් මහන්නෙ තමන්ගෙ ජීවිතේ, තමන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිතේ ලස්සනට අමුණගන්න... ඒත් ඒ ජීවිත ලස්සන කරන්න ඔබ දුක්විදිනකොට ඔබේම ජීවිතේ නිකම්ම ගෙවිලයනව.... කාත් කවුරුවත් නැතිව තට්ට තනියම ඔය විදින දුකට අපි හැමෝම ණය ගැතියි....
නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ
ඉස්කෝලෙ ගිහින් අවසන් උන ගමන් රස්සාවක් නැත්නම් ඉතින් ආයෙ දෙකක් නෑ ... දුප්පත් පවුල්වල හිරිමල් තරුණියන්ට වෙන්නෙ ගාමන්ට් යන්නම තමයි. ඔවුන් කියල වෙන මොනව කරන්නද..? ගාමන්ට් පිහිටවත් තිබුනෙ නැත්නම් මේ කාන්තාවන්ට කාගෙ පිහිටක්ද... කෙහොම හරි ජීවත් වෙන්න ඕනෙ නිසා ඔවුන් එනව නගරයේ තියෙන මිහිපිට අපායේ දුක්විදින්න... දුක්විදල කොහොමහරි ජීවිතේ දිනනව කියල එන මේ අහිංසක මල් පොහොට්ටුවලට අන්තිමේට මුඩුක්කු වගේ බෝඩිම් වල, හරියට කෑමක් බීමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ජීවත් වෙන්න වෙනව. සමහරු කුඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාස කරගන්නව. ඒ විතරක්ද ජීවිතය විනාස උනායින් පස්සෙ ආයෙ වැඩක් තියෙනවද පටන් ගන්නව කීයකට හරි ඇග විකුණන්න... දෙවියනේ මේත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන ජීවිත නේද.....? (මේව ගැන කතාකරල වැඩක් නෑ යාළුවනේ.... ගීතය කතා කරනව, අපි කතා නොකර ඉමු.)
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ
නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ
ගී පද - බන්දුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහයන්ගේ
ගායනය - සුනිල් එදිරිසිංහ
මෙම විචාරය මා පල කරන 40වන විචාරයයි. මෙතෙක් දුර දිරිමත් කරමින් මා හා රැදි සියළුම යහළුවන්ටත් එළකිරියටත් විශේෂයෙන් අවශ්‍ය මග පෙන්වීම් ලබාදුන් දත් කිඹුලා සහෝදරයාටත් ගොඩාක් පින්...... තවත් ගීයකින් හමුවෙමු.....

(මේව මම අහපු කතා හරිද මචන්ල)
මහාචාර්ය එදිරිවීර **** ගැන අපි හැමෝම දන්නවනේ...........
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක්යැ.... මනමේ, සිංහබාහු නිර්මාණය කලේ ඔහුනේ....
හැබැයි මේව නිර්මාණය වෙන්න හේතුබූත වුන කරුණු තමා මේ කියන්න හදන්නෙ....
ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමගෙ හොදම යාළුවත් එක්ක නිතරම නාට්යෙ කටයුතුවල යෙදෙනවළු... නිතරම වගේ ගෙදරත් එනවලු ඒ යාලුව...
(නම් ගම් නොදා මේ වැඩේ කරන එක හොදයි කියල හිතුව මොකද වෙන එකෙකුගේ ත්රෙඩ් එකක දාන නිසා)
ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්යායලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර ... බිරිද නෑ.... හැම තැනම බැලුවත් බිරිද නෑ.... පස්සෙ දැනගත්තලු තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල...
හොදම වැඩේ ඒක නෙමෙයි... අපි වගේ ඇඩුවෙ නෑ... පිස්සු කෙළියෙ නෑ.... තනිවම කාරමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ... පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද ? මනමේ .
හැබැයි...ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්.... ආලබස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්...පෙරලෙනපිට හොදයි කියන ජාතියක්.... කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ....
දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ.....
මගෙ හද ගැබ තුල ඇතිවෙයි ආලේ......
දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ
හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..
කැමතිනම් සිංහබාහු හැදුන විදියත් කියන්න පුළුවන්....
සංගීතයෙන් අප හදවත් ප්‍රකම්පනයට පත්කරන මේ ගීතය මාගේ සිත්ගත් ගී අතුරින් ඉහලින්ම තියෙන ගීතයක්. අපි රසවිදිමු ගීතය....
මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......
ඉතින් එච්චරටම මට ආදරේ කලේ ඇයි....... මේ තරමටම මට ඔයා නැතිව ඉන්න බැරි තැනට පත්කලේ ඇයි... ඒතරමටම ආදරේ කරල ඔයා මාව තනිකරල දාල ගියා.... එහෙම ගියානම් යන්න යන්න යන්න යන්න ඔයා යන්න.... ඇයි මේ ඔයාගෙ මතක, සුවද ඉතිරි කරල ගියේ.... මට බෑ ජීවිතේ ගෙවන්න... මට බෑ නැවතත් පරණ මගේ පාළු ජීවිතේ ගතකරන්න... හැම තැනක්ම ඔයා සින්නක්කර ලියාගෙන ඉවරයි. මට මාවත් අයිති නෑ දැන්.....
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....
වසර හතරක් අපි ආදරේ කලා..... ඒක හරියට කල්ප හතරක් වගේ, සියවස් හතරක් වගේ... ඔයා ගියා කියල මම දන්නව... ඒත් ඔයා එනවද ආයෙත් මාව හොයාගෙන මට එහෙම හිතෙනව ... අපේ ආදර කතාව නැවතුනාද.... ඔයා වෙනත් ලෝකෙකට ගියාද....?(මෙහිදී රචකයා විසින් අවිනිශ්චිත ස්වරූපයක් අපිට පෙන්වනව... මෙයා අපේ සම්බන්ධෙ නවත්වලද ගියේ... වෙන කෙනෙක් ලගටද ගියේ... එහෙම නෙමෙයිද ? ආයෙ එනවද ඔයා...? ඔයා එහෙම කලේ කැමැත්තෙන්ද...? නෑ නේද...? අපිත් එහෙමයි යථාර්තය දැන දැන බලාපොරොත්තු තියාගන්නව )
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....
ඔයාට මේ තරමටම ආදරේකරල, මේ තරමටම අහස උසට බලාපොරෙත්තු තියාගත්ත ආදරේ අද මට නෑ..... මේක ඔයාගෙ වරදක්වත් ඔයා කරපු දෙයක්වත් නෙමෙයි... ආදරේ කියන්නෙ මායාවක් බව නොදැන ආදරේ කරපු මගෙයි වැරැද්ද.... දැන් ඉතින් මට ඔයත් නෑ.... තනිකමත් නෑ... සැනසීමත් නෑ..... හරියට අපේ අදාරකතාව, මගේ ජීවිතය, දුකෙන් පිරුණ ගීතයක් වගේ...
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....
මෙම ගීතයෙදි ප්‍රබලත්ම කාර්යක් කරනු ලබන්නෙ සංගීතයයි.... ගීතයෙන් කියන වේදනාව මුවහත් කරල අපේ හදවත් තුලට කිනිස්සකින් අනින්න වගේ ගිටාර් වාදනයක් වැයෙනව.... ගොඩාක් ආදරවන්තයින්ට අත්වූ ඉරණමක් ඉතාමත් සුන්දර විදියට නිර්මාණය කිරීම විශ්මය ජනකයි... අපේ සිංහල කලා කරුව ගැන කාතරන්න වචන නෑ... මේ ගීතයෙන් , මුසු වී ඇති සංගීතයෙන් හා මධුර හඩින් විරහවට පත්වූ ආදරවන්තයින් එදත්, අදත් හෙටත් හඩවනඑක නම් නවත්වන්න බැරිබව මා සටහන් කරමින් විචාරය අවසන් කරනව.
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....
ගේය පද බුද්ධදාස ගලප්පත්ති මහතා
සත්සරය රෝහණ වීරසිංහයන්
ela macho
පට්ට සීන් එකනේහනිමූන් එකේ දී පබැදූ ගීතය....
අපේ බාසාවෙන් කියනවනම් පිස්සු හැදෙන උඩ විසිවෙන සිද්ධියක් මම දැන් අපේ යාළුවන්ට කියන්න හදන්නෙ....
ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන ලද , සෝමදාස ඇල්විටිගල මහතා සංගීතවත් කරන ලද "ආදර හැඟුම්" කියන ගීතය මම හිතන්නෙ හැමෝම අහල ඇති. මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත් දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව.
අපේ මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතන් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මොකටද හනිමූන් එක ගතකරන්නෙ... ඇයි තානායමට යන්නෙ කියල අපේ එළකිරි යාළුවො කියයි සස්ලිට්ට පිස්සු හැදිල කියල... ඒත් මම ආයෙත් අහනව ඇයි හනිමූන් එක ගත කරන්න යන්නෙ කියල... මොකද දන්නවද යාළුවේ හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි ගීත නේද යාළුවනේ...........?
දැන් මම කියන්නෙ සින්දුව ලියපු විදිය... ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පුටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.
ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.........
මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි...........
මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........
දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".
ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි.
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.
ඉතින් ඔන්න ඔහොමයි අපේ සිංහල ගීත සාහිත්‍යයට තවත් ලස්සන ගීතයක් එකතු උනේ. බලන්න ශෘංගාර රසය දනවන්න උපමා, උපමේය, භාෂාව යොදාගෙන තියෙන ලස්සන හා දක්ෂතාවය. ඒ විතරක්ද තැන නොතැන නැතිව ගලාගෙන එන අදහස් කැටි කරල අපවෙත ලබා දි තිබෙන ආකාරය. මේ කතාව කලින් අපේ යාළුවො අහල තියෙනවද? ලස්සන ගීතයක් නේද?
අපි වගේනම් මේවගේ අවස්ථාවක ගීත ලිය ලිය ඉදීද....? ඒ නිසා වෙන්න ඇති ඔවුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් කියන්නෙ....
මේ කතාව දන්න අය ඇරෙන්න මෙතනදී දැනගත් හැම කෙනාගෙන්ම මට කමෙන්ට්ස් ඕනමයි යාළුවනේ තවත් ගීයකින් හමුවෙමු...............
සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...????
එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!!
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට
ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නොකැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති.
සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය.
විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට
ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය.
සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්........
ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය.
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට
විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට
සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්........
බන්දුල නානායක්කාරවසම් නම් අපේ යුගයේ ගේය පද රචකායා ලියූ මේ ගීතයේ අමරදේවයන් ගායනා කරන "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයේ මුද්‍රාව මොනවට වැදී ඇති සැටි ඉව කළ හැක. මේ අපේ කාලයේ ප්‍රේමයයි. තමාට විරහව උරුමකළ පෙම්වතියට යහපත් වූ අනාවක් වෙනුවෙන් සමු දෙන පෙම්වතුන් සිටි කාලයයි. දැන් මෙන් තමාට විරහව උරුම කර දුන් පෙම්වතියට දාහත් පලකට පිහියෙන් ඇණ තමාත් වස පානය කරන පෙම්වතුන් නොසිටි කාලයේ ප්‍රේමයයි.....!!!!
යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)
සිංහල ගී වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය වීමේ වරම් ලද ගීය ලෙස මෙය වරම් ලබයි. මෙලෙස විරල නැකතකින් උපන් මේ ගීය ‘‘සඳකඩ පහණක කැටයම් ඔපලා’’ ගීයයි. මුල් පදය කිව් සැණින්ම අප කවුරුත් හඳුනා ගන්නා මෙම ගීය ගැයූ ශිල්පියා පිළිබඳවද සිහිපත් කිරීමට ආයාසයක් ගත යුතු නෑ. ‘‘සඳකඩ පහණින්’’ උපන් හැඩ කැටයම්කරුවා නම් ශිල්පී සුනිල් එදිරිසිංහයි. සිය මුල්ම අධ්‍යක්ෂණයය කරමින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.
චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි.
මෙම ගීය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසන් පද රචනයද වූවා. තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කළා.
සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....
‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’
වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.
‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’
‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්‍රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’
‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ.
සඳකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියා පානා එක් විශ්මිත නිර්මාණයක්. එවන් සියුම් කැටයමක් දේදුන්නක එළියෙන් ඔපවත් වූ කල කෙතරම් චමත්කාරදැයි සිතා ගත හැකිද? එලෙස ඔපලමින් අහසේ පාවී යන දේදුනු එක තැනක ලැගුම් ගනී. කැලතුන රස දහරකින් පැන නැගුණ බුබුලක්, අකුරු වැලක් සේ දෙහදක ලියැවෙන්නේය.
එක්තරා යුගයක රජ දහනක් සේ ගෙවුණ ප්‍රේම අතීතයේ අත්තිවාරම් නටඹුන් සේ මතු වෙද්දී, ඇයව ඒ පරිසරයෙන් මුදවා ඈතක ගෙන යන්නේ සියුමැලි ළාබාල ඇය මැලවී යද්දීය. අතීත ආදර පුරාවත හෙළිවද්දී තරුණ ඇය ඔහුගෙන් ඉවත් කරනා බවකි කියැවෙන්නේ.
දහසක් මල් පෙති මත කොඳුරමින් තුඩින් තුඩට ගෙන යන බින්දු නම් මල් රොන් බිඳු නොවන්නේද? ගව් ගණනක් ඉහළට එක්කර රැඳවූ පොපියන දෙතොලකින් කියැවෙන්නේ ආදරයක් අයැදීම නොවේද? තුඩක පහස පතන මල්පෙති සේය ඒ තොල්පෙති. අහස ගුගුරා වැහි වලාවකින් කලූවරව එයට මුහු වුණ වැහි බින්දු ඉහතින් කී ප්‍රේම නටබුන් අතරින් ඇය ගෙන යද්දී ඇයගෙන් ගිලිහුණ කඳුලූ බිඳු වැනිය. අඳුරු අහස කුරිරු වටපිටාවත්, අහසේ ගිගිරීම තර්ජන - ගර්ජනත් මවා පායි. ඒ අතරේ තවත් කෙනෙක් ඇය වෙත හද රන්දයි. ඇයව බලාපොරොත්තු වෙයි.
හදවත නමැති විලෙහි ඉපැදුන මල් කැකුලක් අකාලයේ නටුවෙන් ගලවා දුරකට යැවීමෙන් නෙතක උපන් කඳුලක් පොලෝ තලය තෙත් කර සත් සමුදුරකට මුහු වී ගියේය. මල් කැකුලකින් නැවතත් හැඟවෙන්නේ සිතෙහි මෝදු වී ගෙන ආ ආදරයම නොවේද? ඒ ආදරය මුලිනුපුටා ඉවත් කිරීමෙන් ඇයට උරුම වූයේ රිදුණ, තැවුණ හදක් පමණකි. ඒ සිත එක් ටැම් මැදුරක සිරගත වී ඇත්තා සේය. සිරගතව සිටියද තවමත් පොපියන සිත එක්ටැම් මැදුරේ විවර වූ කවුලූව අරාගෙන බලා සිටින්නේය.
නැවුම් මිහිරි කටහඩක් රසික මනැසේ නොමැකෙන සේ කැටයම් කරන්නට තරම් උපරිම රසයක් මැවූ අති විශිෂ්ඨ තනුවකි මේ පද පෙළ නලවන්නේ. එම තනුව රසෝතියක හොවන්නට පෙළ ගැසුනා වූ වයලීන, බටනලා, ගිටාර, තබ්ලා සහ සිතාර් සරයෙන් අලංකෘත මියැසි ලියකමින් හැඩ ගැන්වූයේ වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන්ම මිස අන් කවුරුන්ද? මේ සියලූ කැටයම් ඔපලන දේදුනු කිරණය නම් සුනිලූන්ගේ ගැඹුරු මියුරු කට හඩ හා ගායනා ලතාවම නොවන්නේ ද?
සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැළැතුණ රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලැවෙද්දී //
දහසක් පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
අහසක් ගුගුරා කලූවක් වපුරා
ඒ හා මුහුවුණ වැහි බින්දු
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවෙතෙක් ඈ වෙත හද රැන්දු //
හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා.... //
sasliit සහෝ, ඇතුලු සියල්ලන්ට...
මේ ත්‍රෙඩ් එක ආපහු මාව 2006-2007-2008 එළකිරියට ගෙනගියා කිවුවොත් හරි...
මේ වගේ අලුත් වෙන රසවින්දනයක් ආපහු එළකිරියට ගෙනාවාට පිං!!
sasliit සහෝ +7 රෙප් මගෙන්!

යම් සොයුරෙක් මේ අලහාදජනක ගිතය විචාරණ ලෙසට ඉල්ලා තිබුනා. මේ ගිතයෙන් මතුවන භාවයන් පිලිබදවත් සමහර සොයුරන් ඉගි පළකර තිබුණා.
සුමුදු ඇතිරිල්ලෙන් පලා එන අසම්මත ප්‍රේමයේ අලහාදය.......
හෙමින් සැරේ පියා විදා
හෙමින් සැරේ පියා විදා..//
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් උව මැන
සිනිදු සුකුමල....රුවෙන් සරසන
විලක් නම් එය විලක් උව මැන
නීල ඉදුවර ......දියෙන් උපදින
නැවුම් වත්සුනු රොනින් මත්වී
සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
සිනු හඩකින් මහද අමතයි
මුදා හැරදා...කවුලු සිරියහනේ
අසම්මත ප්‍රෙමයක අලහාදය මොනවට පෙන්වන ගිත රචනයකි. සුමුසු සයනයක සිනිදු ඇතිරිල්ලෙන් පලා එන මේ සිතුම් කුරුල්ලන් පෙන්වන්නේ රාගයෙන් ලබන, ලැබෙන අලහාදයේ සීමා මායිම් නොපෙනෙන බවය.
මලක් නම් එය මලක් උව මැන
සිනිදු සුකුමල....රුවෙන් සරසන
විලක් නම් එය විලක් උව මැන
නීල ඉදුවර ......දියෙන් උපදින
කාන්තාවක ගේ සුකුමාර සිරුරේ ඇති ලාලිත්‍ය ඉතාමත් රාග නිශ්‍රිත වර්ණනාවක් සේ ගෙන එන මේ පද පෙළ බලන්න. ගැහැණිය මලකි. එය මලක් ම විය යුතුය. සිනිදු විය යුතුය. රැවෙන් සපිරුනු එකක් විය යුතුය. ගැහැණිය විලකි. නීල දියෙන් උපදින, නෙලුම් මල් පිපිණු, දුටුවන් මන බදින එකකි. මලකින් සුවද ලබනවා සේ මැ, විලක ජලයෙන් සිසිල ලබනවා සේම පුරුෂයා මේ ගැහැනිය ගේ ලාලිතයවත් සිරුරේ ආශ්වාදය විද ගනී.
නැවුම් වත්සුනු රොනින් මත්වී
සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
සිනු හඩකින් මහද අමතයි
මුදා හැරදා...කවුලු සිරියහනේ
ගැහැනියක ගේ සිරුරින් හමන වත්සුනු සුවද සමහර පිරිමින් ගේ රාගාන්විත හැගිම් උද්දිපනය කරන්නකි. එම වත්සුනු සුවදම ඔහු ගේ සිහිනය අවදි කරයි. ඒ සිහිනය නම් ඇය හා යහන්ගත විමය. එම වත්සුනු සුවද ම ඔහුට සිනු හඩකින් අමතයි.ඒ ආමන්ත්‍රනය අතිශය ප්‍රේමාන්විත, රාගික එකකි. ඒ හඩ ඔහුට අමතන්නේ ඔහු පතන දේ සමගය, ඇගේ සිරි යහනේ කවුලු හැරපියමිනි.
භාෂාව කෙතරම් මටසිලිටි ලෙස රාගාන්විත ප්‍රේමයක මහිමය සේම, ලිංගික එක්විමක ඇති අලහාදය පෙන්විමට යොදා ගත හැකිද යන්නට හොදම උදාහරණයක් ලෙස මේ ගිතය හුවා දක්වනු රිසියෙමි. දැන් රචකයෝ මෙතරම් බුහුටි ලෙස බස හැසිරනොවීම, අහෝ අපේ සවන් කල කවර කර්මයක් පඩිසන් දීමක් දැයි වරක පශ්චත්තාපයක් ද මෙම ගිතය අසන ම සිත තුල ජනිත වේ. ආචාරිය ප්‍රේමසිරි කේමදාසයන් මේ ගිතයට යොදන සංගීතය සහ ආචාර්ය සුනිලා අබේසේකර ගේ උච්ච හඩ මේ ගීයට ගෙන එන ආලෝකය මෙය හෙල ගීත සාහිත්‍ය තුළ සදා දිලෙන එකක් බවට පත්කරයි..........!!
හැමෝම බොහෝ විට රස විදින්නේ විප්‍රලම්භ ශෘංගාරය තමා........!!!!!!!
ඒක අපි හැමෝටම ළගයි.........සහ රසයි..........

සිරා සිරා..යම් සොයුරෙක් මේ අලහාදජනක ගිතය විචාරණ ලෙසට ඉල්ලා තිබුනා. මේ ගිතයෙන් මතුවන භාවයන් පිලිබදවත් සමහර සොයුරන් ඉගි පළකර තිබුණා.