මම ගොඩක් ආසකරන ගීතයක් ගැන කලින් සදහන් වෙලා තියනව දැක්කා.... ඒක නිසා ඒ ගීතය ගැන පොඩ්ඩක් කියන්න හිතුනා....
මේ ස්ථානය හා මෙවැනි සිදුවීම් ගැන ලංකාවේ බොහොමයක් අනර්ඝ ගීත ලියවෙනවා. මේ ගීතයත් එවැන්නක්...
හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවානම්
මේ පහන ඔබේ සුරතින් දැල් වූ
මං බෝම ප්‍රවේශම් කරගන්නම්
ප්‍රේමය හා විරහව ජීවිතයට කොතරම් සමීපද..... අනේමන්දා කියන්න උපමාවකුත් නැති තරම්......... කසේ නමුත් මේ ගීතයෙන් ගම්‍යවන්නේ කන්ද උඩරට පාදක කරගනිමින් වැඩුන ප්‍රේමයක විරහව ගැනයි... ඇතැම්විට සරසවියේ වෙන්න පුලුවන්.....
සුන්දර කන්ද උඩරට පැත්තෙන් හමාඒන සිසිල් සුලගක අතීත ප්‍රේමයේ මතක සටහන් ගැබ්ව ඇත. ඒ ප්‍රේමය නැමති පහන දැල්වූයේ ඇයයි නමුත් ඇයම ඒ ප්‍රේමය අමතක කර ගොස් හමාරය. නමුත් මේ ප්‍රේමවන්තයා ඒ ප්‍රේමය හා ඒ නිසා ඔහුගේ චිත්ත සන්තානය තුල හටගත් බලාපොරොත්තු නමැති පහන බොහෝම ප්‍රවේශමට ජීවිත කාලය පුරාවටම රැක ගන්නට දරන උත්සාහය...
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැලපෙනවා
මේ විරහව නිසා තරුනයා ගේ සිතෙහි ඇතිවූ හැගීම නිසා ගංගාව ගලන හඩ පවා ඔහුට ඇසෙන්නේ වැලපීමක් ලෙස සංසාරගත වැලපීමක් ලෙස.....
මං තාම මහා වැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා
නමුත් මේ පෙම්වතා ඒ වැලපුම් හඩ මැද්දේත් මහවැලි ගගේ ඉවුර දිගේ ඇවිදයනවා ඒ අතීතයේ ඈ සමග ඇවිදගිය හැටි ආවර්ජනය කරමින් ඒ මතකයන් අමතක වීමට නොදෙන්නටය එසේත් නැත්නම් ඇය දැල්වූ පහන නිවෙන්නට නොදී රැක ගැනීමටය.........
තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට හිතෙනා
එදා ඇයගේ අතින් අල්ලගෙන කන් පෙතිවලට කොදුරමින් දෝරෙගලන ප්‍රේමයෙන් යුතුව කොතරම් නම් නවර වැව වටේ ඇවිදින්නට ඇත්ද නමුත් අද ඔහු තනිවෙලා.. ඒ සිතේ ඇතිවන තනිකම මකාගන්නට වියයුතුයි ඔහු මේ පෙරහැර බලන්නේ ඒනම් ඔහු ඔහුවම රවටා ගැනීමට උත්සහ කරයි.. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක නැත ඔහුට එතනදීත් සිහියට නැගෙන්නේ ඇයවමයි...........මහ සෙනග අතර ඇයවම පමනයි......... එනම් මුලුජීවිතේ පුරාවටම ඔහුගේ බලාපොරොත්තුව ඇයමයි, ඇය දැල්වූ පහනමයි..................
ගායනය -: කරුණාරත්න දිවුල්ගනේ
ගී පද -: සුදත් ගාමිණී බණ්ඩාර
ගී තනු -: ගුණදාස කපුගේ (විය යුතුයි යරියටම විශ්වාස නැත වැරදිනම් නිවැරදි කරන්න )
post කිරීමට අවසර ලබාදීම ගැන sasliitට ස්තූතියි

Last edited: