සුන්දර ගීයක ඇරබුම,..

maxtec

Member
Dec 7, 2008
68
13
0
43
Code:
[COLOR=DarkOrchid][B][B][COLOR=DarkRed]පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//[/COLOR][/B][/B][/COLOR]

පට්ටයි මචන්... දෙමව්පියන්ට දරුවෝ තමයි හැමදේම...

අද මටත් සෑහෙන්න සංවේදි දවසක්... අවුරුදු 07 ක් වැඩ කරපු තැන දාලා යන්න වෙනවා කියලා අද දැන ගත්තා.. 2014.01.01 ඉඳලා ගෙවල් ලඟම ඔෆිස් එකක් හම්බ වෙනවා... මෙච්චර කාලයක් එකට හිටපු යාළුවෝ දාලා යන්නේ කොහොමද කියලා ඇස් දෙක විනාඩියෙන් විනාඩිය බොඳ වෙලා යද්දි මේක දැක්කේ....
මගේ පුතාට මීටත් වඩා ලඟින් ඉන්න ඉස්සරහට මට පුළුවන්...
හැමදේටම වඩා මට ඒක වැදගත්....

මම මේ නූලට එන්න පරක්කු වැඩිවෙලාද මන්ද... :sorry:
 

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා

මල්හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්දමල්වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා

නිර්මලා නිර්මල නැතැයි මා ඔබ ලොවින් පිටමන් කළා

මේ ගීතය ගැන විචාරයක් තියෙනවද....?
තාම 213 පිටුවේ..... මේ වැඩේ නවත්තලා එහෙම නෑ නේද...?:no:
මම අන්තිමට කියවපු හරියට එද්දී මේක නවත්තල.. :(
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇර කිබුලෝ ඇර, ඇර කිඹුළා!!, ඇරපං කරාමේ, ඈඬෙනවා, කෑ ගෑස්සෙනවා, ගීයක මංපෙත, මේක මගේ පයිප්පේ, සුපිරිම thread එක, සුපිරිwiki, සොදුරු පදවැල, ⓣⓗⓘⓝⓚ ⓟⓘⓝⓚ, kimbula rox!!!, maxxane, meaning of songs, sasliit ට ජය :cool:, sasliit බොක්කක්, sasliit ලොවෙත් නෑ \m/, sasliit සහෘදයෙක්, sasliit ela mchn, sasliit ela mchn maxxa, sasliit is my hero, sasliit maxxa, sasliit we need more, saslitt is a real poet, sinhala songs
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....

    සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....
    මේක කියවලා නං ඇඩුනා
    2.gif
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මේ ගීත දෙකම ලියැවෙන්න හේතුව එකම අත්දැකීමක්.......

    මේ ගීතයන් ගායනා කරන අමරසිරිපීරිස් මහත්මාණන් ගේ යහළුවෙක්, එතුමා ගේම වයසේ පසුවන වගේ, කියා තිබෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ තිබූ ප්‍රේමය. නමුත් මැදි වයසත් මහළු වයසත් අතර සිටින අමරසිරි ගේ මිත්‍රයා මේ ගැන ඇයට කියන්නට හෝ බලපෑම් කරන්නට ගොස් නැහැ. ඔහු එය සිතෙහිම රහසේ සගවා ගෙන සිට ඇත්තේ සාධු සම්මතයෙන් එවැන පෙම් බැදීමක් බැහැරවන නිසාමයි. නමුත් ඔහු අමරසිරි ට කියා ඇත්තේ "අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි.
    අමරසිරි මේ අත්දැකීම ගීත රචකයන් දෙදෙනෙක් හා පැවසුවා. එක් අයෙක් ධම්මික බණ්ඩාර. ඔහු මේ කථාවේ හරය පමණක් ගෙන පබැදූ ගීයයි "මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා" මෙය මැදි වයසේ පසුවන බොහෝ පිරිමින් ගේ පොදු අත්දැකීමක් බැවින් අතිශය ජනප්‍රිය වූවා.......




    අත්දැකීම ගැන අමරසිරි කිවූ දෙවැන්නා කැළුම් ශ්‍රීමාල්. ඔහු මේ මුළු කතාවම තම ගීතයට ග්‍රහණය කර ගත්තා.
    "සුහදිනියේ සගවන්-ඍජු බැල්මේ ඇරයුම්"


    ඇත්තට ම එතරම් ජනප්‍රිය නොවුනත්, සුභාවිත ගීතයක ලක්ෂන අතින් නම් මේ ගීතය පවතින්නේ පළමුවැන්නට වඩා ගව් ගානක් ඉදිරියෙන්. බලන්න මේ සිංහල භාෂාවේ මාධුර්යය නොවේද?

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
    කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ........

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
    සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....


    කැළුම් මේ ගිතයට මේ මුළු කතාන්දරයම ඇතුලත් කරගන්නේ නාටිකාංගනාවක මේ ගීතය තුළට ගෙන ඒමෙන්. ඇය මේ පුද්ගලයා ගේ මුළු සිහිනයම අත්කරගෙන සිටින ආකාරය සැනකෙළියයි මගෙනම්, සිහිනෙන් රෑ අවුදින්-සුවදක් සේ ළග හුන් වැනි පද තුලින් අතිහය රමණිය සහ භාවාත්මක ලෙසට ගෙන එනවා..........එපමණක් නොවේ, ඇය පිළිබද ව ඇති රාග නිශ්‍රිත හැගීම් ද අතිශය චමත්කාර ජනක ලෙස කැළුම් දක්වන්නේ වීණා බද වට කැරකෙන වරලස වැනි අතිශය රමණිය සහ භාවාතිශය යෙදුමක් මගිනුයි.
    කවදාවත් ගීතයක හමු නොවූ මේ යෙදුම් දෙස බලන්න........

    "වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්"
    "වීණා බද වට කැරකෙන වරලස"
    "මගේ හිත අවතැන් කළ"
    "සැනකෙළියයි මගෙ නම්"

    ඇත්තෙන් ම මෙවන් රචනාවක් කැළුම් වැනි ජනප්‍රිය ගීත කලාවේ රචකයෙකු අතින් බිහිවීම විශ්මය දනවන ක්‍රියාවකි...........!!! මොන තරම් මනරම් ද මේ භාෂා මෙහෙයවීම......අපේ මනස තුළ මේ නළගන ගේ චිත්තරූප මැවෙන ලෙස මේ ගායනය ද, පද රචනය ද, ඒයට ම ගැලපෙන "ලැටිනෝ" තාලානු රූප සංගීත් වික්‍රමසිංහයන් ගේ සංගීතයද වෙත අප ගේ ප්‍රසාද පූර්වක ආචාරය පිරිනැමිය යුතුය.........

    machan superb
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    උඹට දැන් හරි ගිහිල්ල තියනව නම් ඒ හරි යාමට 50% හේතුව උඹේ අම්මයි, තාත්තයි මචං......
    මේ ත්‍රෙඩ් එකේ දී මම බුදුන්ට, දෙවියන්ට, මගේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට එක් කරන මේ අත් දෙක එකතු කරල උඹේ තාත්තටත් වදිනවා............
    උඹේ තාත්තා වගේ මිහි පිට වැඩ ඉන්න දෙවිවරු නිර්ලෝභීව, දෙන පඩිය ගැන බලන්නේ නැතුව, වෙස්සන්තරවරු වගේ දුන්න ශිල්ප ශ්‍රාස්ත්‍රයෙන් තමා අපි අද මේ තැන් වල ඉන්නේ.........


    100% agree machan
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම..

    ඔන්න දවසක් අපේ ගී පද රචකයෙක් බොරැල්ලෙ ඉදල දෙමටගොඩ පැත්තට යනවලු බයික් එකෙන් එයාගේ රාජකාරි වැඩකට... ඒ වෙලාවෙදී එකපාරටම මහා වැස්සක් කඩාවැටෙනවා... අපේ මේ ගී පද රචකයට කරන්න දෙයක් නෑ... හොදටම තෙමෙනවා පාර අයිනෙ බයික් එක නවත්වපු අපේ මේ පද රචකයා දිවගෙන ගියා ලොකූ ගහක් යටට... ගහ යටට ගිහින් වැස්සෙන් බේරුන මොහුට අවට ටිකක් විපරම් කලා ලග තියෙන කඩේ හොදට හුරු පුරුදුයි, අවට පරිසරයත් හොදට පුරුදුයි... ටිකක් ඔහු ඔළුව උස්සලා බැලුවා.... දෙවියනේ ඒ ගසත් ඔහුට හොදට පුරුදුයි... අහම්බෙන් වැස්සට මුවාවෙන්න ගොඩවුනත් මේ ගසත් අවට පරිසරයත් ඔහුට හොදටම හුරු පුරුදුයි. ඔහු ඔහුගේ තරුණවියට එක තත්පරයෙන් රැගෙන ගියා මෙන්න මේ විදියට.....

    ඔහුගේ තරුණ වයසේදී ආදරවන්තියක් එක්ක ඇවිදගෙන යනවා මේ දෙමටගොඩ පාරේම... ඒ ආදරණීය ගමනෙදිත් හදිසියේ වැටුනු වැස්සකට ඔවුන් මේ ගස යටටම ගොඩ වෙනවා... ඒ විතරක් නෙමෙයි ඇය සීතල පින්න නිසා ඔහුට ටිකෙන් ටික ලං වෙනවා උණුසුමට... ඒ උනුසුම සෙනෙහස සහ අද දවසේ මේ ගස යටදී ඇය නොමැතිව මේ පද රචකයා තනිවීම මෙන්න මේ විදියටයි අපිට පවසන්නේ...

    විවාහයට කලින් මගේ ලොකු ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මම ඒ කාන්තාවගේ වගතුග කියන්නේ නෑ. බොහෝ අය ඇය ගැන දන්න නිසා. එයාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය අවුරුදු දෙකහමාරක් විතර තිබුණා. ඒ නිසා තමයි මම අශෝකල ගෙදරින් අයින්වෙලා මරදානේ බෝඩිමකට ගියෙත්. එයා හිටියේ දෙමටගොඩ. එයා චරිතවත් ළමයෙක්. වල් ළමයෙක් නෙවෙයි. එයා හිටියේ දෙමටගොඩ ගෙවල් පේලියක. එයාට ඕනේ වුණේ විවාහය තුළින් නාගරික සුඛෝපභෝගී පරිසරයක ජීවත්වෙන්න යන්න. අපේ සම්බන්ධය යන අතරේ ඇය තක්සේරු කළා මම වගේ ගමේ මිනිහෙක් කසාඳ බැදගන ඒ සිහින ලෝකයට යන්න බෑ කියලා. ඒ නිසා පස්සේ එයා මාව විසිකරලා දැම්මා. ඒකෙන් මම විශාල මානසික පීඩාවකට පත්වුණා. හුගාක් දුක් වින්දා. මම පසුකාලෙක නවකතා පොතක් ලිව්වා සිහින කුමරු සහ ඕ තොමෝ කියලා. මේ ගීතයට ඒ අත්දැකීම පාදක වුණා.

    ඒ කාන්තාව විසිකර දැමූ ආදරවන්තයා නම් අංජන්තා රණසිංහයන්. ඒ ඉතිහාසය ආවර්ජනය කල ගස දෙමටගොඩ පාරේ පිහිටා ඇති විශාල මැයි ගසයි.... ගීතය මේ මැයි ගහ යට දවසක්දා වැස්සට අපි උන්නා...



    machan , mekata hethuwuwe dematagoda mount marry kiyana place ekka , ethana thiyanne rail way engine drivers, and guards quarters,gass walin piricte place ekkak , hariyata colombo kiyala kiyannna be
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    කිරිල්ලිය ක්ෂිතිජය සොයාගෙන පියෑඹුවට යනදුරම ආයෙත් එන්න වෙනව කියන එක ගැන කිසිම අවබෝධයක් නැතිවයි පියාබන්නෙ.... අන්තිමට පියබල ආයෙත් හැරිල එනකොට තමා කිරිල්ලියට තේරෙන්නෙ... එක්කො පියාබගන්න බැරිව හතිවැටෙනව... නැතිනම් අත්දෙක රිදෙනව...

    මේවගේ කෙල්ල වැරැද්ද කලා හැබැයි මේකෙ බරපතලකම ගැන අවබෝධයක් තිබුනෙනෑ... අවබෝධ වෙනකොට හැමදේම වෙලා ඉවරයි. දැන් මේ දෑත්දෙක ඔබ දෙදෙනාටම උරුම බව ඇත්ත. ඒත් වෙනද වගේ මට මොනවත් කරගන්න බෑ.... උඹලව ආරක්ෂා කරන්න බෑ මොකද විඩාවට පත්වෙලා උඹලට උරුම මේ තටු....

    කිරිලිය සේ දුර පියා සලාලා - අත්තටු රිදුනා පමණයි
    දෑලවිදාහල දෑතමගේ - ඔබටත් ඔහුටත් උරුමයි


    පොළවට රැ දවල් ආලෝකය දෙන්නෙ හිරු සදු... එහෙනම් මටත් ආලෝකය තියෙන්න ඕනි... නමුත් කළුවරවෙලා.... මොකද දැන් මම ආලෝකය දෙයි කියල ඒ දෙන්න ගැනම හිතුව... නමුත් දෙදෙනාම මට දෙන ආලෝකයක් නෑ කියල මට වැටහිලා ඉවරයි... ඒ කියන්නෙ දැන් මගේ ලෝකයෙ ආලෝකය උඹල දෙන්නම නෙමෙයි වගේ... උඹල දෙන්නටම ඒ ආලෝකය දෙන්න බැරිද?

    හිරු සදු එකවර දෙපස නැගී කළූවර ඇයි විජිතයම මගේ

    එහෙමනම් මම මොකද්ද කරන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ... මට ඔයාල දෙන්නගෙන් කිසිකෙනෙක්ගෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන්නෙ නැතිනම්, වැරැද්දක් කරපුබවත් තේරෙනවනම්... මම සමඅරගන්න ඕනි... ඒත් දැන් මේ ජීවිතේ උඹල එක්ක තිබුණු සම්බන්ධකම් නිසා අවමාණයට, අපහාසට පත්වෙලා... ලෝකයා තමා දැන් ඒක තීරණය කරන්නෙ... දෙවියනේ මමවත් දන්නෙ නෑ.... මුන් හෙට දවසෙදි කවුරු නැතිකරාවිද කියලා... මිනිස්සු බලෙන් මාව සමුගන්වාවි... එහෙම උනොත් මට හෙට දවසෙදි සමුගන්න වෙන්නෙ ඔබගෙන්ද? ඔහුගෙන්ද?
    කණාටු සුළගේ දුහුල් මලකි අද - වල්මත් වීපාවෙන්නේ
    ඔබගෙන්දෝ... ඔහුගෙන්දෝ... මාහෙට දිනසමුගන්නේ


    සින්දුවෙ උඹලට වැදගත්වෙයි කියල හිතුන ටික විතරයි දැම්මෙ...


    කොල්ලෝ මේ සින්දුවේ නම් උබේ කතාවේ පොඩි අවුලක් තියෙනවා, විවේචනය කරනවා නෙමෙයි පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕන. මේ සින්දුව තියෙන්නේ දුහුළු මලක් කියන චිත්‍රපටියේ. මේකේ ඉන්නේ නීටා ප්‍රනාන්දු (නිලුපා) තමයි ප්‍රදාන නිළිය, එයාගේ හස්බන්ඩ් ට ඉන්නේ ටෝනි රණසිංහ (සුරවීර), තව ටික කාලෙකින් එයාට සෙට් වෙනවා තවත් තරුණයෙක් ඔහු තමයි රොහාන් (රවීන්ද්‍ර රන්දෙනිය) රොහාන් කඩවසම් තරුණයෙක් එම නිසා නිලුපා ඔහුත් එක්ක ආදරයෙන් බැදෙනවා, වරදේද බැදෙනවා. මේ දෙදෙනාගේ ආදරයට මැදි වන තරුණියගේ ජීවිත කතාව ඇතුලත් ගීතයක්. මේ කතාව අතරතුර ඇය මේ වරද පිළිබද යම් තාක් දුරට තේරුම් ගැනීම අතර තුර තමයි මේ සින්දුව ගෙතිලා තියෙන්නේ. ගීතය කියන්නේ නන්දා මාලනී මහත්මිය. හරිම ලස්සන වගේම සංවේදී චිත්‍රපටියක්.
     
    Last edited:
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    :):):):):)
    83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

    මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

    අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

    මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


    මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

    කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo




    පසුව ලියමි.
    මේ පෝස්ටි එක නිකන් කම්මැලි කමට වගේ දැම්මට මොකද දැන් මේකට වැටිලා තියන කමෙන්ට් ටික දැක්කම ඒවගේ වටිනාකම හිතා ගන්නවත් බෑ.එක නිසා මේ පොස්ට් එක බලන අයට කියන්න තියෙන්නේ මේකෙ තියන හැම පිටුවකින්ම ඔබට යමක් දැනගන්න පුළුවන්.ඒ වගේම ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පසුව ලියමි.ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..
     

    haharihava

    Junior member
  • Feb 5, 2012
    84
    3
    8
    kelani mitiyawathe
    මගේ ජීවිතේ ආසාවෙන්ම කියවපු නූල.. සීත රටකට වෙලා සිංහල සින්දුවක් අහගෙන උණු තේකක් බිබී මේවගේ පට්ටම පට්ට්ට එකක් කියවීමට වරම් දුන් කොල්ලෝ සෙට් එකට බොක්කෙන්ම ස්තුතියි . පැය 4 තිස්සේ නොනවත්වා කියෙව්වා!! තව පොස්ට් ගොඩක් තියෙනවා කියවන්න. නවත්තන්න එපා!! මේක දිගටම ලියන්න. පට්ටම පට්ටයි!!