සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා


අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා
මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි

(මටනම් මේ අත්දැකීම තියෙනවා මේ එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති :))

මුලින්ම අහලා ඉන්නකෝ
https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා තනිකර එළියේ //


මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස.

ඝන රැ කළුවර තනියම කුටියේ
ගතකල දිවියේ රස තැන් සිහිවේ
කුටියේ කෙලවර එළියක් දිස්වේ
එලිය සොඳුර මගේ දිවියට ලංවේ

කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබුවද මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ :P ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා.

පෙම් එලි විහිදා නිවා දැමු පසු
දුන්නෙත් පීඩා දනිමි පෙරදා
සදාකාලිකය අඳුරේ රැජිණිය
ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත

කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......:(
පට්ටා.........:):):)
 

waligamaya

Well-known member
  • 83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


    මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

    කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo






    යාලු මේගීතයට හෙතුවුන පුද්ගලය තමයි LTTE එකේ පොලිස්පතිවෙලා හිටියේ. අන්තිම සටනෙදි දේන්නම මරුනදකොහේද.
     

    waligamaya

    Well-known member
  • ගීතය- ලේන්චිනා මගේ නන්ගියේ
    පදරචනය- රත්නත් ශ්‍රි සර්
    ගායනය- විශාරද සුනිල් එදිරිසින්හ

    මේක රත්නත් ශ්‍රි ගාල්ල පැත්තේ මැතිවරන රඡකාරිවල ඉද්දි ඩ්වුනු සිද්දියක්.

    මානව ෂිශ්ඨාචරය විවිද යුග පසුකර සිය දහස් ගනන් මිනිත්සුන්ගේ කැපකිරීම මත වැඩවසම්යුග පසුකර පැරනි බමුනු හා රදල මත්වාද බිදදමමින් ප්‍රඡත්‍රන්ත වදය කරා පැමිනියත් පැරනි වැඩවසම් යුගවල අක්මුල් තවමත් පුර්නවශයේන් සිදිනැත.:no::no::nerd::nerd:

    චන්ද පොලේදි චන්දය ප්‍රකාශ කරන්න අවම ඒ පුද්ගලයගේ සම්පුර්ණ නම හඩගාල පවසනව. මේවෙලවේ රත්නත් ශ්‍රි දැකපු දේයක්තමයි සමහර තරුන තරුනියන් තමන්ගේ නම කියනකොට බිමබලාගේන කකුලේ ඇගිලීවලින් පොලව හාරහාර ඉන්නව. ඒ මොකද තමන්ගේ සම්පුර්න නම කියනකොට තමන් උපන් කුලය එකෙන් කියවෙනව. :frown::frown:


    සමන්ය්‍යේන් මේලොකේ මනුත්සයෙක් අසන්න කැමතිම වචනය තමයි තමන්ගෙ නම. නමුත් යලුවනේ මිනිත් ෂිශ්ඨාචරයේ දේශපාලනික වශයෙන් දිනාගත් උපරිම පලය වන සර්වඡන චන්දබලය ප්‍රෙකාශ කරිමට යනවිට මිනිසෙක් තමන්ගේ නම නිසා අපහසුතවයට පත්වෙනවනම් මිනිත්සමඡය ලබා ඇති දිඋනුවෙන් ඇති පලය කුමක්ද?:(:(:no::frown:





    ලෙන්චිනා මගේ නන්ගියේ ඇයි ඟන් තෙරටවී ගොම්මනේ...//




    දිලිදු කුලහීන ඡනතාව තමයි සමාඡයේ පවුවලට මුහුනදිල එවා සොදලා සමාඡය වසාසිටි කලු වලාකුලු ඉවත්කීරීමට දායකවුනේ. එමිනිත්සු මුලු ඡිවිතකාලයම එකට කැපකරනවා වීවෙකයක් නොමැතිව.:nerd::nerd:

    .

    සිත්තරේ ලග පැන්තොටේ ගම්මනයේ පවු සොදනා.
    රත්ත්‍රන් වී කලුවලාකුලු චන්ද්‍රයාවී පයනා..
    ලෙන්චිනා ඇති වඩකලා දැන් ගේදර යමු කලුවර උනා.





    බමුනු රදලයන් කීලිටිකල සමාඡය ඔබවිසින් සෙදුවා. නමුත් ඔවුන්ගේ කීලි කුනු තවමත් ඉවත්වෙලා නැත ( වඩ වසම් යුගයේ අක්මුල් තවම තියේනවා ) නමුත් ඔබෙ මහන්සිය නිසා ඔබ සේදිලා පරිශුදත්වයට පත්වෙලා.





    පින්වතුන් කැල ඇන්දසලු පිලී සෙදුවා නුබ සේදුව
    තාමනෑ කීලි කුනුගිහින් ඒ මන්ද නොදැනේ කාරනා
    පරිශුද්ධ වීමේන් යුගදැත් නුබෙ බබලනා.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
    නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
    පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
    මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
    පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.

    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......

    ඔබ හරි සහෝ ,මේ හාමුදුරුවෝ අටමස්ථානාධිපති ,සිරි මහා බෝධියේ අධිපති .සින්දුවෙන් කියලා තියෙන්නේ පැහැදිලිවම නිවන් මාර්ගය .බුදු දහමේ නිතරම කියන දෙයක් තමා මේ මොහොතේ ජීවත් වෙන්න කියන එක .යෝනිසෝ මනසිකාරය ,සම්මා සතියෙනුත් මේ දේමයි කියන්නේ .එදා අපි ඇලුන ,තණ්හා->තැනකට හා උන: ,නිසා තමා දුක් විදින්නේ.ඇලීම(රාගය) නිසාම තමා ගැටීම(ද්වේශය),මැනීම(මෝහය) ඇති වෙන්නේ . ඇලිලා ,හා වෙලා නැති එළබි සිහියෙන් ඉන්න කෙනාට මොන ප්‍රශ්නේ ආවත්, අටලෝ දහමෙන්, කම්පා වෙන්නේ නෑ .කවුරු කොච්චර සෙල්ලම් දැම්මත් අන්තිමට පෙට්ටියෙන් කෙලවර වෙනවා .ඒක ස්වාබවධර්මය .ඒක නවත්තන්න පුළුවන් ජගතෙක් මේ මුළු විශ්වයේම නෑ.නිවන් දකිනා තුරා කොච්චර දේවල් දිනුවත් ඒ කෙනා පරාදයි.සින්දුවෙන් කියන්නේ අතීතය ගැන කම්පා නොවී ඇලෙන්නේ නැතුව මේ මොහොතේ ජීවත් වෙලා නිවන් අනුමෝදන් කරගන්න කියලා.
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    thawama maga...kiyawana gaman..a unata wade patta..mata nam loku rep ba thawama...puluwan widiyata hamotama nihadawa bedala dennam... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතුමතේ ජීවිතේ;16593208 said:
    සැඳෑ කළුවර කුර ගගා kiyana sinduwe theruma me tread eke thibba...please puluwan kenek innawa nam hoyala denawada mama pitu 110 wenakan baluwa hamu wune naha....
    අනිකේ.....
    පාර්ට් 2 එකේ.............:nerd::nerd:
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා


    අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

    කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා
    මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි

    (මටනම් මේ අත්දැකීම තියෙනවා මේ thread එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති :))

    මුලින්ම අහලා ඉන්නකෝ
    https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA

    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා තනිකර එළියේ //


    මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස.

    ඝන රැ කළුවර තනියම කුටියේ
    ගතකල දිවියේ රස තැන් සිහිවේ
    කුටියේ කෙලවර එළියක් දිස්වේ
    එලිය සොඳුර මගේ දිවියට ලංවේ

    කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබූ මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද ඔහු දන්නවා අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ :P ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා.

    පෙම් එලි විහිදා නිවා දැමු පසු
    දුන්නෙත් පීඩා දනිමි පෙරදා
    සදාකාලිකය අඳුරේ රැජිණිය
    ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත

    කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......:(
    ade ubath apitama set wena porak

    hohoma yan machan
     

    waligamaya

    Well-known member
  • මෙක මගේ පලවෙනි ත්‍රෙඩෙක. සැහෙන කාලයක් ත්‍රෙඩ් එකක් පටන්ගන්න හිටියට මට එකට වෙලාවක්නම් නැහැ එත් මේ අනොරා වස්සත් එක්ක සීන්හල ගීත ටිකකට සවන්දිගෙන ඊන්නවෙලවෙ මට මගෙ සරසවි ඡිවිතය මතක්වෙල මෙහෙමදෙයක් කරන්න හිතුන . ඒ
    කලේනම් රැ එලිව්ව්නකම් facultiyයෙ යාලුවොත් එක්ක ගීත ගායන කරකර එව විචරය කරපු කලේ මතක් වෙන්කොට හිතට පුන්චි දුකක් අර්හිවෙනව . කන්න බොන්න අතේ සල්ලි නතිඋනත් අඹ ගැටයක් එක්කහරි ගල්බොත්ලයක් ගගහ නිදහසේ හිටපු කලේ ඈයිත්නම් එන්නෙනැ.



    හරි දැන් ඉතින් වඩෙට බහිමු. මෙකපලවෙනීක.
    ගීතය- මිනින්දොඅරු කන්තොරුවේ මුලදැනිතැන.
    ගායනය-කරුනාරත්න දිවුල්ගනෙ.
    පදරචනය-රත්නත් ශ්‍රි විඡෙසින්හ සර්.

    ඔන්න මේ ගීතයේ පද රචකය රජරට පත්තේ වැඩ කරන කලෙක ඒ ගමේ මොකක් හරි සමිතියකින් පත්සේ ගමේ අවිදින වේලවක වතුර තිබහ වෙලා එක ගේදරකට ගොඩ වෙනවා. ඉතින් එගේදර පීලේ වයසක සීයකෙනෙක් ළුණු වගයක් වේලමින් ඉන්නව. ඉතින් මෙකට්ටිය ගේදරට ගොඬවෙලා වතුර එකක් ඉල්ලගෙන බොනගමන් කතවට වැටේනව.
    ඒ අතර මේවත්තේ එක විශේශ දෙයක් දකින ව. ඒ තමයි වත්ත කොනේ තියනවා නුග ගහක් එක වටේට ලස්සනට මල්වවලා වැලි අතුරල රටවට අතුගලා පහන් පැලක පහනකුත් පත්තුකරලා තිබුන.
    ඉතින් රත්නත් ශ්‍රි ඇහැඋව සුදුබන්ඩා (SB නෙමෙයි ) මාමේ මේ මොකක්දකියලා, ( අමතක උනනෙ සියගෙ නම සුදුබන්ඩා ) එතකොට සීයා කියනව මහත්තයො ඒ මගෙ සුදු බන්ඩි ඊන්න තැන කියල. ඉතින් සුදු බන්ඩි මැරුනට පත්සෙ මෙතන වලදලා, ඒදා ඉදන් සීය උදේ හවස මල් තියලා පහන් පත්ලුකරලා ලත්සනට අතුගාලා තියාගන්නව.
    ඊටපත්සෙ සීයා හරි දුකින් කියනව මහත්තයෝ මට මේක දිගටම කරන්න වෙන්නේ නැහැ මොකද ඒහා ඉඩමෙ ඉන්න මගේ මල්ලි මෙකට පර්සල් නඩුවක් දමලා එකේ තින්දුව අනුව ඉඩම බෙදෙන්නෙ නුගගහ එහාපැත්තටයන විදියට කියලා.

    ඉතින් ඊට පත්සේ කලෙක රත්නත් ශ්‍රි ට මෙසිද්දිය මතක් වෙලා ඉඩම මනින්න එනකොට සුදු බන්ඩා සීයා මොනවගේ හැසිරේන් ඇතිද කියලා ඒ පිවිතුරු ආදරයට ගෞරවයක් විදියට මේ මිහිරි පදවැල්ටික ලියනව.

    මිනින් දෝරු කන්තොරුවෙ මුලදැනිතැන.
    සුදු බන්ඩිමගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඈරේවි යන්න හොදයි දoවැල් අරගෙන
    තරහ අවසරයි යනවද දන්වැල් අරගෙන....

    මුලින් ටිකක් ආවේගයෙන් කතාකෙරැවත් නීතිය ඉදිරියේ අසරන මේ මහලු ගැමිය ඉතා අසරනව ආයාචැනා කරනවා ( තරහ අවසරයි යනවද.... )

    දැන් මේ සියට අතීතය මත්ක් වෙනව..
    බිo කුඹුරු නේලන කාලෙට මට හීල අරන් එන.
    හීස විශාදියට තෙල් උලලා තොන්තුවාවෙන.
    රත්තරන් දැත සුදුබන්ඩිගෙ දේනියේ පස් යට//..........

    නැවත වර්තමානයේ ඇත්ත හා තනිකම සිතට නැගෙන්වා


    දේයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැතිවග.
    තේල් පහන උනත් නිවදමයි සoහීදපාමුල
    වාවන්නැ මේදුරුත්ත සන්සරේ ත්නිමට//.......

    ........ ඉතින් හරිම අමරුයි ටයිප්කරලා. මගේ සින්හල grammar නම් හරී නැහැ:baff led: එකට සමා වෙන්න්න.
    මෙකට ඔයාල දන්න ගීතවලත් කතාව දන්න........
    ඉඩතියන විදියට මමත් දමන්නම්....
    මමත් ඉතින් මෙ වෙලද අර්තික සමඡයෙ දුවන තවත් එක මිනිසෙක් විතරයි ඒත් ගුරු තරුව නාඨ්‍යයේ මේ දේබසත් මත්ක්කර න්න ඔන.
    ``සාහිත්ත්‍යයේන් යන්ත්‍ර සුත්ත්‍ර සල්ලි මවන්න බැරිඋනට ඒ මවන යන්ත්‍ර සුත්ත්‍ර, සල්ලි වලට මනුශිය්‍ය හැඩය ලාබාදේන්නේ සාහිත්ත්‍ය සහ කලාවයි....,
     
    • Like
    Reactions: dewage55

    waligamaya

    Well-known member
  • මෙ ගිතයත් මම අසම තවත් ගීයක්. මෙක දන්න මම හිතුවෙ මෙක එතරම් අහන්න ලැබෙන්නේ (මම නම් මද්‍යය වලින් අහලමනැ ) නැ වගෙම ගොඩක් අය අහලත්නැතුව ඇති.

    ගායනය -ගුනදාස කපුගේ



    දම්පියව නෙත් පියාන බලා සිටිනිදො..
    දින එය ඡන නෙතයාන බලා සිටිනදො..
    මෙත් බොසත් තිදසපුරෙ තවමත් හිදිදො..
    මහා වීර මහ පොලවෙ ඡනිත නොවුනොදො....

    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති..
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරෙ විහරති
    දහම් පදය පොත්ගුල්තුල ඉකිබිද් වලපෙති
    දම් දිපයේ දම් ආමාව බත්වෙනුවට කති...


    දියසෙන් රඡු අවෙත්නෑත එයින් තැවුනි සිත
    දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
    පන්දහසක් කල්ගිය තැන දම්දිපය නැත
    තිදස පුරෙන් බිමට බසිනු මෙත්මහ බොසත


    තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බොසතුනෙ..
    තව දේදහස් පන්සියයක් හිදිනුබැරිය ඉතිනේ//........




    මෙ ගිතය අහපුගමන්ම සින්හල පුලුවන් ඔන අයෙක්ට සරලව අදහස තෙරෙනව.......
    මෙකෙන් කියවෙන්නෙ වර්තමානයෙ ශ්‍රි ලන්කවෙ ඡනතව මුහුනපා සිටින කෙදවචකය වහෙම බලොපොරොත්තු රහිතවිම

    දුශිත් දෙශ පලන ක්‍රමයනිස වසර 2500 නොඅඩුව පවත්වගෙනාආ ශිස්ඨ චරය විනාස වෙලා. නිතියක් නැති පලනයක් නැති බල්ලන් නරියන් රඡ කරන සුදු පොලක් බවට පත්වෙලා.
    මෙතන දම්පියව කියන්නෙ සින්හල සහිත්‍ය්යෙ පලමු පොත් විදියට සලකන අනුරද පුර යුගයෙ ලියවු දම්පියා අටුවා ගැට පද විවරනය...

    නිර්මල වු බුද්ද දරමයත් පහර දෙශපලනයෙ අතකොලු වුනු රටක, බොල් පිලිම වහන්සෙල පමනයි තවම ඉතිරි වෙලාතියෙන්නෙ.

    ඉතින් ඡිවත් විමෙන් හෙම්බත්වුනු ඡනයා මයිත්‍රි බුදුන් හරි දියසෙන් කුමරයා හරි පහල වෙනකම් බල සිටිනවා...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙ ගිතයත් මම අසම තවත් ගීයක්. මෙක දන්න මම හිතුවෙ මෙක එතරම් අහන්න ලැබෙන්නේ (මම නම් මද්‍යය වලින් අහලමනැ ) නැ වගෙම ගොඩක් අය අහලත්නැතුව ඇති.

    ගායනය -ගුනදාස කපුගේ



    දම්පියව නෙත් පියාන බලා සිටිනිදො..
    දින එය ඡන නෙතයාන බලා සිටිනදො..
    මෙත් බොසත් තිදසපුරෙ තවමත් හිදිදො..
    මහා වීර මහ පොලවෙ ඡනිත නොවුනොදො....

    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති..
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරෙ විහරති
    දහම් පදය පොත්ගුල්තුල ඉකිබිද් වලපෙති
    දම් දිපයේ දම් ආමාව බත්වෙනුවට කති...


    දියසෙන් රඡු අවෙත්නෑත එයින් තැවුනි සිත
    දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
    පන්දහසක් කල්ගිය තැන දම්දිපය නැත
    තිදස පුරෙන් බිමට බසිනු මෙත්මහ බොසත


    තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බොසතුනෙ..
    තව දේදහස් පන්සියයක් හිදිනුබැරිය ඉතිනේ//........




    මෙ ගිතය අහපුගමන්ම සින්හල පුලුවන් ඔන අයෙක්ට සරලව අදහස තෙරෙනව.......
    මෙකෙන් කියවෙන්නෙ වර්තමානයෙ ශ්‍රි ලන්කවෙ ඡනතව මුහුනපා සිටින කෙදවචකය වහෙම බලොපොරොත්තු රහිතවිම

    දුශිත් දෙශ පලන ක්‍රමයනිස වසර 2500 නොඅඩුව පවත්වගෙනාආ ශිස්ඨ චරය විනාස වෙලා. නිතියක් නැති පලනයක් නැති බල්ලන් නරියන් රඡ කරන සුදු පොලක් බවට පත්වෙලා.
    මෙතන දම්පියව කියන්නෙ සින්හල සහිත්‍ය්යෙ පලමු පොත් විදියට සලකන අනුරද පුර යුගයෙ ලියවු දම්පියා අටුවා ගැට පද විවරනය...

    නිර්මල වු බුද්ද දරමයත් පහර දෙශපලනයෙ අතකොලු වුනු රටක, බොල් පිලිම වහන්සෙල පමනයි තවම ඉතිරි වෙලාතියෙන්නෙ.

    ඉතින් ඡිවත් විමෙන් හෙම්බත්වුනු ඡනයා මයිත්‍රි බුදුන් හරි දියසෙන් කුමරයා හරි පහල වෙනකම් බල සිටිනවා...
    එව සිකුරාද ටසෙට් වෙමු එහෙනම්............


    attachment.php