සුන්දර ගීයක ඇරබුම,..

Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
shaaa apey parana nawathana... :) :)

man aluth :) :yes::yes:
Ranmasu_Na_Kiya_Milton.jpg
 
Last edited:

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුන්දර ගීයක ඇරබුම,..

    Machan. Thanks me thread ekata.

    Mama thawama inne 20page eke.

    Wena thread wala nam dawasata page 40k 50k kiyawanawa. eeth meeeka ehema karanna hithenne ne machan. ethakota mulin kiyawapuwa amathaka wenawa. ee nisa mathaka thiyaganna puluwan page gaanai kiyawanne. AAaye aayeth thaks a lot. Keep it Up brother.:D:love::love:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුන්දර ගීයක ඇරබුම,..

    ගොඩක් සතුටක් හිතට දැනෙනවා..... දැන් අපේ යාළුවො සිංහල ගීත රසවින්දයෙන් මත්වී අපව දිරිමත් කිරීම ගැන.... ඔන්න එහෙනම් තවත් ගීතයක් අරගෙන ආව මම.... කලින් කිව්ව වගේ රජ මැදුරක ඉපදී සිටියානම් කියන ගීතය තමා දැන් මම ඔයාලට ගීපද විචාරයකින් දෙන්න හදන්නෙ..... රස වින්දොතින් කමෙන්ට්ස් වලින් අපිට සංග්‍රහ කරලම යන්න............

    ජීවිතය කියන්නෙ මොනතරම් අහම්බයක්ද....? ජීවිතය කියන්නෙ මොනතරම් අසාධාරණයක්ද....? ළමයෙකුට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිනාවෙලා අඩවන්න පුළුවන් කියල ඔබල අහල තියෙනවද....? ඒත් දැන් අපි කතා කරන ගීතයේදි මේ පුතා අම්මව තමන්ගෙ සිනහවෙන් රිදවනව... අඩවනව.....හොදටම අඩවනව.....

    පුතේ උඹ හැබහින් හිනා උනානම් ඒක මට සැපතක්... උඹ හැබැහින් ඇඩුවත් මට ඒක සැපක්..... උඹව රජෙක් නොවුනෙ මගේ කරුම දුප්පත් කමට... ඒත් උඹ මේ දුප්පත් පැලේ හිරිකඩ වැටෙද්දි... පොල් අතු ගැලවෙන්න හදද්දි... හීනෙන් රජ සැප විදිමින් හිනාවෙනව.... මම කොහොමද උඹ ඒහෙම හිනාවෙනව අඩන්නෙ නැතිව බලාගෙන ඉන්නෙ පුතේ........

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...


    උඹ පුතෙක් නෙවෙයි දෙව්ලොවෙන් ආපු දේව කුමාරයෙක්.... නිහඩවම ඉදගෙන මාව ඇයි මගේ පුතේ මෙතරම් රිද්දන්නෙ.... ඇයි උඹ වගේම, උඹේ වයසේම ළමයි පාර දිගේ යනකොට රස කැවිළි දැකල ඉල්ල අඩනව.... සෙල්ලම් බඩු දිහා බලල පොරකනව ඒව ඉල්ලල..... ඒත් උඹ.... ඒව ලගදි අහක බලාගන්නව... ඇයි මගෙ පුතේ ඇයි.... උඹ තාම පොඩියිනේ... මෙච්චර පොඩි වයසෙන්ම උඹට කොහොමද පුතේ මගේ අසරණ කම, මගේ දුප්පත් කම තේරුණේ... මට උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැති නිසා මම දුක්වෙයි, මගේ හිත රිදෙයි කියල නේද මගේ පුතේ එහෙම අහක බලාගන්නෙ.... උඹ පුතෙක් නෙමෙයි බෝසත් කෙනෙක්.... ඒව ඉල්ලල මට වද නොදී, මාව අසරණ නොකර හීනෙන් ඒ රස විදින විදිය මට පේනව පුතේ.... මම කොහොමද දෙවියනේ මේක වාවගන්නෙ.....

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    අපි කොයිතරම්නම් දුප්පත්ද .... හරියට තුන්වේල කන්න අපිට වත්කමක් නෑ.... වේලක් කන්නෙ තව වේල් දෙකක් බඩගින්නෙ ඉන්න ඕනි නිසා.... ඒ හදන කෑම වේලෙත් කන්න දෙයක් නෑ... ඒත් ඒ හුනු සාලයි ලුණුවතුරයි කිසිම දෝෂයක් කියන්නෙ නැතිව කන්නෙ කොහොමද පුතේ..... උඹ ඒක මට පේන්න හරිම ආසාවෙන් කනව... උඹ පුතෙක් නෙමෙයි තාත්ත කෙනෙක් ... ඔය පුන්චි වයසටම මේ තරම් මම ගැන, මගේ හිත ගැන හිතනවා..... මම දෙන මොනව හරි බඩට දාගන්න උඹ, හරි උද්යෝගයෙන් දුවගෙන යනව ඉස්කෝලෙ..... එහෙම කරන්නෙ ඇයි පුතේ.... වෙන ළමයි වගේ ආස කරන දේවල් ඉල්ලල මාවා අසරණ කරල මාව අඩවපන්, ඒත් ඒක යට වාවගන්න පුළුවන් ඒත් එහෙම නොකර අනේ නිහිඩවම තමන්ගෙ ආසාවල් යටපත් කරගන්න එපා... උඹ තවම පුන්චි වැඩිය රත්තරන් කොල්ලො.... ඒ උඹ යටපත් කරන හැම ආසාවක්ම හීනෙන් විදල හිනාවෙනකොට , ඒක දකිනකොට මට ඉවසගන්න බෑ.. මගේ පපුව පැලෙයි... මම අසරණයි මගේ පුතේ.... මම අසරණයි.....

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...


    ඇස් දෙකට කදුළු උනන තරම් සංවේදනීය කතාන්තරයක්... පුතෙක් හීනෙන් හිනාවෙලා අම්මව අඩවනව කියන එක කොතරම් නම් හැගුම්බර කාරනයක්ද.... මව කොච්චරටම අසරණවෙලාද... මේක තමා යාළුවනේ අපි නොදකින අපිට නොපෙනෙන සැබෑ සමාජ යථාර්ථය.... ඔබත් මමත් සැපට වාඩිවෙලා මේ විචාරය කයවන මොහොතෙදිත් අතේ මුදල් නැති කමට කොතරම් නම් පිරිසක් බඩගින්නෙ ඉන්නව ඇතිද කියල හිතන්න.... මොහොතකටවත් අපි ඒ අය වෙනුවෙන් දුක්වෙමු..... සමාජ අසාධාරණය ගැන කියවෙන මේ ගීතය නම් ඉතාම සංවේදී ගීතයක්.... යාළුවනේ මේ විචාරයෙන් පස්සෙ මේ පුළුවන්නම් ගීතය අහන්න... සමාජ යථාර්තය මේකයි... අපි කොතරම් උත්සාහකලත්.... සමාජයේ උස්-පහත්, කළු-සුදු, ඇති-නැති පරතරයන් තියෙනවා.... මේ ගීතය විචාරය මම අවසන් කරන්නෙ දිනයක අන්න ඒ දේ තුරන්වේවා කියල ප්‍රාර්ථනා කරමින්.....

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...

    පද - ලූෂන් බුලත්සිංහල
    තනුව - එච් එම් ජයවර්ධන
    ගායනය - මාලනී බුලත් සිංහල

    Machan. omba mawa adewwa machan. :dull:
    mama mechchara kaalayak me giithaya RASA WINDA. Ee unata ada thamai mama meeka WINDEEE.

    Machan windillei Rasa Windilley wenasa ada danuna.:yes:
    Aththatama mata anduna machan.
    EEke credit eka umbatath enna oone . Mokada Umba eeka wisthara karala liyala thiyana widihata thamai machan bokkatama wadune...:love:

    Meeka digatama karagena palayan machan.

    EE athin nam umba deyyek nemey DEEVAALAYAK.:D
     
    • Like
    Reactions: shaminda peiris

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Originally Posted by sasliit

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

    දහසක් පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දු
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි රැුන්දු
    අහසක් ගුගුරා කලූවක් වපුරා
    ඒ හා මුහුවුණ වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටබුන් අතරක
    තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //




    "සඳකඩ පහණක කැටයම් ඔපලා" කියන ගීතය විචාරය කරන්න පොඩි බයක් හිතට දැනෙනෙ ගීයක්. මෙම ගීතය ඒ තරම්ම අර්ථවත් මෙන්ම විවිද මත ගැටුම් වලට ලක් වුන ගීතයක්. නමුත් බොහෝම සුන්දරව sasliit මිතුරා කල විචාරයට මගෙ අදහස එකතු කිරීමක් පමනක් මෙමගින් සිදුවේ.
    පෙර මිතුරා කියු පරිදි සඳකඩ පහණ අපූර්වත්වය සහ සියුම් බව මෙන්ම දිගු කාලයක ස්ථාවරත්වය කියාපානව. නමුත් දේදුන්න එහෙමද? කොයිවෙලාවෙ එයිද?.... කොයිවෙලාවෙ යයිද?..... කියල කාටද කියන්න පුලුවන්... නමුත් ආපු වෙලාවට ලස්සනට තියනව. පාට ගොඩයි. එනම් දෙදුන්නක් වැනි අස්ථාවර ආදරයකට සඳකඩ පහණක කැටයම් වැනි වෙනස් නොවන ආදරයක් පාවාදීමට සිදුවීම මෙම ගීතය පුරාවට විස්තර වෙනව.

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ

    තමන්ගෙ දුව පොහොසතෙකුට දීග දීම කියන කාලයක් තිස්සෙ හිතේ කැලැතෙන අදහසින් යුතු දෙමාපියන් ගන්නා ජල බුබුලක් උඩට නැග එන්නාක් වැනි ඉක්මන් තීරනයක් හමුවේ ආදරයෙන් නොව නීතියෙන් සිදුවන විවාහයක් සදහා තම පිවිතුරු ආදරය අමතක කරන්නට මෙම පෙම්වතියට සිදුවෙනවා.
    මෙකී කැලැතුනු රසය ඒයම බව රචකයා අවසාන පද පේලි වල යොදන "රුවන් විමානෙන්" යන යෙදුමෙන් අපට ස්ථිර කරනවා.

    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

    යුග ගනන් නොනැසෙන අතීතය නටබුන් වලින් ලොකයට පෙනෙනව වගෙම යුග ගනන් නොනැසෙන මෙ ආදරය ගැන දැන දැනම ඒ ආදරයේ නටබුන් වත් නොපෙනෙන දුරක මෙ අවිහින්සක පෙම්වතියව බලෙන් ඇදගෙන යනව. ඒ ඇය මැලවෙද්දි, අඩද්දි, වැලපෙද්දි.
    අවසාන පද පේලිය දෙවරක් ගායනවීම නිසා ඇයගෙ නොකැමැත්ත අපිට තදින්ම පෙන්වනවා.

    දහසක් පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දු
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි රැුන්දු
    අහසක් ගුගුරා කලූවක් වපුරා
    ඒ හා මුහුවුණ වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටබුන් අතරක
    තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

    මී මැස්සා මලින් මලට ගොස් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. නමුත් අහස ගුගුරුවා වහින වැස්සෙන් මෙසේ දුක් මහන්සිවී ඒකතු කරගන්නා පැණි වල අගය වතුර එකතු වීම නිස බාල වෙයි. අගය නතිවී යයි. එලෙසම මෙම පෙම්වතා දුකින් සාදා ගත් ආලය බාල කොට විනාශ කොට ඒ නටබුන් ඇ වෙනකෙකු වෙත ගෙනයදිදී මෙ අව්‍යාජ පෙම්වතාගේ හැගීම මොනවගෙ වෙන්න ඇත්ද?
    ජීවිතයෙ කෙනෙකු සාර්ථක ආදරයක් ගොඩනගා ගැනීමට දරන වෙහෙස පදරචකයා ඉතා සියුම්ව විදහාපෑමට ගත් උත්සහය බලන්න. මේ පදරචකයාගේ සිංහල භාශාව හැසිරවීමෙ සකසුරුවම් භාවයයි, ප්‍රවීන භාවයයි, වියත් භාවයයි.

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා

    මෙ මල් කැකුල කල් යල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා ඒ ගැන ඉගියක් හො නැතිවෙන තරම් දුරක යවා ඇත. ඒ නිසා ආදරයෙ නාමයන් ඇසට නැගෙන කදුලු බින්දු පොලවට වැටී මහ සාගරය දක්වාම ගලාගෙන යනව. ඒ අතර ඒ කදුලෙ බර බලන්න ඒ දුක මොනවගෙද බලන්න කවුරුත් නෑ. කාටවත් තේරෙන්නෙත් නෑ.
    සියලු බලපෑම් හමුවේ ආදරයෙ ඇතිවන වේදනාව, ඒ වේදනව බෙදාගැනීමට කිසිවකු නොසිටීම නිසා ඇතිවන තනිකම ඒ වේදනාව දෙගුන තෙගුන කරන හැටි පෙන්වීමට පද රචකයා සිංහල භාශාව කැටයම් කොට ඇති අපූරුව.

    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //

    පෙම්වතට මෙන්ම පෙම්වතියට ඇතිවන විරහ වේදනාව හමුවෙ ඇය සියලු භාදක බැමි බිද දමමින් සැප ස්ම්පත් හැරදා නැවත මෙ පෙම්වතාගෙ තුරුලට ඒනතුරු ඔහු වේදනාත්මක හදකින් යුතුව මගබලා සිටී.
    ඇත්තටම ඇය නැවත නාවොත්... ඔහු බලාගෙන ඉදීවි. ඇය එන්නෙම නැත්තම්...... ඒත් ඔහු බලාගෙන ඉදීවි. ජීවිතේ අවසාන මොහොත වෙනකම් ඔහු බලාසිටීවි ඒ ඇත්ත ආදරේ නමයෙන් ඔහු අනේක වෙදනා වෙන් බිහිකරගත් පරම පිවිතුරු ආදරේ නමයෙන් ඒ......... ඇත්ත්ම ආදරේ.


    :sorry: macahnla sorry hode.

    Mama ahala thiyana meaning eka meee okkotama wada wenas.


    Mata video daanna danne ne.

    Me link eken gihin balanna. mata hithenawa mee theruma godak mach wenawa kiyala.


    https://www.youtube.com/watch?v=AmtYToJj8-0
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Urekaaaaaaa.

    • සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.
      සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...
      සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
      තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,
      කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
      මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.
      සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
      ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා
      යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
      නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
      මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,
      දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
      ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,
      අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
      මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,
      ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
      පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,
      හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
      තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,
      මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
      මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,
      ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
      රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
      මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා









     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සමහර අය කියනවා මේකේ කියවෙන්නේ නිසිකලදී හිරයක් කරගන්න බැරිවෙලා පසුතැවෙන තනිකඩයෙක් රාත්‍රියේ අතෙන් වැඩ ගන්න අවස්තාවක් කියලා. මටනම් අර මුල ටික ඇත්ත වගේ පෙනුනත් අත සම්බන්ධයෙන් නම් මොකුත් ගීතයේ ගලපගන්න බැරිවුනා. ඔබට ගැලපීමක් හෝ වෙනත් අරුතක් තියෙයිනම් සඳහනක් කරලා යන්න. අපි දැන් ගීතයට යොමුවෙමු.

    "සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ" මෙතන ඉතාමත් ත්‍රීව්රව මතු කරන කාරණය විදියට මම දකින්නේ එම පුද්ගලයාගේ ආර්ථික කඩාවැටීම. දරීද්‍රතාවය, දුප්පත්කම කියමුකෝ. කොතනින්ද ඒක පෙන්වන්නේ. එක පිළිබිඹු වෙන්නේ ලණු ඇඳ ගැන කීම නිසා කියලයි මට හිතෙන්නේ.



    සුසුම් හෙලන රෑ යන්නට මා කිය වූ ලිපියක තිබුනා සිරියහනට දුක හිතිලා සුසුම් හෙලන කතාවක්. ඇත්තටම මට හිතෙන හැටියට සුසුම් හෙලන්නේ සිරියහන නෙවෙයි එහි නිදා ඉන්න ඔහු විය යුතුයි.
    "මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ" සිරියහනේ ඉන්න ඔහුට පේනවා මකුළු දැල්, මෙතනදී මකුළු දැල් සම්බන්ධයෙන් මගේ මුල් මතය වුනේ එය ගැන කීමෙන් නිවසේ කාන්තාවක් නැතිකම පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ ලඳක් හිටියනම් කාමරය සුද්ධ පවිත්‍ර කරන නිසා මකුළු දැල් නොතිබෙන්නට ඉඩ තියෙයි කියන කාරණය. දෙවෙනි අදහස ලෙස සමහරවිට මකුළු දැල් වලින් නිරුපණය කරන්නේ ඔහුගේ දරීද්‍රතාවය නිසා පැනනැගුනු ගැටළු වෙන්නත් පුළුවන්.
    "යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ" නිදාගෙන ඉන්න ඔහුට කෙලින්ම පෙනෙන්නේ වහලයයි. කලවයස ඉක්මවා ගොස් තාමත් තනිකඩව සිටින මොහුට ඔහු සිත් ගත් යුවතියන්ගේ රූප මැවී පෙනෙනවා.

    "සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්" මාස ගණන් දින ගණන් ගතවෙලා ඔහුගේ කලදවස ගෙවිලා. "නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්" යෞවනය මතක්වෙන ඔහුට ඇතිවෙන කම්පාව, හිත් වේදනාව කඳුළු වෙනවා. හැබැයි ඒ ඔහු බලාපොරොත්තු වූණු ජීවිතය, එනම් බලාපොරොත්තු වුනු කඳුළු නෙවෙයි. ඒවා නුහුරු කඳුළු.

    "යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්" තනිකඩයෙකුට තනියම යහනේ මොන සැපයක්ද. ;-) කරුමය ඒකටත් පින් මදි වෙලා."මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්" ඔහුව දැන් අමතකවෙලා. කාටද ? මාල වළලු නොතිත් අයට. නොතිත් ? "තිත්" කියන්නේ "තෘප්ත"(සංස්කෘත පදයකි). එම නිසා තෘප්තිමත් නොවන කියන්න "නොතිත්" යන්න යොදාගන්නවා. සිරි රහල් පබඳ-කව් සේකරය v හි මෙහෙම සඳහන් වුනා."රති කෙළි යෙදීමෙන් අබරණ ලා සැදීමෙන් දරුවන් වැදීමෙන් ‍‍වෙසෙති අඟනෝ නො තිත් වීමෙන්". තව ලෙලුම් රත්නායකයන්ගේ ගීතයක මෙහෙම සඳහන් වෙනවා.
    "බොහෝ සැතපුම් දිවි මං ගෙවා නොතිත් මං ලොව සැරිසරා වෙහෙසුන සිත නිවා සනසනා ඔබේ දෙස යුගාන්තය තෙක් පුරා බලා සිටිය හැක මට"
    (සිරි රහල් පබඳ යන්නෙන් මෙහි ලා ඇඟැවෙන්නේ තොටගමුවේ විජයබා පිරුවන් හිමි, සබස් පරම ඉසුරු, තෙවළා වදන් ඉසුරු සිරි රහල් මාහිමියන් විසින් බපඳ කරන ලද ගත් රැසයි. ඒ පරෙවි (කල රැවු) අස්න, කව් සේකරය, සැලළිහිණි අස්න, පඤ්චිකා ප්ර්දීපය බුද්ධිප්පසාදනී නම් වූ පදසාධන ටීකාව යන ගත් පසින් යුත් වෙයි.)
    එම නොතිත් පදය මෙහි යොදාගෙන තියෙන්නේ මාල වළලු වලින් තෘප්තිමත් නොවන අය කියන්න. ඒ කියන්නේ තරුණ යුවතියන් ගැන. කලින් වගේ නෙවෙයි යුවතියන් දැන් ඔහුව ගණන් ගන්නේ නැහැ. ඔහුව ඔවුන්ට අමතකවෙලා.

    ඉතිං සමස්ත ගීතයම සැලකුවහම කෙටියෙන් කිව්වොත් මෙය තරුණවිය ඉක්මවූ දරීද්‍රතාවයෙන් බැටකා පීඩා විඳින තනිකඩ පුද්ගලයෙකුගේ තනිකම ගැන ඔහුම කියනා ශෝකාලාපයක්. එහෙම නැතුව මෙහි ලඳුන් මතක් කර අත මහන්සිකරවන පුද්ගලයෙක් ගැන කියවෙන දෙයක් ලෙස මටනම් හැඟෙන්නේ නැත.වැඩිය තර්ක අවශ්‍ය නැත."නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්" යන්නට අනුව අඬන ගමන් අර කී දෙය කළ හැකිද ?





    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

    සඳෙන් සඳට මුවා වෙලා
    කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කදුළු බිංදු
    පැදුරට මුහුවෙලා හොරෙන්

    යහන තලා සැප විඳිනා
    පල දී නැතුවා පෙර පින්
    මාල වළලු නොතිත් අයට
    අප අමතක වෙලා ගිහින්

    ගීතය ගයන්නේ : එඩ්වඩ් ජයකොඩි
    ගී පදවැල් : ලූෂන් බුලත්සිංහල
    සංගීතය : එම්.එම්.ජයවර්ධන




    කෙසේනමුත් රටේ තිබෙන ආර්ථිකය හමුවේ තව ටික කලකින් අප කාට කාටත් යටලීයේ නාරිලතාවන් බලමින් මෙම සිංදුව හිතින් මුමුණන්නට වේවිද ? :-?
    නැවත හමුවෙමු. ඔබ මා ඇතුළුව අප සැමටම ජය !


    himikaruwan aadaren mathak karami.
    :yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සදකඩ පහණක

    සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

    සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
    තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,
    කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
    මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි
    සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
    ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....

    මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,
    දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
    ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,
    අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුසුවුනු වැහි බින්දු ….
    මේ කාන්තාව මේ කටයුත්ත කරන්නෙ කැමැත්තෙන් නෙවෙයි. තම දරුවගෙ ජිවිතය වෙනුවෙන්
    ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ
    පැමිනෙන පුද්ගලයා ඇසුරු කරල ඉවර වුන ගමන් ඇ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනව. මේ විදියට ඈට තම ජේවිතය ගැටගසාගැනේමට මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනව .
    හද විල ඉපදුන කැකුලක් නොකලට කටුවෙන් ගලවා ඉවත යවා
    තමන්ගේ රැකියවෙන් දියණියට සිදුවන අවමානය නතිකරගන්නට තමන්ගේ දියනියව වෙන තැනකට යවන්න මේ කාන්තවට සිදුවෙනව . දියනියට සිදුවෙන්නෙ අකලයෙ අම්මව අතැරල යන්ට
    මිහිලිය තෙත් කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා
    මේ කාන්තව දියනිය වෙන තැනකට යවන්නේ ගොඩාක් දුකෙන් . ඒත් ඇයට ඒක තවත් එක දුකක් පමනි
    ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුරු අරා
    රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිට් බලා

    මේ කන්තාව තමන්ගේ දියනිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදවගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නව
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    anee kimbul mameee meeeka aayee patan gammukooo. mamath janjaalayee thibba blogayan walin pitu 2k 3k pirewwa.

    sahooo apee uparima sahaya denawa. wadeee aayeth goda daamu.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    Machan. omba mawa adewwa machan. :dull:
    mama mechchara kaalayak me giithaya RASA WINDA. Ee unata ada thamai mama meeka WINDEEE.

    Machan windillei Rasa Windilley wenasa ada danuna.:yes:
    Aththatama mata anduna machan.
    EEke credit eka umbatath enna oone . Mokada Umba eeka wisthara karala liyala thiyana widihata thamai machan bokkatama wadune...:love:

    Meeka digatama karagena palayan machan.

    EE athin nam umba deyyek nemey DEEVAALAYAK.:D
    3.gif
    3.gif
    thanks machoooo