.O/L ඉවරවෙලා ෆ්රී එකේ ඉන්න පටන් ගත්තු දවස්. අපි cricket ගගහ ඉන්නකොට තමයි මුහුද ගොඩ ගලල කියල පාරේ ගිය මනුස්සයෙක් කියල ගියේ. හම්බන්තොට පැත්තට පොල්ගහක් විතර උසට මුහුදු රල ඇවිත් කියල කිඋව. බොරුවක් කියල හිතුවේ මුලින්.
... මාතරදී පොළට ගිය අය තමා හුගක් මැරුණේ ,
කොහොම හරි අපි වාහනයක ගියා අපේ ගමට 


සුනාමිය එනකොට මම 4 වසරේ,ඒ දවස මට තාමත් මතකයි අපේ ගෙවල් තිබ්බේ මුහුදට හුගක් ලගින්,මම සුනාමිය එන වෙලාවේ නාල
ටවල් එක පිටින් හිටියේ කට්ටිය කෑ ගහනව ඇහුන මුහුද ගොඩගලලා කියලා, ෆ්රික් කිව්වා වගේ සුනාමි කියල වචනයක් මිනිස්සු අහල තිබ්බේ නෑ,
කොහොමහරි වතුර එනකොට අපි පණ බේර ගත්තේ වහල උඩට නැගලා වහල උඩ ඉන්නකොට පෙනුනා මිනිස්සු වගයක් ගහගෙන යනව අපිට
කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ... මාතරදී පොළට ගිය අය තමා හුගක් මැරුණේ ,
කොහොම හරි අපි වාහනයක ගියා අපේ ගමට
ආයෙත් මාස දෙකකින් වගේ තමයි ආයේ මාතරට ආවේ![]()
අනිත් අයගෙත් සුනාමි මතක දාල ගියොත් හොදා
දැන් ලංකාවේ එව්න්ට මතක නෑ සුනාමියක් ආවද කියලවත්![]()

උබලෑ ගෙවල් වලට මොකද උනේ බං...මාස දෙකකින් එනකොට![]()




හොරු නම් පැනල තිබුන්නෑ අල්මාරි මේස පුටු වගේ ඒවා තිබුනා අනිත් ඒවා ගහගෙන ගිහිල්ලා![]()

අපේ නම් කිසිම කෙනෙක්ට සුනාමියෙන් කිසිම කරදරයක් උනේ නෑ.
ඒත් අපේ ගෙවල් වල අය ඇඩුව තරම්...... කවදාවත් අමතක වෙන්නේ නෑ.
සුනාමිය ආපු කාලේ මම හිටියේ 9 වසරේ.
අපේ ගමේ ඒ කාලේ ලොකු අයියලා දකුණට ගියා එහේ අවතැන් වුන අයට උදව් කරන්න...
ඔයාගේ කතාවටත් ගොඩක් දුක හිතුනා.
යලි කිසිම දිනක මේ වගේ දේවල අහන්නවත් දකින්නවත් නොලැබේවා කියල ප්රාර්ථනා කරනවා.![]()