සුනාමි මතකය වසර 11 කට පසු

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සුනාමි මතකය වසර 11 කට පසු

tsunami_sri_lanka.gif

මගේ අත්විදිමක් නොවේ අත්දැකිම ඔයාලා එක්ක කියන්නම් ,මම උදේම ඇහැරුණා අපේ අම්මා අඩනවා මම බැලුවා ඇයි කියලා ටිවි එක දාගෙන අඩනවා මට අදවගේ මතකයි මිනිසු පෙන්න නැහැ එක යායට බේරේ වැවේ කුණු එකතුවෙලා වගේ , අලුත් අත් දැකිමක් සූනාමි කියන නමවත් දන්නේ නැහැ, අපේ ගෙදර පුංචිත් එ දවස්වල ගෙදර හිටියේ ගොඩක් දුකෙන් කදුලු පුරවන් ටිවි එක බලනවා , අපේ අම්මා මල්ලිට කොල් කරනවා අන්සර් නැහැ , පස්සේ තමයි දන්නේ විදුලිය ටෙලිෆොන් මුකුත්ම නැහැ කියලා .

අපේ අම්මගේ පොඩිම මල්ලි හම්බන්තොට ඉන්නේ ටවුන් එකට කිට්ටුව එයා බැදලා නැන්දාට බබෙක් ලැබෙන්න ඉන්නවා, පොඩි පුතෙකුත් ඉන්නවා අවුරුදු 7 ක ඉතින් , මත් හරිම දුකෙන්, මොනවා වුනාද දන්නේ නැහැ නේ , අරංචිය හැටියට හම්බන්තොට ටවුන් එකට කිට්ටුව කිසිම දෙයක් මනුස්සයෙක් වත් නැහැල්ලු, කොහොම හරි අපේ අම්මා තව අපේ අම්මගේ සහොදරයොත් එකක් හොයන්න ගියා , එත් හොයා ගනන් නැහැ කිසිම දෙයක් අපේ මමා හිටිය ගෙයක් තියා ඉඩමක් වත් මායිම් හොයා ගන්න නැහැ,

කොහොම හරි අම්මාගේ මල්ලො කොල් එකක් දුන්නා අඩගෙම මම හොදින් පුතා ඉන්නවා කියල , එච්චරමයි ෆොන් එක කට් වුනා , අපේ අම්මා සතුටින් ටිකක්, එත් කොහෙද ඉන්නේ කිසි දෙයක් දන්නේ නැහැ.

කොහොම හරි අපිට මාමා ව හම්බුණා දවස් 4 කින්, මාමා කදුලු පුරවගෙන වුන සිද්දිය කිව්වා,

මාමාගේ ගෙදර තියෙන්නේ කතරගම පාර අයිනෙම ,මුහුද පෙන දුර කිලෝමිටර්යක් වත් නැහැ, හම්බන්තොට නගරයත් පාරට බැස්සහම පෙනවා ඇතින්, එක පරටම උදේ ගොසවක් අවලු මිනිස්සු දුවන්න පටන් ගත්තලු,

කට්ටිය කැගැහුවේ සූනාමි කියලා නෙවෙයි මුහුද ගොඩ ගලනවා කියලා , ඉතින් දුකම දේ මෙහෙම ලියන්නම් මාමා ගේ බිරිද මාස 6 ක ගැබිණි මවක්, පුතා අවුරුදු 7ක් මාමා , පුතාවත් වඩාගෙන නැන්දවත් අනිත් අතින් අල්ලන් දූවන්න හදලා , හම්බන්තොට ඔරලොසු කනුවෙන් උඩහට වෙන්න කන්ද තියෙන්නේ හැමොම දුවන්නේ කන්ද පැත්තට ලූ, ඉතින් අපේ මාමා දුවන්න හදද්දි වතුර පාර සැල වෙලා ,

එච්ච්චර දුරක් දුවන්න බැහැ , මොකද නැන්දාට දුවන්න බැහැ බඩක් උස්සන් , කරන්න දෙයක් නැහැ ලගම තියෙන නවත්තලා තියෙන බස්ක් එකකට නැගැලා ( බස් එකක් කිව්වට එක පිටිපස්ස කපලා ලොරියක් කරපු එකක් ) , මුලින්ම දරුවව ලොරියට දාලා, එයා මාමා නැගලා, ඊට පස්සේ නැන්දව ඇදලා ගන්න අත දික් කරද්දිම , එක පාරට වතුර පාර සැර වෙලා , එහෙම්මම අල්ල ගනන් බැරි වෙලා පෙනි පෙනි ගහගෙන ගිහින් තියෙන්නේ මේ සෙරම මාමා කියනකොට අනික් ඔක්කොම අඩනවා , මටත් ගොඩක් දුකයි, :sorry:

ඒ එක්කම වතුර පාර සැර වෙලා ලු, දැන් නැගපු ලොරිය යන්න පටන් ගන්නවා, ටවුන් එක පැත්තර පාවි පාවි , ඔය ලගම තියෙනවා උස ටවර් එකක් ( විදුලිය හරි ටෙලිකොම් කනුවක් හරි මතක නැහැ දැන් ) ඔක හෙලවෙන්න පටන් අරන් දෙපැත්තට වැනෙනවලු, කඩාගෙන වැටෙන්න කොහොම හරි අපේ මාමා දරුවවත් තුරුල් කරන් , ඇස් වගගෙනලු ඔන දෙයක් වුනා දෙන් කියලා . කොහොම හරි සද්දයකුත් එක්ක එක පිංකට වැටිලා තියෙන්නේ අනික් පැත්තටලූ, එ අතරේම ඉස්සරහා ගෙදර පිරිමි කෙනා එක දරුවෙක් අරන් කොට්ටම්බ ගහේ එල්ලෙද්දි බලා ඉද්දි බිරිදයි අනික් දරුවෝ 3 දෙනා ගහන් යනවා දැකලා . තව දැකපුවා තියෙනවා මාමා කිව්ව හරියටම මතක නැහැ,

මේ සිද්දියට පස්සේ මාමා කිව්වා මට මගේ ගෑනිව කොහෙන් හරි හොයා ගන්න ඔන එයා මැරිලා නැහැ කියලා අපේ තාත්තා පවුලේ අනිනිත් අය මාස 6ක් හැම තැනම හෙව්වා හැම හොස්පිටල් එකකම මිනි ගොඩ ගැහුනු හැම තැනම හෙව්වා , අපේ මාමාට එයාගේ බිරිද ගේ මල කදවත් දකින්න ලැබුනේ නැහැ, ඉතින් අදටත් සූනාමිය මතක් වෙද්දි ඒ සිද්දිය තමයි අපේ පවුලට සමිපම සිදුවිම , එකයි මතක් වෙන්නේ , මාමාගේ පුතා අදටත් අම්මා කෝ කියලා අහද්දි මුහුද ගෙනිච්චා කියලා කියන්නේ , එක අහද්දි අපේ අම්මලා සහෝදරියෝ අඩනවා ඉකිගහා, ඔන්න සූනාමි මතකය මම අලුත් කරා,

ඔයලටත් මෙවගේ අත්දැකිම් හෝ ඊට වඩා තියෙනවා නම් අපි එක්ක බෙදා ගමූ එලකිරියේ සහෝදර සහෝදරියෝ ටික !
 
Last edited:

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
Mama nam AL ivaravela Job hoyana kaale...meta mathakai oya siddiya hodatama....Ape ammage ayya tusnami eken nathi una.... Ape vasanavata eyage body eka apita labuna.:sorry::sorry::sorry::sorry:
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Mama nam AL ivaravela Job hoyana kaale...meta mathakai oya siddiya hodatama....Ape ammage ayya tusnami eken nathi una.... Ape vasanavata eyage body eka apita labuna.:sorry::sorry::sorry::sorry:

කණගාටුයි මචෝ හැමොටම මොකක් හරි අත් දැකිමක් තියෙනවා හ්ම්ම් ( මචන් QOUTE කරපු එක අයින් කරපන්කෝ චා වගේ නේ )
 
samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    හරිම දුකයි මචන් :(:(
    මියගිය හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
    මතු උපදින භවයක්දී එවැනි අකල් මරණයට පත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    මම ඉස්සරලා වැඩකරපු company එකෙනුයි වැඩකරන අයගේ මාසෙ පඩියයි දාල අවතැන් උන අයට තාවකාලික නිවාස(tent) පරිත්‍යාගකරන්න හම්බන්තොට කිට්ටුව තිබුන කඳවුරකට(මට හරියට මතක නැහැ ගමේ නම) ගියා සුනාමි ඇවිත් දවස් 4කට විතර පස්සේ
    ඒ මිනිස්සුන්ගේ දුක දැකලායි, කියන කතායි, නගන අඳෝනයි අහලා අපි ගිය හැමෝම ඇඬුවා අද වගේ මතකයි
    අපි දවස් 2ක් හිටියා එයාලට උදව් කරන්න, 2නි දවසේ හම්බන්තොට මුහුදු වෙරල කිට්ටුවට ගියා ඒපැත්තේ කොල්ලොත් එක්ක නැතිඋන අය ඉන්නවද හොයන්නයි සුද්දකරන්න උදව් වෙන්නයි. පැත්තම හරිම මඩ ගඳයි, කුණු ගඳයි
    ඒපැත්තෙ අය මුහුදකිට්ටුවට ගියාම සැරෙන් සැරේ මුහුද දිහා බලනවා ආය ගොඩ ගලයිද කියල.
    ඒක තමයි සුනාමිය ගැන මට තියෙන අත්දැකීම
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුක්බර මතකයක්.අපේ ඉස්කෝලෙත් සුනාමියට අහු උනා.මම එතකොට 7 වසරේ.අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරුවෙලා තිබුනේ.එදා ඉස්කෝලේ දවසක් උනානම් :(:(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    dukai machan.... aia ape ratata ehema deyak nowewa

    එදා 26 තිබ්බ weather එකමයි බං අද තියෙන්නේ.

    දුක්බර මතකයක්.අපේ ඉස්කෝලෙත් සුනාමියට අහු උනා.මම එතකොට 7 වසරේ.අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරුවෙලා තිබුනේ.එදා ඉස්කෝලේ දවසක් උනානම් :(:(

    tragic incident :( jeevitha haani una hamotama niwan suwa pathanawa :(

    මගේ සුනාමි අත්දැකීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1715141

    හරිම දුකයි මචන් :(:(
    මියගිය හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
    මතු උපදින භවයක්දී එවැනි අකල් මරණයට පත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    මම ඉස්සරලා වැඩකරපු company එකෙනුයි වැඩකරන අයගේ මාසෙ පඩියයි දාල අවතැන් උන අයට තාවකාලික නිවාස(tent) පරිත්‍යාගකරන්න හම්බන්තොට කිට්ටුව තිබුන කඳවුරකට(මට හරියට මතක නැහැ ගමේ නම) ගියා සුනාමි ඇවිත් දවස් 4කට විතර පස්සේ
    ඒ මිනිස්සුන්ගේ දුක දැකලායි, කියන කතායි, නගන අඳෝනයි අහලා අපි ගිය හැමෝම ඇඬුවා අද වගේ මතකයි
    අපි දවස් 2ක් හිටියා එයාලට උදව් කරන්න, 2නි දවසේ හම්බන්තොට මුහුදු වෙරල කිට්ටුවට ගියා ඒපැත්තේ කොල්ලොත් එක්ක නැතිඋන අය ඉන්නවද හොයන්නයි සුද්දකරන්න උදව් වෙන්නයි. පැත්තම හරිම මඩ ගඳයි, කුණු ගඳයි
    ඒපැත්තෙ අය මුහුදකිට්ටුවට ගියාම සැරෙන් සැරේ මුහුද දිහා බලනවා ආය ගොඩ ගලයිද කියල.
    ඒක තමයි සුනාමිය ගැන මට තියෙන අත්දැකීම

    කණගාටුයි මචෝ

    Done machan !

    Mathak karana kamti na machan

    සංවෙදි වූ ඔන සැමට හෘදෙයාන්ගම ස්තුතිය පුදකරමි තවත් මෙවන් ඛේදවාචයක් නොවේවා වූවත්, අරක්ශා සහිතව සැම මිනිසෙක්ම සත්වයෙක්ම පණ බෙරගනන් ඉස්සරට වාඩා ශක්තිමත් වෙවි කියලා පාර්ථනා කරන්වා, අත්දැකිම් ඇති නිසා , අනතුරු හැගවිමේ සංඥ්ඥා පද්දටියක් සවි කරලා තියෙන නිසා , ඉස්සරට වඩා පරිසම් කියලා හිතනවා !
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සංවෙදි වූ ඔන සැමට හෘදෙයාන්ගම ස්තුතිය පුදකරමි තවත් මෙවන් ඛේදවාචයක් නොවේවා වූවත්, අරක්ශා සහිතව සැම මිනිසෙක්ම සත්වයෙක්ම පණ බෙරගනන් ඉස්සරට වාඩා ශක්තිමත් වෙවි කියලා පාර්ථනා කරන්වා, අත්දැකිම් ඇති නිසා , අනතුරු හැගවිමේ සංඥ්ඥා පද්දටියක් සවි කරලා තියෙන නිසා , ඉස්සරට වඩා පරිසම් කියලා හිතනවා !

    2004 ට කලින් සුනාමි කියන ජපන් වචනයක් ලංකාවේ මිනිස්සු දන්නෙත් නෑ. මුලින්ම මුහුදේ වතුර අඩු උනා වගේ වැලි පෑදුන එක බලන්න ගියා ගොඩක් අය මොකද එහෙම දේවල් දැකල නෑ. අනතුරු ඇඟවීම් නෑ. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් එක විතරයි තිබ්බේ ඒත් ඒකෙන් ඉන්දියන් සාගරයේ සුනාමි ගැන අනතුරු ඇඟවීම් තිබ්බේ නෑ 2004 න් පස්සේ ඒකෙන් අපිවත් කවර වෙනව.