සුනාමි මතකය වසර 11 කට පසු

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අපි ඉන්න පැත්තට සුනාමිය බලපෑවේ නැති උනාට සිද්දිය අද වගේ මතකයි :( .O/L ඉවරවෙලා ෆ්රී එකේ ඉන්න පටන් ගත්තු දවස්. අපි cricket ගගහ ඉන්නකොට තමයි මුහුද ගොඩ ගලල කියල පාරේ ගිය මනුස්සයෙක් කියල ගියේ. හම්බන්තොට පැත්තට පොල්ගහක් විතර උසට මුහුදු රල ඇවිත් කියල කිඋව. බොරුවක් කියල හිතුවේ මුලින්.

    සුනාමියෙන් නැතිඋන හැමෝටම නිවන් සුව පතනවා... ආයේ ඔය වගේ අකල් මරණයන්ට ලක් නොවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සුනාමිය එනකොට මම 4 වසරේ,ඒ දවස මට තාමත් මතකයි අපේ ගෙවල් තිබ්බේ මුහුදට හුගක් ලගින්,මම සුනාමිය එන වෙලාවේ නාල
    ටවල් එක පිටින් හිටියේ කට්ටිය කෑ ගහනව ඇහුන මුහුද ගොඩගලලා කියලා, ෆ්‍රික් කිව්වා වගේ සුනාමි කියල වචනයක් මිනිස්සු අහල තිබ්බේ නෑ,
    කොහොමහරි වතුර එනකොට අපි පණ බේර ගත්තේ වහල උඩට නැගලා වහල උඩ ඉන්නකොට පෙනුනා මිනිස්සු වගයක් ගහගෙන යනව අපිට
    කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ :( ... මාතරදී පොළට ගිය අය තමා හුගක් මැරුණේ ,:nerd:කොහොම හරි අපි වාහනයක ගියා අපේ ගමට
    ආයෙත් මාස දෙකකින් වගේ තමයි ආයේ මාතරට ආවේ :nerd::nerd:
    අනිත් අයගෙත් සුනාමි මතක දාල ගියොත් හොදා

    දැන් ලංකාවේ එව්න්ට මතක නෑ සුනාමියක් ආවද කියලවත් :no::dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උබලෑ ගෙවල් වලට මොකද උනේ බං...මාස දෙකකින් එනකොට:eek:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    උබලෑ ගෙවල් වලට මොකද උනේ බං...මාස දෙකකින් එනකොට:eek:

    හොරු නම් පැනල තිබුන්නෑ අල්මාරි මේස පුටු වගේ ඒවා තිබුනා අනිත් ඒවා ගහගෙන ගිහිල්ලා :):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මතකයි එදා පෝය දවසක්.අපි සිල් අරන් පන්සලේ හිටියේ.අපේ දහම් පාසලේ උගන්වපු මිස් කෙනෙක් ඇවිත් කිවුවා මුහුද ගොඩගලනවා කියලා.අපි මිස්ට කිවුවා මුහුද ගොඩ ගැලුවේ විහාරමහා දේවියගේ කාලේනෙ කියලා.පස්සේ කොහොමහරි 10ට විතර අපි ගෙදර ආවා.

    ගෙදර ඇවිත් මුහුද ගොඩ ගලන එක බලන්නයි ලෑස්ති උනේ.ගෙදරින් බාල්දිය දාපු නිසා යන්න හම්බ උනේ නෑ.හැබැයි මුහුදේ සද්දේ අපේ ගෙවල් වලට ඇහෙනවා.අපේ නෑ වෙන පවුල් දෙකකුත් සුනාමියට අහු වෙලා හිටියා.කාටවත් කරදරයක් වෙලා තිබුනේ නෑ.අපේ පැත්තේ දෙතුන් දෙනෙකුට වඩා මැරුනේ නෑ.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ නම් කිසිම කෙනෙක්ට සුනාමියෙන් කිසිම කරදරයක් උනේ නෑ.
    ඒත් අපේ ගෙවල් වල අය ඇඩුව තරම්...... කවදාවත් අමතක වෙන්නේ නෑ.
    සුනාමිය ආපු කාලේ මම හිටියේ 9 වසරේ.
    අපේ ගමේ ඒ කාලේ ලොකු අයියලා දකුණට ගියා එහේ අවතැන් වුන අයට උදව් කරන්න...
    ඔයාගේ කතාවටත් ගොඩක් දුක හිතුනා.
    යලි කිසිම දිනක මේ වගේ දේවල අහන්නවත් දකින්නවත් නොලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. :(:(
     
    Last edited:

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    අපේ නම් කිසිම කෙනෙක්ට සුනාමියෙන් කිසිම කරදරයක් උනේ නෑ.
    ඒත් අපේ ගෙවල් වල අය ඇඩුව තරම්...... කවදාවත් අමතක වෙන්නේ නෑ.
    සුනාමිය ආපු කාලේ මම හිටියේ 9 වසරේ.
    අපේ ගමේ ඒ කාලේ ලොකු අයියලා දකුණට ගියා එහේ අවතැන් වුන අයට උදව් කරන්න...
    ඔයාගේ කතාවටත් ගොඩක් දුක හිතුනා.
    යලි කිසිම දිනක මේ වගේ දේවල අහන්නවත් දකින්නවත් නොලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. :(:(

    umba mage wayase...mamath galle hitiye eda....