සුනාමි විපත - දෙරටක කතාව
කලියුගයට කළින් යුගය ද්වාරප යුගයයි.
ද්වාරප යුගයේදී මුහුද ගොඩගැලීම නිසා මෙරට ගම් ලක්ෂයක් විනාශ වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. කලියුගයේදී ද මේ ලක්දිව සුනාමියකට හසුවිය. ඒ කැලණි තිස්ස රජු දවසය. එයින් වසර දෙදහසකට පමණ පසුව අප 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමියකට මුහුණ දුන්නෙමු. ජාතක පොතේ හාරසිය පනස් නම වැනි ජාතකය සමුද්ද වානිජ ජාතකයයි. සමුද්ද වානිජ ජාතයකට අනුව එම දිවයිනටද සුනාමි රළ පහර ගලා එන්නේ පොහොය දිනකය. 2004 දෙසැම්බර් 26 වැනිදා ද පොහොය දිනයකි. එම ජාතකයෙහි මෙසේ සඳහන්ව ඇත.
"කී පරිද්දෙන්ම පෝ දින රාත්‍රියෙහි මුහුද ගොඩ ගලන්නට විය. පළමු රළ දණහිස දක්වා අවුත් ආපසු ගියේය. අසත්පුරුෂයෝ නැවත රළ නොඑතැයි සිතූ අතර සත්පුරුෂ මනුෂ්‍යයෝ වහවහා ආරක්ෂක ස්ථාන කරා ගියෝය. සුළු වේලාවකින් දෙවන රළ උකුල දක්වා ගලා ආවේය. තුන්වන රළ කරවටක් දක්වා ආ අතර රළ ගෙඩි හතක් අවුත් සියලු අසත්පුරුෂයෝ මුහුදුබත් වූහ.
ඇත්තෙන්ම අද අප 2004 සුනාමි විපතත් සමුද්ද වානිජ ජාතකයත් නැවත සිහිකරන්නේ ඉකුත් මාර්තු 11 වැනි සිකුරාදා ජපානයට බලපෑ සෙන්ඩායි භූකම්පනය හා සුනාමිය නිසාය. දෙවන ලෝක යුද්ධයට පසු ජපානය මුහුණදුන් දරුණුම විපත මෙයයි. ජපානයේ මියානි ප්‍රදේශයට පැමිණි සුනාමි රළ පහර අඩි 33 ක් පමණ විය. ඇත්තෙන්ම ජපාන වේලාවෙන් 2.46 ට මේ භූමිකම්පාව සිදුවූ අතර එය විනාඩි පහක පමණ කාලයක් පැවැතිණි.
ජපාන වෙරළට කිලෝමීටර් 70 ක් පමණ ඈතින් සිදුවූ මෙම භූමිකම්පාවේ සුනාමි රළ 3.12 වනවිට ඉමාටේ කමයිෂි ප්‍රදේශයට කඩාවැදිනි. එය අඩි 22 ක් විය. 3.15 ට ඔµqනාටෝ ප්‍රදේශයට සුනාමිය කඩා වැදුනේ අඩි දහයක උසිනි. ප. ව. 3.50 ට සෝවා ප්‍රදේශයට සුනාමිය කඩා වැදුනේ අඩි 24 ක් උසිනි. 04.52 ට ඔරායි ප්‍රදේශයට සුනාමිය කඩා වැදුනේ අඩි 14 ක් උසටය. මේ ඉහත සඳහන් කළ ස්ථානවල සුනාමි රළ පහර මගින් දර්ශක සවිකර ඇති අතර ඒවායේ සටහන් වූ ඉහළම සුනාමි රළ පාරේ අගයන් වේ. කෙසේ නමුත් සුනාමිය සිදුවී විනාඩි 26 ක් ඇතුළත සමුද්‍ර ප්‍රවාහය කෙළින්ම ජපාන ගොඩබිම කරා වේගයෙන් පැමිණ ඇත. මේ භූමිකම්පාවත් සමග පොළොවෙන් නිකුත් වූ බලශක්ති ප්‍රමාණය කොතරම්ද යත් එය හිරෝෂිමා බෝම්බයේ ශක්තිය මෙන් මිලියන හයසිය ගුණයක් බව ගණන් බලා ඇත. ඇත්තෙන්ම සෙන්ඩායි භූමිකම්පාව හා සුනාමිය නිසා ජපානයට ඩොලර් බිලියන සියයකටත් වඩා අලාභයක් සිදුව ඇති බව මූලික වාර්තා පෙන්වා දෙයි. ඇත්තෙන්ම 2004 සුනාමිය මෙන් මෙහි ජීවිත හානිය විශාල නොවූවත් ලෝකය මුහුණදුන් දරුණුතම ස්වභාවික විපතක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මේ විපත නිසාම µqකුෂිමා බලාගාරයේ පිපිරීම් පහක් සිදුව ඇත. ඉදිරියේදී කවරක්වෙයිද? කෙසේ නමුත් ස්වභාධර්මයා ලෝකයට එරෙහි වී ඇති බව අපට නැවතත් පසක්වී ඇත. එය සැබවින්ම කනගාටුදායකය. මෙය නැවතත් අවධාරණය කළේ සෙන්ඩායි භූමිකම්පාවෙනි. මේ සුනාමි විපතේ ඡායාරූප සෙවීම සඳහා පසුගිය සඳුදා මම ඒපී. පුවත් ජාලයේ සැරිසරමින් සිටියෙමි. එහිදී හදිසියේම විශේෂ ඡායාරූපයක් වෙත මගේ නෙත් යොමුවිය. ඒ පී ඡායාරූපය ශිල්පී මාර්ක් බේකර් විසින් එම ඡායාරූපය ගෙන තිබුණේ උතුරු ජපානයේ ටොයනව නගරයේ සුනාමියෙන් විනාශ වී ගිය නිවසක බුදුපිළිමය පමණක් ඉතිරිවී තිබෙන අයුරුය. එය දුටු මට 2004 සුනාමියත්, සුනාමියෙන් විනාශ නොවූ දකුණේ බුදුපිළිම සොයා ගිය ගමනත් සිහිවිය. 2005 ජනවාරි 09 වැනිදා දිවයින පුවත්පතට "බුදුගුණ කෙලෙස පැරදිය හැකිවෙද මරුට" යනුවෙන් එදා අපි ඒ අත්දැකීම් සටහන් කළේය.
ගාල්ල නගරය සුනාමි රළ පහරට ලක්වෙද්දී ගාලු බුදුපිළිමය නිරුපද්‍රිතව ඉතිරි විය. සුනාමි විපතින් දින ගණනාවකට පසු අපිද ගාලු ගොස් මේ පිළිමය දැක බලා ගත්තෙමු. එහිදී එහි භාරකාර මහින්ද සේනාරත්න මහතා හමුවිය. ඔහු එදා අපට කීදේ නැවත මෙලෙස සටහන් කරන්නෙමු.
"මේ පිළිමය හදන්නට පටන්ගත්තේ 1978 දීය. නමුත් විවෘත කළේ 1986 ජුනි 04 වැනිදාය. පිළිමය හදන්න අවුරුදු ගාණක් ගියා. ඒවා නැකත් හදලා නිසියාකාරව හැදුවේ. මම ඕමාන් රටේ අවුරුදු ගණනාවක් හිටියා. ඒ හම්බකරපු සල්ලිත් මේ බුදුපිළිමය හදන්න වියදම් කළා. එදා බුදුපිළිමයේ නිකට ගාවට වතුර ආවා. බස් එකක් ඇවිල්ලා වැදුණා. නමුත් පිළිම වහන්සේට අනතුරක් වුණේ නැහැ. යනුවෙන් පැවසුවේ ඇස්වලින් කඳුළු කඩාහැලෙන විටය. මේ ගාලු බුදුපිළිමය පිළිබඳව විදේශීය වාර්තාකරුවන්ගේද ඇස යොමුවිය. සුනාමි විපත පිළිබඳව වාර්තා කිරීමට පැමිණි ඒ. පී. පුවත් සේවයේ ක්රිෂ්ටොµර් ටාෂියාද මේ ගැන විශේෂ වාර්තාවක් සකස් කර තිබිණි ක්රිෂ්ටොපර් සිය වාර්තාවෙන් ප්‍රකාශ කර තිබුණේ වසර සියයක් පැරැණි කේරළයේ හින්දු දේවාලයත් බැතිමතුන්ද සමග මුහුදට ගසාගෙන යද්දී මේ පිළිමය ඉතිරිවීම විශේෂ සිද්ධියක් බවය. ගාලු මතකය මට යළි සිහිවූයේ ජපානයේ සුනාමියෙන් විනාශ වූ බෞද්ධ නිවසේ සුරක්ෂිතව තිබූ බුදු පිළිමය නිසාවෙනි. මිලියන 127 ක ජනතාවක් ජපානයේ වෙසෙන අතර ඔවුනගෙන් මිලියන 91 ක් ප්‍රකාශ කරන්නේ තමන් බුද්ධාගම අදහන අය බවය. සමහරු සිතා සිටියේ කලියුගයේදී බුදුන්ටත් දෙවියන්ගේ පිහිට පැතීමට සිදුවන බවයි. එහෙත් එය එසේ නොවන බව දැන් මැනවින් ප්රත්යක්ෂ වී තිබේ. සමහරු නම් මේ බුදුපිළිම විනාශ නොවී තිබීම ගැන කථා කිරීම හාස්‍යයට ලක්කළ හැකිය. එහෙත් සෑම දෙනාම තර්කයට හසු කරගත නොහැකිය. තර්කයෙන් පමණක් ජීවත්විය නොහැකිය. ලෝකය ස්වභාවික විපත්වලින් ගහන වෙද්දී ස්වභාව ධර්මයා මනුෂ්‍ය වර්ගයාට එරෙහි වෙද්දී අධමයින් ලෙස ජීවත්විය නොහැක. එවිට බුද්ධිය පරයා භක්තිය ඉදිරියට එයි. ජපානයේද ලංකාවේද සිදුවූ දෙස බැලිය යුත්තේ බුද්ධියෙන් නොව භක්තියෙනි.
චතුර පමුණුව
Source

...