ඇත්තෝ කති බොති සුකති වේගෙන් ගමන් යති
නැත්තෝ මුන්ගේ පෙට්රෝල් වලට ගෙවති
උන්ගේ සැපට මුන් සේරම නය ගෙවති
කටු කන්නට ගැත්තෝ මුන්ට ආවැඩති
නැත්තෝ මුන්ගේ පෙට්රෝල් වලට ගෙවති
උන්ගේ සැපට මුන් සේරම නය ගෙවති
කටු කන්නට ගැත්තෝ මුන්ට ආවැඩති
මෙන්න විකියො මූ ඇවිදින්...........ගේමකට
යාලුව උනත් අඹරමු මූ...............හිරවෙන්ට
පැය 4කින් මහලොකුවට...........කොරගන්ට
හැකිදේ කියාපන් අපිටත්.............දැනගන්ට
ඇත්තෝ කති බොති සුකති වේගෙන් ගමන් යති
නැත්තෝ මුන්ගේ පෙට්රෝල් වලට ගෙවති
උන්ගේ සැපට මුන් සේරම නය ගෙවති
කටු කන්නට ගැත්තෝ මුන්ට ආවැඩති
මට නිතරම යන්නට වෙනවා ගාලු
වෙනදට පාරෙ පැය 4 ක් මට යයිලු
දැන් පැයකිනුයි මම යන්නේ පටගාලු
ඉතිරිය පැය තුනයි, එය මට වටිනවා යාලු
ලොකුම ප්රශ්නෙ අධි වේගෙන්...........දීවීමද?
දුවනට ඕනෙ දකුණේ උන්............විතරක්ද?
අනිත් ප්රශ්ණ එතකොට බොල........පොඩි වීද?
ජීවත් වෙන්නෙ පාර කපන්.............කාලාද?
අම්මට සිරිය කොල්ලා මගෙ.........පැත්තේනේ
දාපන් පහක් මට දැන් හෙන..........හයියක්නේ
අපි එන විටදි අයියට ලොකු............හදිස්සිනේ
ඔය බොරු කතා ඒකා දැන්.............බයවීනේ
පක්ෂ පාට අප හට ඔනෑ නෑ ......බේදදැනගන්නට කියමි කරුණක් මම උබට
ලග ඇති රටම අරගෙන බලපන් හිතට
හතරෙන් එකක් මහපාරේ හිගන රට
කීයක් ඇත්ද high way නම් අද උන්ට
දුප්පත් කමත් සියයට සියයක් දුරලා
සංවර්දනය අරඹනු දෝ මුල සිටලා
හිතපන් ටිකක් ඔය මොළ ගෙඩියට දමලා
පක්ෂේ වැඩක් නැත ලේ වල කොළ හිටලා
මම අකමැතිය බිදිනට පාලු ගෙයි .....වලං
කොහෙද ගියේ දැන් සටනට වරෙව් බොලං
කටමැත දොඩෝලා නැතුවම මොලේ කලං
සස්ලිට් ගිහින් අධිවේගයෙ ගාලු .......බලං
තාමත් ටොපිකේමද බන් උඹ ඉන්නේපක්ෂ පාට හෙම සේරම පසෙක තබා
හිතපන් සැවොම රට දියුනුව පෙරට තබා
දෙයක් වැරදි නම් එය වැරදීම තමා
හොද වෙනම් එය හොද යයි කියමු සැමා
තාමත් ටොපිකේමද බන් උඹ ඉන්නේ
අද මෙහි සෑහෙන ලොකු වලියක් යන්නේ
හයිවේ එක ගැන මොනවද මම දන්නේ
ටොපික් එකේ හැටියට මට කෙලවෙන්නේ
කිමද අයියේ මල්සරාට විරුද්ධටොපික් එක හයට ක්ලෝස් ....වෙනවා
ඉන්පසු කෙල්ලො කවි මඩුවට ..එනවා
ඇඹලයො එකා දෙන්නා ලං ...වෙනවා
හැමට කලින් පැන්තා හැලියේ ..ලනවා
ඇත්තට විකී අයියේ අපගේ ජීවේමට පෙන්නන්න බැහැ දේශපාලුවෝ
දෙපැත්ත කන නිලියෝ සහ නළුවෝ
ඊට වැඩිය ක්රිකට් ගහන අපේ එළුවෝ
මෙවයින් පිට කවි අමුනමු කොලුවෝ