<< සුපිරි කවි ට්කක් >>

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇත්තෝ කති බොති සුකති වේගෙන් ගමන් යති
    නැත්තෝ මුන්ගේ පෙට්රෝල් වලට ගෙවති
    උන්ගේ සැපට මුන් සේරම නය ගෙවති
    කටු කන්නට ගැත්තෝ මුන්ට ආවැඩති
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙන්න විකියො මූ ඇවිදින්...........ගේමකට
    යාලුව උනත් අඹරමු මූ...............හිරවෙන්ට
    පැය 4කින් මහලොකුවට...........කොරගන්ට
    හැකිදේ කියාපන් අපිටත්.............දැනගන්ට

    මට නිතරම යන්නට වෙනවා ගාලු
    වෙනදට පාරෙ පැය 4 ක් මට යයිලු
    දැන් පැයකිනුයි මම යන්නේ පටගාලු
    ඉතිරිය පැය තුනයි, එය මට වටිනවා යාලු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්තෝ කති බොති සුකති වේගෙන් ගමන් යති
    නැත්තෝ මුන්ගේ පෙට්රෝල් වලට ගෙවති
    උන්ගේ සැපට මුන් සේරම නය ගෙවති
    කටු කන්නට ගැත්තෝ මුන්ට ආවැඩති

    ඇයි බන් අපේ සමහරු කුළියට.........කහිතී
    තවත් එවුන් උන්ගේ පසුපස.............කසතී
    තිබෙනා පාරෙ යමු අපි රකිමින්..........නීතී
    දුප්පත් එකා රවටන වැඩ වැඩක්.........නැතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට නිතරම යන්නට වෙනවා ගාලු
    වෙනදට පාරෙ පැය 4 ක් මට යයිලු
    දැන් පැයකිනුයි මම යන්නේ පටගාලු
    ඉතිරිය පැය තුනයි, එය මට වටිනවා යාලු

    ඉතිරිය පැය තුනට මොනවත්..ලැබෙනවද?
    කාලය ඉතිරි කරනුයෙ තොපි......විතරයිද?
    සල්ලි නැති එකාට කාලෙ කැප.....නැද්ද?
    උඹලා පමණි වැඩ ඇයි උන්.....ඔටුවෝද?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ලොකුම ප්‍රශ්නෙ අධි වේගෙන්...........දීවීමද?
    දුවනට ඕනෙ දකුණේ උන්............විතරක්ද?
    අනිත් ප්‍රශ්ණ එතකොට බොල........පොඩි වීද?
    ජීවත් වෙන්නෙ පාර කපන්.............කාලාද?

    දැනගන්නට කියමි කරුණක් මම උබට
    ලග ඇති රටම අරගෙන බලපන් හිතට
    හතරෙන් එකක් මහපාරේ හිගන රට
    කීයක් ඇත්ද high way නම් අද උන්ට

    දුප්පත් කමත් සියයට සියයක් දුරලා
    සංවර්දනය අරඹනු දෝ මුල සිටලා
    හිතපන් ටිකක් ඔය මොළ ගෙඩියට දමලා
    පක්ෂේ වැඩක් නැත ලේ වල කොළ හිටලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මැදපෙරදිග උන්ට තෙල් සල්ලි උතුරති
    ඒ සල්ලි වලින් අහස උසට මාලිගා ගසති
    අපේ එවුන් බොටු මිරිකා ටැක්ස් ගසති
    ඒ ටැක්ස් වලින් සෝබන මාලිගා හදති
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අම්මට සිරිය කොල්ලා මගෙ.........පැත්තේනේ
    දාපන් පහක් මට දැන් හෙන..........හයියක්නේ
    අපි එන විටදි අයියට ලොකු............හදිස්සිනේ
    ඔය බොරු කතා ඒකා දැන්.............බයවීනේ

    හදිසියේ දුවගියෙ පණ .........බේරන්ට
    නැත්තන් බය වෙලා හෙම නෙවෙ උඹට
    සොනිකා ඇවිත් ඒ අතරේ මගෙ .තැනට
    උඹලා දෙන්නටම දීලා බඩ ......යන්ට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැනගන්නට කියමි කරුණක් මම උබට
    ලග ඇති රටම අරගෙන බලපන් හිතට
    හතරෙන් එකක් මහපාරේ හිගන රට
    කීයක් ඇත්ද high way නම් අද උන්ට

    දුප්පත් කමත් සියයට සියයක් දුරලා
    සංවර්දනය අරඹනු දෝ මුල සිටලා
    හිතපන් ටිකක් ඔය මොළ ගෙඩියට දමලා
    පක්ෂේ වැඩක් නැත ලේ වල කොළ හිටලා
    පක්ෂ පාට අප හට ඔනෑ නෑ ......බේද
    රට ගොඩ නගන්නේ හරියට .කවුරුන්ද
    හරිදේ කලොත් කව්රුන් පාටක් මොටද
    හොද කල උදාවන්නේ අපටම ...නේද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම අකමැතිය බිදිනට පාලු ගෙයි .....වලං
    කොහෙද ගියේ දැන් සටනට වරෙව් බොලං
    කටමැත දොඩෝලා නැතුවම මොලේ කලං
    සස්ලිට් ගිහින් අධිවේගයෙ ගාලු .......බලං
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම අකමැතිය බිදිනට පාලු ගෙයි .....වලං
    කොහෙද ගියේ දැන් සටනට වරෙව් බොලං
    කටමැත දොඩෝලා නැතුවම මොලේ කලං
    සස්ලිට් ගිහින් අධිවේගයෙ ගාලු .......බලං

    high way එකේ වටිනාකම නොදත් එකා
    බැන බැන ගාලු යන්නෙත් මේකෙයි ඒකා
    හැමදෙයක්ම negative විදිහට සලකා
    ඇයි බනින්නේ හොද දේටත් සැම වලකා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද දවසම පිරිලා මගේ හිතේ තුටු
    රස්සාවක් හරිගියා මා හිතින් පැතූ
    ඒ මදිවට උතුරනවා මඩුවේ පිටු
    කාටත් බෑ දැන් ගහනට මෙමට කටු
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පක්ෂ පාට හෙම සේරම පසෙක තබා
    හිතපන් සැවොම රට දියුනුව පෙරට තබා
    දෙයක් වැරදි නම් එය වැරදීම තමා
    හොද වෙනම් එය හොද යයි කියමු සැමා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පක්ෂ පාට හෙම සේරම පසෙක තබා
    හිතපන් සැවොම රට දියුනුව පෙරට තබා
    දෙයක් වැරදි නම් එය වැරදීම තමා
    හොද වෙනම් එය හොද යයි කියමු සැමා
    තාමත් ටොපිකේමද බන් උඹ ඉන්නේ
    අද මෙහි සෑහෙන ලොකු වලියක් යන්නේ
    හයිවේ එක ගැන මොනවද මම දන්නේ
    ටොපික් එකේ හැටියට මට කෙලවෙන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තාමත් ටොපිකේමද බන් උඹ ඉන්නේ
    අද මෙහි සෑහෙන ලොකු වලියක් යන්නේ
    හයිවේ එක ගැන මොනවද මම දන්නේ
    ටොපික් එකේ හැටියට මට කෙලවෙන්නේ

    ටොපික් එක හයට ක්ලෝස් ....වෙනවා
    ඉන්පසු කෙල්ලො කවි මඩුවට ..එනවා
    ඇඹලයො එකා දෙන්නා ලං ...වෙනවා
    හැමට කලින් පැන්තා හැලියේ ..ලනවා

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ටොපික් එක හයට ක්ලෝස් ....වෙනවා
    ඉන්පසු කෙල්ලො කවි මඩුවට ..එනවා
    ඇඹලයො එකා දෙන්නා ලං ...වෙනවා
    හැමට කලින් පැන්තා හැලියේ ..ලනවා

    කිමද අයියේ මල්සරාට විරුද්ධ
    ආලේ කරලා නෑ වාගෙයි පුරුද්ද
    මා නොකරමි කිසිදාවත් වැරැද්ද
    පැනි හැලියට පැන්තා මොන බරක්ද
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මට පෙන්නන්න බැහැ දේශපාලුවෝ
    දෙපැත්ත කන නිලියෝ සහ නළුවෝ
    ඊට වැඩිය ක්‍රිකට් ගහන අපේ එළුවෝ
    මෙවයින් පිට කවි අමුනමු කොලුවෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට පෙන්නන්න බැහැ දේශපාලුවෝ
    දෙපැත්ත කන නිලියෝ සහ නළුවෝ
    ඊට වැඩිය ක්‍රිකට් ගහන අපේ එළුවෝ
    මෙවයින් පිට කවි අමුනමු කොලුවෝ
    ඇත්තට විකී අයියේ අපගේ ජීවේ
    ලෙසට කිවූ ක්‍රිකට් වලට මක් වූවේ
    කවුරු නමුත් මේ අයුරින් එය කෑවේ
    යහතින් වසනේදැයි අප සිත යුතුවේ