සුභ අසුභ පෙරනිමිති

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචං එල පොස්ට් එක. අද උදේ අපේ වහලේ වැඩේ කළා. ගොඩක් ස්තුත්යි දුන්න සප් එකට..:D:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    11.gif
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

    ඔය කේන්දර කාරයන් උඩ පැනගෙන promote කරන කේන්දර. නැකත්, සුභ නිමිති ඔබත් පිලිගන්නවා නම්,
    ඔබත් සිංහල බමුණෙකි. :yes:


    Read More...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

    කේන්දර නැකත් අනුගමන කිරීම පිළිබඳව වර්තමානයේ සිංහල ජනතාවට පවතින්නේ දැඩි විශ්වාසයක්.මේක බ්‍රාහ්මණයින්ගේ මිත්‍යා දෘෂ්ඨියක් කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ.මේක ඇත්ත වසං කරගෙන ජනතාව රවටමින් යැපෙන විශාල ව්‍යාපාරික පිරිසක් ද රටේ සිටිනවා.තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙකු මෙවැනි මිත්‍යා මත පිළිගෙන ඒ පසු පස යාම ඔහුට තිසරණය අහිමි වෙන බව බුදු දහමේ පැවසෙනවා.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නැකත් සුභ නිමිති ආදිය බෞද්ධයන්ට සුදුසු නැතැයි කියා ප්‍රතික්ෂේප කරනවා ද ?

    ඔව්, ඒක සම්පූර්ණ ඇත්ත.වර්තමානයේ ලංකාවේ සිංහලයන්ට තුන් සරණය අහිමි වුණේ ඔය කේන්දරේ නිසයි.සිංහල පවුල දරුවෙක් ඉපදුනු ගමන් කේන්දරයක් හදනවා.ඊට පස්සේ ඒ දරුවා තව දුරටත් බෞද්ධ නෙමෙයි.ඊට පස්සේ ඔහු සිංහල බමුණෙක්.පුන නූල විතරයි අඩු.ඒ දරුවට නමක් දාන්නෙත් කේන්දරේට අනුවයි.එදා ඉඳලා හැම දේකටම නැකත් බලනවා.බත් කවන්නත් නැකත් බලනවා.අකුරු කියවන්නත් නැකත් බලනවා.කසාද බඳින්නත් නැකත් බලනවා.ගෙයක් හදන්නත් නැකත් බලනවා.උළුවස්සක් තබන්නත් නැකත් බලනවා.මැරෙනකම් ම නැකතෙන් තොර ලෝකයක් නැහැ.

    සිංහලයන් බොහෝ දෙනෙක් තිසරණය සමාදන් වෙන්නේ බොරුවට.ඔවුන්ගේ හදවතට තට්ටු කරලා බැලුවොත් ඔවුන් සිංහල හින්දු මිසක් බෞද්ධ නෙවෙයි.මේ සිංහල ජනතාව ඔය කේන්දර මානසිකත්වයේ රැඳිලා ඉන්නකම් දියුණුවක් නම් නැහැ.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔය කේන්දර බැලීමෙන් නැකත් බැලීමෙන් රටට දියුණුවක් සැළසුනේ ම නැද්ද ?

    අපි පොඩි උදාහරණයක් ගමු.ලංකාවේ පාර්ලිමේන්තුවේ මුල්ගල තිබ්බේ නැකතට.විවෘත කළෙත් නැකතට.පාර්ලිමේන්තුව විවෘත කරන දවස්වල ඒ නැකත වැරදියි කියලා ලොකු වාදයක් පුවත්පත්වල පවා ගියා ඒ නැකතින් රටට අපලයි, පාර්ලිමේන්තුව ගන්න හැම තීරණයක් ම ඒ නැකතේ වැරැද්ද නිසා රටට නරකයි කියලා.

    ඉතින් ඕක ඇත්ත නම් පාර්ලිමේන්තුවට යන කවුරුත් කොයි ආකාරයෙන් රට පාවලා දුන්නත් ඔවුන් ඒකට වග කිව යුතු නැහැ.ඒක නැකතේ දෝෂයක් මිස පාලකයන්ගේවරැද්දක් නොවේ.හොඳ නැකත් නැහැ කියලා ඇතැම් නායකයෝ දිවුරුම් දීම පවා ප්‍රමාදකළා.ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නැකතටයි.පටන් ගන්නෙත් නැකතටයි.ඔවුන්ගේ ඕජස්වැගිරෙන ජුගුප්සාජනක දේශපාලන භූමිකාවේ නිරුවත වසාගෙන ඉන්නේ කේන්දර නැකත්වලින්තමයි.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ එහෙම කිව්වට මහණ කරන්නෙත් කේන්දර බලලා, නැකත් බලලා නේද ?

    ඔව්, ලංකාවේ දී කෙනෙක් පැවිදි කරනකොට බොහෝවිට කේන්දරය බලනවා.නැකත් බලනවා.නැකතට හිස බානවා.මේක බුද්ධ ශාසනයට සම්පූර්ණයෙන්මවිරුද්ධයි.ඔහුව මහණ කරන්නේ කේන්දරය බලලා නැකත් බලලා නම් වැඩිහිටි හාමුදුරුවරු අන්නඑදාට තමයි ඔහුට ලොකු ම ශාසනික අපරාධය පුරුදු කරවන්නේ.ඒ පැවිද්දා එදා ඉඳලා තිසරණයපිටිපස්සට දානවා.කේන්දරය ඉස්සරහට ගන්නවා.ඊට පස්සේ ඒ පැවිද්දාට මහා ලොකු දෙයක් වගේපේන්නේ ඒ මිත්‍යා දෘෂ්ඨික කේන්දරය තමයි.ඊට පස්සේ ඔහු ශ්‍රමණ වේශයෙන් සිටියත්පැවිදි වෙස් ගත්ත බමුණෙක් මිසක් බුද්ධ ශාසනයට අයිති භික්ෂුවක් නොවෙයි.එබඳු බමුණුපිරිසකගෙන් බුද්ධ ශාසනයේ දියුණුවක් බලාපොරොත්තු වීම ඌරු දළවලින් ගජමුතු හොයනවා වගේවැඩක්.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඉතින්භික්ෂූන් වහන්සේලාට පුළුවන් විය යුතුයි නේද ඔය මිත්‍යා දෘෂ්ඨියෙන් අත් මිදෙන්න ?

    ඔව්, නමුත් පන්සල් ගෙවල් හදන කොට බෝධි චෛත්‍යහදන කොට නැකත් කේන්දර පස්සේ දුවන භික්ෂුවට තුන් සරණයේ වටිනාකම අවබෝධ කර ගැනීමේහැකියාවක් නැහැ.

    ඔවුන්ට බුදුරජාණන් වහන්සේට වඩා ලොකුවටපේන්නේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ලොවට දුන් බමුණන්වයි.ඔවුන්ට ශ්‍රී සද්ධර්මයට වඩා ලොකුවටපේන්නේ කේන්දරයයි.ධර්ම මාර්ගය අනුගමනය කරන සැබෑ ශ්‍රාවකත්වයට වඩා ලොකුවට පේන්නෙකේන්දර නැකත් අනුගමනය කිරීමයි.හැබැයි අපි එකක් මතක තබා ගත යුතුයි.කේන්දරෙයි, මහණකමයිඑකට තියාගෙන මාර්ගඵල ලැබූ පැවිද්දෙක් නම් ශාසන ඉතිහාසයේ නැහැ.කේන්දරෙයි තුන්සරණයයි එකට තියාගෙන මාර්ගඵල ලැබූ එකම ගිහි ශ්‍රාවකයෙක්වත් ශාසන ඉතිහාසයේ නැහැ.මමමෙහෙම කියන කොට මේ ගැන සතුටු වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන පින්වතුන් විතරයි.මිත්‍යාදෘෂ්ටියේ බැස ගත් උදවියට කේන්ති යනවා.

    නමුත් පැහැදිළිවම එකක් කියන්න ඕන.ඔයමිත්‍යා දෘෂ්ටිවලින් නිදහස් වුණ දාට විතරයි තිසරණයේ පිහිට ලැබෙන්නේ.එතකල් කේන්දරඅනුගමනය කරන භික්ෂුවකටවත් තිසරණය පිහිටන්නේ නැහැ.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරනැකත් සුභ නිමිති අත්හැරියොත් සිංහල ජනතාව මහා කරදරයක වැටෙනවා නේද ?

    ඕක තමයි මම කිව්වේ සිංහල ජනතාව බොහෝදෙනෙකුට තිසරණය නැහැ කියලා.ඔවුන්ට තිසරණය අත්හැරලා අගේට මිත්‍යා දෘෂ්ටි පස්සේදුවනවා.කේන්දරේත් නැකතත් නැතුව ඔවුන්ට එළියට පහළියටවත් යා ගන්න විදියක් නැහැ.ඔයවිපත ගැන ධර්මයේ සඳහන් වෙන්නේ 'කෝතුහළමංගල' අනුගමනය කිරීම කියල යි.එවැනි දේ පසුපස යන ගිහි ශ්‍රාවකයා උපාසක චණ්ඩලයෙක් බව ධර්මයේ සඳහන් වෙනවා.එවැනි දේ පසු පස යනශ්‍රමණයන්ව හඳුන්වන්න පුළුවන් වෙන්නේ ශ්‍රමණ චණ්ඩාලයින් වශයෙනුයි.

    ඇත්තෙන්ම මේ සිංහල ජනතාව දියුණුවෙන්නේ ඔය කේන්දර නැකත් ආදිය අතහැරලා තුන් සරණය වෙත පැමිණිදාටයි.නැත්නම් කේන්දරයවිසින් විනාශ කළ ජනතාවක් හැටියට මේ සිංහල ජනතාවගේ ඉරණම ඉතිහාස ගත වේවි.

    කේන්දර විසින් මේ සිංහල ජනතාවට කරතිබෙන්නේ සුළුපටු හානියක් නොවෙයි.ඒ නිසා හේතුඵල පිළිබඳ ප්‍රායෝගික දර්ශනයෙන්සිංහලයන් ඈත් වෙලයි ඉන්නේ.ඔවුන් ප්‍රශ්න විසඳන්න හදන්නේ අද්භූත විදිහට.ඔවුන්හිතාගෙන ඉන්නේ නියමිත වෙලාවට කවියක් ගායනා කිරීමෙන් අද්භූත විදිහට රටේ ප්‍රශ්නවිසඳෙන බවයි.ඇත්තෙන්ම ඔවුන්ගේ මේ අඥාභාවයට බෙහෙත් සපයන එක ලේසි වැඩක් නොවෙයි.ප්‍රායෝගිකවහේතුඵල දහම තුළින් ප්‍රශ්න විසඳන්න මේ රටේ ගිහි පැවිදි ජනතාව පුරුදු වෙලා හිටියානම් අද රටේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න මතු වෙන්නේ නැහැ.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ පවසන හැටියට සිංහල ජාතියට කේන්දරයෙන් බරපතල හානි පැමිණෙනවා නේද ?

    ඔව්, රටේ නායකත්වයට පවා සම්පූර්ණයෙන්මබලපාල තියෙන්නේ ඔය කේන්දරේ තමයි.ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වෙන ප්‍රජාතන්ත්‍රවාදීරටක ගෞරවය ලැබිය යුත්තේ ජනතාවයි.නමුත් මේ රටේ නායකයන් බලයට පත් වූ විට ගෞරව ලබන්නේඔවුන්ගේ දෛවයයි ඔවුන්ගේ කේන්දරයයි.එතකොට ඔවුන් හිතන්නේ ඔවුන් ඒ කේන්දරේ තිබුණුරාජයෝගයේ අනුහසින් බලය ලැබුණු බවයි.ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඡන්ද මංකොල්ලයේ යෙදීමඔවුන්ට පහසු දෙයක් වී තිබෙන්නේ කේන්දරේ නිසයි.බලය ලැබුණු පසුවත් ඔවුන් යළි යළිත්දුවන්නේ කේන්දර බලන මිත්‍යා දෘෂ්ටිකයන් පසුපසයි.ඊට පස්සේ ඔවුන් නොයෙක් බාරහාරපුදපූජා පස්සේ දුවනවා.මේ රටේ වංචනික දේශපාලනඥයන් බිහි වීමට කේන්දරය බලවත් හේතුවක්වී තියෙනවා.තමන්ගේ කේන්දරයේ රාජයෝගයක් තියෙනවා කියලා කිව්වොත් රට පාවා දීමෙන් හරිබලය ලබා ගන්න ඔවුන් පෙළඹෙනවා.

    නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරබැලීම නැකත් බැලීම ආදී දේ මේ රටේ කාලයක් තිස්සේ පටන් එන පැරණි චාරිත්‍රයක් නේද ?

    පරම්පරා ගණනක් තිස්සේ හණ මිටියක් කරගහගෙන ආ පළියට රත්තරන් මුණ ගැහුණට පස්සේ තව දුරටත් හණ මිටිය කර ගහගෙන යා යුතුයිකියල ද ඔබ කියන්නේ ? මම මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ කාලාම සූත්‍රයෙන්හොඳ උපදේශයක් දෙන්නම්.

    බුදුරජාණන් වහන්සේ වදාළේ අනුස්‍රවයෙන්ආ පමණින්, ගුරුවරුන්ගෙන් ආ පමණින්, තර්කයට ගැළපුන පමණින්, යමක්පිළිගත යුතු නැහැ.යමක් අකුසල් ද එය අනුගමනය කිරීමෙන් තමාටත්, අන්අයටත් අයහපතක් සිදු වෙයි ද අන්න ඒ දෙය අත්හළ යුතුයි.යමක් කුසල් ද, එයඅනුගමනය කිරීමෙන් තමාටත්,අන් අයටත් යහපතක් සිදු වෙයි ද අන්න ඒ දෙය අපි අනුගමනය කළයුතුයි.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරනැකත් අනුගමනය කිරීමෙන් යහපතක් සිදු වෙලාම නැද්ද ?

    කේන්දර නැකත් අනුගමනය කිරීමෙන් යහපතක්සිදු වුණා නම් මේ වන විට අපි ලෝකයේ බලවත් දියුණු රටවල් අතරට එක් වී සිටියයුතුයි.මේ රටේ කෘෂි කර්මය,බැංකු,රාජ්‍ය ආයතන හැම දෙයක්ම ආරම්භ කළේ නැකත් බැලීමෙනුයි.දැන්එහෙම නම් නැකත්වල අනුහසින් මේ රටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න හොඳටම කල්.

    නමුත් ඇත්ත තත්වය මොකක්ද ? රටමණය බරින් මිරිකෙනවා.රාජ්‍ය ආයතන බංකොළොත්.බැංකු ටික කඩා වැටිලා.රටම මූල්‍යඅර්බුදයක හිර වෙලා.හාල් පොල් පවා පිට රටින් ගේනවා.කොටින් ම ඉදි කට්ට පවා පිට රටින්ගේනවා.

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරහැදීම ආදී ජෝතිෂ්‍ය වැඩ කිරීම තුළින් සමාජ තත්වයක් හිමි කරගෙන ඉන්න අයට මෙයින්පහරක් වදිනවා නේද ?

    ඒක මේ වගේ දෙයක්.කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ලස්සන උපමාවක් ඕකට තියෙනවා.ඔන්න එක මනුස්සයෙක් ඌරන්ට කෑම දෙන්න ඕනෑකියලා වියළි අසූචි තොගයක් මල්ලකට දාගෙන හිස මත තියාගෙන ගියා.අතර මගදී වහින්න පටන්ගත්තා.එතකොට අසූචි වතුරෙන් පෙඟිලා ගඳ ගහන්න පටන් ගත්තා.ඇඟ දිගේම පෙරෙන්න පටන්ගත්තා.මේක සිද්ධ වුණේ වැස්සේ වරදින් නොවෙයි.හිස මත තබා නොගත යුතු දෙයක් හිස මත තබාගැනීමෙනුයි.

    දෘෂ්ටියකට බැඳී ගියාට පස්සේ ඒක අතහරිනඑක අසීරු වෙන්නේ ඒකේ ආදීනව දකින්නේ නැති එකයි.නමුත් බුද්ධිමත් ජනතාවට නම් ආදීනවතේරුම් ගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටි අතහරින එක සුළු දෙයක්.

    කොටින්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවටතිබිය යුත්තේ තිසරණය විතරයි.වෙන කිසිම ඇදහීමක් තිබිය යුතු නැහැ.අන්න එදාට ඉංග්‍රීසිජාතිය, ජර්මන් ජාතිය, ජපන් ජාතිය දෙපයින් නැගී සිටියා වගේසිංහල ජනතාවටත් නිසැකවම දෙපයින් නැගී සිටින්නට පුළුවන් වෙනවා.


    ~ අඳුර විනිවිද එළිය දකින්නට ~
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


    10364083_10203610219629797_1615876443833158844_n.jpg
    :yes::yes::yes: මිත්යා දුශ්ටිය වපුරන්නෙ හම්බයො විතරක්ම නෙමේ ඉහේ ඉදන් කන කන් මේවගෙ බමුනු මතත් නැති කරන්ඩ ඔනෙ, මේවත් එක්ක කිසිම සැනසීමක් නැ
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    :yes::yes::yes: මිත්යා දුශ්ටිය වපුරන්නෙ හම්බයො විතරක්ම නෙමේ ඉහේ ඉදන් කන කන් මේවගෙ බමුනු මතත් නැති කරන්ඩ ඔනෙ, මේවත් එක්ක කිසිම සැනසීමක් නැ

    :yes:

    මුන් කරන්නේ මුන්ගේ business එක බං..

    කේන්දර, නැකත්, සුභ නිමිති ඔක්කොම මිත්‍යා දෘෂ්ටික මත පිළිගන්න උන් රටේ වැඩ වෙන තරමට මුන්ට business වැඩි. නැත්තන් මුන්ගේ ක්ෂේත්‍රයේ උන් මහා පාරේ නේ... :D
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකතෝ මෙතන ඉන්නේ ගොඩක් වයස අඩු කොල්ලෝ. උන් තවම ජීවිතෙන් වයස කාලක්වත් ගෙවල ඉවර නැහැ. එක නිසා පින්සිද්දවෙයි ඔය උබලගේ සමයන් මනස්ගාතවලින් උන්ගේ ඔලු පුරවන්න එපා. පවු නොදී තමන්ගේ වැඩක් බලන් පැත්තකට වෙලා හිටපන්.

    බම්ප් එකට ස්තූතියි...:yes:
     
    Sep 15, 2014
    87
    27
    0
    නැකතෝ මෙතන ඉන්නේ ගොඩක් වයස අඩු කොල්ලෝ. උන් තවම ජීවිතෙන් වයස කාලක්වත් ගෙවල ඉවර නැහැ. එක නිසා පින්සිද්දවෙයි ඔය උබලගේ සමයන් මනස්ගාතවලින් උන්ගේ ඔලු පුරවන්න එපා. පවු නොදී තමන්ගේ වැඩක් බලන් පැත්තකට වෙලා හිටපන්.

    මසුරන් වටිනා කතාව. ඔව් බන් තවදුරටත් මේවා පරම් පරාවෙන් ඉදිරියට ගෙනියන්න දෙන්න හොඳ නැහැ. මේවා මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරනවා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයිලප්පෙරුම;17179980 said:
    මසුරන් වටිනා කතාව. ඔව් බන් තවදුරටත් මේවා පරම් පරාවෙන් ඉදිරියට ගෙනියන්න දෙන්න හොඳ නැහැ. මේවා මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරනවා.


    බොහොම ස්තූතියි.. දිගටම ත්‍රෙඩ් එක බම්ප් කරන්න.. :D හැබැයි නරිනාවන්නේ නෑ කියලා ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම දාලා තියනවා..:D:rofl:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17180071 said:
    බොහොම ස්තූතියි.. දිගටම ත්‍රෙඩ් එක බම්ප් කරන්න.. :D හැබැයි නරිනාවන්නේ නෑ කියලා ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම දාලා තියනවා..:D:rofl:

    good post bro,,

    *රි නරියො සෙට් එකක් බැහල නේ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ පැත්තේ ඉන්නවා නිකමොරිස් කෙනෙක්..උදේට වැඩට යන්න එලියට බහිද්දී ඕකව මුලිච්චි උනොත් දවසම ඉවරයි..මම හොදට බලලා තියෙනවා ඒක නම්..