සෙක්ස්, ඇලෙන සුළු, දාඩිය නාගෙන හති දාගෙන ටික වෙලාවකට ආතල් එකක් ගන්නවා කියල හිතුවට ඇත්තටම අපි අපේ ජාන වල වහල්ලු. අපි ජෙනටිකලි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ විරුද්ධ ලිංගිකයා ලස්සණට බලන්න. ශරීරයේ විවිධ අංගෝපාංග සසඳලා වැඩිය ලස්සන කියල තෝරන්නේ අපේ ජෙනටික්ස් වල බලපෑම නිසි. ඒ දෙයට කෙල්ලන් කොල්ලන් කියල කිසි වෙනසක් නෑ. පඬියන් කියන්නේ ලයිට් නිව්වම මොකා වුනත් එකයි කියල, එත් අපි කවුරුත් කැමතියි ආකර්ශනීය පාට්නර් කෙනෙකුට, පුක ලොකු, තන් ලොකු කෙල්ලන් හොයනවා, උස සුදු හැන්ඩ්සම් කොල්ලන් හොයනවා එකට හේතුව අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ වඩාත් හොඳ පරම්පරාවක් හදන්න, එකට වඩාත් හොඳ සරු ජනිතයෙක් හොයන්න ඕන. රූප රැජිණ තරඟ, ක්‍රීඩා තරඟ මේ හැම දෙයකම අභ්‍යන්තරයේ තියෙන මූළිකම අපේක්ෂාව හොඳම ජාන සෙට් එක මොකක්ද බලන එක. අදාළ ශාරීරික ලක්ෂණ ප්‍රියමනාප නම් එකෙන් තහවුරු වෙනවා අපේ ඉදිරිපරම්පරාවත් වඩාත් හොඳ එකක් වෙනවා කියල. හරියට වන සත්තු තව එකෙක්, වසමක් අයිතිකරගන්න ෆයිට් කරනවා වගෙයි, ශරීර ශක්තියෙන් ඉහළ සත්ත්වය ජයග්‍රහණය කරනවා. මිනිසුන්ගේ කොහොමද වෙන්නේ කියල අපි හැමෝම දන්නවා. සෙක්ස් ආතල් එක නැත්නම් අපි කවුරුවත් සෙක්ස් කරන්න කැමති නෑ. ප්‍රාථමික සතුන්ට වඩා බුද්ධියෙන් ඉහළ සතුන්ට ලිංගික ආස්වාදය වඩාත් වැදගත් වෙන්නේත් ඒ නිසාම තමයි.
අපි විරුද්ධ ලිංගිකයෙක් ට ආකර්ෂණයක් දක්වන්නේ නැත්නම් පරම්පරාව ඉදිරියට යන්නේ නැහැ. ඉතින් මේ නිසාම තමයි අපි නොදැනුවත්වම සමලිංගික අයට, ලිංගික ක්‍රියා වලට අකමැති අයෙකුට හිනහ වෙන්නෙත්, හෙලා දකින්නෙත්. ඒ වගේම දරුවන් නැති පවුල් පහත්කොට දකින්නෙත් ඒ නිසාම තමයි, රනිල් වික්‍රමසිංහ බුරුසු රැවුලක් නැති, දරුවන් නැති, සමලිංගික ලැදියාවක් ඇති අයෙක් කියනවා, ඒ නිසාම මේ රටේ ජනාධිපතිධුරය ලැබුනේ නැහැ. අදත් ඕනෑම මිනිහෙක් ගෑනියෙක් මහින්ද රාජපක්ෂගේ කොල්ලන් තුන්දෙනා ගැන, රැවුල ගැන, ගැඹුරු කටහඬ ගැන, ආගම ගැන එහෙම හිතල, ඔහු රනිල්ට වඩා හොඳ නායකයෙක් කියල හිතන්නේත් අපි නොදැනුවත්වම අපිව මෙහෙයවන අපේ ප්‍රාථමික ලිංගික හැගීම් නිසයි.
දාරක ප්‍රේමය කියන්නේ හරි ප්‍රබල දෙයක්, එත් ඒ දෙය පවා ඇතිවෙලා තියෙන්නේ ඉදිරි පරම්පරාවේ පැවැත්ම උදෙසායි, සතෙක් වුනත් මුල් කාලයේදී දරුවන් බලාගෙන පසුව වසමෙන් පන්නා දමනවා. එහෙම කරන්නේ ඥාතී ජාන මිශ්රවීම වැලකීමට. එහෙම නැතිව දාරක ප්‍රේමය නැතිනිසා නොවෙයි. මිනිස්සු, සත්තු, ශාක කියන්නේ පැවැත්ම උදෙසා ප්‍රෝග්‍රෑම් වුනු රොබෝලා, යන්ත්‍ර වල සොෆ්ට්වෙයා එක වගේ ජීවයට ඩීඇන් ඒ තියෙනවා, මිනිසුන් ඇතුළු බුද්ධියෙන් ඉහළ සත්තු ප්‍රෝග්‍රෑම් කල හැකි මයික්රෝකොන්ට්රොලර් වගේ, එවුන් ජාන වලින් එන හාඩ් කෝඩඩ් ප්‍රෝග්‍රෑම් එකට අමතරව ඉගැන්වීමෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.
ඉතින් සෙක්ස් කියන්නේ අපි අහුවෙලා ඉන්න උගුළක්. දරුවන් වැදීම කියන්නේ උගුළක්, ආගම් කියන්නේ උගුළක්, දේශපාලනය කියන්නේ උගුළක්. ඒවාට අහුවුනොත් ජීවිතේ නිදහස, සංතෝෂය නැති වෙනව්. මේ හෑල්ල, නිකම් ලිව්වේ.