සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඒ තත්වෙට පත් කරනවා, අමාරු වැඩ, වැඩ පීඩනය වැඩි කරලා. ඒක set වෙලා කරන වැඩක්.... එකෙක් ඇද්ද ගමන් අනේක්‌ එවුන්ට ත් set කරලා දෙනවා. සල්ලි වලට පෙරේත නම් ඉහලට යන්න ආස නම් කෙටීම ක්‍රමේ
    ඔව් ඒත් එක ලිංගික බලපෑමක් නෙමෙයි නේ.
    ලිංගික එක්වීමකට මිනිස්සූ විවිද ක්‍රම භාවිතා කරනව. ඔය මොන පීඩනය උනත් දරාගෙන ඉන්නවනම් ඉන්න පුලුවන් හරි හමක් ආත්ම විශ්වාස තියන කෙනෙක් නම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,690
    113

    MAS හි 26,000කට රස්සා නැතිවීමට යයි; තවත් ෆැක්ට්‍රි 2ක් ළඟදීම ඉවරයි


    6 hours ago February 21, 2026



    අමලීන් පවුලට අයත් MAS Holdings සමූහ ව්‍යාපාරයේ තවත් කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමටත්, එක් කර්මාන්ත ශාලාවක සේවකයන් අඩු කිරීමටත් එහි පාලානාධිකාරිය තීන්දු කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිත සේවක කප්පාදුවේ සැලැසුම්වලට අනුව එය සිදු කිරීමට නියමිත බවද පැවසේ.

    මේවන විට MAS Holdings සමූහ ව්‍යාපාරය තුළ සේවය කරනු ලබන සේවක සේවිකාවන් 96,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත්, එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නම් එහි සේවක පිරිස 70,000 ක් දක්වා සේවක සේවිකාවන් 26,000කට ආසන්න පිරිසක් ඉවත් කළ යුතු බවත් වාර්තා වේ.
    මේ අනුව මුලින්ම MAS Holdings සමූහ ව්‍යාපාරයට අයත් හුදෙකලා කර්මාන්ත ශාලා වසා දැමීමේ සැලැසුම යටතේ පසුගියදා වසා දැමුණු තුල්හිරියේ MAS ෆැබ්රික් පාර්ක් හි පිහිටා ඇති MAS Kreeda Methliya ත් ඉන් පසුව ඉදිරියේදී වානවිල් හි පිහිටි MAS KREEDA Vaanavil කර්මාන්ත ශාලාවත් වසා දැමීමට නියමිත බව පැවසේ.
    ඉන් පසුව MAS Active ලෙස වෙළඳ කලාපවල ස්ථාපිත කර්මාන්ත ශාලා වසා දැමීමට සැලැසුම් කර ඇති බව MAS Holdings අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


    මේ අතර රත්නපුර පාරේ හොරණ පිහිටි, MAS Bodyline හි සේවක කප්පාදුවක් ද සිදු කිරීමට සැලැසුම් ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    කෙසේවුවද, මේවා වසා දැමීමේදී සේවකයන්ට තුන් මසක වැටුප් ගෙවීම, වෙනත් කර්මාන්ත ශාලාවකට රැකියා අවස්ථා ලබා දීම හා වන්දි ගෙවීම යන අවස්ථා MAS Holdings සමූහය විසින් සේවක සේවිකාවන්ට යෝජනා කිරීම ද සිදුකිරීමට නියමිතය.

    ප්‍රයෝගික නැති රැකියාමාරු

    කෙසේවුවද, ඉකුත් කාලයේදී MAS හි කර්මාන්ත ශාලා වසා දැමීමේදී එහි සේවකයන්ට වෙනත් කර්මාන්ත ශාලාවලින් රැකියා ලබා දීමට යෝජනා ලැබුණ ද ඒවා ප්‍රායෝගික නොවන බව ඉන් ඉවත්ව ගිය නම කීමට අකමැති සේවකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසී.
    ඒ ඇතැම්විට වසා දමන්නේ තුල්හිරියේ කර්මාන්ත ශාලාවක් නම් ඔහුට රැකියා අවස්ථාව හිමිවන්නේ රත්නපුරේ කර්මාන්ත ශාලාවකින් වීම නිසාය.


    මෙව්වා වර්ල්ඩ් බ්‍රෑන්ඩ් හෑල්ලවන වැඩ

    MAS හි කර්මාන්ත ශාලාවල අවසන් නිමැයුම් බවට පත්වන්නේ ලෝක ප්‍රසිද්ධ Victoria’s Secret, Nike, Adidas, Lululemon, Calvin Klein හා Tommy Hilfiger වැනි ඇඟලුම් සන්නාමයන්ය.
    කෙසේවුවද, මේ සම්නාමයන් සිය සේවක අයිතීන් සම්බන්ධයෙන් ඉතා ඉහලින් කටයුතු කරද්දී ඔවුන්ගේ අවසන් නිමැවුම් සිදුකරණ MAS වැනි ආයතන සිය සේවකයන්ගේ රැකියා සුරක්ෂාතභාවය සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් නොවීම ගැටලුකාරී බව ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ කියති.

    MAS හි යූනියන් නැහැ

    මේ අතර, MAS කර්මාන්ත ශාලාවල වෘත්තීය සමිති සපුරා තහනම් වේ. මේ තත්ත්වය හේතුවෙන් සේවක රැකියා අයිතීන් වෙනුවෙන් සමූහයක් ලෙස පෙනී සිටීමට බාධා ඇතිව තිබේ.

    BOI සහන – රිස්ස අරන් රොඩ්ඩ විසිකිරීම

    මේ අතර, MAS හි කර්මාන්ත ශාලා ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතියට යටත්ව වන අතර ඒ අනුව ඒවා සඳහා හිමිවූ අසීමිත බදු සහන හේතුවෙන් මේවන විට අදාළ සමාගම කර්මාන්ත ශාලා වසා දැමුවද ඒවායින් අති විශාල ලාභයක් ලබා ඇති බව පැවසේ.

    ලංකාවෙන් වැහෙන ෆැක්ට්‍රි ඉන්දියාවට

    මෙරටින් වසා දැමෙන බොහෝ කර්මාන්ත ශාලා ඉදිරියේදී ඉන්දියාවේ ස්ථාපිත කිරීමට නියමිත බවද මේවන විට වාර්තා වේ.
    ඒ භූගෝලීය දේශපාලනයට අනුව එම සමාගම් සිය ලාභය තහවුරු කර ගැනීමට ගන්නා ඉදිරි සැලැසුම්වලට අනුවය.


    ඉන්දියාව ලොව 4වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවන අතර, එහි සේවක පිරිවැය ඉතා අඩුවන අතරම, තාක්ෂණය හා ජලය විදුලිය වැනි පිරිවැය ද මෙරටට සාපේක්ෂව ඉතා අඩුඅගයක් ගනී.

    කොෆී විත් එඩිටර්ස්

    මේ අතර, MAS කර්මාන්ත ශාලා මෙසේ වැසීයාමත් ඉන් අහිමිවන රැකියා සම්බන්ධයෙනුත් හිරිවැටුණ මනසකින් සිටීමට එම සමාගමේ ප්‍රධානීන් මෙරට ප්‍රධාන පුවත්පත් කර්තෘවරු ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් සමඟ සිදුකරනු ලබන ගනුදෙනු ඉවල්ව ඇතැයි වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුළු ඇඟළුම් ක්ෂේත්‍ර ප්‍රවීනයෝ චෝදනා කරති.

    රජයේ වගකීම

    රජයටත් මේ සම්බන්ධ වගකීමක් ඇතැයි පෙන්වා දෙන ඔවුන් ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් විසින් ආනයන බදු වැඩි කරද්දී ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරයි.
    ඉන්දියාවට බදු අඩුවෙද්දී ලංකාවට එය හා සමානවීමට හෝ නොහැකිවූයේ ඒ නිසා බැව් ඔවුන්ගේ මතයයි.
    ඒසේම, ද්වි පාර්ශවික හා බහු පාර්ශවික ගිවිසුම් පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙන අදාළ පාර්ශව ඒවා කඩිනම් නොවුන හොත් අනාගතය මීට වඩා දරුණු වනු ඇතැයි ඔවුහු කියති.

    - https://sinhala.srilankamirror.com/news/mas-හි-26000කට-රස්සා-නැතිවීමට-යයි/
     

    Similar threads