yes but unless you prepare you vessel it's not going to light no matter how much bana
සෙය්යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්යෝ ආධාරේ ඨපිතෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්ය උදකභාරං ආදාය. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ ලභේථ උදකස්ස නික්ඛේපනන්ති.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කටගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට පුරුෂයෙක් ලොකු දිය බඳුනක් රැගෙන එනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුරුෂයාට තමා රැගෙන එන ජලය අර බඳුනෙහි දැමීමට අවස්ථාව ලැබෙනවාද?”
නෝ හේතං භන්තේ.
“ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”
ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං, න තස්ස ලභති මාරෝ ආරම්මණං.
“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.
යස්ස කස්සචි භික්ඛවේ, කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්ර තත්රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.
පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්රත්යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්රත්යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.
සෙය්යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්යෝ ආධාරේ ඨපිතෝ, තමේනං බලවා පුරිසෝ යතෝ යතෝ ආවජ්ජෙය්ය, ආගච්ඡෙය්ය උදකන්ති.
පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කට ගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට බලවත් පුරුෂයෙක් ඇවිදින් යම් යම් පැත්තකින් අර දිය බඳුන ඇල කරන්නේ නම්, ඒ ඒ පැත්තෙන් දිය ගලනවා නේද?”
ඒවං භන්තේ.
“එසේය, ස්වාමීනී”
ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්ර තත්රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.
“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්රත්යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්රත්යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබාගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.