නංගිට බබා ලැබුණෙන් ප්රිය බිරිය මගේ
සති දෙකකට ගියා සහයට ලඟට ඇගේ
පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදන බොන්නට වුනා වගේ
කළ විට සිනි බඳුනේ මුඩිය විවර
කොළයක දුටිමි මතකයි ඇගේ අත් අකුර
"මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර"
ලියලා තිබුණි පැන්සලකින් මගේ සොඳුර
ඇර තේ පෝච්චිය බැලුවිට තිබුණි ලියා
"පාළුයි වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා"
ෆිජ් එක ගෙදර බෝ තැන ඇස ගැටෙන නිසා
අලවා තිබුණි මුදු ආදර වදන් එයා
හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටි විට ඇගේ ගුණ වයමින් හද තුලිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි
දින පහ ගෙවී අවසන වැඩ නැති ශනිදා
දහවල් දවස ගතකර ඇඳ උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය හිතින් බදා
උරුවම් බබා ඇර අල්මාරියේ පියන
ඇඳුමක් සොයා ගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතර තෝ මුසල ගල් බමුණ"
"බොන්නද? යන්නේ" කොළයක අමුණා තිබිණ....
නිර්නාමික pdf එකකින් උපුටා ගත්තෙමි..
සති දෙකකට ගියා සහයට ලඟට ඇගේ
පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදන බොන්නට වුනා වගේ
කළ විට සිනි බඳුනේ මුඩිය විවර
කොළයක දුටිමි මතකයි ඇගේ අත් අකුර
"මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර"
ලියලා තිබුණි පැන්සලකින් මගේ සොඳුර
ඇර තේ පෝච්චිය බැලුවිට තිබුණි ලියා
"පාළුයි වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා"
ෆිජ් එක ගෙදර බෝ තැන ඇස ගැටෙන නිසා
අලවා තිබුණි මුදු ආදර වදන් එයා
හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටි විට ඇගේ ගුණ වයමින් හද තුලිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි
දින පහ ගෙවී අවසන වැඩ නැති ශනිදා
දහවල් දවස ගතකර ඇඳ උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය හිතින් බදා
උරුවම් බබා ඇර අල්මාරියේ පියන
ඇඳුමක් සොයා ගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතර තෝ මුසල ගල් බමුණ"
"බොන්නද? යන්නේ" කොළයක අමුණා තිබිණ....
නිර්නාමික pdf එකකින් උපුටා ගත්තෙමි..



