![]()
මාදුලුවාවේ සෝභිත හිමියනි,
ප්‍රථමයෙන්ම ඔබට සුභ උපන් දිනයක්!
ඔබ වහන්සේ මහා නායකයෙකි.
ඔබ වහන්සේ රටේ වීරයෙකි.
ඔබ වහන්සේ ජන නායකයෙකි.
නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.
ඔබ වහන්සේගේ විලි වසාගන්න,
බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.
“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.
දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.
- බුද්ධ වචනය
සෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ප්‍රශ්නෙකින් ගැලවෙන්න හරි අපූරුවට පාවිච්චි කරනවා.
දෙරණ නිවේදකයා අහනවා ඔබ වහන්සේ ඇත්තටම භික්ෂුවගේ කාර්ය භාරය ඉටු කරනවද කියලා.
එතකොට උන්වහන්සේ කියනවා
“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස හැසිරෙන්න" මේක තමයි බුද්ධ වචනය
මම ඒකයි මේ කරන්නෙ කියලා. එතකොට ඉතුරු ටික කෝ? ඒ ටික හැලුනෙ කොහොමද?
ඔබත් ධර්මය අධ්‍යනය නොකොට ඔබ ආධ්‍යාත්මික සුවයක් හොයන්න උත්සහා නොකොට බල කාමය පසුපස
යන මිනිස්සුන්ට කත් අදින ඔබ වහන්සේ කොහොම ද ධර්මය දේශනා කරන්නෙ.
ඔබ වහන්සේට අදට වසර 70ක්
කෝ ඔබ වහන්සේ ලැබූ ආධ්‍යාත්මීය දියුණුව?
කෝ බුදුන් කියු මඟ ඔබ ගියාද?
කෝ බුදුන් දේශනා කල මාර්ග ඵල ගැන ඔබ සොයාගත්තාද?
අඩුම තරමින් උත්සාහා කරනවද?
බුදුන් කොහෙදිද දේශනා කලේ භික්ෂූ දේශපාලනයක් ගැන?
හොඳම උදාහරණය බුදුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට තිබුණනෙ ලැබෙන්න නියමිත සක්විති රජ කමත්
අරගෙන ධාර්මිකව රට මෙහෙයවන්න. නැහැ බුදුන් දැක්ක ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි නියම සුවය කියලා.
ඒත් මේ සෝභිත හිමියන් දුවන්නේ මිත්‍යාවක් පසුපස නේද?
දැන් කවුද බුද්ධ වචනය අමු අමුවේ කෙලසලා දාන්නෙ?
සෝභිත හිමියනි ඔබ ජන නායකයෙක් වෙන්න භාවිත කරන්නේ කල්ප ගණනක් බුදුන් පෙරුම් පුරලා සොයා ගත්තු
සත්‍ය බෙදාහරින්න සිටින උත්තරීතර සංඝ රත්නයේ චීවරයයි. ඔය පාපය අත්හරින්න. සිවුර පසෙක දාලා ඔබ දේශපාලනය
කරන්න අපේ කිසිම තරහක් නෑ. හැබැයි ඔය උත්තරීතර සිවුර බල කාමයෙන් පෙළන්නන්ට කත් අදින්න පාවිච්චි කරන්න එපා!
තීරණය ඔබටම භාරයි....
boru dewal danna epa buruwoo..ubala wage awun thama lankawe budu dahama vinasa karanna ipaduna kalakanni..ubala wage kalakanni awun me raten nathi karala danna one




me rabutan kiyala hitiya ponz

