ඕකට කියන්න තියෙන්නෙ මෙච්චරයි
පහුගිය දවසක සෝමාවතියේ තිබ්බ පින් කමකට ගිහින්, ගංවතුරෙන් යටවෙලා මිනිස්සු කීප දෙනෙක් මැරුනා.
මේ තියෙන්නෙ ඒගැන ...
අපේ මිනිස්සුන්ගේ මෝඩ වැඩ....
-----
සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?
උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ
ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට
බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක
දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!
උපුටාගැනීම - boondi.lk
දැන් බලන්න පහු ගිය මාසෙක සිල් සමාදන් වීමක් තිබුනා සොමවතියේ එයට අදික පිරිසක් සහබාගී උනා... ප්රමාණවත් වැසිකිලි පහසුකම් තිබුනෙත් නෑ...
යටි තල පහසුකම් තිබුනෙත් නෑ ... අවට පරිසරය අපවිත්ර උනා දහස් ගණන් සහබාගී වීම හේතුවෙන් ... අන්තිමට ගං වතුර තත්වයක් ඇති උනා ... ඕවත්
සමහර විට හාස්කම් නිසා වෙන්න ඉඩ තියෙනවා මචන්.... දෙයක් එක පාරටම බැහැර කරන්න බෑ.... මෙවැනි දේවල් තුලින් ගසා කන්නන් ද නැත්තෙමත් නෑ..


හැම දෙයකටම හේතුවක් තියෙන්න පුළුවන්
((((((

kawru hari mekata garu karapu ekata salakanna ona !!