Try ekak danna one. Good post brother. Thank you 



Ado ehema wenawada?bonna epa wesiye kukku loku karaganna oneda
පට්ට බන් තැන්ක්ස්ඔබගේ එළදෙන ඉස්සර වගේ කිරි දෙන්නේ නැද්ද? එළදෙන ඉන්නේ නෝක්කාඩුවෙන්ද? ගණන් උස්සලාද? මෙන්න විසඳුම.
සෝයා කිරි.
ඉතිං ලංකාවේ වෙසියනි, උම්බලා ෂෙනිපෙන් යින්නවද? බෙල්ල එහෙම තියනවද? පාරේ හරක් වගේ යන් නෑ නේද? හරි හරි. එළකිරි බීල හරක් වගේ වැඩ කරන් නැතුව සෝයා කිරි බීල වෙනස් වෙන්න බලමු. පට්ට ලේසියි.
ඉස්සෙල්ලා සෝයා බීන්ස් (සෝයා ඇට) ගන්ඩෝනෙ.
ප්‍ර : අයියෙ මෙව්ව කොහෙන්ද ගන්නෙ?
උ: මෙව්වා තොග කඩවල, කීල්ස් එකේ, ග්ලොමාක් සහ තවත් ස්ථාන වල තිබේ.
ප්‍ර : අයියෙ සතොසේත් තියනවද?
උ: බන්දුලගෙන් අහන්න ඕන.
රයිට්, ඊළඟට මේ සෝයා ඇට මේස හැඳි දෙකක් දෙකහමාරක්
අරගෙන overnight පෙගෙන්න දාන්න ඕන. මෙන්න මේම. සෝයා ඇට මේස හැඳි දෙකකින් කිරි ලීටරයක් හදා ගත්ත හැකි.
View attachment 115794
පහුවදා උදේ මේ ඇට යන්තන් අතින් ලාවට එහෙමෙහෙ කරනකොට පොත්ත (සිවිය) ගැලවිලා යනවා. හරි ලේසියෙන් ගැලවෙනවා. ඒක අයින් කරන්න. සමහර සුද්ද කරපු ඒවගේ කොහොමටවත් සිවිය නැහැ.
ඊළඟට මේක හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්න.
මේම මේම .....
View attachment 115795
View attachment 115796
ප්‍ර : අයියෙ දැන් බොන්නද?
උ: පෙරලා බොන්න හදිස්සි වෙන්න එපා යකෝ මේකේ තව වැඩ තියනවා. රත්කරල බිව්වේ නැත්තං බොන්න බෑ.
මේ ඉතිරි වෙන කුඩු ටිකෙනුත් ප්‍රයෝජනයක් ගන්න තරං කුම්මැහියෙක් වෙන්න අමතක කරන්න එපා. ඔය ටිකත් ගුණයි. ඒක ෆ්‍රිජ් එකේ දාල තියන්න, ඒක පිටි එක්ක මිශ්‍ර කරලා වෙන කෑමක් හදන්න පුලුවන්. මම රොටියක් හැදුවා. ඒක ගෝදම්බ රොටී වගේ. රසයි.
View attachment 115797
හරි දැන් අපේ කිරි එක..... ආවු, ලිපේ තියල හැඳි ගාන ගමන් හොඳට රත්වෙනකන් හරි උතුරනකන් හරි තියන්න ඕන. නැත්තං කොළ රහක් එනවා.
මේ තියෙන්නෙ රත්කරපු මෙව්ව එක.... මේකේ පෙණ අයින් වෙන්නේ එළකිරිවල යොදය වගේම තමා.
View attachment 115798
ප්‍ර: අයියෙ දැන් ......
උ: ඔව් බං ලිපෙන් බාල පොඩ්ඩක් තියල ගන්න. හැබැයි ඕන නං එක්ස්ට්‍රා රසයක් ඇඩ් කරගන්නත් පුළුවන්. පැණි, කුළුබඩු මොනාහරි දාන්නත් පුළුවන්. මම සීනී දාල බැලුවා එච්චරම ඇල්ලුවේ නැහැ.
මේ තියෙන්නේ...... මම දැම්මේ cinnamon powder.
ප්‍ර : අයිය පොස්ද?
උ: මම කුරුඳු කුඩු දැම්මෙ....
View attachment 115799
View attachment 115800
අහ් ඕකේ.
ප්‍ර : මේක එළකිරි වගේමද?
උ: මේ සෝයා කිරි බං. ඒත් මට ඒකෙ රහ ශේප්.
ඉතිං මා හිතමිත්‍ර ලංකාවේ වෙසියනි...., ඕගොල්ලෝ කැමතිනං මාවත් සබ්ස්ක්‍රෛබ් කරන්......
ප්‍ර: අයියෙ මේකෙ මොකුත් නෑනේ සබ් කරන්න...
උ: අහ් ඔවුනේ. ඉස්සරහට වැඩක් කරොත්, එතකොට හෙල්ප් එකක් දීපං. උම්ම
ඉතිං බ්‍රදර්ස්/සිස්ටාස්, ඔබට ජයෙන් ජයම වේවා! මේක ඔමේගා 3 එහෙම තියන ගුණ බීමක්. අධි රුධිර පීඩනයටත් හොඳයි මං හිතන්නෙ.
එහෙනං..... සෝයා කිරි බොමු, එළදෙන සතුටින් තියමු......![]()

අයිස් ක්‍රීම් නම් අවුලක් නැ බන් මේක හදලා බලන්ඩ ඕනබොහොම ස්තුතියි පොරොන්දු වෙච්චි විදිහටම පෝස්ට් එක දැම්මට.
මේක බ්ලෙන්ඩ් කරද්දි වතුර කොච්චර දානවද කියලා නෑ. ලීටරයක් කියලා හිතා ගත්තා ලීටරයක් හදන්න පුළුවන් කිව්ව නිසා.
මේකත් අර ටෝෆු,මාමයිට්, දූරියන් වගේම දෙයක් වගේ. අසා මිනිස්සු හොඳටම ආසයි. තවත් සෙට් එකකට පෙන්වන්න බෑ.
ලන්කාවේ ගොඩක් alternatives තියනවා මචන්. මිනිස්සු ජරාව බිබී ලෙඩ හදාගන්නේ. වෙලාවකට හිතෙනවා මම හදාගන්න දේවල් යූටියුබ්/බ්ලොග් එකකට දාන්නත්.Thanks මේක දැම්ම එක හොඳයි. දොවන තැනකින් මම එළකිරි ගත්තෙ. එතැන අපිරිසිදුයි. Aultanative එකක් හොය හොයා හිටියේ![]()