මටත් පහුගිය අවුරුද්දේ තෝර ගන්න වුනා ගෙයක් ගන්නවද හදනවද කියන එක. මට තිබුනු කාලේත් එක්ක මම කලේ ගෙයක් ගන්න එක. හිටපු පලාතෙන් කිලෝමීටර් 10ක් විතර ඈතින්. ඉතින් අවුරුදු ගානක් පුරුදු පලාත අතඇරලා එන්න සිද්ද වුනා. පදිංචි වෙලා අවුරුද්දක් විතර පාවිච්චි කරපු ගෙයක් තමා ගත්තේ. පවුලේ සාමාජික ප්‍රමාණය අඩුනිසා තනිතට්ටුවේ ගෙයක් ගත්තේ. නඩත්තුවත් අඩු නිසා තනිතට්ටුවක් ගන්න තීරණය කලා. අවුරුදු 40ක් පස්සට ඔප්පුව check කලා. කලින් හිටපු වුන් current bill, water bill settle කලාද කියන එක කීප වාරයක් check කලා. වරිපනම්, ග්‍රාමසේවක එක්ක හොයල බැලුවා. Drainage, Bathroom fittings, CCTV, AC වගේ ඔප්ෂන් advertise කරල තිබුනු විදියට ක්‍රියාකාරී මට්ටමේ තියද හොයල බැලුවා. අවට ඉන්න අසල්වැසියෝ ගැන හොයල බැලුවා. මේ ඔක්කොම කරන්න තිබුනේ මාසයයි. ගෙදරට අඩිය තිබ්බම ඔලුවට දැනුනු දේ එක්ක ගෙදර ගත්තා. ගොඩක් අවස්ථාවල lawyer කෙනෙක් එක්ක තමයි වැඩ කලේ. දැනට ගැටලුවක් නෑ. ගෙයක් හදන්න තරම් අදහසක් වත් කාලයක් වත් තිබුනේ නෑ.
හොල්මන්, ගැන ලොකු අදහසක් නෑ. ඇත්තට දැකල නැති නිසා විශ්වාස කරන්නේ නෑ
ජීවිතේ වෙනස් වෙන විදියට හැඩගැහෙන එක තමයි හොදම