හඳහන තුලින් රෝග විනිෂ්චය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    මේ නූල එලකිරි එකේ ජ්‍යොතිෂ විෂයක් වශයෙන් ඉගෙන ගන්නා හා ඉගෙනගැනීමට කැමැත්ත දක්වන අය සඳහාය. මෙහිදී විෂය හරිද වැරදිද වැනි තර්ක අවශ්‍ය නොවේ. මන්ද මේ ඒ වැනි තර්ක සඳහා දමන ලද නූලක් නොවීමයි.

    මේ මට ඊයේ දිනයේදී බලන්නට ලැබුන හඳහනකි. බැලූ බැල්මට ඉහෙන් බහින ලෙඩක් නැතැයි පෙනුනත් ගැඹුරින් පරික්ෂා කිරීමේදි යම් රෝග තත්වයක් පෙනේ. ඒ නිසා මේ සම්බන්ධව විග්‍රහ කිරීමට සුදුසුම හඳහන මේ යැයි මට සිතුනි.

    TRyPent.jpg

    1963 සැප්තැම්බර් මස 10
    පැය 23:35ට
    මුව සිරස නැකත 2වන පාදය
    අව අටවක තිථිය
    සිද්ධි යෝගය
    කෞලව කරනය
    උප්පත්තියෙන් කුජ මහදසාව ඉදිරියට අවු:04 මාස:10 දින:11​

    සාමන්‍යයෙන් අපට ඇති වන අසනීපතත්වයන් ගැන බලන්නේ හඳහනක 6 වෙනි කොටුවෙනි. මේ කොටුවට අධිපති ග්‍රහයා, ඔහු සිටින කොටුව, හා හඳහනේ 6වැන්නේ සිටින ග්‍රහයා, ඔහුට අනෙක් ග්‍රහයින්ගෙන් වැටෙන දෘෂ්ඨි හා 6 වැන්න අධිපතියා සමග සංයෝගවී සිටින අනෙක් ග්‍රහයන් යන මේවා රෝග නිර්නයට මූලික වශයෙන් භාවිතාවේ.

    මේ හඳහන බැලූ විට පෙනෙන්නේ මේ තැනැත්තියගේ කුජ හා සිකුරු ඇරෙන්නට අනෙක් සියලූම ග්‍රහයන් එක්කෝ උච්ච ස්වාභාවයෙන් හෝ නැතිනම් ස්වක්ශේත්‍ර ස්වාභාවයෙන් සිටින බවය. එයිනුත් කුජ ග්‍රහයා සිටින්නේ විපරීත රාජ යෝගයකිනි.(මේ සම්බන්ධව කලින් ලිපියක් "ජ්‍යොතිෂ හා අපි" නූලෙහි පල කර ඇත.)

    සාමාන්‍ය සම්මතයේ හැටියට 6 වැන්නේ සෞම්‍ය ග්‍රහයින්ට වඩා ඔරොත්තු දෙන දුෂ්ඨ ග්‍රහයින්(සෙනසුරු,කුජ,රාහු,රවි ) සිටීම සුභය.

    මේ පෙන්වා දී ඇත් හඳහනේ 6 වැන්න අධිපතියා වන්නේ සිකුරු ග්‍රහයාය. මේ හඳහනේ 4 වැන්නේ සිකුරු තැම්පත් වී ඇති බව පෙනේ. මෙහි 4වැන්න සිංහ රාෂියයි එය සිකුරුට සතුරු රාශියකි. එමෙන්ම එහි බලවත්ව සිටින රවිද සිකුරු ග්‍රහයාට සතුරුය. සිකුරු මේදය නරක් කර අසනීප සාදවන ග්‍රහයෙකි. කුජ මෙන්ම රවිද ලෙ නහර හා උෂ්නත්වයට බලපායි. මේ හඳහනේ නවාංෂකය කටක නවාංශකයයි ඒ නිසා මෙහි 22 දෙර්කානාධිපතියා රවිය.(22 දේර්කානාධිපතියා ගැන වෙනත් ලිපියකින් පැහැදිලි කරමි. දැනට තේරුම් ගත යුත්තේ 6 වැන්නාදිපති සිකුරු 22 දේර්කානාධිපතියා සමග සිටින බවයි.)
    4 වැන්නේන් කිය වෙන්නේ ෂරීරයේ පපුව ප්‍රදේෂයයි.
    මේ සියල්ල සම්පින්ඩනය කර ගත් විට පපුවේ නහරවල මේදය තැම්පත් වීම නිසා අසනීප වන බව පෙනේ.
    නමුත් නිකන්ම ඒසේ කියා පලාපලය නතර කල නොහැක. දැන් බැලිය යුත්තේ මේ අසනීපය ඇතිවන්නේ කුමන කාලයකදීද කියාය.
    දසා අපහැරනය අනුව ඉදිරියට ගනන් සාදාගෙන යන විට දැන් සෙනසුරුගේ සඳු අතුරු දසාව බව පෙනේ. සෙනසුරු නම් හැමටම නරකය. නමුත් වෘෂභ ලග්න හිමියන්ට සුභය. එනමුත් මේ හඳහනේ භාදක ග්‍රහයා වන්නේ සෙනසුරුය. ඒ වෘෂභ සිංහ වෘෂ්චික හා කුම්භ යන ස්තිර රාශි ලග්න වලට 9 වැන්නාධිපති භාධක ග්‍රහයා වන නිසාය. සාමාන්‍යයෙන් සඳුද සෙම හා මේද ගති ඇති ග්‍රහයෙකි. මේ නිසා මේ ජන්මියා මේ ගත කරන වර්ථමානකාලයෙදි මේ රෝගයට ගොදුරු වී ඉන් පසු ආරම්භ වන කුජ අන්තර් දසා කාලයේදී බොහෝදුරට බයිපාස් සැත් කමකට භාජනය විය යුතුය.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හොද පැහැදිලි කිරීමක් සහෝ.. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට වටිනා සරළ පැහැදිලි කිරීමක්.. ස්තුතියි..
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    ඔව් තර්ක කරන්න ශක්තිය මදි වීම. යකෝ එහෙමනම් එක්ස් රේ ස්කෑනින් අනන් මනං ඕන වෙන්නේ නැහැ නේ. බයිලා එපා ලොක්කා.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මටනම් ඕව අල්ලන්නේ නෑ බන්! බොරු කාරයො පිරිලා නිසා පොඩි හරි ඇත්තක් තිබුනා උනත් එකත්
    හොයා ගන්නවත් නැ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මටනම් ඕව අල්ලන්නේ නෑ බන්! බොරු කාරයො පිරිලා නිසා පොඩි හරි ඇත්තක් තිබුනා උනත් එකත්
    හොයා ගන්නවත් නැ

    :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොද පැහැදිලි කිරීමක් සහෝ.. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට වටිනා සරළ පැහැදිලි කිරීමක්.. ස්තුතියි..

    එළකිරි කොල්ලෙක්;16425330 said:
    එළ වැඩක් ;)


    බොහොම ස්තූතියි..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මටනම් ඕව අල්ලන්නේ නෑ බන්! බොරු කාරයො පිරිලා නිසා පොඩි හරි ඇත්තක් තිබුනා උනත් එකත්
    හොයා ගන්නවත් නැ


    අවාසනාවකට ඔයා කියන එක ඇත්ත සහෝ:(