හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය රාළගෙ බුදු දහමයි අපි දන්න බුදු දහමයි සාමන්යෙන් වෙනස්, අලුත් අලුත් දේවල් කියනව අන්තිමට කොහෙද එහෙම කියල තියෙන්නෙ අහපුවම කොහෙ හරි ඉන්න හාමුදුරු කෙනෙක්ගෙ නමක් කියනව, ඒකත් හොයන් ගියාම ඒව ඒ හාමුදුරුවො අලුතින් කියන මොඩ් බනක් මිසක් බුදු දහමෙ තියෙන දෙයක් නෙමේ ඔන්න ඔකයි රාළගෙ කෙරුවාව.

    එකනෙ :D කුරානෙන් වාක්‍යක් අරන් පෙන්නනවද දන්නෙත් නෑ, ගත්තේ කොහෙන්ද කියල ඉස්සෙල්ල කියල ඉන්න එපාය මොනව කරන්නත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20672165 said:
    උඹ කලින් කොතනක වත් ලිව්වෙ නෑනේ ගූගල් එකේ හෙව්වා, හම්බු වුණේ නෑය කියල. කිව්ව නම් අපි උඹේ ඇඟට ගොඩ වෙන්නෙ නෑනේ මෙහෙම :P

    ඒක නේන්නම් බං මම කලින් කිව්වෙ අමාරු නෑ හොයාගන්න, හොයන්න බලන්න කියලා.

    හරි, හොයාගන්නම බැරි නම්, මමම ලියන්නම්කෝ

    බුදු හාමුදුරුවො මෙහෙම වදාරණවා
    , නොදැනුවත්කම නිසා මෙහෙම වෙනවා, නොදැනුවත්කම නැති කළාම (ඒ කියන්නෙ තවත් අළුතින් දැනගන්න දෙයක් නැති බවට දැනගත්තම) මෙහෙම වෙනවා, (මෙතන "මෙහෙම වෙනවා" කියන එක නූලේ මාතෘකාවට අදාළ නෑ, අනික ඒක ගැඹුරුයි). මෙතෙන්දි බුදු හාමුදුරුවො නොදැනුවත්කම හඳුන්වන්නේ අවිජ්ජා කියන ශබ්දයෙන් නැත්තම් වචනයෙන්. ඒ කියන්නෙ සිංහලෙන් අවිද්‍යාව කියන එක. බුදු රජාණන් වහන්සේ නොදැනුවත්කම නැතිකිරීම කියන එකට කියන්නෙ අවිජ්ජා නිරෝධා, ඒ කියන්නෙ සිංහලෙන් අවිද්‍යාව නැති කිරීම, නැත්තම් සිංහලෙන් කිව්වොත් විද්‍යාව.

    එතකොට බුදු හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීමට අනූව විද්‍යාව කියන වචනෙ තේරුම නොදැනුවත්කමින් තොර වීම නැත්තම් තවත් අළුතින් දෙයක් දැනගන්නට නැති වීම.

    ඒත් අපි අද විද්‍යාව කියල අදහස් කරන්නේ එහෙම දෙයක් නෙවෙයි නේ. දියුණු වෙන, අළුත් වෙන, වෙනස් වෙන දෙයක් කියල නේ.

    මේ දෙකෙන් කොයිකද හරි ?

    බුදු හාමුදුරුවො වදාරන්නෙ ලොකොත්තර විද්යාව ගැන , ඒකට භෙතික විදයාව පටලො ගන්ඩ එපා, ඔක අන්ත දෙයක්.:no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදු හාමුදුරුවො කිව්වයි කියන විද්‍යාව එකක් , බටහිර විද්‍යාව තව එකක් , අපි මේ කොදෙව්වෙ තියන සින්හල කියන බාසාවෙන් ඔය දෙකටම එක වචනයක් යෙදුව කියල ඔය දෙක සමාන වෙන්නෙ නෑනෙ.

    මොන ගොන් ප්‍රශ්නයක්ද.:dull:

    :oo: ඇත්ත, එහෙම බැලුවොත් දැන් කාලේ ජ්‍යෝතිෂ්‍ය, ෆෙන්ෂුයි කාරයො කියන්නෙත් ඒවා විද්‍යා කියල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකනෙ :D කුරානෙන් වාක්‍යක් අරන් පෙන්නනවද දන්නෙත් නෑ, ගත්තේ කොහෙන්ද කියල ඉස්සෙල්ල කියල ඉන්න එපාය මොනව කරන්නත්.
    ඔය අවිදයාවට විචාරය දීල තියෙනෙත් නිකන් කුරානෙන් ඉස්සව වගේ කතාවකින්, බුදු දහම ලොකොත්තර මාරගය පෙන්න්නෙ බොහො අවස්තා වලදි, එහෙමත් නැත්තන් අවසන් ඵලය ලොකොත්තර මාරගය, එහෙම දහමක් එක්ක නුතන භෙතික විදයාව ඈදල මොකක්ද හරි අහනව නිකන් අහසයි පොලොවයි වගේ,
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕකම මෙහෙම ගමුකො. කවුරුහරි ත්‍රෙඩ් එකක් දානව , බුදු රජාණන් වහන්සේ නිවන යන වචනයට අර්ථ ගැන්වූයේ "ලෝක පාලක දෙවියන් හමුවට ගොස් සදාකල් සැප විදීමයි" කියල.

    එහෙම කතාවක් ජීවිතේට අහල නැති, ඒක වැරදි කියල හිතන කෙනෙක් ඉස්සෙල්ලම අහන්නෙ බුදුහාමුදුරුවෝ එහෙම කියල තියෙනවද, ඒ කොහෙද කියල අහන එක නෙවේද ? එතකොටත් ත්‍රෙඩ් එක දාපු කෙනා කිවොත් ඔයා තනියම එක හොයාගන්න මට ඔක්කොම කියන්න බෑ කියල, අවුල මගේද එයාගේද ? එහෙම කියල තියෙනවද නැද්ද කියල නොදැන සංවාදයක් ඉස්සරහට යයිද ? :baffled:

    ඔයා මෙතන දෙවනියට දාල තියෙන රිප්ලයි එක බලන්න.ඒකෙන් පෙන්නෙ ඔයාට මේ ගැන ගැඹුරින් හොයා බලනන්න අවශ්‍යතාවයක් නෑ කියන එකයි.

    යමක ඇත්ත නැත්ත හරියට දැනගන්න නම් අනුන් සොයා දෙන දේ මතම නොරැඳී තමන්ම ඒ ගැන ගවේශණයක යෙදෙන්න ඕනෙ.
     

    chathu4742

    Well-known member
  • බුද්ධිමත් සංවාදෙකට එන්ඩ කියපු උන්ගෙ බුද්ධියේ තරම අම්මප... මිනිහෙක් නොද්දන්න දෙයක් අහපුවාම උබලට හැම දේම ලඟට ගෙනත් දෙන්න ඕනද කියල අහන මෝඩයා කව්ද? බුදු හාමදුරුවො දේශනා කරපු නොකරපු දෙයක් කෙනෙක් දැනගෙන ඉන්නත් පුලුවන් නොදැන ඉන්නත් පුලුවන්. අඩුම ගානෙ thread එක දාපු මනුස්සයා තමන් බුදු හාමදුරුවො මෙහෙම දේශනා කරලා තියෙනවා කියල දැකපු තැන වත් කියල නෑ. නිකන්ම ඔහේ කියවලා...ඉස්සෙල්ලා හරවත් මාතෘකාවකට බහින්න කලින් ඒ ගැන පසුබිම හදන්න ඉගෙන ගන්න. අනික ඔය avatar එකට බෝ කොල දාගෙන ඉන්න උන්නැහේ... ඔබතුමා බුද්ධ ධර්මය ගැන මොන මොන තරං දන්නවද කියල කියන්න අපිට හිත් කියවන්න බෑ. කෙනෙක් දෙයක් අහපුවාම ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඒ කෙනාට හොදින් උත්තර දෙන්න. අන්‍යාගමිකයෙක් ඔහොම අහලා ඔබතුමා ඔහොම උත්තර දුන්නොත් බුද්ධ ධර්මය ඉහලින්ම ප්‍රගුණ කරපු ඔබ තුමා ගැන ඇදන් ඉන්න රෙදි ගලවල පෙන්නුවාට වඩා ලැජ්ජයි ආයිබෝං...:oo:
     

    chathu4742

    Well-known member
  • ඉතින් අනුන්ගේ වැඩකට මම මහන්සිවෙන එක තේරුමක් නෑ නෙ නේද ? :P මට වෙන වැඩ නැතුව නෙවේ නෙ. බුදුහාමුදුරුවෝ විද්‍යාව ගැන මොකක් කියල තිබුනත් එක මට වැඩක් නෑ. ඒ ගැන සංවාදයක් කරන්න ඕනේ කෙනා අදාළ පසුබිම හදන්න ඕනේ.

    පොඩි එකෙක් ගණන් අහගන්න කියල ඇවිත් කෝ ඔයාගේ අච්චු පොත කියල අහපුවම, අයිය එක හොයාගන්න මම අච්චු පොත ගෙනාවේ නෑ කිවම ඇතිවෙන තත්වේ හිතාගන්නකෝ :D උට ගණන් අහගන්නත් ඕනේලු කියලදෙන ගණන් මොනවද කියල බලන්න මමම අච්චු පොත හොයන්නත් ඕනේ. අච්චු පොත ගෙන්නවත් උවමනාවක් නැති එකෙක්ට ගනන් කියලදෙන්න ඇයි අපි මහන්සිවෙන්නේ නේද :D

    සංවාදය පටන්ගන්න කෙනා එයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්න නිහතමානි නැත්තන්, අපි මොකටද අපි දන්න දේ එයාට කියල දෙන්න මහන්සිවෙන්නේ. එයාටත් තියෙන්නේ එක තනියම ගවේෂණය කරල හොයාගන්න නෙ. මොකටද ත්‍රෙඩ් දාන්නෙ සංවාද කරන්න. :)

    True Story:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බුද්ධිමත් සංවාදෙකට එන්ඩ කියපු උන්ගෙ බුද්ධියේ තරම අම්මප... මිනිහෙක් නොද්දන්න දෙයක් අහපුවාම උබලට හැම දේම ලඟට ගෙනත් දෙන්න ඕනද කියල අහන මෝඩයා කව්ද? බුදු හාමදුරුවො දේශනා කරපු නොකරපු දෙයක් කෙනෙක් දැනගෙන ඉන්නත් පුලුවන් නොදැන ඉන්නත් පුලුවන්. අඩුම ගානෙ thread එක දාපු මනුස්සයා තමන් බුදු හාමදුරුවො මෙහෙම දේශනා කරලා තියෙනවා කියල දැකපු තැන වත් කියල නෑ. නිකන්ම ඔහේ කියවලා...ඉස්සෙල්ලා හරවත් මාතෘකාවකට බහින්න කලින් ඒ ගැන පසුබිම හදන්න ඉගෙන ගන්න. අනික ඔය avatar එකට බෝ කොල දාගෙන ඉන්න උන්නැහේ... ඔබතුමා බුද්ධ ධර්මය ගැන මොන මොන තරං දන්නවද කියල කියන්න අපිට හිත් කියවන්න බෑ. කෙනෙක් දෙයක් අහපුවාම ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඒ කෙනාට හොදින් උත්තර දෙන්න. අන්‍යාගමිකයෙක් ඔහොම අහලා ඔබතුමා ඔහොම උත්තර දුන්නොත් බුද්ධ ධර්මය ඉහලින්ම ප්‍රගුණ කරපු ඔබ තුමා ගැන ඇදන් ඉන්න රෙදි ගලවල පෙන්නුවාට වඩා ලැජ්ජයි ආයිබෝං...:oo:

    :yes::yes:
     
    බුදු හාමුදුරුවො කිව්වයි කියන විද්‍යාව එකක් , බටහිර විද්‍යාව තව එකක් , අපි මේ කොදෙව්වෙ තියන සින්හල කියන බාසාවෙන් ඔය දෙකටම එක වචනයක් යෙදුව කියල ඔය දෙක සමාන වෙන්නෙ නෑනෙ.

    මොන ගොන් ප්‍රශ්නයක්ද.:dull:
    දැනගන්න තවත් දෙයක් ඉතුරු නෑ කියල කිව්වම ඒකට බටහිරද , නැගෙනහිරද, උතුරද දකුණද,ඊසානද, නිරිතද, ගිනිකොණද හෝ වයඹද යන්න අදාළ වෙන්නෙ නෑ. මොකද ඒ ඔක්කොම දැනිලා ඉවරයි. තවත් අමුතුවෙන් දැනගන්න දෙයක් නැති හිංදා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    මම නං මචං ලොකූවට ධර්මය හදාරපු එකෙක් නෙවෙයි....ඒත් මචං බෞද්ධ දර්ශණයේ පදනම වෙන්නෙම සියලු දේ අනිත්‍යයි කියන එක නේද එතකොට විද්‍යාව කියන දේ නිත්‍ය වෙන්න බෑ නේද?? මම දන්න විදිහට විද්‍යව කියන දේ හැමදාම අලුත් සොයාගැනීම් එක්ක වෙනස් උනා අප්ඩේට් උනා අනාගතේදිත් දිගටම අප්ඩේට් වෙයි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20672165 said:
    බුදු හාමුදුරුවො මෙහෙම වදාරණවා, නොදැනුවත්කම නිසා මෙහෙම වෙනවා, නොදැනුවත්කම නැති කළාම (ඒ කියන්නෙ තවත් අළුතින් දැනගන්න දෙයක් නැති බවට දැනගත්තම) මෙහෙම වෙනවා, (මෙතන "මෙහෙම වෙනවා" කියන එක නූලේ මාතෘකාවට අදාළ නෑ, අනික ඒක ගැඹුරුයි). මෙතෙන්දි බුදු හාමුදුරුවො නොදැනුවත්කම හඳුන්වන්නේ අවිජ්ජා කියන ශබ්දයෙන් නැත්තම් වචනයෙන්. ඒ කියන්නෙ සිංහලෙන් අවිද්‍යාව කියන එක. බුදු රජාණන් වහන්සේ නොදැනුවත්කම නැතිකිරීම කියන එකට කියන්නෙ අවිජ්ජා නිරෝධා, ඒ කියන්නෙ සිංහලෙන් අවිද්‍යාව නැති කිරීම, නැත්තම් සිංහලෙන් කිව්වොත් විද්‍යාව.

    එතකොට බුදු හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීමට අනූව විද්‍යාව කියන වචනෙ තේරුම නොදැනුවත්කමින් තොර වීම නැත්තම් තවත් අළුතින් දෙයක් දැනගන්නට නැති වීම.

    ඒත් අපි අද විද්‍යාව කියල අදහස් කරන්නේ එහෙම දෙයක් නෙවෙයි නේ. දියුණු වෙන, අළුත් වෙන, වෙනස් වෙන දෙයක් කියල නේ.

    මේ දෙකෙන් කොයිකද හරි ?

    බුද්ධාගම ගැන නං දන්නේ නෑ මට හිතෙන අදහස කියන්නං,

    මෙතන වචන පාවිච්චි වෙන්නෙ බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය මාර්ගෙට අදාලව නේද. ඔතන අවිද්‍යාව කියන එකෙන් නිකන් මිත්‍යා දෘෂ්ටිය/නොදැනුවත්කම නිසා නිවන ගැන වැරදි මතේක ඉඳීම වගේ අදහසක් නේද එන්නේ. අපි මුස්ලිම් මනුස්සය අවිද්‍යාවේ ඉන්නෙ කියනකොට එයා ලෝකේ ගැන ජිවිතේ ගැන මරණින් පස්සේ වෙන දේ ගැන හිතන් ඉන්න දේවල් වලට සාපේක්ෂවනෙ එයා අවිද්‍යාවේ ඉන්නව කියන්නෙ. නැතුව ඒ මනුස්සය වෙන වැඩක් කරනකොට එකත් අවිද්‍යාව කියන්නේ නෑ නෙ. ඒකම අනිත්පැත්තට විද්‍යාව කිවම සත්‍ය/නිවැරදි මතය වගේ අදහසක් එනව තමා හැබැයි මෙතන විද්‍යාව කියල කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු මාර්ගයට අදාලව නෙ. එකේ අලුතින් හොයල දැනගන්න එකක් නෑ කියල කියන්නෙ බුදුහාමුදුරුවෝ ඒක හොයල දීල ඉවරයි නෙ. බෞද්ධයෝ එක ගැන ප්‍රශ්න අහන්නෙත් නෑ නෙ. ඉතින් මෙතන කතාකරන අවිද්‍යාවට සාපේක්ෂ විද්‍යාව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන පරම සත්‍ය හැටියට දේශනා කරල තියෙන නිසා එකේ ආය වැඩිදුර හොයන්න පර්යේෂණ කරන්න, අලුතින් දැනගන්න දෙයක් නෑ.

    නවීන විද්‍යාවේ විද්‍යාව කියන්නේ නිවනක් ගැන කියන එකක් නෙවේනෙ. 'විද්‍යාව' කියන වචනෙ අපි එතනත් පාවිච්චි කරාට බටහිර විද්‍යාවේ එහෙම පරම සත්‍ය කියල එකක් නෑ හැමදාම අලුත් වෙන දේකට ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. ඉතින් බුදුහාමුදුරුවෝ උන්වහන්සේ හොයාගත්ත නිවන් මග ගැන කියන්න පාවිච්චි කරපු වචනෙ අපි වෙන වෙන දේවල් ගැන හොයන දෙකට ආදේශ කරල ඒ අදහස අරකෙත් ඇති කියල හිතන එක ගැලපෙන්නේ නෑ මම හිතන්නෙ. :oo:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහමේ කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධනොවීම අවිද්‍යාව කියල. ඕක Science එක්ක කිසිම සම්බන්ධයක් නැහැ
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධිමත් සංවාදෙකට එන්ඩ කියපු උන්ගෙ බුද්ධියේ තරම අම්මප... මිනිහෙක් නොද්දන්න දෙයක් අහපුවාම උබලට හැම දේම ලඟට ගෙනත් දෙන්න ඕනද කියල අහන මෝඩයා කව්ද? බුදු හාමදුරුවො දේශනා කරපු නොකරපු දෙයක් කෙනෙක් දැනගෙන ඉන්නත් පුලුවන් නොදැන ඉන්නත් පුලුවන්. අඩුම ගානෙ thread එක දාපු මනුස්සයා තමන් බුදු හාමදුරුවො මෙහෙම දේශනා කරලා තියෙනවා කියල දැකපු තැන වත් කියල නෑ. නිකන්ම ඔහේ කියවලා...ඉස්සෙල්ලා හරවත් මාතෘකාවකට බහින්න කලින් ඒ ගැන පසුබිම හදන්න ඉගෙන ගන්න. අනික ඔය avatar එකට බෝ කොල දාගෙන ඉන්න උන්නැහේ... ඔබතුමා බුද්ධ ධර්මය ගැන මොන මොන තරං දන්නවද කියල කියන්න අපිට හිත් කියවන්න බෑ. කෙනෙක් දෙයක් අහපුවාම ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඒ කෙනාට හොදින් උත්තර දෙන්න. අන්‍යාගමිකයෙක් ඔහොම අහලා ඔබතුමා ඔහොම උත්තර දුන්නොත් බුද්ධ ධර්මය ඉහලින්ම ප්‍රගුණ කරපු ඔබ තුමා ගැන ඇදන් ඉන්න රෙදි ගලවල පෙන්නුවාට වඩා ලැජ්ජයි ආයිබෝං...:oo:

    මම එහෙම කිව්වෙ මෙයාගෙ කාලෙක ඉඳල දැකපු පොඩි දුර්වලතාවයක් පෙන්වලදෙන්න මිසක් මෙයාව අපහසුතාවයකට පත් කරන අදහසින් නෙවෙයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20672414 said:
    දැනගන්න තවත් දෙයක් ඉතුරු නෑ කියල කිව්වම ඒකට බටහිරද , නැගෙනහිරද, උතුරද දකුණද,ඊසානද, නිරිතද, ගිනිකොණද හෝ වයඹද යන්න අදාළ වෙන්නෙ නෑ. මොකද ඒ ඔක්කොම දැනිලා ඉවරයි. තවත් අමුතුවෙන් දැනගන්න දෙයක් නැති හිංදා.

    බෞද්ද දර්ශනයෙන් විශ්වය ගැන හැමදේම කවර් කරල තියනව කියල උබ හිතනව නම් ඉතින් දෙන්ඩ ටෝක්ස් නෑ මට!.

    දන්න කියන හැමොටම කියන්නම් බටහිර විද්‍යාව ඉගනගන්න එක නවත්තන්න කියල.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මිත්‍යාවේ දැඩිමතදාරිව එලබගෙන ඉන්න දේවාල කාරයෝ එක්ක සංවාදද ? මොන විද්යාවක්ද ? මොන තර්කානුකුල තර්කද ?

    දැකල තියන හැම තැනකදීම ඔය මහත්තයා කරන්නේ මහා දැඩිව එල්බගෙන ඉන්න මිත්‍යාව මිනිස්සුන්ට පතුරන එක මිසක් විද්‍යාත්මක චින්තනය තර්කානුකුලව තර්ක ගැන මොන කතාද මහත්තයෝ .. විද්‍යාව කියන එකවත් නොතේරෙන මිනිහෙක් එක්ක මොන හරවත් සංවාදයක්ද මහත්තයෝ ..ඔය තියෙන්නේ ඔබ තුමාගේ හරවත් කියන සංවාද ..දන්නා විදිහට සුද්දගේ විද්‍යාව කියල සුද්දට බැන බැන ඉන්න ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1752085
     
    Last edited:
    බුද්ධාගම ගැන නං දන්නේ නෑ මට හිතෙන අදහස කියන්නං,

    මෙතන වචන පාවිච්චි වෙන්නෙ බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය මාර්ගෙට අදාලව නේද.
    අළුතින් අමුතුවෙන් දැනගන්න තවත් මොකුත් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑය කියල කිව්වාම , ඒක සාපේක්ෂ නෑ මොකකටවත්, ඒක නිරපේක්ෂයි
    ඔතන අවිද්‍යාව කියන එකෙන් නිකන් මිත්‍යා දෘෂ්ටිය/නොදැනුවත්කම නිසා නිවන ගැන වැරදි මතේක ඉඳීම වගේ අදහසක් නේද එන්නේ. අපි මුස්ලිම් මනුස්සය අවිද්‍යාවේ ඉන්නෙ කියනකොට එයා ලෝකේ ගැන ජිවිතේ ගැන මරණින් පස්සේ වෙන දේ ගැන හිතන් ඉන්න දේවල් වලට සාපේක්ෂවනෙ එයා අවිද්‍යාවේ ඉන්නව කියන්නෙ. නැතුව ඒ මනුස්සය වෙන වැඩක් කරනකොට එකත් අවිද්‍යාව කියන්නේ නෑ නෙ.
    හරි ඉතිං ඒ ඔක්කොටම හෙතුව එයාලට තවත් දැනගන්න දේවල් තියෙද්දි නොදැන ඉදීම නේ
    ඒකම අනිත්පැත්තට විද්‍යාව කිවම සත්‍ය/නිවැරදි මතය වගේ අදහසක් එනව තමා හැබැයි මෙතන විද්‍යාව කියල කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු මාර්ගයට අදාලව නෙ.
    නෑනේ, මොකකටවත් සාපේක්ෂව නෙවෙයි, තවත් අළුතින් කිසිම දෙයක් අමුතුවෙන් දැනගන්න ඉතුරු වෙලා නෑ. ඒ කියන්නේ මොකකටවත් සාපේක්ෂ නෑ, නිරපේක්ෂයි
    එකේ අලුතින් හොයල දැනගන්න එකක් නෑ කියල කියන්නෙ බුදුහාමුදුරුවෝ ඒක හොයල දීල ඉවරයි නෙ. බෞද්ධයෝ එක ගැන ප්‍රශ්න අහන්නෙත් නෑ නෙ. ඉතින් මෙතන කතාකරන අවිද්‍යාවට සාපේක්ෂ විද්‍යාව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන පරම සත්‍ය හැටියට දේශනා කරල තියෙන නිසා එකේ ආය වැඩිදුර හොයන්න පර්යේෂණ කරන්න, අලුතින් දැනගන්න දෙයක් නෑ.

    නවීන විද්‍යාවේ විද්‍යාව කියන්නේ නිවනක් ගැන කියන එකක් නෙවේනෙ.
    විද්‍යාව කියන්නේ දැනගන්න දෙයක් අළුතින් අමුතුවෙන් ඉතුරු වෙලා නැති කම නම් ඒක අළුත් වෙන්නෙ නෑනේ, අකාලිකයි. එතකොට් "නවීන විද්‍යාව" කියල දෙයක් හදන්න බෑ, ඒක අර්ථ විරෝධියි.
    'විද්‍යාව' කියන වචනෙ අපි එතනත් පාවිච්චි කරාට බටහිර විද්‍යාවේ එහෙම පරම සත්‍ය කියල එකක් නෑ හැමදාම අලුත් වෙන දේකට ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ.
    එතකොට හරි තේරුම ඔය දෙකෙන් මොකක්ද ? අළුත් වෙන එකද, අළුත් නොවෙන අකාලික එකද - වචනෙකට හරි තේරුම් දෙකක් තියෙන්න බෑනේ.
    ඉතින් බුදුහාමුදුරුවෝ උන්වහන්සේ හොයාගත්ත නිවන් මග ගැන කියන්න පාවිච්චි කරපු වචනෙ අපි වෙන වෙන දේවල් ගැන හොයන දෙකට ආදේශ කරල ඒ අදහස අරකෙත් ඇති කියල හිතන එක ගැලපෙන්නේ නෑ මම හිතන්නෙ. :oo:
    බුදු හාමුදුරුවො නිවන් මඟ පෙන්නලා තියෙන්නේ චතුරාර්ය සත්‍යයෙ 4 වැනි සත්‍යයෙන්. අවිජ්ජා නැත්තම් අවිද්‍යාව කියන වචනෙන් නිවන් මඟක් පෙන්නලා නෑ. එතන පෙන්නලා තියෙන්නෙ වෙන දෙයක්. හැබැයි ඒක නූලට අදාළ නෑ.
     
    බුදු දහමේ කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධනොවීම අවිද්‍යාව කියල. ඕක Science එක්ක කිසිම සම්බන්ධයක් නැහැ
    නමුත් විද්‍යාව කියන සිංහල වචනේ සම්බන්ධයි නේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විද්‍යාව කියලා කියන්නෙ පරීක්ෂන් නිරීක්ෂන සහ නිගමන වලට ඇසුරින් තීරනයකට එහෙම නැත්නම් සම්මුතියකට එන දෙයක්...නමුත් බුද්ධාගම තුල හඳුනා නොගත් දෙයක් නැහැ...විද්‍යාව කියන්නෙ තව පැත්තකින් ගත්තොත් නිතර වෙනස් වන දෙයක්...උදාහරන ඕන තරම් තියේ නෙ...ඕක ඇත්තටම පැහැදිලි කරන්න අමාරු දෙයක්..මොකද බුදු ධහම කියන්නෙ විද්‍යාවක් නෙවෙයි සත්‍ය අවබෝධයක්...ඒ කියන්නෙ සත්‍ය දැකලා අවබෝධ කර ගත් දෙයක්...මේ වෙනකොටත් අනෙක් හැම ආගමක්ම විද්‍යාවෙන් පරාජය කරද්දි බුදු දහම අබියෝගකට ලක් කරන්න විද්‍යාවට බැරි වෙලා තියෙනවා....අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා ලොව සත්‍ය වාදී ආගමක් වේද ඒ බුදු දහම පමණයි කියලා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20672510 said:
    අළුතින් අමුතුවෙන් දැනගන්න තවත් මොකුත් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑය කියල කිව්වාම , ඒක සාපේක්ෂ නෑ මොකකටවත්, ඒක නිරපේක්ෂයි [/SIZE] හරි ඉතිං ඒ ඔක්කොටම හෙතුව එයාලට තවත් දැනගන්න දේවල් තියෙද්දි නොදැන ඉදීම නේ නෑනේ, මොකකටවත් සාපේක්ෂව නෙවෙයි, තවත් අළුතින් කිසිම දෙයක් අමුතුවෙන් දැනගන්න ඉතුරු වෙලා නෑ. ඒ කියන්නේ මොකකටවත් සාපේක්ෂ නෑ, නිරපේක්ෂයි විද්‍යාව කියන්නේ දැනගන්න දෙයක් අළුතින් අමුතුවෙන් ඉතුරු වෙලා නැති කම නම් ඒක අළුත් වෙන්නෙ නෑනේ, අකාලිකයි. එතකොට් "නවීන විද්‍යාව" කියල දෙයක් හදන්න බෑ, ඒක අර්ථ විරෝධියි. එතකොට හරි තේරුම ඔය දෙකෙන් මොකක්ද ? අළුත් වෙන එකද, අළුත් නොවෙන අකාලික එකද - වචනෙකට හරි තේරුම් දෙකක් තියෙන්න බෑනේ. බුදු හාමුදුරුවො නිවන් මඟ පෙන්නලා තියෙන්නේ චතුරාර්ය සත්‍යයෙ 4 වැනි සත්‍යයෙන්. අවිජ්ජා නැත්තම් අවිද්‍යාව කියන වචනෙන් නිවන් මඟක් පෙන්නලා නෑ. එතන පෙන්නලා තියෙන්නෙ වෙන දෙයක්. හැබැයි ඒක නූලට අදාළ නෑ.


    විද්‍යාව කියන වචනෙ යෙදුන කියල ඒක හැමතැනම එකම අර්ථයෙන් යෙදෙන්නේ නෑ. ඒක භාෂාව අනුව එක පාවිච්චි කරන මනුස්සය අනුව එයාගෙ වටපිටාව අනුව වෙනස් වෙනවනෙ. කොහෙවත් කියල නෑ විද්යාව == Science කියල. එක අපි භාවිතා කරන වචනයක් විතරයි. ඔයා සත්‍ය කියල හිතන දෙයි මම සත්‍ය කියල හිතන දෙයි වෙනස්. මුස්ලිම් මනුස්සය මිත්‍යා දෘෂ්ටිකය කියල හඳුන්වන කෙනයි බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිකය කියල හඳුන්න්වන කෙනයි වෙනස්. ඒ වගේ තමා. එකම වචනයක් පාවිච්චි කරා කියල එකම අදහස එන්නේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විද්‍යාව කියන වචනෙ යෙදුන කියල ඒක හැමතැනම එකම අර්ථයෙන් යෙදෙන්නේ නෑ. ඒක භාෂාව අනුව එක පාවිච්චි කරන මනුස්සය අනුව එයාගෙ වටපිටාව අනුව වෙනස් වෙනවනෙ. කොහෙවත් කියල නෑ විද්යාව == Science කියල. එක අපි භාවිතා කරන වචනයක් විතරයි. ඔයා සත්‍ය කියල හිතන දෙයි මම සත්‍ය කියල හිතන දෙයි වෙනස්. මුස්ලිම් මනුස්සය මිත්‍යා දෘෂ්ටිකය කියල හඳුන්වන කෙනයි බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිකය කියල හඳුන්න්වන කෙනයි වෙනස්. ඒ වගේ තමා. එකම වචනයක් පාවිච්චි කරා කියල එකම අදහස එන්නේ නෑ.
    :yes::yes: ලෙසටම කියුව,