හරින් ප්‍රනාන්දු ~ මහ ඇමති

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හරින් ප්‍රනාන්දු ~ මහ ඇමති



    Harin-Fernando.jpg




    ඌව පළාත් සභාවේ නව මහ ඇමති වශයෙන් හරින් ප්‍රනාන්දු මහතා තව නොබෝ වේලාවකින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙයි.

    අද දිනයේදී ඌව පළාත් සන්ධාන අමාත්‍යවරුන් වන අනුර විදානගමගේ, ඒ.එම් බුද්ධදාස හා මන්ත්‍රී හරේන්ද්‍ර ධර්මදාස මහතා ඌව මහ ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට තම සහාය දෙන බව ආණ්ඩුකාරවරයා පැවැසීය.

    ඒ අනුව එම පළාත් සභාවේ බහුතරය විපක්ෂයට ලැබී තිබේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    10377607_766295723438587_5601758914997612106_n.jpg


    ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත. එහෙයින් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා පවසයි.
    ඌව පළාත් ඇමැති අනුර විදානගමගේ පළාත් සභා මන්ත්‍රී හරීන් ධර්මදාස, කිත්සිරි සෙනරත් මහත්වරු අද එජාපයට එක්වූහ. මේ අනුව සන්ධානයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15 දක්වා අඩුවේ. එජාප සංඛ්‍යාව 17 දක්වා වැඩිවේ.
    ඌව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 34 කි. ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද වෙති. තමන් ස්වාධීන ලෙසම සිටින බව ජවිපෙ කියයි.