සිස් ඔයාගේ කතාව(මුලි පිටුවේ) මුල ඉදලම හරි
100% සදාරණයි
එත් සිස් අපි ජිවත් වෙන ඇත්ත ලොකේ ඔය තර්කය වැලිඩ් නෑ
එක තමා දුක සීන් එක මොන දේ උනත් අන්තිමට චෙක් මේට් වෙන්නේ කෙල්ල
කොල්ලා මොන දේ කලත් ගෙදර ඇවිත් නෑවට පස්සේ අහිංසක පුතාම තමා
හැම ආගමින්ම කාන්තාව පොඩ්ඩක් හරි හිරකරලා තියෙකවා
සමහර විට එකම වෙන්න ඇති එකාලේ ඉදන්ම ඔයාලට මේ විදියේ චෙක් ලිස්ට් වැටිලා තියෙන්නේ
මොනා උනත් කවදා හරි කාන්තාවට නිසි තැන ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඔයාගේ අන්තිම තර්කේ ගැලපෙන්නේ නෑ සිස්
ලෝකෙ වෙනස් කරන්න පුලුවනුත් අපිටම නෙ. මම මට පුලුවන් තරමින් තේරෙන දේ කිව්වෙ ඒකයි. එක්කෙනා එක්කෙනා වෙනස් වෙලා තමයි සමාජෙ වෙනස් වෙන්නෙ. එක එක කාලෙට සංස්කෘතිය, සදාචාරෙ වෙනස් නෙ. කාලෙකට හරි දේ තව කාලෙකට වැරදියි. ඒවත් වෙනස් කරන්නෙ මිනිස්සු ම නෙ.
ආගමත් සමාජෙ භාවිතා වෙන්නෙ ඒක හසුරුවන අය ගෙනියන මතය අනුව නෙ ගොඩක් වෙලාවට. ඒකත් හේතුවක් වෙන්න පුලුවන්. ඒත් අපේ ගෙදර නම් එහෙම කොල්ලො මොනව කලත් හොඳ පුතා වෙන්නෙ නෑ. මාත් එහෙම නම් ළමයි හදන්නෙ නෑ. හරි වැරැද්ද කාටත් එකයි කියලයි අපේ තාත්ත කියන්නෙ.
මට නම් අමුතු නිසි තැනක් ඕන නෑ. මට මනුස්සයෙක් හැටියට ලැබෙන්න ඕන අයිතිය ලැබෙනවා නම් මට ඒ හොඳටම ඇති. ඉගෙනගෙන, මට ඕන රස්සාවක් කරලා, මම කැමැති විදියට පාඩුවෙ ජීවත් වෙන්න තියෙනව නම් වෙන ඕනම මනුස්සයෙකුට වගේ, වෙන මොන තැනක්වත් ඕන නෑ.




ඒත් සමහරු ඒ ටික වත් දෙන්න කැමති නෑ නෙ.
ඒ අන්තිම තර්කෙ කියන්න හැදුවෙ ලෝකෙ කවදත් එක එක කොටස් වලට වෙන අසාධාරණ ඔහොම තර්ක ගෙනත් හරි කියන්න හැදුවා කියන එක. ඒත් at the end of the day ඒව වලින් එහෙම ඒ වැරැද්ද වහන්න බෑ. එතන තියෙන්නෙ වචන ටිකක් දාලා සාධාරණයි කියල පෙන්නන්න හදපු අසාධාරණයක් විතරයි.
බයවෙන්න එපා. ඔයාට මාව නම් හැන්ඩ්ල් කරන්න කොහොමටවත් වෙන්නෙ නෑ. ඒකට එක්කෙනෙක් ඉන්නවා. මෙසොසොයික් හැන්ඩ්ල් කරන්න ගියොත් ඔයාට ඇපත් නෑ. ඒ නිසා වෙන අතක් බලාගත්තොත් හොඳයි වගේ.
යාලු ෆිට් එක තමා එලම කිරි
ෆිට් තමා!


කොහොමත් මට වැඩිපුර ආශ්‍රය කරන යාලුවො ඉන්නෙ පිරිමි අය නෙ දැන් තත්වෙ හැටියට.


