ඔව්වා කිව්වයි කියලා වැඩක් නැහැ. දැන් ගොඩක් එව්වෝ කරන්නේ උන්ට හිතෙන හිතෙන දේ. වැඩිහිටියෙක් කියන දෙයක් සතපහකට අහන්නේ නැහැ. එව්වා වලට වගකියන්න ඕනෙත් බං දෙමව්පියෝම තමයි.


පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...
![]()


මචං ලබ්බා ඕව පවුල් පසුබිමින් ම එන ඒවා හුගක් වෙලාවට......
තාත්තල බඩුකාරයො නං පුතාල අනිවා....එහෙමත් තැනක තමා නැති වෙන්නේ....
අනික අපි මොන තරං *ක පොලේ ගහං දැන් ඉන්න පරම්පරාවට ඕව කියන්න හැදුවත්, උන් හැදෙනව හරි අඩුයි. මොකද බහුතරයක් ඉන්නේ මංපොර මේනියාව තියන උන්....
හරි වැරැද්ද උන්ට කියල දෙන්න අපිට හුගක් වෙලාවට බෑ.....

indeedපොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...
![]()

කතාව හරියටම හරි අයියේ..
දවසක් ඔෆිස් එක ළඟ කඩේකට ආව වයසක අන්කල් කෙනෙක්... කිලිටු ඇඳුමක් ඇඳගෙන හිටියේ... "මහත්තයෝ බස් එකේ යන්න කියක් හරි දෙන්න පුලුවන්ද" කියල ඇහුවා.. ඒ වෙලාවේ මම තේ වෙලාවට ගන්න බිත්තර පාන් ගන්න ගමන් හිටියේ.. එයා ඒ දිහා බැලුවම මම ඇහුව අන්කල් කාලද ඉන්නේ කියල... බලන් ඉන්න ගමන් ඒ මනුස්සයාගේ ඇස් දෙකේ කඳුළු පිරුන..."මම කාල ඉන්නේ පුතේ" කියල කිවුව...
මට මගේ තාත්ත මතක් උනා අයියේ..
එයත් මේ වගේ අසරණ උනා නම් කොච්චර දුක හිතේවිද අයියේ...
අපිත් වයසට ගිහින් දරුවෝ සලකන්නේ නැතිව මේ වගේ උනොතින් අපිට මොනවා හිතේවිද අයියේ...
මම එයාව කඩේට එක්කන් ගිහින් මගේ ගානේ කන්න අරගෙන දුන්න බලෙන්ම..
අන්තිමට ටී එකකුත් දීල බස් එකේ යන්න සල්ලිත් දුන්න..
මට පින් දීල ගියේ...
එයා ගියාට පස්සේ කඩේ මල්ලි කිවුව, ගොඩක් වැදගත් පවුලක කෙනෙක්ලු...
දරුවෝ වැදගත් රස්සාවල් කරනවලු...
ගෙවල් දොරවල් සේරම ලියල දීල නිසා දැන් දරුවෝ සලකන්නේ නැතිලු...
මාර දුකයි මෙහෙම වෙද්දී...
අම්මල තාත්තල මේ තත්වෙට වැටෙනව නම්, ඇයි එයාල දරුවෝ හදන්නේ කියල මට හිතෙනවා අයියේ...
![]()
![]()
10+ Ube Karunawantha kamata