හැමට අහිමි නිදහස

mmm89

Member
May 29, 2017
66
22
0
හැමට අහිමි නිදහස

නිදහස කියන වචන අහුවම එක පාරට මතක් වෙන්නෙ මේ නිදහසේ අතපය දිග ඇරල ඉන්නව නම් අපි නිදහස් කියල ඒත් ඇත්තටම නිදහස කියන්නෙ මේකටද???? සුද්දගෙන් නිදහස් උනාට පස්සෙ නැත්තන් යුද්ධය ඉවර උනාට පස්සෙ අපි ඇත්තටම නිදහස් උනාද ??? ඇත්තටම අපි කාටවත් හිතීමේ නිදහස තියෙනවද ???

මෙහෙමයි අපි කවුරුත් වෙලවකට පොර talk දීල කියනව කවුරු මොනව හිතුවත් කමක් නෑ මං හිතන්නෙ මට ඕනෙ විදිහට වගේ දේවල්. ඒත් අපි ඇත්තටම කවදාවත් අපිට ඕනෙ විදිහට හිතල තියෙනවද? මේ ප්‍රශ්නෙ ඔයලගෙ හිතින්ම පොඩ්ඩක් අහල බලන්න.:confused::confused:
අපි ඉපදුන දවසෙ ඉඳන්ම අපිව මේ ලොකෙට හුරු කරනව කියල දෙයක් කරනව ඒකෙදි අපිට කන්න ඕනෙ විදිහ බොන්න ඕනෙ විදිහ වගේම හිතන්න ඕනෙ විදිහත් නිකන්ම හුරු කරනව අපි අම්මගෙ බඩෙන් එලියට ආපු මොහෙතෙ ඉඳලම අපි මේ සමාජයෙ චින්තන වහල්ලු බවට පත් වෙනව.
ටිකක් ලොකු වෙනකොට අපි හැමෝම යනව ඉස්කොලෙ කියල එකකට ඔන්න ඔතනදි අපිට උගන්නනව විශය නිර්දේශයක් කියල එකක් ඉතින් ඔන්න මුලු ලෝකයක් එක අච්චුවෙ සෙල්ලම් බඩු වෙන්න ගන්නෙ ඔතනින් තමා. (රටින් රටට ඔය විශය නිර්දේශය වෙනස් උනාට ඔය තියෙන විශය කරුණු ගොඩක් දුරට සමානයි නෙ ඉතින්)
ඇත්ත මේකයි ඇත්ත මේකයි කියල මොනවදෝ දේවල් ටිකක් උගන්නනව. උගන්නන අය දන්නෙත් නෑ ඒ මොනවද කියන්න (හැබැයි ඒක තමාලු ඇත්ත ,ඔය කියන්නෙ)

ඉතින් අපිට හිතෙන්නෙ නම් අපි එක එක්කෙනා හිතන්නෙ හරි වෙනස් විදිහට කියල ඒත් හොඳට බැලුවොත් පෙනෙයි ඒ හැම සිතුවිල්ලකටම පදනම් වෙලා තියෙන්නෙ එකම දැනුමක් කියන එක.

සමහර මිනිස්සු මෙතනින් එහාට ගිහින් හිතන
ව. එහෙම හිතනව නම් ඒක හංගගෙන ඉන්න එක තමා හොඳම. මොකද මේ සමාජ ක්‍රමයට දැනුනොත් ක්‍රමයෙන් පිට පනින්න හදන්නෙ කියල උට පිස්සුක් කියල හංවඩු ගහල ඒ කරදරෙන් බේරෙනව. මං කියන්නෙ පිස්සෝ කියන හැමෝම එහෙම අය නෙවෙයි හැබැයි එහෙම හිතන හැමෝටම පිස්සු කියල තමා කියන්නෙ (ඒකත් අර ගණන් වල තියෙන නම් හා නම්ම පමනක් වගේ දෙයක් තමා:rofl::rofl::rofl:)
නිකන් හිතේ තියෙන අදසක් විතරයි කිව්වෙ වැඩක් නැති ජරාවක් කියල හිතෙනව නම් ඔයලගෙ වෙලව ගත්තට මට සමාවෙන්න.:sorry::sorry:
 
Last edited:

r runner

Member
May 12, 2015
2,396
781
0
සමහර මිනිස්සු මෙතනින් එහාට ගිහින් හිතන එහෙම හිතනව නම් ඒක හංගගෙන ඉන්න එක තමා හොඳම :yes::yes::yes:
 
mmm89

Member
May 29, 2017
66
22
0
මොකක්ද මේ සමාජ සම්මතය කියන්නෙ මේක කවද කොහොම හැදුනු දෙයක්ද කියන්න කවුරුත් දන්නෙ නෑ. ඒත් එහෙම දෙයක් ඉස්සර ඉඳල තිබිල තියන්වලු . ඉතින් සමහරු කියයි සමාජයට හික්මීමක් හැදියාවක් ගෙනත් දෙන්න තමා මෙහෙම දෙයක් ඇති වෙලා තියෙන්නෙ කියල. ඒත් ඇත්තටම ඒක විතරද හේතුව ??
මිනිහෙක් වැරැද්දක් කරනකොට ඒකට දඩුවමක් දෙනව කියල දේකුත් ඉස්සර ඉඳල තිබිල තියෙනව. එතකොට මොකටද මේ සමාජ සම්මත කියල ජාතියක් ආවෙ?. මිනිහෙක් වරද්දක් කරන්න කලින්ම ඒක නවත්තන්නද??? එහෙම සම්මත තිබ්බ කියල මිනිස්සු ඒක නැවත්තුවද?? නෑ මිනිස්සු සමාජෙට හොරෙන් තාම වැරදි කරනව.
එහෙනම් මොනවද මේ සමාජ සම්මත????? ඇයි අපි මේවට යටත් වෙන්නෙ ????
ඇත්තටම කියන්න මේ සම්මතේට විරුද්දයි කියන සමහර දේවල් වැරදි නෙවෙයි නේද ??
ඉස්සර මිනිස්සු එහෙම කලේ නෑලු ඉතින් අපිටත් එහෙම කරන්න බෑලු . ඕකනෙ සරලවම කියනව නම් වෙන්නෙ
ඉතින් මේ ඉස්සර මිනිස්සු නොකරපු හැමදේම වැරදිද?? නැත්තන් උන් කරපු හැමදේම හරිද ?
හැමදේම යාවත්කාලීන වෙන ලෝකෙ මේ සමාජ සම්මත කියන දේවලුත් යාවත් කාලීන වෙන්න ඕනෙද??
තියනවනම් අදහසක් මේ ගැන කියල යන්න මාත් දැන ගන්නයි අහන්නෙ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

keep writing :yes: :yes:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ipadichcha dawasema lamai kalawakata gihin dala thiyanawa nam anna e aya puluwan wei nidahase hithanna
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මට හිතෙන විදියට නම් අපි හැමෝම කවුරුහරි හදපු matrix එකක ඉන්නෙ. ඒක control කරන්නෙ පිටසක්වල ජීවියොද,සර්වබලධාරී දෙවි කෙනෙක්ද එහෙමත් නැත්තම් matrix එකෙන් එහා පැත්තෙ ඉන්නෙ අපි වගේම මිනිස්සු සෙට් එකක්ද කියලා මන් දන්නෙ නැ. කොහොම හරි අපි දැන ගන්නේ අපිට එයාලා දැන ගන්න සලස්වන දේවල් විතරයි.
    කාලෙන් කාලෙට updated versions එනවා වගේ අලුත් අලුත් trends, technologies, etc එනවා. එතකොට අපි ඒවා අලුත් දැනුම විදියට භාර ගන්නවා. හැබැයි ඒවා අලුත් නැ. උනේ ඉස්සර ඉඳන් තිබ්බ දෙයක් අපිට පහුවෙලා දැනගන්න ලැබුනු එක.

    මිනිස් මොලේ සම්පූර්ණයෙන්ම ස්වාධීන හෝ ස්වායක්ත නැ. ඒක controllerගේ පාලනයට යටයි. හැබැයි ඒක ස්වාධීන කරගන්න විධි තියනවා. එහෙම කරගත්ත අයත් ඉන්න ඇති. හැබැයි එයාලා වැඩි කල් පවතින්නෙ නැ. මේ system එක විසින්ම system එකට තර්ජනයක් වෙන්න පුලුවන් අයව අයින් කරලා දානවා. කවදාවත් කෙනෙක්ට දැනුමේ පරතෙරට යන්න බැරි ඒකයි.

    ඉතින් ඉපදුනු දා ඉඳන් අපි දකින්නේ අපිට පෙන්නන දේ. අපි හරි කියලා හිතන්නේ අපිට හරි කියලා හිතවන දේ. නැතුව ඒක හරි දේම නෙමෙයි.
    ඇත්තටම බැලුවොත් අපි කවුරුත් නිදහස් නැ. අපි ඔක්කොම නිදහස් කියලා හිතාගෙන ඉන්නවා විතරයි. ඒත් ඇත්තම කිව්වොත් නිදහස කියන එකේ අර්ථ කථනය වත් අපි හරියට දන්නෙ නැ. අපි නිදහස විදියට දකින්නෙත් අපිට දකින්න සලස්වන දේ විතරයි.
     
    එල :yes::yes::yes::yes::yes::yes::yes:
     
    mmm89

    Member
    May 29, 2017
    66
    22
    0

    තව දුරටත් කතා කලොත් මේ මමය මගේය මටය කියන හැගීම් වලිනුත් මිනිස්සුන්ගෙ සිතුවිලි පාලනය කරනව. ඒක ලෝක ස්වභාවය ද මොකක්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් එහෙම දේවල් ගැන ඇල්මක් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් තියෙනවා. ඉතින් මිනිස්සු හිතන විදිහ පාලනයි කරන්න මේ හැඟීමත් එක් කාරණයක් වෙනව කියල මං හිතන්නෙ.
    ඇත්තටම අපි මේ ජීවත් වෙනව කියල ගොඩක් දෙනෙක් කරන්නෙ මමය මගේය කියන දේවල් පෝෂණය කිරීම හා ආරක්ෂ කිරීම නේද ?
    එහෙම නොවුන නම් අපේ පවත්මක නැති වෙන්න තිබුන ඒනිසා ඒක ජීව විද්‍යාත්මකවම එන දෙයක් වෙන්නත් ඇති. ඒක මොන දෙයක් උනත් මිනිස්සුන් ගෙ චින්තන පරාසය පටු කරන්න මෙන්න මේ කියන් දේට පුලුවන් වෙලා තියෙනව .