තමන්ට අසාධාරනයක් උනා නම් ebay එකේ තෙයෙන buyer protection එකෙන් ඔයාගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. හැම වෙලාවෙම PayPal පාවිච්චි කරනවා නම් මාස එකහමාරක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්.
ebay Buyer Protection Policy එකෙන් මිළදීගත් බඩු ලැබුනෙ නැත්නම් හරි, මිළදීගත් බඩු විකුනූ බඩු වලට වඩා වෙනස් නම් හරි, මිළදී ගත් කෙනාට නැවත මුදල් ලබාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ ebay එකේ කේස් එකක් ඕපන් කරන එක.
හැබැයි මතක තියාගන්න හැම දේකටම ප්රතිවිරුද්ධ reaction එකක් තියෙනවා. සාධාරණ හෙතුවක් නැතිව ඔබ අසාධාරන විදිහට බඩුත් අරන් මුදලුත් ආපසු ලබාගත්තොත්, මින් පස්සෙ ඒ වෙළෙන්දා ලංකාවට බඩු එවන්නෙ නැතිව යයි. අන්තිමේදි තමනුත් තමන් පයගහල ඉන්න රටත් නෝන්ඩියි මුලු ලෝකෙටම. ඒ විතරක්යැ, උවමනාවකට මෙලෝ ලාංකිකයෙකුට ebay එකෙන් බඩුවක් ගෙන්න ගන්නවා බොරු.
සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා.