හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි?

    HY7pyf7.png

    "පෝලන්තය නාසි පාලනය නිසා විදවූ හැටි" නමින් පළවූ ලිපිය සම්බන්ධව ෆෝරමයේ සාමාජිකයෙක් චෝදනාත්මක ස්වරූපයෙන් ප්‍රචාරයක් පළ කර තිබිණි.අවසානයේ සිදුවූයේ නාසීන්ගේ යුදෙව් සංහාරයේ තවත් සිද්ධියක් පළ කිරීමේ වරදට මා යුදෙව්වන්ට පන්දම් අල්ලන්නෙක් යැයි හංවඩු ගැසීමයි.(ඊට අමතරව ත්‍රෙඩ් එක බල්ලෙක් කෑවා :lol: )ඉතිහාසයේ සිද්ධියක් පළකල පමණින් යමෙක් එක් පක්ෂයකට තබා හංවඩු ගැසීම සාධාරණද?කෙසේ නමුත් ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමට පසුබිම් වූ සිද්ධි දාමය සහ එම ආක්‍රමණය සාධාරණ එකක්ද නැද්ද යන වග මෙම ලිපියේ කෙටියෙන් අඩංගු කර තිබේ.මේ කියවලා සමහරු, මම නාසින්ට කඩේ ගියා කියයි නේද? දැන් මොනවා කිව්වත් අවුලක් නෑ,මොකද මම ත්‍රෙඩ් එකක් වත් දානවට ඊරිසියාවෙන් පැලෙන්න හදන එකෙක් දෙන්නෙක් මේකේ ඉන්නවා කියලා දැන් දන්නවා.ඕන දෙයක් කරපල්ලා,ටැග් දාලා ඇති තරම් අපහාස කරපල්ලා,එහෙම කලාම සමහරුන්ගේ හිතට පොඩි හරි සතුටක් එනවා ඇතිනේ.


    පළමු ලෝක යුද්ධය අවසානයේදී පරාජයට පත් ජර්මනියට විශාල වන්දියක් ගෙවන්නට වන සේ බ්‍රිතාන්‍යය,ප්‍රංශය සහ ඇමෙරිකාව ආදී රටවල් විසින් වර්සයිල්ස් ගිවිසුම ඇතිකරගන්නා ලදි.



    වර්සයිල්ස් ගිවිසුමේ ප්‍රධාන කරුණු කිහිපයක්

    ගිවිසුමේ පළමු කොන්දේසි 26 ජාතීන්ගේ සංගමයට අදාල විය.අනෙක් කොන්දේසි 440 ජර්මනියට දඬුවම් කිරීම පිණිස සකස් කරන ලදි.​

    1.යුද්ධය ආරම්භ කිරීමට වගකිව යුත්තේ ජර්මනියයි.

    2.ජර්මනිය විසින් වන්දි වශයෙන් යුරෝ බිලියන 6.6ක් ගෙවිය යුතු විය.(යුද්ධයේදී ඔවුන් සිදුකල හානි වෙනුවෙන්)

    3.ජර්මනියට සබ්මැරීන සහ ගුවන් හමුදාවක් තබා ගැනීම තහනම් විය.ඔවුන්ගේ නාවික හමුදාවේ යුද නැව් 6ක් පමණක් තබාගැනීමට අවසර හිමිවිය.රයින්ලන්තයේ හමුදාව රැදවීම තහනම් විය.යුද හමුදාවේ පිරිස් බලය ලක්ෂයකට සීමා විය යුතු යැයි කොන්දේසියක්ද පැනවිණි.

    4.ජර්මනියේ ප්‍රධාන භූමියෙන් කොටස් අහිමි කෙරිණි.ජර්මනිය ආසියාවේ සහ අප්‍රිකාවේ යටත් කරගෙන සිටි භූමි ප්‍රදේශ අහිමි කල අතර ඒවා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර බෙදාගන්නා ලදි.ජර්මනිය විසින් අල්ලාගත් ඇල්සාස් ලොරේන් ප්‍රදේශය යළි ප්‍රංශයට ලබාදෙන ලදි.ඕස්ට්‍රියාව සමග එක්සත් වීම තහනම් කරන ලදි.ජර්මනියේ නැගෙනහිර පැත්තෙන් විශාල කොටසක් ලබාගෙන පෝලන්තය නමින් රාජ්‍යයක් බිහිකරන ලදි.පෝලන්තයට බෝල්ටික් මුහුද සමග සම්බන්ධ විමට කොරිඩෝවයක් ලෙස ජර්මනියෙන් බිම් තීරුවක් ලබාදෙන ලදි.





    jzgKALR.jpg
    වුඩ්රෝ විල්සන් ජනපතිවරයා විසින් ඉදිරිපත් කල යෝජනා 14​

    ජර්මානුවන් වර්සායිල්ස් ගිවිසුමට වෛරය කලේ එය අසාධාරණ එකක් නිසාය.ජර්මනිය මෙම ගිවිසුම ඇතිකරගත් සමුළුවට සහභාගී නොකරගත්තේය.ජර්මනිය මෙම කොන්දේසිවලට එකඟ නොවේ නම් යළි යුද්ධයකට යන බවට මිත්‍ර පාර්ශ්වික රටවල් තර්ජනය කලහ.ඔවුහු ජර්මනියට සැලකුවේ පරාජිත රටක් ලෙස වුද ජර්මානුවන් සිතා සිටියේ ඔවුන් පරාජය නොවූ බවයි.ජර්මනිය 1918 දී සටන් විරාමයකට අත්සන් කරන ලදි.ඔවුන් එහිදී සිතා සිටියේ තමන් එකඟ වූයේ වුඩ්රෝ විල්සන් ජනපතිවරයා විසින් ඉදිරිපත් කල යෝජනා 14ට තමන් එකඟවූ බවයි.නමුත් එම ගිවිසුමට එකතු කර තිබුණේ එම යෝජනා 14න් කිහිපයක් පමණි.තමන් වංචාවකට අසුවූබවත්,පාවාදුන් බවත් ජර්මානුවන්ට වැටහිණි.ඔවුන් වර්සායිල්ස් ගිවිසුමට වෛර කලේ ඒ නිසාය.

    D0BTlff.jpg
    Treaty of Versailles​


    ගිවිසුමේ ඇතුලත් කොන්දේසි ජර්මානුවන් තුල කෝපය අවුස්සන්නට හේතුවිය.ඔවුන් එහි අංක 231 යටතේ තිබූ "යුද්ධය වගකිවයුත්තා" යන වගන්තිය පිළිකුල් කරන ලදි.මන්ද එහි කියා තිබුණේ යුද්ධයේදී සිදුවූ සම්පුර්ණ හානියට වගකිව යුත්තා ජර්මනිය බවයි.යුද්ධය ආරම්භ කිරීමට හේතුව තමන් නොවන බව ජර්මානුවන් කියාසිටියෝය(එම යුද්ධය රුසියාවට එරෙහිව තම ආත්මාරක්ෂාවට කල එකක් යැයි ඔවුන් කියා සිටියහ ).තමන් යුද්ධය නවත්වන්නට උත්සාහ කල බව ඔප්පු කිරීමට ,1914 පටන් ඔවුන් තබාගෙන සිටි රහසිගත ලියවිලි 1920 දශකයේදී ජර්මානුවන් විසින් ප්‍රසිද්ධ කරන ලදි.තවද යුද්ධය ආරම්භ කිරීමේ වගකීම ජර්මනිය මත පැටවූ 231 වගන්තිය ඔස්සේ මිත්‍ර පාර්ශ්වික රටවලට ,ජර්මනියට දඬුවම් දෙන්නට සදාචාරාත්මක අයිතියක් ලබා දුන් නිසා ජර්මානුවන් එය දැඩිව ප්‍රතික්ෂේප කලහ.වෛර කලහ.

    yJkgJxm.jpg
    රයින්ලන්තය​


    මෙම ගිවිසුම ඔස්සේ ජර්මනියට පැනවූ හමුදා ශක්තිය සීමා කිරීමේ කොන්දේසිවලට ඔවුන් වෛර කලහ(ලක්ෂයකට සීමාවූ හමුදාවක්,යුද නැව් 6ක්,සබ්මැරීන සහ ගුවන් යානා භාවිතයේ තහනමක් ).මේ කොන්දේසි ඔස්සේ අලුතින් නිර්මාණය වු කුඩා රාජ්‍යයන් ඉදිරියේ තමන් දුබල තත්ත්වයට පත් කරන බව ජර්මානුවන් කියාසිටියහ.රයින්ලන්තයෙන් හමුදා ඉවත් කරගන්නටද ගිවිසුමෙන් බල කෙරිණි.නමුත් 1920 අප්‍රේල් මාසයේදී රයින්ලන්තයේ කැරලි මර්ධනයට ජර්මනිය හමුදා කණ්ඩායම් යවන ලදි.ජර්මනිය තුල තිබෙන ප්‍රදේශයකට පවා තම හමුදා යැවීමට ඉඩ ඇහිරීම තම ජාතියට කරන අවමානයක් බව ඔවුන් කියා සිටියහ.

    4vpMMbp.png
    ජාතීන්ගේ සංගමය​


    ජර්මනියට ජාතීන්ගේ සංගමයට සම්බන්ධ වීමේ අවස්ථාව පවා අහිමි කර තිබිණි.ජර්මනියට යුද වන්දියක් ලෙස යුරෝ බිලියන 6.6ක් 1921 සිට 1984 දක්වා වාරික ලෙස ගෙවා දමන්නට නියම කෙරිණි.නමුත් ඔවුන් මෙය ප්‍රතික්ෂේප කලේ සම්පුර්ණ යුද්ධයේදී සිදුවු හානිය වූයේ තමන්ගේ වරදින් නොවන නිසාය.බොහෝදෙනා මෙතරම් විශාල වන්දි මුදලක් ගෙවීමට අකැමැතිවූයේ විනාශ වූ ජර්මනිය යළි ගොඩනැගීමට ඔවුන්ට විශාල මහන්සියක්ද දැරීමට වන නිසාය.විනාශ වි ගිය ආර්ථිකද යළි ගොඩනගමින් විදේශයන්ට වන්දි මුදලක් ගෙවීමට තරම් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් නොවීය.

    joSDyEl.jpg
    පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියට භූමිය අහිමි කල අයුරු​


    භූමි ප්‍රදේශ සම්බන්ධ කොන්දේසිවලදී ජර්මනිය තවත් කෝපාවිෂ්ඨ විය.ගිවිසුම ඔස්සේ ජර්මන් භූමියෙන් 10%ක් ඔවුන්ට අහිමිවිය.සාර් නම් ගල් අඟුරුවලින් පොහොසත් භූමි ප්‍රදේශය ප්‍රංශය වෙත පැවරිණි.බටහිර ප්‍රසියාව සහ ඉහල සයිලේසියා ප්‍රදේශ සරු ගොවිබිම් වූ අතර එම ප්‍රදේශද ජර්මනියට අහිමි කෙරිණි.පෝලන්ත කොරිඩොරය නිසා නැගෙනහිර ප්‍රසියාව ජර්මනියෙන් වෙන්විය.මෙයද ජර්මනියේ ආර්ථිකයට හානි කලේය.ඔවුන්ට තමන්ගේ ගල් අඟුරු නිධිවලින් 16%ක් සහ යකඩ සහ වානේ කර්මාන්තයෙන් භාගයක්ම අහිමිවිය.ජර්මනිය සතුව තිබූ යටත්විජිත සියල්ල බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය විශාල කරගැනීමට යොදාගත්තේය.මල්මෙඩි ප්‍රදේශය බෙල්ජියමටද ,ස්ලෙස්විග් ප්‍රදේශය ඩෙන්මාර්කයටද,
    මෙමෙල් ප්‍රදේශය ලිතුවේනියවටද ඇල්සාස් ලොරේන් ප්‍රදේශයෙන් වැඩිකොටසක් ප්‍රංශයටද පවරන ලදි.ගිවිසුම ඔස්සේ ජර්මනියට ඕස්ට්‍රියාව සමග එක්සත්වීම තහනම් කරන ලදි.මෙම අසාධාරණ ගිවිසුම ඔස්සේ තමන්ට අනෙක් ජාතීන් විසින් විශාල අවනම්බුවක් සිදුකල බව ජර්මානුවන්ගේ අදහස විය.ඒ ඔස්සේ ජර්මනිය කැබලි කර එහි ජනගහනයෙන් 12 1/2% ක් වෙනත් රටවලට යවන ලදි.






    හිට්ලර්ගේ සතුව අරමුණු තුනක් තිබිණි.

    1.වර්සයිල්ස් ගිවිසුම අවලංගු කිරීම

    *කුඩා යුද හමුදාවක් තබාගැනීම.
    *සාර් ප්‍රදේශය ජාතීන්ගේ සංගමයේ පාලනයට නතුවීම.
    *ඕස්ට්‍රියාව සමග සන්ධාන ගතවීම තහනම් වීම.
    *ජර්මානුවන්ට චෙක්ස්ලෝවැකියාව සහ පෝලන්තයේ ජීවත්වීමට බලකිරීම.
    *ඩැන්සිග් ප්‍රදේශය ජාතීන්ගේ සංගමයේ පාලනයට යටත්වීම.


    මෙම කරුණු නිසා ජර්මනිය,වර්සයිල්ස් ගිවිසුම කෙරෙහි පසුවූයේ දැඩි වෛරයෙනි.පළමු ලෝක යුද්ධයෙන් තම රටට සිදුවූ අවමානය ගැන හිට්ලර් කනස්සල්ලෙන් පසුවිය.නැතිව ගිය අභිමානය නැවත ලබා ගෙන ජර්මනිය ලෝක බලවතෙක් කිරීම ඔහුගේ උවමනාව විය.

    HvbYEya.jpg
    පළමු ලෝක යුද්ධයට පෙර(වම්පස) සහ පසු(දකුණුපස) - යුරෝපය සහ ජර්මනිය​




    2.ජර්මන් භූමිය ප්‍රසාරණය කිරීම

    ජර්මන් ජනගහනය වර්ධනය වෙමින් තිබිණි.ජර්මන් ජාතියට අමතර භූමි ලබාගැනීමට අවශ්‍ය බව හිර්ලර් කියාසිටියේය.මෙය නමින් හඳුන්වයි.ඔහුගේ අරමුණ වූයේ නැගෙනහිර යුරෝපය දෙසට ජර්මනිය ව්‍යාප්ත කිරීමයි.මෙය ඔහුගේ ආර්ය ජාතිය යන සංකල්පය සමග සම්බන්ධය.රුසියාව සහ පෝලන්තය වැනි නැගෙනහිර යුරෝපා රටවල් ආක්‍රමණය කර ඒවාහි ජනයා ජර්මානුවන්ගේ දාසයන් බවට පත් කරගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි ඔහු විශ්වාස කරන ලදි.

    MMYl622.png

    භුමිය ප්‍රසාරණය කිරීමේ සැලැස්ම




    3.කොමියුනිස්ට්වාදය පරාජය කිරීම

    නාසීන් යනු පැසිස්ට්වාදීන්ය.ඔවුන් රුසියාව පාලනය කල කොමියුනිස්වරුන්ගේ විරුද්ධ පක්ෂයයි.ජර්මනිය පළමු ලෝක යුද්ධයෙන් පරාජය වූයේ කොමියුනිස්ට්වරුන් නිසා යැයි හිට්ලර් චෝදනා කලේය.කොමියුනිස්ට්වරු ජර්මනිය ආක්‍රමණය කරාවි යැයි ඔහු තුල බියක් තිබිණි.කොමියුනිස්ට්වාදය විනාශ කිරීමේ අධිෂ්ඨානයක් හිට්ලර් තුල තිබිණි.එහි තේරුම රුසියාව සමග යුද්ධයක යෑමයි.දෙවන ලෝක යුද්ධයට පෙර එක්සත් ජනපදය විසින් කොමියුනිස්ට්වාදයට එරෙහිව හිට්ලර් මෙහෙයවූ බවට සාක්ෂි තිබෙන බව සමහර ඉතිහාසඥයින් පවසයි.

    SdSDTQP.jpg







    හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි?


    1.ජර්මන් ජාතිය වෙනුවෙන් නැගෙනහිර යුරෝපයේ නව භූමි ප්‍රදේශ අත්පත් කරගැනීම.

    ඇඩොල්ෆ් හිට්ලර් විසින් ලියන ලද "මයින් කාම්ප්ෆ්"-මගේ සටන නම් ස්වයං ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඔහුගේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති තුනෙක් එකක් වූයේ මෙයයි."ජර්මන් විදේශ ප්‍රතිපත්තියේ කර්තව්‍ය වන්නේ වර්ධනය වන ජර්මන් ජනගහනය පෝෂණයට සහ වාසස්ථාන වෙනුවෙන් විශාල ප්‍රදේශයක් ලබා ගැනීමයි.අපේ ඉලක්කය රුසියාව දෙසටයි." යනුවෙන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබිණි.(රුසියාව වෙරිමතින් මෙන් ජර්මනියට තර්ජනය කරනවා.මෙම ජාත්‍යන්තර සර්පයගෙන් අපේ ජාතිය ගලවාගන්නට අපේ සම්පූර්ණ ශක්තිය අවශ්‍යයි.- හිට්ලර් ,මයින් කාම්ප්ෆ්-1924)

    Q5OPLeV.png
    පළමු ලෝක යුද්ධයේ පරාජයෙන් පසුව ජර්මනිය සතු යටත්විජිත සියල්ල අහිමිවිය​




    2.නෙවිල් චෙම්බර්ලයින් තමන්ව නවත්වන්නට උත්සාහ නොකරාවි යැයි හිට්ලර් සිතීම.

    එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි නෙවිල් චෙම්බර්ලයින් යුද්ධයට කැමැත්තක් දැක්වූ අයෙක් නොවීය.හිට්ලර් යුද්ධයක යාමට අර අදින බව දන්නා ඔහු,හිට්ලර් සතුටු කරනු පිණිස ක්‍රියා කලේය.හිට්ලර් ,චෙම්බර්ලයින්ව බාල්දුකර සලකන ලදි.බ්‍රිතාන්‍ය අගමැති තමන් සමග යුද නොවදින බව හිට්ලර්ගේ විශ්වාසය විය.1939 මාර්තු හිදී චෙම්බර්ලයින් ,පෝලන්තයේ ආරක්ෂාව සඳහා ඉදිරිපත්වන බව ප්‍රකාශ කර සිටියදී පවා හිට්ලර් තම අරමුණු ඉටුකර ගැනීම දිගටම කරගෙන ගියේ ඒ නිසාය.

    gNwo9U8.jpg
    හිට්ලර් සහ චෙම්බර්ලයින්​




    3.පෝලන්තය තුල සිටි ජර්මානුවන් ආරක්ෂා කිරීම.

    නාසීන් යුදෙව් සංහාරයකට පොළඹවන්නට මෙම සිද්ධිය හේතුවු බව සමහරුන්ගේ මතයයි.හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර පෝලන්ත ජාතිකයන්(යුදෙව්වන් ,පෝලන්ත ආරක්ෂක අංශ) විසින් එහි සිටි ජර්මන් ජාතිකයන් 50.000කට වඩා ඝාතනය කල බව කියවේ.හිට්ලර්ගේ අරමුණ වූයේ පෝලන්තය තුල විනාශවන ජර්මන් ජාතිය රැක ගැනීම බවයි සමහරුන්ගේ අදහස.

    9zEFoQk.jpg
    පෝලන්ත හමුදා විසින් මරා දැමූ ජර්මන් වැසියන්​




    4.වර්සයිල්ස් ගිවිසුම පෙරළාදැමීම

    හිට්ලර්ගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්ති තුනෙන් දෙවැන්න වූයේ මෙයයි.පෝලන්ත කොරිඩෝරය සහ පොසේන් යන ප්‍රදේශ 1919දී පෝලන්තයට පවරන ලදි.ඩැන්සිග් ප්‍රදේශය ජාතීන්ගේ සංගමය වෙත ලබාදී තිබිණි.ඩැන්සිග් ප්‍රදේශය ගැන සලකා බලන්න යැයි 1938 ඔක්තෝම්බර් මාසයේදී හිට්ලර් පළමුව පෝලන්තයෙන් විමසා සිටියේය.1939 මාර්තු මාසයේදී ඔහු ඩැන්සිග් ප්‍රදේශය ජර්මනියට ලබා දෙන්න යැයි ඉල්ලීමක් කලේය.1939 මාර්තු හිදී ජර්මනිය විසින් මෙමෙල් ප්‍රදේශය අල්ලාගන්නා ලදි(නැගෙනහිර ප්‍රසියාවේ උතුරුදිග ප්‍රදේශයේ)

    xDphnpv.png
    ජර්මනියට අහිමිවූ ප්‍රදේශ​




    5.රුසියාවේ ව්‍යාප්තවාදය සහ කොමියුනිස්ට්වාදය පරාජය කිරීම

    හිට්ලර්ගේ මයින් කාම්ප්ෆ් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ,රුසියාව සම්බන්ධ තම අදහස ඔහු පැහැදිලිවම සඳහන් කර තිබිණි.මෙය හිට්ලර්ගේ විදේශ ප්‍රතිපත්තියේ තුන්වන අරමුණයි.සෝවියට් විරෝධි පෙරමුණක් ඇතිකර ගැනීමේ පරමාර්ථයක්ද ඔහුට තිබිණි.

    MSZchHl.jpg





    6.බ්‍රිතාන්‍ය අගමැති චෙම්බර්ලයින්ට පාඩමක් ඉගැන්වීම

    බ්‍රිතාන්‍ය අගමැති පෝලන්තයේ(1939 මාර්තු 31) ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ විට හිට්ලර් කෝපයට පත්වූ බව කියවේ(හිට්ලර්ගේ ප්‍රතිචාරය - 'I'll cook them a stew they'll choke on' ).

    tDYpTrg.jpg
    බ්‍රිතාන්‍ය අගමැති චෙම්බර්ලයින්​




    7.ජර්මන් විරෝධී සන්ධානයක් ඇතිවීම වැළක්වීම

    තමන්ට එරෙහිව ලෝකයම පෙළගැසෙන බව දුටු හිට්ලර්ගේ ප්‍රචාරය වූයේ "ජර්මනිය අවට අලුත් රටවල් නිර්මාණය කරමින් ඒවා ජර්මනියට එරෙහිව පෙළගස්සවමින් සිටින විට ජර්මනිය ඉවසීමෙන් පසෙකට වී සිටීවි යැයි ඔවුන් බලාපොරොත්තුවන්නේ නම් ,ඔවුන්ට වැරදිලා".හිට්ලර් දිගින් දිගටම ජර්මනියෙන් පෝලන්තයට ලබාදුන් භූමි ප්‍රදේශ ආපසු ඉල්ලා සිටිද්දී පෝලන්තය ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ අතර ඔවුන් පාබල හමුදා සේනාංක 4ක් සහ අශ්වාරෝහක සේනාංකයක් ජර්මන් -පෝලන්ත දේශසීමාව අසලට යවන ලදි.ඒ පෝලන්තය වෙනුවෙන් බ්‍රිතාන්‍යය පෙනී සිටින බවට දුන් ප්‍රතිඥාව ඔස්සේ ලැබුණු දිරිගැන්වීම නිසාය.හමුදාව දේශසීමාව දෙසට එවීම,හිට්ලර් කෝපයට පත් කරන්නට හේතුවිය.

    ORYc1ZY.jpg
    පෝලන්තය විසින් අශ්වාරෝහක බල ඇණියක් පෝලන්ත-ජර්මන් දේශසීමාවට යවන ලදි​




    8.නාසි-සෝවියට් ගිවිසුම

    1939 අප්‍රේල් අවසානයේදී රූස්වෙල්ට් සහ ස්ටාලින්,හිට්ලර් පෝලන්තය ඉලක්ක කිරීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්නට විය.මෙම අවස්ථාවේ හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කල හොත් එය නැවැත්වීමට හැක්කේ ස්ටාලින් සහ රුසියානු හමුදාවට පමණි.නමුත් ඉංග්‍රීසි-සෝවියට් කතිකාවත අසාර්ථක වීමත් 1939 අගෝස්තු මස 23 දා අත්සන් කල සෝවියට්-නාසි ගිවිසුමත් පෝලන්ත ආක්‍රමණය අනිවාර්ය බව පෙන්වාදෙන ලදි.තවද ආක්‍රමණයෙන් පසුව දෙරට අතර පෝලන්තය බෙදා ගැනීමේ රහස් ගිවිසුමක්ද තිබිණි.අවසානයේදී හිට්ලර්ට පෝලන්තය ආක්‍රමණය,ස්ටාලින් සමග එකඟවූ පරිද්දෙන් සිදුකරන ලදි.

    qLMN3FF.jpg
    නාසි-සෝවියට් ගිවිසුම​




    ජර්මානුවන්ගේ පක්ෂයෙන් මෙම ආක්‍රමණය සිදුකිරීමට නිදහසට කරුණු ලෙස ඉදිරිපත්වන්නේ පෝලන්ත හමුදාව ආක්‍රමණශීලී ඉරියව්වක සිටීම සහ පෝලන්තයේ ජර්මන් සුළුතරයට පෝලන්ත ජාතිකයන් සිදුකල අපරාධයි.


    පෝලන්ත හමුදා ජර්මනිය දෙසට ගමන් කරමින්

    RLOeWbO.jpg


    G4iUWw8.jpg


    cqA47Hz.jpg


    2AXOB9a.jpg


    vYXVe0S.jpg


    තව පිරිසකගේ අදහස දෙවන ලෝක යුද්ධය ඇරඹීමට සෝවියට් දේශයද වග කිවයුතු බවයි.1939 මාර්තු මස 31දා බ්‍රිතාන්‍යය විසින් ප්‍රකාශ කරන ලද්දේ ,පෝලන්තය ආක්‍රමණයකට ලක්වුව හොත් ඔවුන්ගේ සහායට තම රට ඉදිරිපත්වන බවයි.සැබවින්ම බ්‍රිතාන්‍යයේ අරමුණ කුමක්ද?ජර්මනිය හිට්ලර් යටතේ අනිවාර්යෙන්ම පෝලන්තය ආක්‍රමණය කරන බව බ්‍රිතාන්‍යය දැනසිටියේය.තමන් පෝලන්තයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීම යනු ජර්මනිය යුද්ධයකට ඈදාගැනීමකි.එනම් ජර්මනිය සමග යුද්ධයක් ඇරඹීම බ්‍රිතාන්‍යයේ අරමුණ විය(ජර්මනිය යුරෝපයේ බලවතා වෙනවා දැකීමට බ්‍රිතාන්‍යයට කොහෙත්ම කැමැත්තක් නොතිබිණි.),බ්‍රිතාන්‍යයේ අරමුණ එළිවන්නේ ,ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුවයි.1939 සැප්තැම්බර් මස 1දා ජර්මන් හමුදා පෝලන්තය ආක්‍රමණය කරයි.ජර්මන්-සෝවියට් ගිවිසුමට අනුව 1939 සැප්තැම්බර් මස 17 දා සෝවියට් දේශයද පෝලන්තය ආක්‍රමණය කරයි.නමුත් බ්‍රිතාන්‍යය 1939 සැප්තැම්බර් මස 3 දා ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරයි.පෝලන්තය ආක්‍රමණය කරන ඕනෑම රටකට එරෙහිව ක්‍රියා කරන බව කී බ්‍රිතාන්‍යය ,ජර්මනියට එරෙහිව පමණක් යුද ප්‍රකාශ කලේ ඇයි? ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් සෝවියට් දේශයට එරෙහිව නොගත්තේ ඇයි?ඊට හේතුව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ උවමනාව වී තිබුණේ ජර්මනිය සමග යුද්ධයකට පිවිසීම පමණි.කෙසේ නමුත් පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය ආර්ථික,සමාජීය සහ යුදමය වශයෙන් දරුණු ලෙස අවමානයට ලක්කිරීම දෙවන ලෝක යුද්ධයක් සඳහා ප්‍රබල උත්තේජයක් සැපයූ බව පැහැදිලිය.




    හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ ඇයි - වැඩිදෙනෙක් නොදන්නා හේතුව​

    අප ඉගෙන ගන්නා ලෝක ඉතිහාසය තුල ඉගැන්වෙන්නේ හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේ අහිමිවූ භූමිය යළි අත්පත් කරගැනීමට සහ ජර්මන් ආධිපත්‍යය රුසියාව ඇතුල නැගෙනහිර යුරෝපය පුරා පැතිරවීමට බවයි.පෝලන්ත ආක්‍රමණයක් කල හොත් ඊට එරෙහිව පියවර ගන්නා බව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ කලින්ම ප්‍රකාශ කර තිබිණි.මෙය හිට්ලර් ප්‍රකෝප කරවීමකි.යුද්ධයෙන් පසුව ලොව පුරා ප්‍රචාරය කලේ බලකාමයෙන් පිස්සු වැටුණු හිට්ලර් , ලෝකයම තමන්ගේ අතට ගැනීමට සහ යුදෙව් සංහාරය සඳහා පෝලන්තය ආක්‍රමණය කල බවයි.අදටත් ලොව පුරා පාසල් වල ඉගැන්වෙන්නේ මෙම අසත්‍යයයි.



    පෝලන්තයේ ජර්මන් සංහාරය

    හිට්ලර් මුල පටන් යුදෙව් විරෝධියෙක් වුවද ,1930 දශකයේ පටන් යුරෝපයේ සහ ඇමෙරිකාවේ යුදෙව් ප්‍රජාව ජර්මන් නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු තුල යුදෙව් විරෝධය තවත් වැඩි කරන්නට ඇති.හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර පෝලන්තය තුල සිටි ජර්මන් සුළුතරයට එරෙහිව බරපතල අපරාධ සිදුකිරීමට එරට පාලකයෝ අවසර දී තිබේ.පෝලන්ත හමුදා සහ පෝලන්ත සිවිල්වැසියන් විසින් එරට සිටි ජර්මානුවන් අමානුෂික ලෙස මරාදැමීමටත් කාන්තාවන් දූෂණය කිරීමට කටයුතු කර තිබේ.තවද ජර්මානුවන් සතු ව්‍යාපාර,වස්තුව පෝලන්ත ජාතිකයන් විසින් කොල්ලකන ලදි.මෙම ජර්මන් සංහාරය,හිට්ලර් හට පෝලන්තය ආක්‍රමණය කිරීමට සාධාරණ හේතුවක් සපයා දුනි.

    2wE7qTC.jpg
    පෝලන්තයේ ජර්මන් සංහාරයට හසුව දිවිගලවාගත් ජර්මන් දරුවෙක් සහ ඔහුගේ මිත්තණිය​



    රටින් නෙරපා දැමීමේ නියෝග පළමුවරට නිකුත් කරන්නේ ජර්මනියේ යුදෙව්වන්ට එරෙහිව නොවේ.එය පළමුවරට සිදුකරන්නේ පෝලන්ත පාලකයන් එරට සිටි ජර්මන් ජනතාව කෙරෙහිය.ඔවුන් විසින් ජර්මානුවන් අත් අඩංගුවට ගන්නට හෝ රටින් පිටුවහල් කිරීමට නියෝග කරන ලදි.මෙහිදී වර්ග තුනක නියෝග නිකුත් කරන ලදි.කහ පැහැති පෙන්වා තිබුණේ මධ්‍යම හෝ නැගෙනහිර පෝලන්තයට පිටුවහල් කිරීමයි.රෝස පැහැයෙන් දැක්වුනේ සිරගත කිරීමයි.රතු පැහැයෙන් සම්පුර්ණ අත් අඩංගුවට ගැනීමකි.නමුත් ඇත්තට සිදුවූයේ බොහෝදෙනෙක් ඝාතනය කිරීමයි.මෙම සංහාරයන් සිදුවූයේ 1930දී ඩැන්සිග් කොරිඩෝරයේදීය.

    IxqxNYZ.jpg
    මරා දමන ලද ජර්මානුවන්ගේ මල සිරුරු බෲම්බර්ග් හි භූමදානයට සූදානමින්​


    P2J3Q2p.jpg
    තම ස්වාමිපුරුෂයාගේ මළ සිරුර අසල හඬා වැටෙන ජර්මන් කාන්තාවක්​


    1939 සැප්තැම්බර් හිදී සිදුවූ සීඝ්‍ර ජර්මන් ආක්‍රමණයෙන් අතරතුර සටන් පෙරමුණේ පිටුපස කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදේ යන බියෙන් පෝලන්තය විසින් 10,000-15,000 ත් අතර ජර්මන් වැසියන් පිරිසක් අත් අඩංගුවට ගෙන ඔවුන්ව පාගමනින් පෝලන්තයේ නැගෙනහිර ප්‍රදේශයට ගෙන යන ලදි.දැඩි වෙහෙස නිසා යා ගත නොහැකිවූවන්ට වෙඩි තබා දමන ලදි.පෝලන්තය පිහිටුවීමෙන් පසුව එම ප්‍රදේශවල සිටි බොහෝ ජර්මන් ජනයා ජර්මනිය වෙත නොගියහ.වෙඩි තැබීම් සහ අධික වෙහෙස නිසා ජර්මානුවන් 2000ක් පමණ මියගියහ.තවත් 300ක් බ්‍රෝම්බර්ග් හිදී මරාදමන ලදි.

    0e43LYt.jpg
    මරා දැමූ ජර්මානුවන්ගේ සිරුරු විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු​




    ඩැන්සිග් සංහාරය -1939

    පළමු ලෝක යුද්ධයේ පරාජයේ වන්දියක් ලෙස ජර්මනියට ඩැන්සිග් ප්‍රදේශය අහිමිවිය.එහි සිටි ජර්මන් වාර්ගිකයන් 58,000ක් පමණ බොල්ෂෙවික් සහ පෝලන්ත හමුදාව විසින් ඝාතනය කරන ලදි.තවත් දහස්ගණනක්දෙනා සිවිල්වැසියන් සහ යුදෙව්වන් අතින් ඝාතනය විය.ඔවුන් පෝලන්තයේ සිටි ජර්මන් වාර්ගිකයන් සතු ගොවිපොළ සහ වෙළඳසැල් තමන්ගේ භාරයට ගත්හ.හිට්ලර්ගේ පෝලන්ත ආක්‍රමණයට පෙර පෝලන්තය තුල ජර්මන් වාර්ගිකයන් 58,000ක් පමණ මරාදමන ලද්දේ යැයි කියවේ.මෙම ඝාතන 1939 අප්‍රේල් මාසයේ පටන් සිදුව තිබේ.

    YHWDOmF.jpg
    ඝාතනයට ලක්වූ ජර්මානුවන්​


    දෙවන ලෝක යුද්ධයට ආරම්භය ලබා දුන්නේ ජර්මනියේ පෝලන්ත ආක්‍රමණය බව සත්‍යයකි.නමුත් ඔවුන්ව යුද්ධය සඳහා පොළඹවන්නට අන්‍ය ජාතීන්ද සාධාරණ හේතු සපයා තිබේ.පෝලන්තය 1939 අගෝස්තු 30 පෙර දින දෙකක් තිස්සේ තම හමුදා ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ජර්මන්-පෝලන්ත දේශසීමාව වෙත ගෙන එන ලද්දේ තම අසල්වැසි රාජ්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමකට සමාන ලෙසයි.


    ඝාතනයට ලක්වූ ජර්මානුවන්


    Cdg4Vmb.jpg


    mEpvzY8.jpg


    9TuICNr.jpg


    FBPVSkQ.jpg


    yJsrsRV.jpg



    බොහෝදෙනා නොදන්නා කරුණක් වන්නේ පෝලන්ත ජාතිකයන් යනු උග්‍රජාතිවාදීන් යන්නයි.ඔවුන් දෙවන ලෝක යුද්ධයට පෙර බරපතල ලෙස ජර්මානුවන් ප්‍රකෝප කරවන සහ ඔවුන්ව ඉතා පහත් ලෙස අවමානයට පත් කරන ප්‍රකාශ නිකුත් කර තිබේ.1919 සිට 1921 දක්වා කාලය තුල වාර්ගික ජර්මානුවන් 400,000ක් පමණ තම වාසස්ථාන අතහැර ජර්මනිය වෙත පලාගොස් තිබෙන්නේ තමන්ගේ ජීවිත බේරාගැනීමටය.1945 පසු පෝලන්ත හමුදාව ජර්මානුවන්ගේ සුසාන භූමිවල සොහොන් හාරා මළ මිනීවල තිබූ රත්‍රන් ආභරණ කොල්ලකෑබව කියවේ.




    Source:Incredibleimages4u.blogspot.com

    -HarshaLulzSec-
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පැටියා;19449688 said:
    මචං හිට්ලර්..... පෝලන්තෙ ආක්‍රමණය කලේ ඇයි බං? :(

    trolling-why-u-no.jpg

    හිට්ලර්ගෙන්ම තමයි අහන්න ඕනේ :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉස්සර මොනව උනත් දැන් ඔය ජර්මනියත් අගේට මිත්‍ර පාර්ශවයත් එක්ක එකට කාල බීල ඉන්නෙ.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    තවත් එළ Thread එකක්:yes::yes:
    ලෝක යුද්ධ ලංකාවට බලපාපු හැටි දාන්න උත්සහයකුත් දෙන්න සහෝ....:)
    ජයවේවා....!
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    තවත් එළ Thread එකක්:yes::yes:
    ලෝක යුද්ධ ලංකාවට බලපාපු හැටි දාන්න උත්සහයකුත් දෙන්න සහෝ....:)
    ජයවේවා....!

    ඕකටත් මහින්ද සම්බන්ධ කරයි..:baffled::baffled::lol::lol: