මචං මේක කියවද්දි මට හොලිවුඩ් ෆිල්ම් වල තියෙන එෆෙක්ට්ස් එක්ක ෆිල්ම් එකක් කරොත් කොහොම වෙයිද කියලා හිතුනා .උදාහරණයක් කිව්වොත් අර කැලෑවෙන් පොලිසිය එලවං එද්දි පැනලා දුවන සීන් එහෙම අර ශර්ලොක් හොල්ම්ස් ෆිල්ම් එකේ ස්ලොව් මෝෂන් එෆෙක්ට්ස් ඇඩ් කරලා හිතලා බලපන් කොහොමද ගතිය කියලා .මම නිකන් කිව්වේ .මේ කතාව කියවද්දි මට මතක් උනේ රාවන් හින්දි ෆිල්ම් එක .අර අභිෂෙක් බච්චන් ඉන්නේ .අන්න ඒක .එකේත් තියෙන්නේ ඔය වගේ රේප් සීන් එකකට පොලීසියෙන් පලිගන්න කේස් එකක් .ඒ වගේම තමා මිනිහෙක් අපරාධ කාරයෙක් වෙන්නේ නිකන් නෙමේ. මොකක් හරි අසාධාරණයක් උඩ. ඉතිං මේ වගේ දේවල් වලින් පේන්නේත් ඒ දේම තමා .අසාධාරණය ,බඩගින්න වගේ දේවල් එක්ක ජීවත් වෙනකොට ඇතැම් මානසික මට්ටම් වලට අනුව මේ වගේ දේවල් කරන්න මිනිස්සු පෙළඹෙනවා .මේ වගේ "හිතු මතේ ජීවිතේ " වගේ අය බිහි වෙලා තියෙන්නේ අද වගේම එදාත් නීතිය හරියට ක්රියාත්මක නොවීම සහ නීතිය සදාචරය රකින එවුන්ම තුප්පහි වීම නිසා .