Bump
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Jan 20, 2015 #83 PATTA PATA PATA GOOD ONE KEEP IT UP BRO
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα Jan 20, 2015 #84 ela ela niyama episode eka..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 20, 2015 #85 හිතුවක්කාර ආදරය - 08 කොටස "ඒක නෙමේ බ්රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට" "ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු." "නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්" "හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම කෙනා ඉතින්" "මේ ඒක නෙමේ බ්රයන් අද මාර වැඩක්නෙ උනේ" "ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම යැව්වනෙ" "උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ. අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක එදාට බලා ගමු" "හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ" "මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය බන්" "නෑ..... උඹ කතා කලාද" "නැහැ මම එයාගෙ බයික් එක දැක්කෙ. ඉමාෂ මාව අඳුන්වල දෙන්න එක්කන් යන්න හදනකොටම තමා, උඹ කෝල් කලේ ඉක්මනට වරෙන් කියලා" "එක වගේ බයික් කීයක් තියනවද බන්. උඹ නිකන් බය වෙලා ඉන්නෙ" "පිස්සුද බන්.. ටානියගෙ එක මට අඳුරන්න බැරිද" "හරි, දැන් ඕක ටානියගෙම කියහන්කො. එයාට ඉමාෂලගෙ ෆැමිලි එක්ක තියන ගනුදෙනුව මොකක්ද" "ඒක තමා බන්.. අනේ මන්දා මට තේරෙන් නැහැ" "හිතන්න එපා බන්. ඔය වගේ ඒවටද බන් අපි දෙන්න පහුගිය හෝරාවල මූණ දුන්නෙ. වරෙන් යන්න ගෙදර." පසු දින උදෑසන කාර්යාලයට පැමිණි විගසම ඉමාෂා මගේ තොල්පොට තුවාල වී ඇති අයුරු දුටුවේය. මා රාත්රියෙහි ඒ ගැන සඳහනක් නොකලේ ඇය කලබලවන නිසාවෙනි. මගේ මතය සනාත කරමින් ඇය මා දුටු විගසම බැන වදින්නට විය. මාද නිහඬව සිටියේ මා වැරැද්දක් කල ඇති බව තේරුම්ගත් නිසාය. කෙසේ වෙතත් ඇගේ තරහ නිවීමට පැය තුනක පමන කාලයක් ගතවිය. එනම් මුළු උදය වරුවම නිහඬය. නිසලය. "අඩම්බරකාරයො.. මම තරහ වෙලා කියල ගානක්වත් නෑ නේද? .. නපුර.. නපුර .. නපුර .." "අහ් ඒකත් එහෙමද. ඔයා තරහ උනාද. කෝ එන්න මෙතන්ට, ඇවිත් මගේ ළඟින් ඉඳගන්න" "මට ඕන කමක් නැහැ නපුරො ගාවට එන්න" "හම්ම් .. මම හිතුවෙ නැහැ පොඩි දේකට මාව රිද්දවයි කියලා." "අනේ නපුරො.. මම විහිලුවක් කලේ.. කෝ ඉන්න ළඟට එනකම්" "ආ.. ඔය ආවේ. " "මෙයා කරල තියෙන්නෙ රඟපෑමක්, මාව ළඟට ගන්න. ඔයානම් ... හරි හරි රිදෙන් නැහැ නේද මේ තුවාල" "රිදෙනවා අනේ.. කිස් එකක් ලැබුනොත් නම් ඉතින් ..." "ආ මේ ඔෆිස් එක හරිද. මන් පස්සෙ දෙන්නම්කො. ආයෙ රන්ඩු වලට යන්නෙ නැහැ කියල ඔය මට පොරොන්දු වෙන්න ඕන මේ දැන්මම" "ඒ කියන්නෙ ආත්ම ආරක්ෂාවටත් බැරිද?" "මොන රන්ඩුවක්වත් ඕනි නැහැ. වැරදි නොකර හිටියනම් රන්ඩු නැහැනෙ.. ඔයාට මොනව හරි උනොත් අඩම්බරකාරයො.. මම කොහොමද හිත හදාගෙන ඉන්නෙ" ඇගේ හිත රිදවීමට මා අකමැති වූ නිසා ඇය කියූ පරිදිම ඇගේ හිස මත මම දිවුරුවෙමි. මාගේ දෙතොල් මත තැබූ හිතුවක්කාර හාදුවක්ද සමග ඇය මා සිටිනා තැනින් නොපෙනි ගියේ ඇයව තව තවත් මගේ සිතට ලං කරමින්ය. ඇය නොපෙනී ගොස් ත්ප්පර කීපයක් ගතවිමටත් මත්තෙන් බ්රයන් ඇතුළු වූයේ කලබල ගතියකිනි. "උඹට පිස්සු හැදිලද බොල, මොකක්ද ඒ කලේ ඉමාෂාව ඇතුලෙ තියාගෙන" "මුකුත් නැහැ ඉතින්.. උඹ කොහොමද දැක්කෙ" "ඒකනෙ කියන්නෙ, මම එනව උඹ දන්නෙත් නැහැ එතකොට. මම දොර මුර කලා කවුරුහරි එයි කියල හිතල" "වෙල්ඩන් පුතා.. වෙල්ඩන් .. ඔන්න යාළුවො" "ඒක නෙමේ, උඹේ මේ ආදර ජවනිකාව නිසා මට ආව කාරනෙත් අමතක උනා. අළුතින් ආව සම්පතය කාටදෝ මන්දා ලයිෆ් ඉන්ෂුවර්න්ස් එකක් දාලා බොරු කියලා" "බොරු කියල කිව්වෙ" "අරව තියනව මේව තියන්ව කියල දාල තියෙන්නෙ. වරිකය මාසෙට පහළවක්. කස්ටමර්ට කෝකටත් සැක හිතිල බොසාට කෝල් කරලා. මිනිහ බොසාගෙ යාළුවෙක්ලු. සම්පතයට බැනල අම්බානෙට. කස්ටමර් ඇවිල්ල ඉන්නෙ. පොඩ්ඩක් බලහන්කො මොනව හරි කරන්න" "හරි හරි, මම මිනිහ ගැන බලාගන්නම්, උඹ බොසාව කූල් ඩවුන් කරපන්. සම්පතයය එවහන් මගේ ගාවට මේ සේරම කූල් ඩවුන් උනාට පස්සෙ" සම්පත්ගේ ක්රියාව නිසා හවස් වරුවද ගෙවී ගියේ අපට හොරාවමය. සම්පත් විසින් සිදුකර ඇතිතේ බරපතල වරදකි. ඔහු කතාකල ජීවිත රක්ෂනයේ වාරිකය වැඩි නිසාත් එයින් ඔහුට ලැබෙන කොමිස් මුදල වැඩි නිසාත් එසේ අසතය දේ පවසා ඇත. සම්පත්ව මගේ කාර්යාලයට ගෙන්වා ඔහුට මම තදින්ම්ම අවවාද කලේ ඔහු නිසා අද මට ඇසීමට සිදූ වූ දේවල් නිසාය. එමෙන්ම අප ආයතනයේ නමට ඇතිවූ හානියද නිසාය. "දිනුක, මොනාද අර ආව මිනිහ ඔයාට කිව්වෙ. හරියට ඔයා වැරැද්දක් කලා වගේනෙ. ඔයා කොහොම ඉවසගෙන අහගෙන හිටියද මන්දා. මම නම් අනිනවා හොම්බට ඒ මිනිහගෙ. ඒ මදිවට සම්පතය. එයා නිසානෙ මේ සේරම." "ඕව ඔහොම තමා ඉමාෂා. ඔයිට වඩා දේවල් අහල තමා අද මම මේ තත්වයේ ඉන්නෙ" "ඒ උනාට එහෙම බැහැනෙ" "හරි හරි දැන් යමු ගෙදර" "ඒක නෙමේ හෙට නිවාඩුනෙ.. පොඩි වැඩක් කරමුද" "හෙට බ්රහස්පතින්දනෙ ළමයො. කොහෙද නිවාඩු තියෙන්නෙ හෙට" "අනේ මගෙ මෝඩ කොල්ලො.. හෙට පෝය" "ඒකත් එහෙමද.. මට අමතක උනානෙ" "අපි හෙට සිල් ගන්න යමු.. මට හරි ආසයි ළමා සාරිය ඇඳල බෝ මළුව වටේ ඇවිදින්න ඔයා ළඟින්" "ඉතින් ඕකට සිල් ගන්නම ඕන නැහැනෙ. අපි හවස් වෙලා එමු පන්සලට" "එහෙම බැහැ.. එනවද නැද්ද" හදිසියේම යෙදුනාවූ සිල් ගැනීමේ කටයුත්ත නිසා මාගේ ඔළුව අවුල් ජාලයක් වී තිබුනි. මම පහ වසරේ සීල් සමාදන් වූවාට පසුව එම වචන කීපය ඇසුවෙත් ඇය්ගේ මුවින් විය. වැස්සකටවත් පන්සලට නොයන මා දුටුවිට අප පන්සලේ නායක හාමුදුරුවොත් පුදුමවනු ඇතැයි නොඅනුමානය. සිල් සමාදන්වීම් තරයේ ප්රතික්ෂේප කලද මට ඇය හා යනවා ඇරෙන්න වෙන විකල්පයක් නොවීය. "තාත්තෙ සුදු සරමක් තියනවද?" "සරමක් .. මොකද මේ කවදාවත් නැතිව සරමක් හොයන්නෙ" "හෙට සිල් ගන්න තාත්තෙ" "අයියේ ... ඔයා හොඳින් නේද.. ඔයාට අසනීපයක්වත්ද" "අනේ මේ.. පැත්තකට වෙලා ඉන්නවද මගෙ යකා අවුස්සන් නැතිව" "නංගිගෙ කතාව ඇත්ත තමා. වැස්සකටවත් පන්සල් යන් නැති තමුසෙට එක පාරම ආව මේ සිල් සමාදන් වීම මොකද්ද" "මේ .. මේ .. ඉමාෂට හෙට සිල් ගන්න ඕනලු තාත්තෙ" "ඒක තමා මේ.. ආදර සීලයක්" "මම කැමති නැහැ තාත්තෙ. ඒත් ඉමාෂාට බැහැ කියන්න බැරි කමට යන්නෙ. " "ඒ ළමය හින්ද හරි තමුසෙ පන්සලකට පල්ලියකට යන එකනම් ලොකුදෙයක්. අල්මාරියේ ඇති සුදු සරමක්, බලල ගන්න" "කොහොම හිටිය කොල්ලෙක්ද තාත්තෙ මේ. කෙල්ලෙක් නිසා හා පැටියෙක් වගේ වෙලා මගෙ අයියා" "අනේ මේ.. කාමරයට ගිහින් පාඩම් කරනවද" "ආදරේ කෙසේ වෙතත් ඒ අක්ක ආත්ම ගානකට පිනක් කරගන්න යන්නෙ මෙයාව පන්සල් එක්කන් ගිහින්" "ඕක නවත්තනව දෙන්නම. අයිය එක්ක රන්ඩු අල්ලන්නෙ නැතිව ඔයා ගිහින් පාඩම් කරන්න" "හරි හරි තාත්තෙ. කෝකටත් හෙට දවස ගැන නෝට් එකක් දාගන්න ඕන. සොබා දහම පවා කැළඹෙයි මෙයා පන්සලක සිල් සමාදන් වෙනවා දැක්කහම" "දුව මම ඔයාට එකපාරක් කිව්වා දැන්..." නංගීගෙන් නෝන්ඩි පිට නෝන්ඩි වැටුනද ඒ සියල්ලම මම මගේ ආදරය නිසා ඉවසාගෙන සිටියෙමි. මාගේ සිල් සමාදන් වීම ගැන අම්මාටද අදහාගැනීමට අපහසු කරුනක් වූවේය. අම්මාද සිටියේ නංගීගේ මතයේය. පසුදින උදේ පාන්දරම අපි දෙදෙනාම කතාකරගත් පරිදි පන්සලට ගියෙමු. අප නායක හාමුදුරුවෝ මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියේ නංගීගේ මතය සනාතකරමින්ය. "බලන්න ඔයාගෙ ලස්සන දිනුක. සුදු නෙළුම් මලක් වගේ අද ඔයා" "ආ ඇත්තද... කවුරු හරි පූජ කරයි බලාගෙන" "ඒව කොහෙද මම ඉන්නකොට අඩම්බරකාරයො" මගේ ජීවිතයේ ගතකල අමාරුම දවස්වලින් එකක් ලෙස මට අද දිනය හැඳින්විය හැකිය. පැය ගනනාවක්ම එකම තැනකට වී මෙලෙස සිටියේ මා පහ වසරේදී සිල් සමාදන් වූවාට පසුවය. නමුත් අද දින පන්සලේ ගත කිරීම නිසාදෝ මගේ හිතට සැනසීමක් දැනෙන්නට විය. විඩාකාරී වූ සිතට සහනයක් දැනෙන්නට විය. "ගුඩ් මෝර්නිං දිනුක.. මොකෝ බන් ඊයෙ දවසෙම ෆොන් ඔෆ්" "අපි සිල් ගත්තනෙ" "අපි කිව්වෙ කව්ද" "කව්ද ඉතින්, මමයි ඉමාෂයි" "සිරාමද ඔය් කියන්නෙ, ඒක තමා ඊයෙ වැහි පොදක් ගියෙ. යකෝ උඹව පන්සලක දකින්න පිං කරල තියෙන්නෙ ඕන" "ඔන්න ඔන්න ඉතින් උඹත් මට නෝන්ඩි දානවනෙ.. මගෙ කැමැත්තක් තිබුනෙ නෑ බන්. එයාගෙ හිත රිද්දන්න බැරි නිසා ගියෙ" "හම්ම්... ඒ කෙල්ල හොඳයි බන්. වෙන උන් නම් රූම් එකකට යමු, ෆිල්ම් එකක් බලමු බොක්ස් ටිකට් එකකට, ඔය වගේ දේවල්නෙ කියන්නෙ. ඒ අතින් බල්නකොට උඹේ කෙල්ල දාහකින් සම්පතක්" "ඔන්න ආයෙමත් රන්ඩුවලට යන්නෙ නැහැ කියල මගෙන් පොරොන්දු ගත්තා බන් පන්සලේදි" "ඇඩෙනවනෙ ඉතින් තනි ඇහැට.. අද ඉඳන් කාපන්කො ගුටු සේරම මම තනියම" "හරි හරි බලමුකො ඒක පස්සෙ අපි" "රටක් පාලනය කරන්න පුළුවන් කොල්ලෙක්නෙ මේ කෙල්ලෙක් හින්ද චොර වෙන්නෙ" "ආදරේ හැටි මචෝ ... ආදරේ හැටී" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
හිතුවක්කාර ආදරය - 08 කොටස "ඒක නෙමේ බ්රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට" "ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු." "නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්" "හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම කෙනා ඉතින්" "මේ ඒක නෙමේ බ්රයන් අද මාර වැඩක්නෙ උනේ" "ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම යැව්වනෙ" "උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ. අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක එදාට බලා ගමු" "හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ" "මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය බන්" "නෑ..... උඹ කතා කලාද" "නැහැ මම එයාගෙ බයික් එක දැක්කෙ. ඉමාෂ මාව අඳුන්වල දෙන්න එක්කන් යන්න හදනකොටම තමා, උඹ කෝල් කලේ ඉක්මනට වරෙන් කියලා" "එක වගේ බයික් කීයක් තියනවද බන්. උඹ නිකන් බය වෙලා ඉන්නෙ" "පිස්සුද බන්.. ටානියගෙ එක මට අඳුරන්න බැරිද" "හරි, දැන් ඕක ටානියගෙම කියහන්කො. එයාට ඉමාෂලගෙ ෆැමිලි එක්ක තියන ගනුදෙනුව මොකක්ද" "ඒක තමා බන්.. අනේ මන්දා මට තේරෙන් නැහැ" "හිතන්න එපා බන්. ඔය වගේ ඒවටද බන් අපි දෙන්න පහුගිය හෝරාවල මූණ දුන්නෙ. වරෙන් යන්න ගෙදර." පසු දින උදෑසන කාර්යාලයට පැමිණි විගසම ඉමාෂා මගේ තොල්පොට තුවාල වී ඇති අයුරු දුටුවේය. මා රාත්රියෙහි ඒ ගැන සඳහනක් නොකලේ ඇය කලබලවන නිසාවෙනි. මගේ මතය සනාත කරමින් ඇය මා දුටු විගසම බැන වදින්නට විය. මාද නිහඬව සිටියේ මා වැරැද්දක් කල ඇති බව තේරුම්ගත් නිසාය. කෙසේ වෙතත් ඇගේ තරහ නිවීමට පැය තුනක පමන කාලයක් ගතවිය. එනම් මුළු උදය වරුවම නිහඬය. නිසලය. "අඩම්බරකාරයො.. මම තරහ වෙලා කියල ගානක්වත් නෑ නේද? .. නපුර.. නපුර .. නපුර .." "අහ් ඒකත් එහෙමද. ඔයා තරහ උනාද. කෝ එන්න මෙතන්ට, ඇවිත් මගේ ළඟින් ඉඳගන්න" "මට ඕන කමක් නැහැ නපුරො ගාවට එන්න" "හම්ම් .. මම හිතුවෙ නැහැ පොඩි දේකට මාව රිද්දවයි කියලා." "අනේ නපුරො.. මම විහිලුවක් කලේ.. කෝ ඉන්න ළඟට එනකම්" "ආ.. ඔය ආවේ. " "මෙයා කරල තියෙන්නෙ රඟපෑමක්, මාව ළඟට ගන්න. ඔයානම් ... හරි හරි රිදෙන් නැහැ නේද මේ තුවාල" "රිදෙනවා අනේ.. කිස් එකක් ලැබුනොත් නම් ඉතින් ..." "ආ මේ ඔෆිස් එක හරිද. මන් පස්සෙ දෙන්නම්කො. ආයෙ රන්ඩු වලට යන්නෙ නැහැ කියල ඔය මට පොරොන්දු වෙන්න ඕන මේ දැන්මම" "ඒ කියන්නෙ ආත්ම ආරක්ෂාවටත් බැරිද?" "මොන රන්ඩුවක්වත් ඕනි නැහැ. වැරදි නොකර හිටියනම් රන්ඩු නැහැනෙ.. ඔයාට මොනව හරි උනොත් අඩම්බරකාරයො.. මම කොහොමද හිත හදාගෙන ඉන්නෙ" ඇගේ හිත රිදවීමට මා අකමැති වූ නිසා ඇය කියූ පරිදිම ඇගේ හිස මත මම දිවුරුවෙමි. මාගේ දෙතොල් මත තැබූ හිතුවක්කාර හාදුවක්ද සමග ඇය මා සිටිනා තැනින් නොපෙනි ගියේ ඇයව තව තවත් මගේ සිතට ලං කරමින්ය. ඇය නොපෙනී ගොස් ත්ප්පර කීපයක් ගතවිමටත් මත්තෙන් බ්රයන් ඇතුළු වූයේ කලබල ගතියකිනි. "උඹට පිස්සු හැදිලද බොල, මොකක්ද ඒ කලේ ඉමාෂාව ඇතුලෙ තියාගෙන" "මුකුත් නැහැ ඉතින්.. උඹ කොහොමද දැක්කෙ" "ඒකනෙ කියන්නෙ, මම එනව උඹ දන්නෙත් නැහැ එතකොට. මම දොර මුර කලා කවුරුහරි එයි කියල හිතල" "වෙල්ඩන් පුතා.. වෙල්ඩන් .. ඔන්න යාළුවො" "ඒක නෙමේ, උඹේ මේ ආදර ජවනිකාව නිසා මට ආව කාරනෙත් අමතක උනා. අළුතින් ආව සම්පතය කාටදෝ මන්දා ලයිෆ් ඉන්ෂුවර්න්ස් එකක් දාලා බොරු කියලා" "බොරු කියල කිව්වෙ" "අරව තියනව මේව තියන්ව කියල දාල තියෙන්නෙ. වරිකය මාසෙට පහළවක්. කස්ටමර්ට කෝකටත් සැක හිතිල බොසාට කෝල් කරලා. මිනිහ බොසාගෙ යාළුවෙක්ලු. සම්පතයට බැනල අම්බානෙට. කස්ටමර් ඇවිල්ල ඉන්නෙ. පොඩ්ඩක් බලහන්කො මොනව හරි කරන්න" "හරි හරි, මම මිනිහ ගැන බලාගන්නම්, උඹ බොසාව කූල් ඩවුන් කරපන්. සම්පතයය එවහන් මගේ ගාවට මේ සේරම කූල් ඩවුන් උනාට පස්සෙ" සම්පත්ගේ ක්රියාව නිසා හවස් වරුවද ගෙවී ගියේ අපට හොරාවමය. සම්පත් විසින් සිදුකර ඇතිතේ බරපතල වරදකි. ඔහු කතාකල ජීවිත රක්ෂනයේ වාරිකය වැඩි නිසාත් එයින් ඔහුට ලැබෙන කොමිස් මුදල වැඩි නිසාත් එසේ අසතය දේ පවසා ඇත. සම්පත්ව මගේ කාර්යාලයට ගෙන්වා ඔහුට මම තදින්ම්ම අවවාද කලේ ඔහු නිසා අද මට ඇසීමට සිදූ වූ දේවල් නිසාය. එමෙන්ම අප ආයතනයේ නමට ඇතිවූ හානියද නිසාය. "දිනුක, මොනාද අර ආව මිනිහ ඔයාට කිව්වෙ. හරියට ඔයා වැරැද්දක් කලා වගේනෙ. ඔයා කොහොම ඉවසගෙන අහගෙන හිටියද මන්දා. මම නම් අනිනවා හොම්බට ඒ මිනිහගෙ. ඒ මදිවට සම්පතය. එයා නිසානෙ මේ සේරම." "ඕව ඔහොම තමා ඉමාෂා. ඔයිට වඩා දේවල් අහල තමා අද මම මේ තත්වයේ ඉන්නෙ" "ඒ උනාට එහෙම බැහැනෙ" "හරි හරි දැන් යමු ගෙදර" "ඒක නෙමේ හෙට නිවාඩුනෙ.. පොඩි වැඩක් කරමුද" "හෙට බ්රහස්පතින්දනෙ ළමයො. කොහෙද නිවාඩු තියෙන්නෙ හෙට" "අනේ මගෙ මෝඩ කොල්ලො.. හෙට පෝය" "ඒකත් එහෙමද.. මට අමතක උනානෙ" "අපි හෙට සිල් ගන්න යමු.. මට හරි ආසයි ළමා සාරිය ඇඳල බෝ මළුව වටේ ඇවිදින්න ඔයා ළඟින්" "ඉතින් ඕකට සිල් ගන්නම ඕන නැහැනෙ. අපි හවස් වෙලා එමු පන්සලට" "එහෙම බැහැ.. එනවද නැද්ද" හදිසියේම යෙදුනාවූ සිල් ගැනීමේ කටයුත්ත නිසා මාගේ ඔළුව අවුල් ජාලයක් වී තිබුනි. මම පහ වසරේ සීල් සමාදන් වූවාට පසුව එම වචන කීපය ඇසුවෙත් ඇය්ගේ මුවින් විය. වැස්සකටවත් පන්සලට නොයන මා දුටුවිට අප පන්සලේ නායක හාමුදුරුවොත් පුදුමවනු ඇතැයි නොඅනුමානය. සිල් සමාදන්වීම් තරයේ ප්රතික්ෂේප කලද මට ඇය හා යනවා ඇරෙන්න වෙන විකල්පයක් නොවීය. "තාත්තෙ සුදු සරමක් තියනවද?" "සරමක් .. මොකද මේ කවදාවත් නැතිව සරමක් හොයන්නෙ" "හෙට සිල් ගන්න තාත්තෙ" "අයියේ ... ඔයා හොඳින් නේද.. ඔයාට අසනීපයක්වත්ද" "අනේ මේ.. පැත්තකට වෙලා ඉන්නවද මගෙ යකා අවුස්සන් නැතිව" "නංගිගෙ කතාව ඇත්ත තමා. වැස්සකටවත් පන්සල් යන් නැති තමුසෙට එක පාරම ආව මේ සිල් සමාදන් වීම මොකද්ද" "මේ .. මේ .. ඉමාෂට හෙට සිල් ගන්න ඕනලු තාත්තෙ" "ඒක තමා මේ.. ආදර සීලයක්" "මම කැමති නැහැ තාත්තෙ. ඒත් ඉමාෂාට බැහැ කියන්න බැරි කමට යන්නෙ. " "ඒ ළමය හින්ද හරි තමුසෙ පන්සලකට පල්ලියකට යන එකනම් ලොකුදෙයක්. අල්මාරියේ ඇති සුදු සරමක්, බලල ගන්න" "කොහොම හිටිය කොල්ලෙක්ද තාත්තෙ මේ. කෙල්ලෙක් නිසා හා පැටියෙක් වගේ වෙලා මගෙ අයියා" "අනේ මේ.. කාමරයට ගිහින් පාඩම් කරනවද" "ආදරේ කෙසේ වෙතත් ඒ අක්ක ආත්ම ගානකට පිනක් කරගන්න යන්නෙ මෙයාව පන්සල් එක්කන් ගිහින්" "ඕක නවත්තනව දෙන්නම. අයිය එක්ක රන්ඩු අල්ලන්නෙ නැතිව ඔයා ගිහින් පාඩම් කරන්න" "හරි හරි තාත්තෙ. කෝකටත් හෙට දවස ගැන නෝට් එකක් දාගන්න ඕන. සොබා දහම පවා කැළඹෙයි මෙයා පන්සලක සිල් සමාදන් වෙනවා දැක්කහම" "දුව මම ඔයාට එකපාරක් කිව්වා දැන්..." නංගීගෙන් නෝන්ඩි පිට නෝන්ඩි වැටුනද ඒ සියල්ලම මම මගේ ආදරය නිසා ඉවසාගෙන සිටියෙමි. මාගේ සිල් සමාදන් වීම ගැන අම්මාටද අදහාගැනීමට අපහසු කරුනක් වූවේය. අම්මාද සිටියේ නංගීගේ මතයේය. පසුදින උදේ පාන්දරම අපි දෙදෙනාම කතාකරගත් පරිදි පන්සලට ගියෙමු. අප නායක හාමුදුරුවෝ මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියේ නංගීගේ මතය සනාතකරමින්ය. "බලන්න ඔයාගෙ ලස්සන දිනුක. සුදු නෙළුම් මලක් වගේ අද ඔයා" "ආ ඇත්තද... කවුරු හරි පූජ කරයි බලාගෙන" "ඒව කොහෙද මම ඉන්නකොට අඩම්බරකාරයො" මගේ ජීවිතයේ ගතකල අමාරුම දවස්වලින් එකක් ලෙස මට අද දිනය හැඳින්විය හැකිය. පැය ගනනාවක්ම එකම තැනකට වී මෙලෙස සිටියේ මා පහ වසරේදී සිල් සමාදන් වූවාට පසුවය. නමුත් අද දින පන්සලේ ගත කිරීම නිසාදෝ මගේ හිතට සැනසීමක් දැනෙන්නට විය. විඩාකාරී වූ සිතට සහනයක් දැනෙන්නට විය. "ගුඩ් මෝර්නිං දිනුක.. මොකෝ බන් ඊයෙ දවසෙම ෆොන් ඔෆ්" "අපි සිල් ගත්තනෙ" "අපි කිව්වෙ කව්ද" "කව්ද ඉතින්, මමයි ඉමාෂයි" "සිරාමද ඔය් කියන්නෙ, ඒක තමා ඊයෙ වැහි පොදක් ගියෙ. යකෝ උඹව පන්සලක දකින්න පිං කරල තියෙන්නෙ ඕන" "ඔන්න ඔන්න ඉතින් උඹත් මට නෝන්ඩි දානවනෙ.. මගෙ කැමැත්තක් තිබුනෙ නෑ බන්. එයාගෙ හිත රිද්දන්න බැරි නිසා ගියෙ" "හම්ම්... ඒ කෙල්ල හොඳයි බන්. වෙන උන් නම් රූම් එකකට යමු, ෆිල්ම් එකක් බලමු බොක්ස් ටිකට් එකකට, ඔය වගේ දේවල්නෙ කියන්නෙ. ඒ අතින් බල්නකොට උඹේ කෙල්ල දාහකින් සම්පතක්" "ඔන්න ආයෙමත් රන්ඩුවලට යන්නෙ නැහැ කියල මගෙන් පොරොන්දු ගත්තා බන් පන්සලේදි" "ඇඩෙනවනෙ ඉතින් තනි ඇහැට.. අද ඉඳන් කාපන්කො ගුටු සේරම මම තනියම" "හරි හරි බලමුකො ඒක පස්සෙ අපි" "රටක් පාලනය කරන්න පුළුවන් කොල්ලෙක්නෙ මේ කෙල්ලෙක් හින්ද චොර වෙන්නෙ" "ආදරේ හැටි මචෝ ... ආදරේ හැටී" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jan 20, 2015 #86 ela machang gud luck degatama damu
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Jan 20, 2015 #87 patta macho You must spread some Reputation around before giving it to max_xx again.
janiranga Junior member Aug 1, 2012 445 17 18 Jan 21, 2015 #90 ela ela negala yanava seen eka.... pattah
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 Jan 21, 2015 #91 fatta fatta digatama dagen apalayan, magin nathara koranna epa ara sankapalaya wage...............
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Jan 21, 2015 #92 එල එල... නියමයි මචන්.. අඩෝ මාත් 5 වසරෙදි විතර සිල් ගත්තට පස්සෙ සිල් අරන්ම නෑනේ.
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 21, 2015 #93 chamal89 said: ela machang gud luck degatama damu Click to expand...
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 21, 2015 #94 ZeeMARZ said: එල එල... නියමයි මචන්.. අඩෝ මාත් 5 වසරෙදි විතර සිල් ගත්තට පස්සෙ සිල් අරන්ම නෑනේ. Click to expand... ha ha ha ... 5 wasere sil genima aniwarya kala. matakada ubata?? netinam ekat nehe.. lol
ZeeMARZ said: එල එල... නියමයි මචන්.. අඩෝ මාත් 5 වසරෙදි විතර සිල් ගත්තට පස්සෙ සිල් අරන්ම නෑනේ. Click to expand... ha ha ha ... 5 wasere sil genima aniwarya kala. matakada ubata?? netinam ekat nehe.. lol
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 21, 2015 #95 හිතුවක්කාර ආදරය - 09 කොටස කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම ඔවුනට සමුදී පැමිනියෙමු. "කොහොමද අම්මෙ ඒ අක්කි" "අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ" "අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම් මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්" "අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති" මා කල වැඩ වලින් අම්මාගේ බැනුම් මීටරය ක්රියාත්මක නොවූ එකම දෙය ඉමාෂා විය. එය එසේ නොවුනේ ඇයිද යන්න මම පුදුමයකට පත් නොවුනේ මගේ ජීවිතයේද වෙනසක් කිරීමට ඉමාෂාට හැකි වූ නිසාය. යොවුන් ආදරයකදී මුලින්ම මතුවෙන ගැටළු කීපය හිතුවාටත් වඩා ඉක්මනින් හා ලේසියෙන් විසඳා ගැනීමට හැකි වීම මා ලද විශාල ජයග්රහනයක් විය. ඉදිරි ජීවිතය පිළිබඳව සැලැස්මක් ඇඳීමට සුදුසුම කාලය දැන් පැමින ඇති බව මම කල්පනා කෙරුවෙමි. ජීවිතයේ සුන්දරම අවදියේදී සුන්දර වූ ආදරයක හිමිකාරත්වය ලබා දුන්නාට දෙවියන්ට තුතු පුදමින් මම නින්දට ගියෙමි. "දිනුක, මොකෝ සෙනසුරාද වැඩේ, ගොඩද?" "එකෙන්ම බ්රයන්.. සේරම ඉක්මනටම වෙනව බන්. මට හිතාගන්නත් බැහැ. වෙලාවකට බයකුත් හිතෙනවා" "ඒ මොකද?" "ඉමාෂව නැති වෙයිද කියලා" "මම උඹට දවසකුත් කිව්වා.. උඹට පිස්සු බන්. එහෙම වෙන්නෙ නැහැ. උඹට වරදින් නැහැ බන් කවදාවත්, උඹ හොඳ එකෙක්. ඒ වගේම මතක තියා ගනින් මේ අපි හැමෝටම වඩා වාසනාව කියන දේ උඹට වැඩකරනවා" "ඒකනම් ඇත්ත තමා.. ඒක නෙමේ බ්රයන් මොකෝ බන් අසීස්ගෙන් ආරන්චියක්වත් නැත්තෙ" "ඒක තමා බන්.. මේල් එකක්වත් නැහැ.. බලමුකො තව ටික දවසක්. ඒක නෙමේ උඹ දන්නවද, ඩිමාව මරපු පිහිය හොයාගෙන" "නෑ .. උඹ කොහොමද දන්නෙ" "මම ටිකක් විපරමෙන් හිටියෙ ඒ ගැන. කවුරුත් තාම ඇසින් දුටු විදිහට සාක්කි දීල නැහැ" "ම්ම්ම්ම්.. බය වෙන්නෙ එපා බන්. මොහොමඩයනෙ අත ගැහුවෙ ගේමට." "අපෝ .. කොයි වෙලේ බැළුවත් දෙන්න කයිය. ලවර්ස්ල වගේ.. ගෑනු අපිටත් නැති ඔයාලට තියෙන්නෙ මොනාද අනේ ඔච්චරටම කියවන්න" "කොච්චරනම් දේවල් තියනවද" "නැතුව නැතුව බ්රයන්.. හරි ඔබ තුමිය මේ අවේලාවේ ඇයි අප දෙදෙනාව සොයා ආවේ" "මොකක්ද වැඩමුළුවක් තියනවලු අනිද්දා.. ඉන්ෂුවර්න්ස් සේරම ආයතන එනවලු.. ඉතින් අපිටත් ස්ටෝල් එකක් දාන්නලු" "තවත් වැඩක්.. දැන් කොහෙද තියෙන්නෙ ඕක" "ටවුන් හෝල් එකේ" "ඉතින් නිවන්ති අද බොසා මන් එක්ක කියෝ කියෝ හිටියා, ඔහොම එකක් ගැන කිව්වෙ නැහැනෙ" "ඒක මම දන්නෙ නැහැ. ඔයාල දෙන්නට තමා කියන්න කිව්වෙ. මම ඉමාෂවයි සම්පත්වයි ලෑස්ති කරල තියෙන්නෙ. ඔයාල කතා කරගෙන බොස්ට වචනයක් දෙන්න හරි" "බලහන්කො දිනුක, වැඩ නැතිවට වැඩනෙ.. දැන් අපි මොකද කරන්නෙ" "ම්ම්ම්ම් .. අපි මේ පාර අපේ පෙන්ෂන් ප්ලෑන් එක හයිලයිට් කරමු. ඒ එක්කම මෙඩිකල් පැකේජ් එකත් එක්ක දෙන ලයිෆ් ඉන්ෂුවරන්ස් එකත් හයිලයිට් කරල පෙන්නමු. මම හිතනවා වැඩේ සාර්තක වෙයි කියලා" "මරු අයිඩියා එක බන්.. ඒත් අර පෙන්ෂන් ප්ලෑන් එක වෙන්නෙ කොහොමද කියන එක තාම ස්තීර නැහැ නේද" "ඔය කියන වැඩමුළුව තියෙන්නෙ අනිද්දනෙ බන්. ඒ වෙද්දි මම හදල ගන්නම්.. වයස කීයෙන් උඩ අයටද දෙන්නෙ වාරිකය කොහොමද කියන එක." අප සියළු දෙනාවම කැඳවා අනිද්දා පැවැත්වෙන වැඩමුළුව ගැන කෙටි හැඳින්වීමක් අප කලමනාකාරී තුමා විසින් කරනු ලැබූ අතරම අප දෙදෙනා ඉදිපත්කල යෝජනාවට ඔහු එකපයින්ම කැමැත්ත ප්රකාෂ කලේය. පෙන්ෂ්න් ප්ලෑන් එක හඳුන්වාදීමේදී යම් යම් ගැටළු පැන නැගුනද මට ඒ සියළු ගැටලු නිරාකරනය කර ගැනීමට හැකිවිය. එමෙන්ම වැඩමුළුවට සහාබාගී වන සියළුම දෙනා කැඳවා එකිනෙක මා පැහැදිලි කලේ පෙරදිනක සිදුවුනා වූ ගැටලු නැවත ඇති නොවීමටය. අප නොසිතුවාටත් වඩා පළමු දිනය අති සාර්තකව නිම කිරීමට අපට හැකියාවක් ලැබුනි. ඉන්ෂුවරන්ස් එකකින් පෙන්ෂන් ප්ලෑන් එකක් හඳුන්වා දීම එතැනට පැමිනි පිරිසට අළුත් දෙයක් හා ඉතා සිත් ඇදගන්නා දෙයක් විය. අප ආයතනය හැරුනු විට තවත් එක් ආයතනයක් පමනක් එවැනි රක්ෂන ක්රමයක් හඳුන්වා දී තිබුනද අපගේ ක්රමය තරම් එය සාර්තක එකක් නොවීය. "දිනුක, උඹේ මොලේ තමා ... බලහන්කො මිනිස්සුන්ත තියන උනන්දුව." "ඒකනම් ඇත්ත. ඉන්ෂුවර්න්ස් කිව්වහම ගනන්වත් ගන්නෙ නැහැ සමහරු. ඒක නෙමේ බ්රයන් අළුත් සෙට් එකත් නියමයි නේද.. නියමෙට උනන්දුවෙන් වැඩ ටික කරනවා" "ඒකෙ නම්බුව ඉතින් මටයි නිවන්තිටයි තමා" "නැතුව නැතුව.. බ්රයන් යන්ද මොනා හරි බඩට දාගෙන එන්න. උදේ ඉඳන්ම කෑවෙ නැති නිසා හරි බඩගිනියි බන්. " "ඔව් ඔව් මටත් එහෙම තමා.. මම අපේ කටියට කෑම ගෙනත් දුන්නා සම්පත්ව යවලා. අපි දෙන්න විතරයි කන්න ඉන්නෙ" ඉමාෂා, නිවන්ති ඇතුළු පිරිස ඉතා කාර්යබහුල වී සිටි නිසා අපි දෙදෙනා කෑම සඳහා පිටත්ව ගියෙමු. තවද අනෙක් වෙළඳ කුටි වලටද ඇතුළු වීමටද අප දෙදෙනා අමතක නොකෙරුවෙමු. අපට හමුවූ මැගි නූල්ඩස් කුටියක් අසල නතර වූයේ අපගේ බගගින්න නිවා ගැනීමට මේ වෙලාවේ හොඳම දෙය එයැයි සිතූ නිසාය. "දිනුක අර බලපන්.. කෙවියගෙ මල්ලිගෙ සෙට් එක." "කෙවියත් ඉන්නවා නේද" "ඒක තමා.. උන් ටික ගේමක් අදීද. අනේ මන්දා රාජකාරී ටයිම් එකේ ඉන්නෙත්" "ගැහුවොත් ගහමු බන්" "උඹේ අර පොරොන්දුව එතකොට.. හරි පොරොන්දුව බල්ලට ගියාදෙන්කො. කොහොමද බන් ගහන්නෙ. එතන නමයක් දහයක් ඉන්නවා" "අපි අපේ පාඩුවේ ඉමු බ්රයන්. උන් වලියට ආවොත් මතක තියා ගනින් මේ ප්ලාස්ටික් මේසෙ කකුල් ඉක්මනට ගලවන්න පුළුවන්. ඒ නිසා ගැලෙව්වා ගැහුවා" අප දෙදෙනාම එම ස්තානයෙන් නැගිට යාමට උත්සහ නොකලේ එසේ කලොතින් ඔවුනට අප සෙකන්ඩ් වන නිසාය. මෙතන මොන දේ සිදු උවද ඉවසීමෙන් කටයුතු කිරීමට අපි දෙදෙනාම සිතාගත්තෙමු. "බලාපල්ලකො මහලොකු චන්ඩි දෙන්න පූස් පැටව් වගේ ඉන්න ලස්සන.උඹල දන්නවද එදා උඹල අත ඉස්සුවෙ මගේ මල්ලිට. මේ කෙවින්ගෙ මල්ලිට. හයියක් තියනවනම් දැන් අත උස්සල පෙන්නපල්ල බලන්න" "කෙවින් අපි මෙතන රන්ඩුවෙන්න අවෙ නැහැ. අපි ඉන්නෙ ඩියුටි ටයිම් එකේ. ගහගන්න ඕනනම් වෙන තැනකට ගිහින් ගහගමු. අනික උඹේ මල්ලි එදා අහින්සක කෙල්ලෙකුට කරදර කලාට තමා අපි ගැහුවෙ. නැතුව අපිට උඹේ මල්ලි එක්ක තරහක් නැහැ" "අඩෝ මේ.. ඒ මගේ මල්ලි. මල්ලි කැමති කෙල්ලෙක්ව අල්ලන්න ඌට පුළුවන්." "මේ අහපන් උඹට ආයෙමත් කියනවා. අපිට ප්රස්න ඇතිකරගන්න ඕන නැහැ උඹ එක්ක මෙතන. අනික මල්ලිට තේරුම් කරල දීපන් හැම කෙල්ලෙක්ම බඩුවක් නෙමේ කියලා ඌට ඕන ඕන විදිහට අල්ලන්න" "ඌ මගේ මල්ලි. ඌට ඕන දේ ඌ කරන්නෙ. උඹේ කෙල්ල උනත් මට වැඩක් නැහැ.හොඳට ආතල් එක තියනවනම් එච්චරයි" කෙවින්ගේ එම කතාවත් සමගම ඔහු වටා සිටි සියළුම දෙනා සිනා සෙන්නට වූ අතරම ඉතා ඉක්මනින්ම ක්රියාත්මක වූ අප දෙදෙනා මේස කකුල් දෙක ගලවා ගත්තේය. දෑත බදා පළමු පහර බ්රයන් කෙවින්ගේ මල්ලිගේ ඔළුව හරහා යැවූ අතරම මාගේ පළමු පහර කෙවින්ට එල්ල කලද ඔවුන්ගෙන් කෙනෙක් කෙවින්ව ආරක්ෂා කලේය. කෙවින්ගේ සහෝදරයා නැවතත් කෑ ගසමින් බිම පතිතවෙනාවාත් සමගම ඔවුන් සියළු දෙනාමා අප දෙදෙනාව වට කරගෙනන පහර දෙන්නට විය. මාගේ යටි බඩට වැදුන පාරත් සමගම මාගේ ඇඟද පන නැතිවී යන බවක් දැනුනු අතරම කෙවින්ගේ කන හරහා තදබල කනේ පහරක් එල්ලවූයේ එතන සිටි සියළු දෙනාම හිටි පිළිම කරමින්ය. සියළු දෙනාම නිහඬ කරවමින්ය. ඒ වෙන කවුරුත් නොව ඉමාෂා බව මගේ බොඳවූ දෑසින් යාන්තමට වගේ දැක ගත හැකිවිය. "තමුසෙට ඔච්චර හයියක් කොහෙන්ද ආව් මේ කෙවින්ට අත උස්සන්න තරම්" "ඇ හයිය දැනුනෙ නැද්ද තමුසෙට. ලැජ්ජ නැද්ද ඕයි දහයක් දොළහක් වට වෙලා දෙන්නෙකුට ගහන්න" "මේකිගෙ කට යකෝ.. හිටපන්කො තෝව මෙතන නිරුවත් කරනනවා මම" "මේ හලෝ .. මම වර්නකුලසූරියගෙ දුව. ඔය ඉන්නෙ වර්නකුලසූරුයගෙ බෑන. පුළුවන්දෙයක් කරපන් බලන්න මට.මොකෝ බය උනේ. දැන් මාව නිරුවත් කරන්න නේද හැදුවෙ. කරනව ඉතින්. මහලොකු චන්ඩි" ඉමාෂාගේ ඒ කතාවත් සමගම කෙවින්ගේ පොල්පිති චන්ඩි නොපෙනී ගියේ තප්පර කීපයකිනි. කෙවින්ද වචනයක්වත් නොදොඩා ඔහුගේ සහෝදරයවත්ව රැගෙන එම ස්තානයෙන් නොපෙනී ගිය අතර ඉමාෂාගේ හා නිවන්තිගේ උදව්වෙන් අපි දෙදෙනා අසල තිබූ පුටුවෙහි වාඩිවූයෙමු. මාගේ යටි බඩට වැදුනු තදබල පහර නිසාත් බ්රයන්ටද එල්ලවූ පහරවල් කීපය නිසාත් අප සියළුදෙනා අතරම විනාඩි කීපයක දැඩි නිහඬතාවයක් පැවතුනි. "ඔයා මාරයිනෙ ඉමාෂ." "තෑන්ක්ස් අනේ. දැක්කනෙ තාත්තගෙ නම අහපුගමන් පොල්පිති වීරයො ටික දුවපු හැටි. හොඳ වෙලාවට අපිදෙන්න ආවෙ. නැතිනම් ඉතින් මේ දෙන්නගෙ කෑලි එකතුකරන්න වෙන්නෙ සවලකින් තමා. ඔයා මට පොරොන්දු උනා නේද දිනුක ආයෙ රන්ඩුවලට යන්නෙ නැහැ කියලා" "දිනුකගෙ වැරැද්දක් නැහැ ඉමාෂ. එයාලම තමා පටන් ගත්තෙ." "හරි හරි ඒ ගැන අපි පස්සෙ කතා කරමු ඉමාෂා. දැන් මේ දෙන්නව එක්කගෙන යමු" අප දෙදෙනාට සිදුවූ දේ පිළිබඳව සියලළුම විස්තරය නිවන්ති අපගේ ලොක්කාට පැහැදිලි කර දුන්නේය. සරත් සර් කෙවින්ලට විරුද්දව පැමිනිල්ලක් දමන්නට පොලීසියට යාමට හැදුවද අපි දෙදෙනාම ඔහුට විරුද්දවූයේ මෙමෙ ප්රස්නය තවත් දුරදිග ගෙනයාමට අකමැති වූ නිසාය. විනාඩි විස්සකින් පමන ඉමාෂාගේ තාත්තාද අප කාර්යාලයට පැමිනියේ සරත් සර්ගේ ඇමතුමක් නිසාය. "දුව, මොනව උනත් ඔය කියන කොල්ලට අත උස්සපු එක වැරදියි. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චරම නපුරුයි කියලා" "දිනුකට ගහද්දි මට මාවම පාලනය කරග්න්න බැරිව ගියා. ඒකයි ගැහුවෙ. සොරි තාත්ති" "ඒ උනාට ඔය කියන හාදය සිද්දීන් ගොඩකට සම්බඳ කෙනෙක්. මම හිතන් නැහැ මේ සිද්දිය එයාල නිකම්ම මගහරීවි කියලා. ඉමාෂට කරදරයක් කරන්න බලයි" "එහෙම වෙයි කියල හිතන්න අමාරුයි අන්කල්. ඔයාගෙ නම ඇහුව විතරයි කට්ටිය ඒ මේ අත දිව්වා. අනික ඉමාෂාට කරදරයක් වෙන්න ඉඩතියන් නැහැ මමයි දිනුකයි.අන්කල්ට අපි ඒ ගැන සහතික වෙනවා" ඉමාෂාගේ පියාගේ අවවාද අනුසාසනා රැසකින් පසුව ඔහු අපහට සමුදී අම ස්තානයෙන් නික්ම ගියේය. එමෙන්ම සරත් සර්ගේ නියෝගය මත බ්රයන් හා මා නිවස බලා ගියේ විවේකීව හවස්වරුව ගත කිරීමටය. මා නිවසට ඇතුළුවෙනවාත් සමගම අම්මාගේ බැනුම් මීටරය ක්රියාත්මක වූයේ මා රන්ඩුවක පැටලී ඇති බව දුටු නිසාය. කරුනු කාරනා පැහැදිලිකරදීම බැනුම් අසනවාට වඩා අමාරු වූ දෙයක් නිසා අම්මාගේ බැනුම් මැද්දේම මම මගේ කාමරයට ගියේ නිදාගැනීම සඳහාය. මාගේ යටි බඩට වැදුනු පහර නිසා නිදාගැනීමට තරමක් අපහසු වූ අතරම අම්මාගේ උණුසුම් තේ කෝප්පය නිසා මට ඒ කඩයිමද ජයගැනීමට හැකිවිය. පැය දෙකක පමන නින්දකින් පසුව මා අවදි වූයේ ඉමාෂාගේ දුරකථන ඇමතුමත් සමගමය. අද දින අපගේ ස්ටෝල් එක කලින් ඉවරකල බවත් ඇයගේ තාත්තා කෙවින්ලට විරුද්දව පියවර ගැනීමට සැරසෙන බවත් කීවේය. ඇයගේ ඇමතුමෙන් පසු මම බ්රයන්ටද කතා කලේ ඔහුගේ තත්වය විමසීම අතර ඔහුද හොදින් සිටීම මා හට සහනයක් විය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ... Reactions: dinchad
හිතුවක්කාර ආදරය - 09 කොටස කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම ඔවුනට සමුදී පැමිනියෙමු. "කොහොමද අම්මෙ ඒ අක්කි" "අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ" "අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම් මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්" "අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති" මා කල වැඩ වලින් අම්මාගේ බැනුම් මීටරය ක්රියාත්මක නොවූ එකම දෙය ඉමාෂා විය. එය එසේ නොවුනේ ඇයිද යන්න මම පුදුමයකට පත් නොවුනේ මගේ ජීවිතයේද වෙනසක් කිරීමට ඉමාෂාට හැකි වූ නිසාය. යොවුන් ආදරයකදී මුලින්ම මතුවෙන ගැටළු කීපය හිතුවාටත් වඩා ඉක්මනින් හා ලේසියෙන් විසඳා ගැනීමට හැකි වීම මා ලද විශාල ජයග්රහනයක් විය. ඉදිරි ජීවිතය පිළිබඳව සැලැස්මක් ඇඳීමට සුදුසුම කාලය දැන් පැමින ඇති බව මම කල්පනා කෙරුවෙමි. ජීවිතයේ සුන්දරම අවදියේදී සුන්දර වූ ආදරයක හිමිකාරත්වය ලබා දුන්නාට දෙවියන්ට තුතු පුදමින් මම නින්දට ගියෙමි. "දිනුක, මොකෝ සෙනසුරාද වැඩේ, ගොඩද?" "එකෙන්ම බ්රයන්.. සේරම ඉක්මනටම වෙනව බන්. මට හිතාගන්නත් බැහැ. වෙලාවකට බයකුත් හිතෙනවා" "ඒ මොකද?" "ඉමාෂව නැති වෙයිද කියලා" "මම උඹට දවසකුත් කිව්වා.. උඹට පිස්සු බන්. එහෙම වෙන්නෙ නැහැ. උඹට වරදින් නැහැ බන් කවදාවත්, උඹ හොඳ එකෙක්. ඒ වගේම මතක තියා ගනින් මේ අපි හැමෝටම වඩා වාසනාව කියන දේ උඹට වැඩකරනවා" "ඒකනම් ඇත්ත තමා.. ඒක නෙමේ බ්රයන් මොකෝ බන් අසීස්ගෙන් ආරන්චියක්වත් නැත්තෙ" "ඒක තමා බන්.. මේල් එකක්වත් නැහැ.. බලමුකො තව ටික දවසක්. ඒක නෙමේ උඹ දන්නවද, ඩිමාව මරපු පිහිය හොයාගෙන" "නෑ .. උඹ කොහොමද දන්නෙ" "මම ටිකක් විපරමෙන් හිටියෙ ඒ ගැන. කවුරුත් තාම ඇසින් දුටු විදිහට සාක්කි දීල නැහැ" "ම්ම්ම්ම්.. බය වෙන්නෙ එපා බන්. මොහොමඩයනෙ අත ගැහුවෙ ගේමට." "අපෝ .. කොයි වෙලේ බැළුවත් දෙන්න කයිය. ලවර්ස්ල වගේ.. ගෑනු අපිටත් නැති ඔයාලට තියෙන්නෙ මොනාද අනේ ඔච්චරටම කියවන්න" "කොච්චරනම් දේවල් තියනවද" "නැතුව නැතුව බ්රයන්.. හරි ඔබ තුමිය මේ අවේලාවේ ඇයි අප දෙදෙනාව සොයා ආවේ" "මොකක්ද වැඩමුළුවක් තියනවලු අනිද්දා.. ඉන්ෂුවර්න්ස් සේරම ආයතන එනවලු.. ඉතින් අපිටත් ස්ටෝල් එකක් දාන්නලු" "තවත් වැඩක්.. දැන් කොහෙද තියෙන්නෙ ඕක" "ටවුන් හෝල් එකේ" "ඉතින් නිවන්ති අද බොසා මන් එක්ක කියෝ කියෝ හිටියා, ඔහොම එකක් ගැන කිව්වෙ නැහැනෙ" "ඒක මම දන්නෙ නැහැ. ඔයාල දෙන්නට තමා කියන්න කිව්වෙ. මම ඉමාෂවයි සම්පත්වයි ලෑස්ති කරල තියෙන්නෙ. ඔයාල කතා කරගෙන බොස්ට වචනයක් දෙන්න හරි" "බලහන්කො දිනුක, වැඩ නැතිවට වැඩනෙ.. දැන් අපි මොකද කරන්නෙ" "ම්ම්ම්ම් .. අපි මේ පාර අපේ පෙන්ෂන් ප්ලෑන් එක හයිලයිට් කරමු. ඒ එක්කම මෙඩිකල් පැකේජ් එකත් එක්ක දෙන ලයිෆ් ඉන්ෂුවරන්ස් එකත් හයිලයිට් කරල පෙන්නමු. මම හිතනවා වැඩේ සාර්තක වෙයි කියලා" "මරු අයිඩියා එක බන්.. ඒත් අර පෙන්ෂන් ප්ලෑන් එක වෙන්නෙ කොහොමද කියන එක තාම ස්තීර නැහැ නේද" "ඔය කියන වැඩමුළුව තියෙන්නෙ අනිද්දනෙ බන්. ඒ වෙද්දි මම හදල ගන්නම්.. වයස කීයෙන් උඩ අයටද දෙන්නෙ වාරිකය කොහොමද කියන එක." අප සියළු දෙනාවම කැඳවා අනිද්දා පැවැත්වෙන වැඩමුළුව ගැන කෙටි හැඳින්වීමක් අප කලමනාකාරී තුමා විසින් කරනු ලැබූ අතරම අප දෙදෙනා ඉදිපත්කල යෝජනාවට ඔහු එකපයින්ම කැමැත්ත ප්රකාෂ කලේය. පෙන්ෂ්න් ප්ලෑන් එක හඳුන්වාදීමේදී යම් යම් ගැටළු පැන නැගුනද මට ඒ සියළු ගැටලු නිරාකරනය කර ගැනීමට හැකිවිය. එමෙන්ම වැඩමුළුවට සහාබාගී වන සියළුම දෙනා කැඳවා එකිනෙක මා පැහැදිලි කලේ පෙරදිනක සිදුවුනා වූ ගැටලු නැවත ඇති නොවීමටය. අප නොසිතුවාටත් වඩා පළමු දිනය අති සාර්තකව නිම කිරීමට අපට හැකියාවක් ලැබුනි. ඉන්ෂුවරන්ස් එකකින් පෙන්ෂන් ප්ලෑන් එකක් හඳුන්වා දීම එතැනට පැමිනි පිරිසට අළුත් දෙයක් හා ඉතා සිත් ඇදගන්නා දෙයක් විය. අප ආයතනය හැරුනු විට තවත් එක් ආයතනයක් පමනක් එවැනි රක්ෂන ක්රමයක් හඳුන්වා දී තිබුනද අපගේ ක්රමය තරම් එය සාර්තක එකක් නොවීය. "දිනුක, උඹේ මොලේ තමා ... බලහන්කො මිනිස්සුන්ත තියන උනන්දුව." "ඒකනම් ඇත්ත. ඉන්ෂුවර්න්ස් කිව්වහම ගනන්වත් ගන්නෙ නැහැ සමහරු. ඒක නෙමේ බ්රයන් අළුත් සෙට් එකත් නියමයි නේද.. නියමෙට උනන්දුවෙන් වැඩ ටික කරනවා" "ඒකෙ නම්බුව ඉතින් මටයි නිවන්තිටයි තමා" "නැතුව නැතුව.. බ්රයන් යන්ද මොනා හරි බඩට දාගෙන එන්න. උදේ ඉඳන්ම කෑවෙ නැති නිසා හරි බඩගිනියි බන්. " "ඔව් ඔව් මටත් එහෙම තමා.. මම අපේ කටියට කෑම ගෙනත් දුන්නා සම්පත්ව යවලා. අපි දෙන්න විතරයි කන්න ඉන්නෙ" ඉමාෂා, නිවන්ති ඇතුළු පිරිස ඉතා කාර්යබහුල වී සිටි නිසා අපි දෙදෙනා කෑම සඳහා පිටත්ව ගියෙමු. තවද අනෙක් වෙළඳ කුටි වලටද ඇතුළු වීමටද අප දෙදෙනා අමතක නොකෙරුවෙමු. අපට හමුවූ මැගි නූල්ඩස් කුටියක් අසල නතර වූයේ අපගේ බගගින්න නිවා ගැනීමට මේ වෙලාවේ හොඳම දෙය එයැයි සිතූ නිසාය. "දිනුක අර බලපන්.. කෙවියගෙ මල්ලිගෙ සෙට් එක." "කෙවියත් ඉන්නවා නේද" "ඒක තමා.. උන් ටික ගේමක් අදීද. අනේ මන්දා රාජකාරී ටයිම් එකේ ඉන්නෙත්" "ගැහුවොත් ගහමු බන්" "උඹේ අර පොරොන්දුව එතකොට.. හරි පොරොන්දුව බල්ලට ගියාදෙන්කො. කොහොමද බන් ගහන්නෙ. එතන නමයක් දහයක් ඉන්නවා" "අපි අපේ පාඩුවේ ඉමු බ්රයන්. උන් වලියට ආවොත් මතක තියා ගනින් මේ ප්ලාස්ටික් මේසෙ කකුල් ඉක්මනට ගලවන්න පුළුවන්. ඒ නිසා ගැලෙව්වා ගැහුවා" අප දෙදෙනාම එම ස්තානයෙන් නැගිට යාමට උත්සහ නොකලේ එසේ කලොතින් ඔවුනට අප සෙකන්ඩ් වන නිසාය. මෙතන මොන දේ සිදු උවද ඉවසීමෙන් කටයුතු කිරීමට අපි දෙදෙනාම සිතාගත්තෙමු. "බලාපල්ලකො මහලොකු චන්ඩි දෙන්න පූස් පැටව් වගේ ඉන්න ලස්සන.උඹල දන්නවද එදා උඹල අත ඉස්සුවෙ මගේ මල්ලිට. මේ කෙවින්ගෙ මල්ලිට. හයියක් තියනවනම් දැන් අත උස්සල පෙන්නපල්ල බලන්න" "කෙවින් අපි මෙතන රන්ඩුවෙන්න අවෙ නැහැ. අපි ඉන්නෙ ඩියුටි ටයිම් එකේ. ගහගන්න ඕනනම් වෙන තැනකට ගිහින් ගහගමු. අනික උඹේ මල්ලි එදා අහින්සක කෙල්ලෙකුට කරදර කලාට තමා අපි ගැහුවෙ. නැතුව අපිට උඹේ මල්ලි එක්ක තරහක් නැහැ" "අඩෝ මේ.. ඒ මගේ මල්ලි. මල්ලි කැමති කෙල්ලෙක්ව අල්ලන්න ඌට පුළුවන්." "මේ අහපන් උඹට ආයෙමත් කියනවා. අපිට ප්රස්න ඇතිකරගන්න ඕන නැහැ උඹ එක්ක මෙතන. අනික මල්ලිට තේරුම් කරල දීපන් හැම කෙල්ලෙක්ම බඩුවක් නෙමේ කියලා ඌට ඕන ඕන විදිහට අල්ලන්න" "ඌ මගේ මල්ලි. ඌට ඕන දේ ඌ කරන්නෙ. උඹේ කෙල්ල උනත් මට වැඩක් නැහැ.හොඳට ආතල් එක තියනවනම් එච්චරයි" කෙවින්ගේ එම කතාවත් සමගම ඔහු වටා සිටි සියළුම දෙනා සිනා සෙන්නට වූ අතරම ඉතා ඉක්මනින්ම ක්රියාත්මක වූ අප දෙදෙනා මේස කකුල් දෙක ගලවා ගත්තේය. දෑත බදා පළමු පහර බ්රයන් කෙවින්ගේ මල්ලිගේ ඔළුව හරහා යැවූ අතරම මාගේ පළමු පහර කෙවින්ට එල්ල කලද ඔවුන්ගෙන් කෙනෙක් කෙවින්ව ආරක්ෂා කලේය. කෙවින්ගේ සහෝදරයා නැවතත් කෑ ගසමින් බිම පතිතවෙනාවාත් සමගම ඔවුන් සියළු දෙනාමා අප දෙදෙනාව වට කරගෙනන පහර දෙන්නට විය. මාගේ යටි බඩට වැදුන පාරත් සමගම මාගේ ඇඟද පන නැතිවී යන බවක් දැනුනු අතරම කෙවින්ගේ කන හරහා තදබල කනේ පහරක් එල්ලවූයේ එතන සිටි සියළු දෙනාම හිටි පිළිම කරමින්ය. සියළු දෙනාම නිහඬ කරවමින්ය. ඒ වෙන කවුරුත් නොව ඉමාෂා බව මගේ බොඳවූ දෑසින් යාන්තමට වගේ දැක ගත හැකිවිය. "තමුසෙට ඔච්චර හයියක් කොහෙන්ද ආව් මේ කෙවින්ට අත උස්සන්න තරම්" "ඇ හයිය දැනුනෙ නැද්ද තමුසෙට. ලැජ්ජ නැද්ද ඕයි දහයක් දොළහක් වට වෙලා දෙන්නෙකුට ගහන්න" "මේකිගෙ කට යකෝ.. හිටපන්කො තෝව මෙතන නිරුවත් කරනනවා මම" "මේ හලෝ .. මම වර්නකුලසූරියගෙ දුව. ඔය ඉන්නෙ වර්නකුලසූරුයගෙ බෑන. පුළුවන්දෙයක් කරපන් බලන්න මට.මොකෝ බය උනේ. දැන් මාව නිරුවත් කරන්න නේද හැදුවෙ. කරනව ඉතින්. මහලොකු චන්ඩි" ඉමාෂාගේ ඒ කතාවත් සමගම කෙවින්ගේ පොල්පිති චන්ඩි නොපෙනී ගියේ තප්පර කීපයකිනි. කෙවින්ද වචනයක්වත් නොදොඩා ඔහුගේ සහෝදරයවත්ව රැගෙන එම ස්තානයෙන් නොපෙනී ගිය අතර ඉමාෂාගේ හා නිවන්තිගේ උදව්වෙන් අපි දෙදෙනා අසල තිබූ පුටුවෙහි වාඩිවූයෙමු. මාගේ යටි බඩට වැදුනු තදබල පහර නිසාත් බ්රයන්ටද එල්ලවූ පහරවල් කීපය නිසාත් අප සියළුදෙනා අතරම විනාඩි කීපයක දැඩි නිහඬතාවයක් පැවතුනි. "ඔයා මාරයිනෙ ඉමාෂ." "තෑන්ක්ස් අනේ. දැක්කනෙ තාත්තගෙ නම අහපුගමන් පොල්පිති වීරයො ටික දුවපු හැටි. හොඳ වෙලාවට අපිදෙන්න ආවෙ. නැතිනම් ඉතින් මේ දෙන්නගෙ කෑලි එකතුකරන්න වෙන්නෙ සවලකින් තමා. ඔයා මට පොරොන්දු උනා නේද දිනුක ආයෙ රන්ඩුවලට යන්නෙ නැහැ කියලා" "දිනුකගෙ වැරැද්දක් නැහැ ඉමාෂ. එයාලම තමා පටන් ගත්තෙ." "හරි හරි ඒ ගැන අපි පස්සෙ කතා කරමු ඉමාෂා. දැන් මේ දෙන්නව එක්කගෙන යමු" අප දෙදෙනාට සිදුවූ දේ පිළිබඳව සියලළුම විස්තරය නිවන්ති අපගේ ලොක්කාට පැහැදිලි කර දුන්නේය. සරත් සර් කෙවින්ලට විරුද්දව පැමිනිල්ලක් දමන්නට පොලීසියට යාමට හැදුවද අපි දෙදෙනාම ඔහුට විරුද්දවූයේ මෙමෙ ප්රස්නය තවත් දුරදිග ගෙනයාමට අකමැති වූ නිසාය. විනාඩි විස්සකින් පමන ඉමාෂාගේ තාත්තාද අප කාර්යාලයට පැමිනියේ සරත් සර්ගේ ඇමතුමක් නිසාය. "දුව, මොනව උනත් ඔය කියන කොල්ලට අත උස්සපු එක වැරදියි. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චරම නපුරුයි කියලා" "දිනුකට ගහද්දි මට මාවම පාලනය කරග්න්න බැරිව ගියා. ඒකයි ගැහුවෙ. සොරි තාත්ති" "ඒ උනාට ඔය කියන හාදය සිද්දීන් ගොඩකට සම්බඳ කෙනෙක්. මම හිතන් නැහැ මේ සිද්දිය එයාල නිකම්ම මගහරීවි කියලා. ඉමාෂට කරදරයක් කරන්න බලයි" "එහෙම වෙයි කියල හිතන්න අමාරුයි අන්කල්. ඔයාගෙ නම ඇහුව විතරයි කට්ටිය ඒ මේ අත දිව්වා. අනික ඉමාෂාට කරදරයක් වෙන්න ඉඩතියන් නැහැ මමයි දිනුකයි.අන්කල්ට අපි ඒ ගැන සහතික වෙනවා" ඉමාෂාගේ පියාගේ අවවාද අනුසාසනා රැසකින් පසුව ඔහු අපහට සමුදී අම ස්තානයෙන් නික්ම ගියේය. එමෙන්ම සරත් සර්ගේ නියෝගය මත බ්රයන් හා මා නිවස බලා ගියේ විවේකීව හවස්වරුව ගත කිරීමටය. මා නිවසට ඇතුළුවෙනවාත් සමගම අම්මාගේ බැනුම් මීටරය ක්රියාත්මක වූයේ මා රන්ඩුවක පැටලී ඇති බව දුටු නිසාය. කරුනු කාරනා පැහැදිලිකරදීම බැනුම් අසනවාට වඩා අමාරු වූ දෙයක් නිසා අම්මාගේ බැනුම් මැද්දේම මම මගේ කාමරයට ගියේ නිදාගැනීම සඳහාය. මාගේ යටි බඩට වැදුනු පහර නිසා නිදාගැනීමට තරමක් අපහසු වූ අතරම අම්මාගේ උණුසුම් තේ කෝප්පය නිසා මට ඒ කඩයිමද ජයගැනීමට හැකිවිය. පැය දෙකක පමන නින්දකින් පසුව මා අවදි වූයේ ඉමාෂාගේ දුරකථන ඇමතුමත් සමගමය. අද දින අපගේ ස්ටෝල් එක කලින් ඉවරකල බවත් ඇයගේ තාත්තා කෙවින්ලට විරුද්දව පියවර ගැනීමට සැරසෙන බවත් කීවේය. ඇයගේ ඇමතුමෙන් පසු මම බ්රයන්ටද කතා කලේ ඔහුගේ තත්වය විමසීම අතර ඔහුද හොදින් සිටීම මා හට සහනයක් විය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
G ggktharu87 Junior member Feb 12, 2009 114 6 18 Jan 21, 2015 #96 එල මචන්, දිගටම ලියාගෙන පලයන්.බලන් ඉන්නවා ඊලග episode 1 දානකම්.[COLOR="DarkOrange"][/COLOR]
keenk2n Active member Aug 17, 2007 387 36 28 Kiribathgoda Jan 21, 2015 #97 Anith awath damuko machan... pattaa...
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Jan 21, 2015 #98 ikmanata danna kathawa
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jan 21, 2015 #100 Digatama liyanna waram labewa!