"දිනුක අයියා.. ඔයා කොහෙද ඉන්නෙ"
"අනේ පියුමි මම තාම ඔෆිස් එකේ ඉන්නෙ. අද ටිකක් රෑ වෙයි වගේ ගෙදර යනකොට. ඉන්න මම ඔයාට කෝල් එකක් ගන්නම්"
"නෑ නෑ.. ඕනි නැහැ. දිනුක අයියා .. මේ ..."
"මොකද පියුමි. මොකද අවුල. ඔයා හොඳින් නේද"
"මම කෙලින්ම කියන්නම්කො. අපි මේ සම්බන්දය නතර කරමු. මොකද මට මේක කරගෙන යන්න බැහැ. අනික මට ඕනත් නැහැ"
"පියුමි.. ඔයා මේ මොනවද කියවන්නෙ. ඇයි මේ.."
"සමාවෙන්න මට බලාපොරොත්තු දුන්නට. අනික මම හිතාගෙන හිටියෙ ඔයා මට ආදරේ කරන්නෙ ටයිම් පාස් කරන්න කියල. අනික ඔයාට මට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි ආදරේ කරන්න. මාව අමතක කරල දාන්න."
"ඔයා මොනවද මේ කියවන්නෙ පියුමි. ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ පියුමි"
"එක පාරක් මාව එප කියල ගියානෙ. අනික මම වෙන කෙනෙකුට ආදරේ කරනවා."
"එතකොට ඔයා මේ කරපු හැමදේම බොරුවක්ද"
"ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න දිනුක අයියා. ආයෙ මට කෝල් කරන්න ට්රයි කරන්න එපා. හොඳින් ඉන්න ඔයා"