වැදගත් විදියට මගේ අදහස කියන්න යන්නෙ. රිදෙන අයට කරන්න දෙයක් නෑ.ඇත්තටම ඇයි මේක වැරදි?
වැරදි නෑ කියන හුඟක් අය ඉන්නෙ හැඟීමකට වහල්වෙලා. එතනට එන්න කලින් ඇයි බුදුහාමුදුරුවො භික්ෂූන්ට කියලා වෙනම නීති දැම්මෙ?
ඇත්තටම ඒ නීති වලින් වෙන්නෙ භික්ෂුවකගේ ගෞරවය ආරක්ෂා වෙන එක. ඔවුන්ට අවශ්‍ය සහ ලැබිය යුතු ගෞරවේ ලැබෙන එක, එතනදි උන් වහන්සේලාට සීමාවක් රාමුවක් තියෙනව, එතනදි සාමාන්‍ය ජනතාවට තියෙන හැම අයිතියක්ම භික්ෂූන්ටත් එහෙමම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් අපි දෙගොල්ලොගෙ වෙනස මොකක්ද? අන්න ඒ වෙනස රැකගන්නනම් හාමුදුරුවරුන් නීති රැකගන්න ඕන.
සස ජාතකේ මෙතනට අදාල නෑ, ඒවගේම මේකෙන් හරක් මස් කෑම නවතින්නෙත් නෑ, තහනම් කලොත් හොරෙන් හරි හරක් මරාගෙන කයි, ඒ නිසා ආධ්යාත්මකික සන්වර්ධනය තුලින් මිනිසාට තමන් විසින්ම වැරැද්ද තේර්ම් අරගෙන මස් කන එකෙන් වැලකෙන එක තමයි වෙන්න ඕන, ඒකට මගපෙන්වන එක තමයි හාමුදුරුවරුන්ගෙ කාර්ය භාර්යය. මොරාල් ෆෝම් කරන එකෙන් වෙන්නෙ වැරදි චිත්‍රයක් මැවෙන එක, දැන් බලාගෙන හිටපල්ල ඔය සිරුර මාකට්වෙන විදිය. රටේ යුද්ධෙන් භාගෙකට වගකියන්න ඕන ඔයවගේ මොරාල් කාරයො තමයි. දැන් ඔවුන් ආයෙත් තව සැරයක් යුද්ධෙකට අර අඳිනව,ඒක තමයි ඔය හරක් මස් කතාව පිටිපස්සෙ තියෙන්නෙ.
කොටින්ම බුදුහාමුදුරුවො එපා කියපු දේවල් වෙනස් කරන්න එඩිටර් ලා ඕන නෑ,