ඔය අත්දැකීම් අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් තියෙනවා .
ඒ කාලෙ හරි සුන්දරය.
යාළුවන්ගෙ ෆොර්ම් කිරිල්ල නිසා විහිළු කිරිල්ල නිසා අපි සමහරක් විට පෙලඹෙනවා කෙල්ලොන් සෙට් කරගන්න .
මටත් ඉස්කොලෙ කාලෙ හිරිමල් වයසෙ ගොඩක් හිත ගියා කෙල්ලොන්ට.
හිත ගියෙම වේ*යන්ට ඇත්තම කිව්වොත්.කෙලින්ම කිව්වොත් චරිතෙ හොඳ උන් නෙමෙ.
එත් මෙහෙම එකක් තිබ්බා.
මන් ඒ ඒ වයස් වල ක්‍රශ් කරා නම් කෙල්ලෙක්ට ඒ හුදෙක්ම ලස්සන පෙනුම විතරක්ම නිසා ම නෙමෙ
පන්තියෙ හොඳට වැඩ පුළුවන් බ්‍රයිට් ටයිප් කෙල්ලෙක්ට තමා මන් ක්‍රශ් කරෙ.
මොකද මගෙ මතය උනෙ කෙල්ලෙක් උනහම ටිකක් ඉගෙනීමට පොඩ්ඩක් බර වෙන්න ඔනි කියලා .
ඉතිං පෙනුමත් ටිකක් තියෙන පන්තියෙ හොඳට ලකුණුත් ගන්න කියන කාරණා දෙකම මන් බැළුවා කෙල්ලෙක්ට ක්‍රශ් කරද්දි.
මන් ක්‍රශ් කරපු කෙල්ලො පන්තියෙ පළවෙනි දෙවෙනි තැන් වල හිටිය අය අපෙ ඉස්කොලෙ.හැබැයි ඉතිං උන් අර කිව්ව ටයිප් එකෙ උන් .
එතන ප්‍රශ්නයක් තිබුණා.
දෙමාපියො කැමටිහ් වෙන්නත් එපැයි .
කෙල්ලන්ගෙන් අහන්න මොකක්ද මොකක්ද වගෙ ලොකු කමකුත් තිබ්බා හිතෙ .මන් මොකටද උන්ගෙන් අහන්නෙ උන් මගෙන් අහපුදෙන් වගෙ එකක් .
දැන් මන් ක්‍රශ් කරපු කෙල්ලො සෙරොම බැඳලා .
පාසලෙ අන්තිම ක්‍රශ් කරපු අන්තිම කෙල්ලත් ඔන්න ඊයෙ පෙරෙදා මැරි කරලා තිබ්බා.
ලොකු සීන් එකක් නෙමෙ ඒ කෙල්ලො මැරි කරපු කොල්ලො සෙරොම වගෙ මට වඩා කැත උන් .

ඒ කොල්ලො ටික ඒ කෙල්ලො පස්සෙ කටු කාගෙන පස්සෙන් වැටී ගෙන ආපු උන් .
සමහරක් උන් කෙල්ල බූට් තියලත් ආයෙත් පස්සෙන්ම වැටිලා ආපු උන් .
මන් නම් ඒ ටයිප් එකට කෙල්ලෙක් වෙනුවෙන් නැහිලා නම් නැහැ .
ඒ කිව්වෙ ඔය පස්සෙන් ගිහින් ලියුම් දීලා ,රැකල ඉඳලා කතා කරලා කැමැත්ත අහලා වගෙ දෙවල් කරල නම් නැහැ
ඔනි නම් එයා යන බස් එකට නැගලා උනන්දුවෙන් ගිහින් ඇති .
ටියුෂ්න් ක්ලාස් එකෙ එයා නාවොත් හරි මූසල හැඟීමක් ඇවිත් ඇති.
ක්‍රශ් කරන කෙල්ල එන ටියුෂන් ක්ලාස් එකට යද්දි තියෙන හොඳම ඇඳුම ඇඳගෙන ගිහින් ඇති .
ඉතිං ජීවිතෙ ඕක තමා මචං.
අර කතාවක් තියෙන්නෙ
ආදරවන්තයන් එක් නොවෙ
එක් වූවන් ආදරවන්තයන් නොවෙ.