එක දෙයක් පැහැදිලි කරපංකෝ. වැඩිය ඕන නැහැ. මේ වෙලාවේ පළාත් පාලන චන්දය තියලා රටට වෙන හොඳේ කියන්න. තව 8000 කට 25000 පඩියක් දීලා නඩත්තු කරහම හරිද මේ වෙලාවේ. මේ වගේ වෙලාවකට චන්දය කල් දාන්න ව්‍යවස්ථාවෙන්ම ඉඩක් දීලා තියෙනවා නම් එක කල් දැම්මම මොකද වෙන්නේ. මිනිස්සුන්ට වඩා චන්දය ඕන වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ වලටයි උන්ට කඩේ යන උන්ටයි.
රටේ විව්යවස්තාව කියල එකක් තියෙනවා බන්. පොඩ්ඩක් හොයල බලපන් එහෙම එකක් ඇත්තටම තියෙනවා. චන්දේ තියන්න ඕනේ ඒකේ තියෙන වෙලාවට මිසක් එක එකාට හොදයි කියල හිතෙන වෙලාවට නෙවෙයි.
විව්යවස්තාවෙන් චන්දේ කල්දාන්න ඉඩ දීල තියෙන උපරිම කාලය තමයි මේ කල් දාල තියෙන්නේ. 2023 මාර්තු වලින් එහාට ප්‍රාදේශීය සභා චන්දේ කල් දාන එක විව්යවස්තා විරෝධීයි.

මේක තේරුම් ගනින් , ලංකාව පල්ලෙහාටම වැටිලා ඉන්නේ , රාජ්‍ය සේවය වැදගත් . හැබැයි රාජ්‍ය සේවයට විශේස වරප්‍රසාද දෙන්න අනෙක් මිනිස්සුන්ව බිලි දෙන්නේ කොහොමද කියපන් ?
දැන් ඔය කියන පොලි කපා හැරීම් , බදු වලින් නිදහස දෙන්න අනිවාර්යෙන් අපිට සතර මහා නිධානෙ පහල වෙලාද ? අනිවාර්යෙන් සල්ලි අච්චු ගහන්න වෙනවා ? එතොකොට ඒවා ට හරියන්න බඩු මිල වැඩි වෙනවා . ආණ්ඩුවේ ආදායමෙන් %80ක් ද කොහෙද රාජ්‍ය සෙයට පඩි දෙන්න යනවා නම් , පොඩ්ඩක් හිතලා බලනකො අනෙක් මිනිස්සු කොහහොමද ජිවත් වෙන්නේ කියලා ?
අනෙක් මේ වගේ වෙලාක ඔක්කොම එකතු වෙලා උද්ගොසන කරාම හරිම ශෝක නේ බන් රටට තව පල්ලෙහාට යනවා මිසක් උද යාමක් ද තියෙන්නේ
රාජ්‍ය සේවකයන් අයින් කරන්න කියන පොලි ලංකාවේ අනෙක් මිනිස්සුත් ගෙවනවා පඩියෙන් කැපෙන බද්ද ලංකාවේ අනෙක් මිනිස්සුත් ගෙවනවා
වක්‍ර බදු අනෙක් මිනිස්සුත් ගෙවනවා
ප්ප්රයිවට් කරන වුන් මේවා කරන්නේ රාජ්‍ය සේවයේ ඉන්න වුන්ට වගේ වරප්‍රසාද ඔක්කොම ලබාගෙනද ? වුන්ගේ සොච්චම් පඩියෙන් ගේම ගහද්දි ? වුන්ව තවත් බිල්ලට දෙනවා නම් මිනිස්සු නෙමේ
කාටවත් බදු නිදහස් දෙන්න ඕනේ කමක් නෑ. රනිල් කලින් සැරේ ඇවිත් (මංගලද කොහෙද කරේ ඕක ) බදු වැඩිකරාම කවුරුවත් විරුද්ධ උනේ නෑ. මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන්නේ මුන් සැපට ඉදන් අපිව හූරන් කනවා කියන හැගීම.
බදු වලත් මූලිකම දෙයක් තමයි, බදු සාධාරණ වෙන්නත් ඕනේ, බදු ගෙවන එකාට ගෙවන බද්ද සාධාරණයි කියල දැනෙන්නත් ඕනේ. එතන්කොට මිනිස්සු ලොකු අවුලක් නැතුව බදු ගෙනවා, මෙහෙම උනාම පුලුවන් හැම එකාම ඕකට වන්ගු ගහන එක නේ කරන්නේ. වන්ගු ගහන්න බැරි මාස් පඩි කාරයෝ ඕක ගෙවනවා. එච්චරයිනේ වෙන්න.
Last edited: