මේ ලෝකෙ වැක්සින් වර්ග හැට හුටාමාරක් තියෙනවා. එක වැක්සින් එකක් වත් ගහන කොට හිතුනෙ නැද්ද තව අවුරුදු 20 කින් ඒ ගහපු වැක්සින් එක නිසා වෙන ලෙඩක් හැදිලා මැරෙයි කියලා ? ස්වාභාවික දේවල් වලට අනුගත වෙන එක නොවෙන එක මේ ලෝකෙ පැවැත්ම සහ ඒ හැටි. ප්රබලයා ඉතුරු වෙලා දුබලයා විනාශ වෙන එක ලෝක ස්වභාවය, ස්වභාදහමෙ හැටි. මෙතන ප්රබලයා ගැන ප්රශ්නයක් නෑ.. ප්රශ්නෙ තියෙන්නෙ දුභලයා ගැන. දුබලයින් රකින්න තමා වැක්සින් එකේ වඩාවත්ම ආරක්ශාව ඕන වෙන්නෙ...
බී සී ජී එකෙන් පටන් අරන් රුබෙල්ලා වෙනකන් වැක්සින් හැට හුටාමාරක් විදිනවා. සරම්ප වසූරිය වගේ ලෙඩවල් වලට වැක්සින් ගහනවා. එතකොට හිතුනෙ නැද්ද මේ වැක්සින් එකේ අතුරු ආභාද ගොඩයි කියලා.. ලෝක සෞක්ය සංවිදාන මානව හිමිකම් සංවිදාන ආහාර හා එන්නත් පිලිබන්ද ඕන තරම් සංවිදාන තියෙනවා. ඒ හැමෝම වැක්සින් එක ගහගන්න කියලා මුලු ලෝකෙටම කියද්දි වැක්සින් ගැන මෙලෝ මලපොතේ අකුරක් නොදන්න උන් කියන " ඔය වැක්සින් එක ගැහුවම අතුරු ආභාද එනවා.. වෙන ලෙඩක් හැදිලා මැරෙනවා..." කියලා කියන එක පිලිගන්න කියල ද කියන්නෙ...
ආවට ගියාට බෙහෙත් හදන්නෙ නෑ කසිප්පු පෙරනවා වගේ... පරීක්ශන ගනනාවක ප්රතිපල වලින් පස්සෙ විතරයි එන්නතක් එලියට දාන්නෙ... ස්වභාවික වරණය කවුද ජීවත් වෙන්න ඕන නැත්තෙ කියලා තීරණය කරයි.. එතකන් ජීවත් වෙන්න වැක්සින් එක ගහගන්න