මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණයන්ට අනුව 2015 වසර අවසන්වනවිට මෙරට ලියාපදිංචි කරන ලද යතුරුපැදි සංඛ්‍යාව 33,81,726කි.
ප්‍රමිති සහතිකය නැති හෙල්මට් පළඳින යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතියක් අද (01) ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවද, මෙරට නිෂ්පාදිත තත්ත්වයෙන් උසස්යැයි හෙල්මට් වල පවා SLS ලකුණ දක්නට නැත. එවැනි සලකුණක් තිබෙතැයි සිතිය හැකි ලේබල් පවා ටික දිනක් හෙල්මට් භාවිත කරනා විට මැකී යාමේ අවධානමක් පවතී.
යතුරුපැදි කරුවන් බහුලවම භාවිත කරන හෙල්මට් නිපදවන මෙරට ප්‍රධාන පෙළේ හෙල්මට් නිෂ්පාදන ආයතනයක නවතම හෙල්මට්වල පවා SLS ලකුණ දක්නට ලැබෙන්නේද නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආරංචිමාර්ග සඳහන්කළේ මේ වනතෙක් කිසිදු හෙල්මට් නිෂ්පාදකයකු හෙල්මට් සඳහා ප්‍රමිති සහතිකය අයදුම්කර නැත.
කෙසේ වෙතත් මේ අනුව රථවාහන රාජකාරීන්හි යෙදෙන පොලිස් නිලධාරීන් පලඳින හෙල්මට්ද ප්‍රමිති සහතික නොමැති හෙල්මට්වේ.
මේ වාගේ හෙල්මට් එකකින් පුලුවන්ද මූන ආරක්ශා කරන්න? බලදාරයිනි අපි පදින්නේ පා පැදි නෙවෙයි.ඔබ තුමා කියන විදියට full face එකේ ඔය තියන ප්ලාස්ටික් කෑල්ල නිසා තයි මූන ආරක්ශා වෙන්නෙ.අද හදුන්වා දීපු ලබුකට්ටේන් ඒක වෙනවද?සම්පූර්ණ හිස කියන්නෙ මූනත් එක්කයි.ඔබ තුමාලට ඔලුව තිබ්බට මොලේ නැතිද?ඕක දාගන ගිහිල්ල දැනුනම මූනට වන්දියක් දෙනවද? Full face එකෙන් තියන ආරක්ශාව ඔය ලබුකට්ටෙ තියනවද?
source : ෆුල් ෆේස් හෙල්මට් නීතියට විරෝධී සංගමය