හේ අජන්තා රණසිංහ නම් විය....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති අල්විස්, K.D.K. ධර්මවර්ධන ආදී සැබෑ සැම කල් පවතින නිර්මාණ ශිල්පින් අතර වැජබුන තවත් ශිල්පියෙක් අපට අහිමි වීම සැබවින්ම සංවේඝජනකයි .
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    නිර්මාණ ස්‌වර්ණ ද්වාරයෙන්
    නිර්වාණ - හරි වචනය මචන්.. අද මේවගේ අය නැති තරම්..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෑත ඉතිහාසයේ වික්ටර්, සුනිල්, සනත්, එඩ්වඩ් වගේ කෙනෙක් බිහි වුනේ නෑනේ :dull: අපේ පරපුරේ කියලා ඉන්නේ කස්සා විතරයි. අනිත් ආපු අය වැඩි දෙනෙක් මොකද්දෝ අහේනියකට නිර්මාණ කීපයක් විතරක් කරලා එහෙමම යට ගියා.

    අපේ මිනිස්සුන්ගේ සුන්දර හැඟීම් යටපත් වෙලා ගිහින් මචන් :(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    භාෂා දැනුමයි, මේ වගේ අදහසුයි තියෙන අය අද ගොඩක් අඩුයි.
    එකයි මේ අයගේ වටිනාකම හොඳටම දැන්නෙන්නේ

    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙත් මේ වගේ කතා බොහොමයි.

    එක දෙයක් අදටත් ඇත්ත. ලංකාවේ කලාකාරයන්ට සලකන්නේ නැහැ.....
    ඒ නිසා මේ වගේ ත්‍රෙඩ් එකක් දාල වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    අපේ මිනිස්සුන්ට අපේ දේ, අපේ කම ඕන වෙන්නේ තමන්ගේ වාසියට විතරමයි. :angry::angry::angry::angry::angry:

    එකත් හිතෙන් එන එකක් නෙමෙයි බඩෙන් එක දෙයක්.

    :no::no::no::no::no::no::no:

    :yes:
     
    :yes: :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අජන්තා ගේ ගීත අතරින් මාගේ ජීවිතයේ ගීතය බදු වන්නේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන තරු අරුන්දතී ගීතය.........

    මේ ගීතය ඔහු ලියා ඇත්තේ ඔහු ගේ ම අතිශය පෞද්ගලික අත්දැකීමක් මුල් කරගෙන.
    ඔහුට ඒක පාර්ශවික ප්‍රේමයක් පැවතිලා තිබුණා අසල්වැසි වයලීන වාදිකාවක් සමග. දිනක් ඇය වසන නිවසේ කවුළුවක් හැරදා තිබෙන අයුරු දින ගනනක් යන තුරුම ඔහුට දකින්නට ලැබිලා. පසුව ඔහුට ආරංචි වෙනවා, ඇය සිය රට හැරදා ගොස් ඇති බව.

    අර හැරදමා තිබූ කවුළුවෙන් පිටව ගිය සුළං රොදක් බදුව ඇය නික්මී ගියා නේද යයි ඔහුට සිතී තිබෙනවා. කවදාවත් කියා ගන්නට නොහැකි වූ ඒ ප්‍රේමයේ වේදනාවයි මේ ගීතය.

    මෙය මගේත් අත්දැකීමක්........
    මට එය අකුරු කරන්නට නොහැකි වූ නමුත්, ඔහු එය අකුරු කලා..........
     
    • Like
    Reactions: sandun999

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :(
    කිඹුලෝ අජන්තා රණසිංහ මහත්තයව මතක් කරලා විල්තෙරක් කරමුකෝ. මම මේ ගැන වීඑම් එකකුත් දැම්මා. එතුමා ඒදා මෙදා තුර මගේ ප්‍රියතම ගීත රචකයා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(
    කිඹුලෝ අජන්තා රණසිංහ මහත්තයව මතක් කරලා විල්තෙරක් කරමුකෝ. මම මේ ගැන වීඑම් එකකුත් දැම්මා. එතුමා ඒදා මෙදා තුර මගේ ප්‍රියතම ගීත රචකයා.
    සෑහෙන කාලයක් යන වැඩක් වෙයි.....
    අනික...මා දැන් ඉන්නා මානසික වාතාවරණය එතරම් යහපත් කොවන බව ඔබට පැවසිය යුතුමය. මම අධික ලෙස වැඩ කිරීමෙන් හෙම්බත්ව සිටිමි.....:(

    බලමු!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන කාලයක් යන වැඩක් වෙයි.....
    අනික...මා දැන් ඉන්නා මානසික වාතාවරණය එතරම් යහපත් කොවන බව ඔබට පැවසිය යුතුමය. මම අධික ලෙස වැඩ කිරීමෙන් හෙම්බත්ව සිටිමි.....:(

    බලමු!

    එහෙනම් මනස නිදහස් වුනාම හිමින් සැරේ කරන්න අයියේ.
    ඇසිස්ටන් කෙනෙක් තවම ලැබිලා නෑ වගේ :(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අජන්තා ගේ ගීත අතරින් මාගේ ජීවිතයේ ගීතය බදු වන්නේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන තරු අරුන්දතී ගීතය.........

    මේ ගීතය ඔහු ලියා ඇත්තේ ඔහු ගේ ම අතිශය පෞද්ගලික අත්දැකීමක් මුල් කරගෙන.
    ඔහුට ඒක පාර්ශවික ප්‍රේමයක් පැවතිලා තිබුණා අසල්වැසි වයලීන වාදිකාවක් සමග. දිනක් ඇය වසන නිවසේ කවුළුවක් හැරදා තිබෙන අයුරු දින ගනනක් යන තුරුම ඔහුට දකින්නට ලැබිලා. පසුව ඔහුට ආරංචි වෙනවා, ඇය සිය රට හැරදා ගොස් ඇති බව.

    අර හැරදමා තිබූ කවුළුවෙන් පිටව ගිය සුළං රොදක් බදුව ඇය නික්මී ගියා නේද යයි ඔහුට සිතී තිබෙනවා. කවදාවත් කියා ගන්නට නොහැකි වූ ඒ ප්‍රේමයේ වේදනාවයි මේ ගීතය.

    මෙය මගේත් අත්දැකීමක්........
    මට එය අකුරු කරන්නට නොහැකි වූ නමුත්, ඔහු එය අකුරු කලා..........

    විවේක තියෙන හැටියට ඔබතුමා ගීතයක් අකුරු කරාවි කියල අපි බලාපොරොත්තු වෙනව. සාහිත්‍යමය දැනුම ආභාශය ඇති ඔබ වැනි අය රටට අතයවශ්‍ය කාලයක් මේක.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සුන්දර ගීයක ඇරබුම

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    හුයය නැවත ඇරඹීමට උදව්වක් දෙතොත් බොහොම පින්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අජන්තා රණසිංහ ලියු විශිෂ්ඨතම ගීතය කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කල අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරන "බිමට වඩින් - බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ" අජන්තා රණසිංහයන්ගේ භාෂාමය පෙළහැර මේ ගීතය තුලින් මනාව දැකගන්න පුලූවන්

    මේ දාලා තියෙන විඩියෝව Youtube වෙත එකතු කල පුද්ගලයා හිතන්නේ මෙය ස්වරණමාලි වෛත්‍ය පිළිබඳව කියැවෙන ගීතයක් කියලා. :( අද අපේ ගීත රස වින්දනයේ මට්ටම, භාෂාව පිළිබඳව තියෙන අනවබෝධය ඇත්තෙන්ම කණගාටුවට කරුණක් :no: ගීතයක මුල් වචන කිහිපය විතරක් අහලා වැරදි අවබෝධයක් ලබා ගන්නා එවැනි ගීතයකට හොඳම උදාහරණයක් තමයි ටි. එම්. ජයරත්නගේ "අම්මා සඳකි" බොහෝ දෙනා හිතන්නේ එය මව් ගුණ ගීතයක් කියලා
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106

    මහා කැලයක් තුල ඇති වෘක්ෂලතාවන්ගේ මරණය හමුවේ නගන විලාපය හිතට දැඩිව දැනෙන ගීතයක්. පුදුම හිතෙන පද වැලක් හා තනුවක්. මේ වගේ ගීපද හා තනුවක් ආයිත් ලංකා බිමේ මිනිසුන් අතින් නිර්මානය වේදැයි කියන්න බෑ.

    බිමට වඩින් බිමට වඩින්
    ස්වර්ණමාලි කුමාරියේ…
    අන්න ගොරබිරම් රකුසෝ
    අමු කැලෑ බිඳන් එනවෝ…

    දිව සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
    රුක් විමනින් පොළොවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ
    නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ළයේ
    පූජා කළ මිනිසත්බව රකුසු වෙසින් ඒවි ලියේ

    ළපලු නටන අප සියොලඟ විලිකුන් පල හටගන්නේ
    සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
    තණ්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
    දිවි රැක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ

    අගිල් කපුරු සුවඳ තෙලින් අප පැදකුණු කළ වැසියෝ
    නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
    පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
    අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ