මම මේකේ කලිනුත් කිව්වා. අපිට බං එහෙම තීරණය කරන්න බෑ. මොන යාලුවා වුනත් බැඳිලා නෑ මචං කාටවත් දේවල් කරන්න. ඒක එයාලගේ කැමත්ත. ඌ උඹට නොකිව්වේ එක උගේ කැමත්ත. එහෙම කියන්න ඕනේ කියලා අනිවාර්යය නෑ. සල්ලි කේසුත් එහෙමයි. සල්ලි ඉල්ලුව වෙලේ සල්ලි දුන්නේ නැහැ කියලා තරහා වෙන්න කිසිම අයිතියක් නෑ බං. මම වුනත් එහෙමයි, තිබ්බොත් දෙනවා, නැත්තම් නෑ. ඒක මගේ කැමත්ත. ඒකට තරහා වෙනවා නම් ඒක උගේ මෝඩකම. මම වුනත් හදිස්සියේ කාගෙන් හරි සල්ලි ඉල්ලලා නැහැයි කිව්වා කියලා කා එක්ක වත් තරහා වෙලා නෑ. මොකද බං උන් බැදිලා නෑ අපිට සල්ලි දෙන්න. තිබ්බොත් දෙයි නැත්තම් නෑ. සල්ලියි, යාලුකම් පටලගන්න එපා. අපෙත් ඉන්නවා බැන්දට පස්සේ එහෙම වෙනස් වුන යාලුවො. ඒක බං අපි දැනගන්න ඕනේ උන් දැන් අලුත් පවුල් ජීවිතයක් ගතකරන්නේ. උගේ කැමත්ත නිසානේ ඌ එහෙම ඉන්නේ. ඌ වෙනස් වුනා කියලා අපි අපේ ජීවිත අසාමාන්යයව ගතකරන් නෑනේ බං. ඕවා ඔච්චර හිතන්න ඕනේ දේවල් නෙමෙයි.